IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඒකීය රටක මධ්‍යම ආණ්ඩුව ප‍්‍රබල විය යුතු

 

 

13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් නොයෙක් මත ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේම නොයෙක් මත ඉදිරිපත් වූ ආකාරයක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණි. අපට තිබෙන්නේ සන්ධාන ආණ්ඩුවක් බව මුලින්ම කිව යුතුය. මේ සන්ධානයේ ඇතුළේ විවිධ මත දරන අය සිටිති.  ඕනෑම සන්ධානයක් ඇතුළේ විවිධ මත දරන අය සිටීම හොඳය. එයට හේතුව අවසන් විසඳුමකට ඒමට තිබෙන හොඳම ක‍්‍රමය එය නිසාය. ඒ කෙසේ වුවත් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අපට ස්ථාවරයක් තිබේ. 13 වැනි සංශෝධනය විය යුතු බව අපගේ ස්ථාවරයයි. 13 ඉවත් කළ යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් යම් යම් කොටස් සංශෝධනය විය යුතුව තිබේ. එය පැහැදිලි කරුණකි.

 

''යුද්ධය කාලයේ 13 ප්ලස් යැයි කියා දැන් යම් යම් බලතල ගැන සාකච්ඡා කිරීම අඩියක් පස්සට ගැනීමක් නොවේ. මෙය වරදවා තේරුම් නොගත යුතුය. පළාත් සභාවලට දිය යුත්තේ කුමන බලයක් දැයි ඇත්තටම තර්කයක් වී තිබේ. රජයක් වශයෙන් අප අනිවාර්යයෙන්ම මේ තර්කවලට පිළිතුරු දිය යුතුය. අද අප උත්සාහ කරන්නේ පළාත් සභා බලය අඩු කිරීමට නොවේ.''

 

උදාහරණයක් වශයෙන් ගතහොත් පොලිස් බලතල සම්බන්ධයෙන් අපට ලොකු ප‍්‍රශ්නයක් තිබේ. ඒ ප‍්‍රශ්නය තිබෙන්නේ උතුරට පොලිස් බලතල දෙන නිසාම නොවේ. දකුණේ පළාත්වල අයටත් මේ බලතල ලැබෙනු ඇත. එහෙත් මේ බලතල ලබාදීමෙන් ඇති වන ප‍්‍රායෝගික ගැටලූ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රීලනිපය පමණක් නොව, තවත් පක්‍ෂ රාශියක් කරුණු ඉදිරිපත් කර තිබේ. එනිසා මෙය සංශෝධනය විය යුතු බව අපගේ ස්ථාවරයයි. මුළු ලංකාවටම තිබිය යුත්තේ එක පොලිස් ක‍්‍රමවේදයක් පමණි. මෙවැනි කුඩා රටක කුඩා පළාතක පොලිස් සේවාව මහ ඇමැතිවරයකු යටතට පත්වුවොත් එයින් බරපතළ ආකාරයට සාමාන්‍ය ජනයාට ගැටලූ මතුකරන්නක් වනු ඇත.

ඒ වගේම උතුරු නැගෙනහිර එකතු කරනවාට පක්ෂයක් වශයෙන් අප කැමැති නැත. කිසිදු පළාත් සභා දෙකක් එකතු නොවිය යුතුය. ඒවා වෙනම පැවැතිය යුතුය. ඒ අනුව එම සංශෝධනය සම්බන්ධයෙන් ද අප කතා කර තිබේ. පළාත් සභා සම්බන්ධ වන විෂය වෙනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට එයට පළාත් සභා සියල්ලේම අනුමැතිය ලබාගත යුතු බව දැන් පවතින තත්ත්වයයි. මෙය තවදුරටත් ලිහිල් විය යුතු බව අපගේ ස්ථාවරයයි. බහුතර පළාත් සභාවල අනුමැතිය ලබාගත යුතු යැයි යනුවෙන් මෙය සංශෝධනය වීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. අප දැනට කතාකර තිබෙන්නේ එවැනි වෙනස්කම් කීපයක් සම්බන්ධයෙනි. තේරීම් කාරක සභාවක් තිබෙන නිසා ශ්‍රීලනිප ස්ථාවරය එතැනදී ඉදිරිපත් කෙරෙනු ඇත. මේ කරුණ සම්බන්ධයෙන් පක්ෂයේ එකඟතාවක් තිබේ.

13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලොකු කතාවක් තිබේ. මේ ව්‍යවස්ථාව ඇති වූයේ ද ඉන්දුxලංකා ගිවිසුමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ එවකට පැවැති ත‍්‍රස්තවාදයට එරෙහිව දේශපාලනික පියවරක් හැටියටය. අද වන විට එයට වසර විසි පහක් සපිරී තිබේ. ත‍්‍රස්තවාදය අවසන්ය. මේ වන විට උතුරු පළාත ද පළාත් සභා මැතිවරණයකට සූදානමින් සිටී. පළාත් සභා සතුව විශාල බලතල ගොඩක්ද තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරගන්නා උපායමාර්ග සම්බන්ධයෙන් අප කල්පනා කළ යුතුය. ඉහත කී ආකාරයේ සංශෝධන සම්බන්ධයෙන් අප කතා කරන්නේ එම පදනමේ සිටිමිනි. එසේ නැතිව ද්‍රවිඩ ජනතාවට පළාත් සභාවක් දෙනවාට විරුද්ධව හෝ වෙනත් මතයකට නොවේ. ශ්‍රීලනිප දැනට දරන මතය එයයි. ඉදිරියේදී තේරීම් කාරක සභාවට ප‍්‍රශ්න පක්ෂයක් වශයෙන් ඉදිරිපත් කෙරෙනු ඇත.

ඉඩම්, පොලිස් බලතල පළාත් සභාවලට දීමට මෙතරම් බියක් ඇයි දැයි යම් කෙනකු ප‍්‍රශ්න කරන්නට පුළුවන. මේ බලතල ලබාදිය යුතු බවට තර්ක කරන පිරිසක් ද සිටිති. ඉඩම් යනු රජයක් සතු විය යුතු මූලික අංගයකි. එය යම් කිසි කණ්ඩායමකට හෝ කීප දෙනකුට කොටු වන සීමාවක තිබිය නොහැක. ඉඩම් බලතලවලදී මධ්‍යම රජයේ කැමැත්ත ඇතිව අනෙක් අයට අසාධාරණයක් නොවන ආකාරයට ඉඩම් බෙදා දෙනු ඇත. මෙහිදී කතා කරන්නේ රජයේ ඉඩම් සම්බන්ධයෙනි. පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් නොවේ. ඒවා සම්බන්ධව තිබෙන්නේ වෙනත් නීතියකි. එනිසා රජයේ ඉඩම් බෙදාදීමේදී යම්කිසි ක‍්‍රමවේදයක් අනාගතයේදී අනුගමනය කිරීමට සිදුවනු ඇත. රටේ භූමි ප‍්‍රමාණය සීමිතය. මේ සීමිත භූමි ප‍්‍රමාණය රටේ ජනතාව අතර බෙදාහැරීමේදී යම් සාධාරණත්වයක් තිබිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් අප කතා කරන බව කිව යුතුය.

පොලිස් බලතල සම්බන්ධ කාරණය ද තිබේ. පළාත් සභාවලට පොලිස් බලතල වුවමනා යැයි කියන්නේ ඇයි දැයි වැටහෙන්නේ නැත. පළාත් සභාවලට පොලිස් බලතල දීමේදී මේ සංශෝධනයේම තිබෙන යම් යම් කරුණු ගැටලූ සහගතය. මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය යම් පළාතකට යන්නේ නම් සිවිල් ඇඳුමෙන් යා යුතු බව කියා තිබේ. මෙවැනි අවස්ථාවක් එතරම් සුබ කාරණයක් වශයෙන් සැලකිය නොහැක. මෙය රටේ ඒකීයභාවයට එක්තරා ආකාරයක තර්ජනයකි. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අයිතිය මධ්‍යම රජයට තිබෙනවා නම් පොලිසිය සම්බන්ධ බලතල තවත් කෙනෙකුට පැවරීමෙන් වන්නේ කුමක් ද? මධ්‍යම රජයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඇති විධි විධානවල යම් පළුදුවීමක් සිදුවීමය. අප කතා කරන්නේ මෙවැනි කරුණු සැලකිල්ලට ගෙනය. එසේ නැතිව අප පළාත් සභාවලට විරුද්ධ නැත. උතුරට පළාත් සභාවක් දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නැත.

 

''උතුරට පළාත් සභාවක් දීම රජයට ගැටලූවක් නොවෙයි''

 

පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් නම් ජාතික පොලිසියක් තිබේ නම් පළාත් පොලිස් බලතල දීමේ වැරැුද්ද කුමක් දැයි ප‍්‍රශ්නයකි. මෙවැනි කාරණයකදී පොලිසිය සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථා මාලාව කියවිය යුතුය. කෙසේ වෙතත් ඇතැම් අය මතු කරන ආකාරයේ පොලිසියක් අවශ්‍ය නැති බව අපගේ තර්කයයි. මේ රටේ පොලිසිය වසර 200කට වැඩි කාලයක් තිස්සේ ඉතාම හොඳින් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. එක් පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ මේ කටයුතු කෙරෙමින් තිබේ. යම් දිනෙක යම් පළාතක මහ ඇමැතිවරයකු ලෙස මා පත් වේ යැයි උපකල්පනය කළහොත් මා යටතේ පොලිසියක් තිබීමේ තේරුමක් තිබේ යැයි මම නොසිතමි. දේශපාලන බලයට පොලිසිය ගාවා ගැනීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැත. පොලිසි ස්වාධීනව පැවතිය යුත්තේ මධ්‍යම ආණ්ඩුව යටතේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇතුළේ එය පැවැතිය යුතුය.

පළාත් සභා ඇති කර වසර විසි පහක් වුවත් දැන් මේවා ගැන කතා කරන්නේ උතුරට පළාත් සභාව දෙන්නට යාම නිසා යැයි කීම වැරැදිය. මේ රටේ පළාත් සභා සම්බන්ධයෙන් කතා කිරීමටවත් වෙලාවක් අපට තිබුණේ නැත. එයට හේතුව යුද බියෙන් වෙලී සිටීමය. මූලික ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධ සාකච්ඡාවක් අපේ විද්වත් සභාවලට පැමිණියේ  නැත. ඒ රටේ තිබූ වාතාවරණය හේතුවෙනි. යුද වාතාවරණය අවසන් වී වසර හතරක් පමණ ගතවී තිබේ.

මෙවැනි කෙටි කාලයකදී සංවාදයකට යාම සුබවාදීය. ඒ වගේම මේවා අද ඊයේ මතු වූ කරුණු නොවේ. බොහෝ කාලයක පටන් මේ සම්බන්ධ මතවාද තිබුණි. පළාත් සභා අහෝසි කළ යුතු බව එක් කොටසක් කියන විට පළාත් සභා රැක ගතයුතු බව තවත් කණ්ඩායමකගේ අදහසය. ඒ වගේම මේවා සංශෝධනය කළ යුතු බව කියන කොටසක්ද සිටි බව අමතක නොකළ යුතුය. ඒ අනුව බලන විට මේ සංවාදය තිබුණි. එහෙත් එම සංවාදය කරළියට ආවේ ඊයේ පෙරේදා බව සත්‍යයකි. අපේ පැත්තෙන් බලන විට ඒ උතුරු පළාත් සභාව නිසා නම් නොවේ. සමහරුන්ගේ පැත්තෙන් බලන විට මේ සංවාදය කරළියට එන්නේ උතුරු පළාත් සභාව නිසා විය හැකිය.

 

''පොලිස් බලතල:  වැරැද්ද කොතැනද?''

 

උතුරට පළාත් සභාවක් දීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැත. මේ සම්බන්ධව දින වකවානු ඉතා ඉක්මනින් ප‍්‍රකාශයට පත් කෙරෙන බවට ඉඟි පළවී තිබේ. කළ යුතු යම් යම් වෙනස්කම් වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කර තිබේ. එහිදී මේ කාරණා ඉතාම හොඳින් සාකච්ඡුා කිරීමට අපට පුළුවන. සියලූ දේශපාලන පක්‍ෂ එක තැනකට පැමිණ, එකමුතුවකට පැමිණ ලබාදෙන තීන්දුව මේ රටේ ඓතිහාසික තීන්දුවක් වනු ඇත. එනිසා අපේ අපේක්ෂාව වන්නේ අනෙක් දේශපාලන පක්‍ෂ මෙන් මෙයින් පැන යන්න නොවේ. අපේ අරමුණ නරක අරමුණක් නොවන නිසා උත්සාහ කරන්නේ පවතින ගැටලූ සුබවාදීව විසඳා ගැනීමටය. අපට අවශ්‍ය වඩා ප‍්‍රායෝගික අරමුණකටය.

හොඳම උදාහරණය පරිසරයයි. පරිසරය අද ලෝක ප‍්‍රකට මාතෘකාවකි. පරිසරය සම්බන්ධ බලයක් දැන් මාධ්‍යම ආණ්ඩුවට නොමැත. පරිසර ප‍්‍රඥප්ති නවයක් පිහිටුවා ගතහොත් ඒවා ක‍්‍රියාත්මක වන්නේ නව ආකාරයකටය. එවැනි දෙයක් තවදුරටත් වලංගු නැතැයි සිතිය නොහැක. අප ජීවත් වන කාලයේදී යම් යම් නීති නැවත විග‍්‍රහ කිරීමට සිදුවනු ඇත. ලංකාවේ සෑම නීතියක්ම පාහේ පසුගිය වසර සියයක කාලයේදී වෙනස් වී තිබේ. අධිකරණ ක‍්‍රමය ද එසේය.

පාර්ලිමේන්තු ක‍්‍රමය ද නගර සභා, සුළු නගර සභා ද එසේය. එනිසා මේ වෙනස්කම් සම්බන්ධයෙන් බිය විය යුතු නැත. අපට අවශ්‍ය කරන්නේ මේවා විද්වත් සාකච්ඡාවකට ලක් කිරීමය. සෑම දෙනාම බිය කර ගන්නා රස්තියාදුකාර සටන් පාඨයක් බවට පත්කර ගැනීම නොවෙයි.

උතුරු පළාත් සභාව රජයට ජයගත නොහැකි නිසාත්, දෙමළ සන්ධානය ජය ගනීවි යැයි යන ස්ථාවරයේ සිටිමින් උතුරු පළාත් සභාව කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් මේවා කරන බවට තර්ක කිරීම එතරම් හොඳ නැත. උතුරු ජනතාවට තමන්ගේම වූ පළාත් සභාවක් පිහිටුවා ගැනීමට ඇති නෛතික අයිතියට අත දැමීමට ආණ්ඩුව සූදානම් නැති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් පළාත් සභාවක් පිහිටුවා ගතහොත් ඒ පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව සමග ගනුදෙනු කළ යුතුය. නීත්‍යනුකූල සභාවක් නිර්මාණය කළාට පසුව ඒ සභාවටත් සාකච්ඡා කිරීමේ හැකියාවක් ලැබෙනු ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් අපට නැත. දෙමළ ජනතාව පිළිබඳව ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරා ගැනීමට හෝ නවතා දැමීමේ කිසිදු වුවමනාවක් අපට නැත. ඔවුන්ට ඒ ප‍්‍රදේශවල නීත්‍යනුකූල පාලන ක‍්‍රමය ගෙනයාමේ අවස්ථා අහිමි කිරීමේ බලාපොරොත්තුවක් නැත. එහෙත් මේවා පිළිබඳ මහජන මතයක් තිබේ. මහජන මතයක් ඉවතට ගෙන යාමේ හැකියාවක් ආණ්ඩුවකට නොමැත. පළාත් සභාවලට පක්‍ෂ මෙන්ම විපක්‍ෂ මතයක් ද තිබේ. අනික මත දෙකක් ඇති බව අමතක නොකළ යුතුය. එසේ වන විට මේවා ගැන කතා නොකර සිටිය නොහැක. රටේ අනෙකුත් ප‍්‍රදේශවල පාලනය කිරීමේ ක‍්‍රමවේද පිළිබඳව තමන් සතුටට පත්වනවා දැයි දැන ගැනීමේ අයිතිය දකුණේ ජනතාවටත් තිබේ. අපි එක රටක සාමාජිකයන් වෙමු. රටවල් දෙකක නොවේ. අප උත්සාහ කරන්නේ ප‍්‍රජාන්ත‍්‍රවාදී සංවාදයක් කිරීමටය. මහ පාරේ සංවාදයක් කරනවාට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදයක් කිරීම හොඳය. එයට හේතුව මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සෑම අයිතියක්ම ආපසු ලැබෙන්නේ ජනතාවටම වීම නිසාය. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නෝ ජනතා නියෝජිතයෝ්ය. එය කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තියක් රටේ අනන්‍යතාවට ඒකීයභාවයට අවහිරයක් නොවන ආකාරයට මේ කටයුතු එකතු කිරීමේ ක‍්‍රියාදාමයක අප නිරතව සිටින බව කිව යුතුය.

පළාත් සභා ක‍්‍රමයක් අපට නිර්මාණය වී තිබේ. මුලින් අප මෙයට විරුද්ධ වූ පක්ෂයකි. එයද අමතක නොකළ යුතුය. මෙයට විරුද්ධව පෙළපාළි ගියේ අපය. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වුණි. එහෙත් පසුකාලීනව පළාත් සභා ක‍්‍රමය පිළිබඳ මොළොක් අදහස් ඇති වුණි. ඒ ආකාරයට සෑම දෙයක්ම කාලයක් යන විට සාකච්ඡා කරන විට, එක මේසයක සිට නිසි ලෙස සාකච්ඡාවක් කරන විට  ඕනෑම මතයක් දරන අයකුට මේ පිළිබඳ එකඟ වීමේ ඉඩකඩ තිබේ. මෙයට හොඳම උදාහරණය දකුණු අප‍්‍රිකාවේ නිදහස් සටනය. නෙල්සන් මැන්ඩෙලා මේ සටන ගෙන යන විට තිබූ ලොකුම ප‍්‍රශ්නය වූයේ සුළු ගෝත‍්‍රික නායකයන්ය.

ඔවුහු මෙයට විරුද්ධ වූහ. ඒ විරෝධතාව සන්නද්ධ සටනකට පරිවර්තනය කරන බවට තර්ජනය කෙරුණි. ඒ අවස්ථාවේදී සාකච්ඡා මේසයකදී මේ ප‍්‍රශ්න විසඳා ගැනීමට තරම් සෑම දෙනාම බුද්ධිමත් වූහ. ගැටුම්, මතගැටුම් ඇති වීම ස්වාභාවිකය. දැඩි මත ප‍්‍රකාශවීම ස්වාභාවිකය. එහි වරදක් නැත. එහෙත් සියලූ දෙනාම එක සාකච්ඡා මේසයකට වාඩි වූ පසු සැමගේම අදහස් තරමක් මෙල්ල කර ගනිමින්, තුනී කර ගනිමින් බහුතරයේ අදහස් සමග එකඟ වීමට සැමටම හැකියාව තිබේ. තේරීම් කාරක සභාවේ අරමුණ ද එයයි.

ඒ අරමුණට සියලූ දේශපාලන පක්‍ෂ එක්වේය යන්න අපගේ විශ්වාසයයි. එය හුදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකි. මෙයට විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් විපක්‍ෂයේ සාම්ප‍්‍රදායික විරෝධතාව දැක්වීම පමණක් අද වගේ කාලයක ප‍්‍රමාණවත් නැත. අද අපට තිබෙන්නේ යුද්ධයෙන් පසුව ඊළඟ පරම්පරාවට හොඳින් ජීවත් වීමට හැකි රටක් හදන ක‍්‍රමවේදයකට යාමය. එම ක‍්‍රමවේදය සාකච්ඡාවකට ගන්නා විට විවිධ කරුණු සම්බන්ධව ඉතා හොඳ සාකච්ඡුාවක් කිරීමට පුළුවන.

සංශෝධන සහිත පළාත් සභාවක් දෙමළ ජාතික සන්ධානය පිළිගනීවි දැයි ප‍්‍රශ්නයකි. දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා ද නැති නම් බෙදුම්වාදී ඩයස්පෝරාවේ අදහස් මත ක‍්‍රියා කරනවා ද යන තර්කය තිබේ. මේ සන්ධානයේ සිටින්නේ අප හොඳින් දන්නා අයයි. ඔවුහු අපේ මිතුරෝය. එහෙත් ඔවුන් ඇත්තටම නියෝජනය කරන්නේ කවුරුන් ද යන තර්කය අපට තිබේ. කතා කළ යුත්තේ එළියේ සිටින අය ගැන නොව ඇතුළේ සිටින සාමාන්‍ය ජනයාගේ ජීවන මට්ටම් සම්බන්ධයෙන් බවට ජනතා මතයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ඔස්සේ මතුවිය හැකිය. එවැනි අවස්ථාවක් එන විට බියවීමට ද පුළුවන. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ව්‍යාපෘති සෑම විටම අන්තවාදීන්ට හොඳ නැත. එය අප මතක තබා ගත යුතුය. එවැනි තත්ත්වයකට පත් නොවී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරකින් බැලිය හැකි පරිණතභාවයක් දෙමළ ජාතික සන්ධානයට ඇතැයි මගේ  විශ්වාසයයි.

කිසිම බලයක් අඩු කිරීමේ වුවමනාවක් අපට නැත. ඒකීය රටක් පවත්වාගෙන යාමට එරෙහි වන  ඕනෑම දෙයකට අප එරෙහිය. අප කතා කරන්නේ එම තර්කයේ සිටිමිනි.

අද යුද්ධයක් නැත. අපට තිබෙන ආණ්ඩු ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ඉන්දියාව රාජතාන්ත‍්‍රිකව මැදිහත් වේ යැයි සිතිය නොහැක. ඔවුන්ට එවැනි අයිතියක් ද නැත. එසේම ඔවුන්ට ද එවැනි වුවමනාවක් නැත. ඉන්දියාව සහ ලංකාව අතර ඇති මිත‍්‍රත්වය මෙවැනි කුඩා කරුණුවලට යටකිරීමට ඉන්දියාව කැමැති වේ යැයි සිතිය නොහැක.

යුද්ධය කාලයේ 13 ප්ලස් යැයි කියා දැන් යම් යම් බලතල ගැන සාකච්ඡුා කිරීම අඩියක් පස්සට ගැනීමක් නොවේ. මෙය වරදවා තේරුම් නොගත යුතුය. පළාත් සභාවලට දිය යුත්තේ කුමන බලයක් දැයි ඇත්තටම තර්කයක් වී තිබේ. රජයක් වශයෙන් අප අනිවාර්යයෙන්ම මේ තර්කවලට පිළිතුරු දිය යුතුය. අද අප උත්සාහ කරන්නේ පළාත් සභා බලය අඩු කිරීමට නොවේ. පළාත් සභා ජනතාවගේ කටයුතුවලට වඩා මැදිහත් විය හැකි ස්ථානයක් බවට පත් කිරීමටය. එය වඩා වැදගත්ය. එනිසා පොලිස්, ඉඩම් බලතල ආදී අනවශ්‍ය දේවල් ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ පළාත් සභා බලතල වැඩි කරන්නේ කෙසේ දැයි කතා කිරීමය. සෞඛ්‍ය, අධ්‍යාපනය, පළාත් පාලනය, ග‍්‍රාමීය සංවර්ධනය, වෙළෙඳාම, පළාත්වල විදුලිය, සංචාරක කර්මාන්තය, පරිසර විෂය තිබෙන්නේ පළාත් සභාවලටය. මෙවැනි බලතල විශාල ප‍්‍රමාණයක් පළාත් සභාවලට මුදාහැර අවසානය. පරිපාලනය විමධ්‍යගත කිරීමට එහා ගොස් ඇති බව මෙයින් පැහැදිලිය. ඒ වගේම අනවශ්‍ය කොටස් මේ තුළ තිබේ. ඒවා පළාත් සභාවලට අවශ්‍ය නැත. අප කතා කරන්නේ ඒවා සම්බන්ධයෙනි. රටක් ඒකීය වශයෙන් පවත්වාගෙන යන විට සෑම විටම කල්පනා කළ යුත්තේ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කිරීමටය. මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීම ලංකාව වැනි කුඩා රටකට වැදගත්ය. මධ්‍යම ආණ්ඩුව දුර්වල වීම අප වැනි කුඩා රටකට භයානකය. රටවල් නවයක් ලෙස නොසලකා එක රටක් වශයෙන් සලකන ක‍්‍රමවේදයකට අප මාරු විය යුතුය. එය පරිපාලනමය වශයෙන් ද යහපත් පියවරකි. අප කතා කරන්නේ එවැන්නක් සම්බන්ධවය.

 

 

සටහන - චමින්ද මුණසිංහ

 



අදහස් (0)

ඒකීය රටක මධ්‍යම ආණ්ඩුව ප‍්‍රබල විය යුතු

ලංකා Friday, 19 July 2013 10:12 AM

ඇමතිතුමාගේ අදහස් බොහොමයක්ම ඥානාන්විත බව අවිවාදයෙන් පිලිගනිමි. පොලිස් බලතල, ඉඩම් බලතල අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුව සතු විය යුතුයි.එසේ නොමැතිවුවහොත් අප වැනි කුඩා රටකට නිසි පාලනයක් ගෙනගිය නොහැකිවනු නොඅනුමානය. තවද ඊනියා සටන්කාමීන්ට අවශ්‍ය වී ඇත්තෙත් මේ රට නැවතත් දෙකට කඩා, බෙදා මුළු රටම අස්ථාවර තත්වයකට පත්කිරීම මගින් යුද්ධයෙන් ලබාගත නොහැකිවූ ඊලම කෙසේ හෝ නැවත ලබාදීමයි.පළාත් සබා,ප්‍රාදේශීය සබා ක්‍රමය ඉවත් කොට පෙර තිබු කච්චේරි ක්‍රමය මනාකොට නගා සිටුවිය යුතුයි යන්න මගේ අදහස හා ප්‍රාර්ථනයයි (දී)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 05:34 PM

ඔව් ඇමති තුමා ඒත් හොරුන්ව සහ දූෂකයන්ව ඉවත්කළ යුතුයි නේද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 24 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5620 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 802 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1385 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 124 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site