IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ඒඩ්ස් සමාජ උවදුරක් වේවිද?

මානවයාට සම්ප්‍රේෂණය වන ලිංගාශ්‍රිත රෝග පිළිබඳව අවධානය යොමු කරන විට අප ව්‍යවහාරයෙහි සුලබව පවතින්නා වූ පද ද්විත්වයක් ලෙසHIV සහ ඒඩ්ස් හැඳින්විය හැකිය. 1981 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල තරුණ කණ්ඩායම් අතර ශරීරයෙහි ප්‍රතිශක්තිය අඩු වීම හේතුවෙන් පැතිරී යන විශේෂ රෝගී තත්ව පිළිබඳව වාර්තා වීමත් සමඟ එම රෝගී තත්වය ඒඩ්ස් නමින් හැඳින්වීමට කටයුතු කර ඇත.

එහිදී අනාවරණය කරගත් සුවිශේෂී කරුණක් වන්නේ මෙම රෝගී තත්වයට ගොදුරු වන තරුණ කණ්ඩායම් අනාරක්ෂිත ලිංගික චර්යා පැවැත්වූ පිරිස් බවය. පසුව මේ පිළිබඳව දිගින් දිගටම සිදු කරගෙන යනු ලැබූ පරීක්ෂණවලින් අනතුරුව 1983 දී රෝග කාරක වෛරසය පිළිබඳව අනාවරණය කරගැනීමට පර් යේෂණ කණ්ඩායම් සමත් වූහ. එය HIV වෛරසය ලෙසින් 1984 දී නම් කරන ලදී.

HIV වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා 1987 වර්ෂයේදී වාර්තා වුවද ඔහු ආසාදිත තත්වයට පත් වන්නේ විදේශ රටක් තුළ දී බව අනාවරණය විය. ඉන් වසර දෙකකට පසු එනම් 1989 දී ලාංකීය සමාජය යෙන් HIV ආසාදිත තත්වයට ගොදුරු වූ පළමු ලාංකික ආසාදිතයා වාර්තා විය. මුල් කාලීනව එනම් 80 දශකය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බොහෝ ආසාදිතයන් විදේශ රටවලින් ආසාදිත තත්වයට පත්වූවන් වූ නමුත් අද වන විට ශ්‍රී ලංකාව තුළින්ම ආසාදිතයන් බවට පත්වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 1 වැනි දාට යෙදී තිබුණි. මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ ‘‘අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතිමු’’ යන්නයි. මෙවර සමරනු ලබන්නේ 37 වැනි ඒඩ්ස් දිනයයි. තාක්ෂණය මෙතරම් දියුණු වුවද වසර 37 ක් ඉක්ම ගොස් ඇති නමුත් HIV යනු තවමත් ප්‍රබල අභියෝගයකි.

ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අප සමග අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

HIV ආසාදිතයන් ගිය වසරට සාපේක්ෂව වැඩිවී තිබේ. සාමාන්‍යයෙන් වසරකට නව HIV ආසාදිතයන් 300 ත් 350 ත් අතර පිරිසක් සොයාගනු ලබයි. එහෙත් පසුගිය වසර දෙකේදී 700 ට ආසන්න HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. ගිය වසරේ වාර්තා වූ රෝගීන් ගණන 694 කි. වාර්ෂික වාර්තාවලට අනුව දෙගුණයක පමන වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි. මෙම වැඩිවීම වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන් අතර නොව අවුරුදු 15 ට වැඩි පිරිමින් අතර සිදු වූවක්. පෙර වර්ෂවල HIV ආසාදිත කාන්තා පුරුෂ අනුපාතය පිරිමි 2ට ගැහැනු 1 ක් වේ. එහෙත් වර්තමානයේදී මෙම අනුපාතය පිරිමි 7 ට ගැහැනු 1 දක්වා වෙනස් වී තිබේ. HIV ආසාදිතයන් අතරින් සියයට 88 ක් පිරිමි වෙති. වයස් ඛාණ්ඩ ලෙස ගතහොත් වයස අවුරුදු 15 ත් 24 යන ඛාණ්ඩයේ වර්ධනයක් දක්කනට ලැබේ. මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ශීඝ්‍රයෙන් HIV ව්‍යාප්ත වන දිස්‍ත්‍රික්ක ලෙස හඳුනාගත හැකිය.

අඩු අධ්‍යාපන මට්ටමක් සහිත තරුණ ප්‍රජාව තුළ ජංගම දුරකතන, නව තාක්ෂණය සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම HIV ආසාදනය ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපායි. සමාජ මාධ්‍ය හරහා සම්බන්ධතා ගොඩනගාගෙන සිදු කරනු ලබන අනාරක්ෂිත ලිංගික ක්‍රියාකරකම් මෙම HIV ආසාදිතයන් ඉහළ යාමට බලපා ඇත. එනම් එක් සහකරුවකුට වඩා ඇසුරු කිරීම, සමූහ වශයෙන් එකතු වී ලිංගික කටයුතුවල යෙදීම මෙයට හේතුවයි.

බොහෝ තරුණයන් තමන් අවදානම් බව දැනුණත් ලිංගාශ්‍රිත රෝග සායනයට සහභාගී ​ෙනාවෙති. පරීක්ෂාවක් නොකර අසාදිත තත්වය හඳුනාගත නොහැක. අපගේ වෙබ් පිටුව හරහා අපව දැනුවත් කිරීමක් කළොත් ඔවුන් ලබාදෙන ලිපිනයට ස්වයං පරීක්ෂණ කට්ටල යැවීම සිදු කරනු ලබයි. ඒ හරහා මූලික පරීක්ෂණය සිදු කරගත හැකිය. ලැබෙන ප්‍රතිඵලය අනුව ඔබ HIV ආසාදිතයකු බවට තහවුරු වුවහොත් අපගේ ලිංගාශ්‍රිත රෝග සායනයට සහභාගී විය යුතුය. සායනයට පැමිණි පසු තවත් පරීක්ෂණ දෙකක් ඔස්සේ HIV ආසාදිත දැයි නිශ්චිතව තහවුරු කිරීම සිදු කරනු ලබයි. ආසාදනය පිළිබදව මුල් අවධියේදී හදුනා ගත්තොත් ඒඩ්ස් තත්වයට පැමිණීම වළක්වා ගත හැකිය. හදුනා නොගතහොත් වසර 8ක් පමණ ගතවන විට ප්‍රතිශක්තිය අඩු වී රෝගය බරපතළ තත්වයට පත්වීම සිදු වේ.

අනාරක්ෂිත ලිංගික චර්යාවල නියැළෙනවානම් අනිවාර්යයෙන්ම ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතුය. එසේ නොවේනම් පූර්ව නිරාවරණ රෝග නිවාරණය (PrEP) පෙති ලබා ගැනීම කළ යුතුයි. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන සායනයකින් පූර්ව නිරාවරණ රෝග නිවාරණය ඡරූඡ PrEP ගත හැකිය. අනාරක්ෂිත හැසිරීමකට පෙර කල් ඇතිව PrEP ඔසු ලබා ගැනීමෙන් එච් අයිවී ආසාදනය වීම වළක්වා ගැනීමට පුළුවන. මෙය දිනපතා භාවිත කළ යුතුයි. මෙය ඉතා වැදගත් ප්‍රතිකර්මයකි. මේ ප්‍රතිකර්මයෙන් වළක්වා ගත හැක්කේ HIV පමණක් බැවින් අනෙක් ලිංගාශ්‍රිත රෝගවලින් වැළකී සිටීමට කොණ්ඩම් පැලඳිය යුතුය. අනාරක්ෂිත ලිංගික ඇසුරක් සිදු වූවහොත් පසුව ලබාගත හැකි පසු ආරක්ෂිත ඖෂධ ඇත. එම ඖෂධය ලිංගික ඇසුර සිදු වී පැය 72ක් ඇතුළත ලබාගත යුතුය. මෙම ඖෂධය රෝහල් වලින් ෆාමසීවලින් ලබා ගත නොහැකිය. එය ලබා ගැනීමට කොළඹ 10, ද සේරම් පෙදෙසේ, අංක 29 දරන ස්ථානයේ පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩ සටහනේ මධ්‍යම සායනයට හෝ දිවයින පුරා විසිරි ඇති රජයේ රෝහල්වල පිහිටා ඇති සොයන මධ්‍යස්ථාන 40න් එකකට යා යුතුය. අවදානම්ද නැතිද යන්න වෛද්‍යවරයකු පරීක්ෂාකර බැලිය යුතුය නිසාය. ආරක්ෂිතව ලිංගික ක්‍රියාකරකම් හරහා HIV ආසාදනය වීම අවම කරගත හැකිය.

ජාතික HIV ව්‍යාපෘතියේ කොළඹ ගම්පහ දිස්ත්‍රික් හිටපු පුහුණුකරු. රොෂාන් ඩී සිල්වා මහතා අප සමග අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

සෑම වසරකම යම් තේමාවක් පදනම් කර ගනිමින් ඒඩ්ස් දිනය සැමරෙයි. මෙවර තේමාව වන්නේ ‘‘අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතිමු’’ යන්නයි. HIV වඩාත් වැඩි අවධානමක් තියෙන්නේ ආන්තීකරණයට ලක් වූ ප්‍රජාව අතරය. එනම් සමරිසි පිරිමි පුද්ගලයන්, ලිංගික වෘත්තීයෙහි යෙදෙන කාන්තාවන්, සංක්‍රාන්ත්‍රික සමාජභාවී පුද්ගලයන් සහ වෙරළාශ්‍රිත ලිංගික සේවය සපයන්නන් තුළය. මෙම සියලු‍ ප්‍රජාව ලංකාවේ නීතියෙන් මෙන්ම සමාජ සංස්කෘතික සීමාවලට ලක් වූ ප්‍රජාවය. මෙවර තේමාවට අනුව මොවුන්ගේ සෞඛ්‍ය අයිතීන් සුරකීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

බොහෝවිට මෙම ප්‍රජාවට සමාජය තුළ කොන් කිරීම වෙනස්කොට සැලකීම සිදු වේ. ඒ නිසා මොවුන් වෛද්‍ය සායන වෙත ළගා වීමේ අවමතාවක් පවතී. එය මෙරටින් HIV තුරන් කිරීමට විශාල බාධාවකි. තම සෞඛ්‍ය රැකගැනීමට සියල්ලන්ටම අයිතියක් තිබේ. එහෙත් සමාජය මගින් එයට බාධවක් තිබීම ගැටලු‍වකි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු‍වක් නොවුණත් සමාජයෙන් බලපෑමක් එල්ල වීම සිදු වේ. එය අවම කිරීමට නම් ඔවුන් තුළ තිබෙන කොන්වීමේ බිය නැතිකළ යුතුය. එමෙන්ම සමාජය තුළත් යම් වෙනසක් සිදුවිය යුතුයි.

HIV ආසාදනය අවම කිරීමට තිබෙන හොදම විසදුම වන්නේ ආරක්ෂිත ක්‍රම භාවිතයයි. රජයේ සායන වලදී කොන්ඩම් නොමිලයේ ලබා දුන්නද ලබා ගැනීම අවම වශයෙන් සිදු වේ. එම ප්‍රජාව ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවල යෙදෙන බවට හෙළි කරන්න අකැමැති වීම එයට හේතුවයි.

මෙම HIV ආසාදනය මර්ධනය කිරීමේ වැඩසටහන ගෝලීය අරමුදල මගින් සිදු කරනු ලබයි. 2030 වසරේදී   HIV තුරන් කිරීම ඔවුන්ගේ අරමුණයි. තවත් වසර කීපයකින් ගෝලීය අරමුදල මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වේ. පසුව මෙම වැඩසටහන මෙහෙයවිය යුත්තේ රජය මගිනි. රජය ඒ සදහා සූදානම්ද, මුදල් වෙන් කරාවිද යන්න ගැටලු‍ පවතී.

HIV කියන්නේ බියවිය යුතු රෝගයක් නොවේ. HIV කියන්නේ වෛරසයක් ආසාදනය වීමකි. නිවැරදි ප්‍රතිකාර ගැනීමෙන් ඒඩ්ස් තත්වයට යෑම වළක්වා ගත හැකිය. එහෙත් බහුතරය මේ පිළිබඳව දැනුවත්භාවයක් නොමැත. දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කළ යුතුය. මේ සදහා ඖෂධ පවතින බවට දැනුවත් කිරීම කළ යුතුය.

 

(*** ශෂිකා අබේරත්න)



අදහස් (0)

ඒඩ්ස් සමාජ උවදුරක් වේවිද?

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 103 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1330 10

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 649 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 553 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 168 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 749 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 153 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 402 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site