කවුරුන් මොන දේ කළත් හැමෝම උත්සාහ කරන්නේ කාබී ලස්සනට ඇඳ පැලඳ ජීවත් වෙන්නටය. නමුත් ඒ ජීවත් වීම තුළ මොනතරම් දුෂ්කරතා තියේ දැයි අත මිට හිඟ, බලාපොරොත්තු හීන පුරවාගත් මිනිස්සු දනිති. එහෙම ගත් විට ජීවිතය යනු එත අතෙකින් සටනකි. තවත් අතෙකින් හෙම්බත් වී පැරදුණු තරගයකි. ඇතැමෙක්ට ලේ දහදිය මතින් දිනා ගත්තකි. එකී පසුබිම් අතරේ, ජීවන සටනේ හිනා වෙන්නට උත්සාහ කළ පුංචි කිරිලියන්ට සිදාදියේ වෙන ශෝඛාන්තය අද ලියමු.
ඈත පිටිසර ගමේ ඉපදුණත් ලස්සනට ජීවත් වෙන්නට කවුරුත් අකමැති නැත. මේ රටේ සතර දිග්භාගයේ කෙළවරක හිටියත් තරුණියක් හැටියට ඩෙනිමක් ඇඳල අලුත් ටී ෂර්ට් එකක් ඇඳලල කරට රන් චේන් එකක් දාගෙනල අතට වටිනා ෆෝන් එකක් අරගෙනල ඉඳහිට කෑම බීමේ වෙනසක් කරල පවුලේ අයට යුතුකම් කරන්නට මොන තරුණියද අකමැති...
හැඟීම් පාලනය කරගන්නසුවසේ ජීවත් වෙන්න ණය වී හෝ සැප විඳින්න අළුවී යන මේ ශරීරය ආපසු මේලොවට එන්නේ කෙසේද යනුවෙන් පැරණි ඉන්දියාවේ චාර්වාදීහු ප්‍රශ්න කළහ. චාර්වාදීන්ගේ අදහසට වඩා අධ්‍යාත්මික ගැඹුරක බුදුදහම තිබෙයි. නමුත් බුදුදහමේ පවතින අධ්‍යාත්මික ගැඹුර කරා යන්නෝ සුළුතරයකි. එදත් අදත් වැඩි දෙනා ඉහත කී චාර්වාදීහුය. වර්තමානයේ මිනිස්සු ජීව්ත ගෙවන්නේ ණය වී හෝ ගේ දොර හදන්න, ණය වී හෝ යාන වාහන ගන්න, ණය වී හෝ අඳින පලඳින යුගයක් තුළය. තවද මිනිස්සු මරා හෝ ස්ත්‍රීන්, ළමා ළපටින් දූෂණය කර හෝ අල්ලස් පගා ගෙන හෝ තමන්ගේ සැපත ගෙන යන යුගයකය.
ඔවුන්ට තමන්ගේ ආර්ථික පදනම අමතක වී ඇත. ඔවුන් උත්සහ කරන්නේ ණය වී හෝ බාහිර සමාජයේ අවධානය යොමු වන පරිදි ජීවිතය අත් විඳීම සඳහාය. එතැනදී රැකියාවට අමතරව පවතින සමාජ රැල්ලට මුහුණ දීම සඳහා ඔවුන් විවිධ ආර්ථික උපක්‍රම කරා යන බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන් එය යහපත් නිවැරදි ආර්ථික ක්‍රමයක් වී නම් ගැටළුවක් නැත. නමුත් තමන්ගේ සැප විවරණය උදෙසා හෝ ළමයින් අනවශ්‍ය පරිදි භාවිතා කිරීම, සොරකම් කිරීම, පගා ගැනීම, මනුෂ්‍ය ඝාතනය කිරීම ආදී නොයෙක් මුහුණුවරින් එය මතුවන බව අපට දවසින් දවස අසන්නට ලැබේ. මෙය වර්තමානයේ බරපතළ සමාජ ගැටලුවක් බවට පත්වී ඇත.
|
නමුත් ඒ සටන ගමේ හේන් කොටා කුඹුරු අස්වද්දා, කීර විකුණා කරන්නට කාලයේ තාලයට යන තරුණ දූවරු කැමති නැත. ඒ අය උත්සහ කරන්නේ මාසෙට විසිදාහක් තිස් දාහක් ලැබිය හැකි රස්සාවකි.
ඒ පඩියට සිදාදියට ඉගිලෙන හුඟක් කිරිල්ලියෝ තමන්ගේ තටු සිඳගනිති. ඒ ගැන ලියනවා නම් කතා කතාන්දර එමට තිබේ. ඒ අතරින් වෙනස්ම විදිහේ කතාවක් ලියන්නට අතුල මා සමග එකතු වෙයි.
“ජීවිතේ පිනි බිඳුවක්, දිය බුබුළක් වගේ කිවුවට ඒකත් සුරංගනා කතාවක් වගේනේ මහත්තයෝ. තත්පරෙන් දෙකෙන් ජීවිතේ නැතිවෙලා යනවා නම් මේ ප්‍රශ්න නෑනේ. මිනිස්සු විදිහට අවුරුදු 50-60ක් ජීවත් වෙන්න ගියාම තමයි ප්‍රශ්න.. සල්ලි ඕන... ජොලි කරන්න ඕනෙ.... විඳින්න ඕනෙ... විඳවන්න ඕනෙ.... යුතුකම් කරන්න ඕනෙ. මේ සේරම කරන් කාටවත් යටත් නොවී කොන්ද කෙළින් තියා ගන්න නම් සල්ලි තමා මල්ලි...” ඒ හින්දා සල්ලි දෙනවා නම් බෙල්ල වුණත් දෙන මිනිස්සු ඕනෙ තරම්....
අතුල කතාවට මුල පුරයි. “එන්නකො පෙන්නන්න තැනක්...” අතුල මා කැඳවාගෙන කොළඹ නගරයේ එක්තරා කුඩා නිවහනක් අසලට යයි..
“මෙන්න තැන... අන්න නෝනා...” පැය කීපයකට පසු එම නිවසේ සිටින ළපටි වියේ තරුණියක් පෙන්වයි. මට එහි කිසිම අමුත්තක් නැත.
“පුදුමයක් නෑ නේද...? කතාව අහලා පුදුම වෙන්නකො... අපි නිවසට මීටර් 50ක් පමණ මෙපිට ගසක් යටට වීමු.”
“ඔය චූටි නෝනා බ්ලැක් මේල් වෙච්ච කෙනෙක්. එයාගෙ ගම කහටගස්දිගිය පැත්ත. කොළඹට අවේ නැති බැරි කමට රස්සාවක් හොයා ගෙන. ගමේදී ගාර්මන්ට් එකක් සෙට් කරගෙන ආවේ. අවුලක් නෑ. පඩිය 22ක් විතර එනවා. ඕ.ටී.ත් තියනවනෙ. ගාමන්ට් එක කොළඹ මැද. මේ එක නෝනා කෙනෙක්. තව කීප දෙන්නෙක් මේ අවට ඉන්නවා. ඒ අය කන්තෝරු වල වැඩ කරන නෝනලා. ඒ කිවුවට මහත්තයො ගාමන්ට් පඩියවත් නෑ. එයාල ලස්සනට ඇඳලා, නැත්නම් ඩෙනිමක් ඇඳලා තොල් මූණ පාට කරලා ගියා ට හුඟක් අයට පඩිය පහළොස් දාහක්වත් නෑ. මේ තමා ඇත්ත. මේ ටවුමෙ බොඩිං පීස් ගෙවාගෙන කාලා ජීවිත වෙන්නෙ කොහොමද?”
අතුල කිසියම් ජීවන අරගලයක යථාර්ථය එළිකරමින් සිටියි.
“මේ ගෑනු ළමයි හුඟක් වෙලාවට කොළඹදී කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඊට පස්සෙ කොල්ල දන්නවා, ගෑනු ළමයා ජීවත් වෙන්න ගහන ගේම. සමහර කොල්ලො අවංකවම, වචනයෙන් කියනවා නම් “බොක්කෙන්ම” එයාගේ ජීවිතයට උදවු කරනවා. මොකද මේ ගෑනු ළමයා කොළඹ ආවේ ලස්සනට අඳින්න, පළඳින්න හිතා ගෙනම විතරක් නෙවෙයි. එයාගෙ වෙඩින් එකට ගෙදරට බරක් නොවී බඩුටික ගන්න. නංගිට මල්ලිට උගන්වන්න උදව් කරන්න. කුලී වැඩ කරපු, හේනේ කුඹුරෙ වැඩ කරලා දිරා ගිය වයසක අම්මා තාත්තාට කෑම වේලක්, බේත් වේලක් අරන් දෙන්න. නමුත් රුපියල් 15,000කින් එවා කොහෝ කරන්නද මහත්තයෝ.”
පරම සත්‍යය එය වේ. ඒ සත්‍යය තුළ පිහිටා ජීවිතේ දිනන්නට උත්සහ කරන කිරිල්ලියෝ සිදාදිය පුරා ගැවසෙති. කොළඹට වී වේල දෙක නොකා ඉතුරු කරන මේ කිරිලියන් සිනා සී ගෙවෙන ජීවිතයෙන් මෙපිට කෙතරම් ඛේදනීයද?
“මේ ගෑනු ළමයි බලාපොරොත්තුවෙන් ඉන්න වෙනම කල්ලි තියෙනවා. එයාලගෙ රස්සාවම මේ වගේ ඈත පළාත්වල ගෑනු ළමයි එක්ක යාළු වෙන එක. සෑහෙන කාලයක් නිරීක්ෂණය කරලා මේ කල්ලිය ඔය ගෑනු ළමයි එක්ක වෙනවා. ඒත් හොඳ සල්ලි තියෙන පොරවල් විදිහට. නමුත් ඉන්නෙ කොළඹ තිබුණු පැල්පත් ගෙවල්වල. රස්සාවක් තියා මෙලෝ හසරක් ඒ කොල්ලන්ට නෑ...”
අවසානය කෙළවර වෙන්නේ සල්ලි කාරයෙක්ය, හොඳ රස්සාවක් තිබේය, හොඳ දේපළක් ඇතිය යන මියුරු වදනට රැවටී ඈත තරුණියන් තමන්ගේ පවිත්‍ර නොකිළිටි ජීවිතය මෙවැනි තරුණයන් මත තැබීමෙනි.
එය තරුණියට පරම ආදරයකි. නමුත් තරුණයාට එය ආදරයක් නොවේ. වෙළෙඳ මාෆියාවකි. තරුණයා කොහෙන් කොහෙන් හෝ මාසයකට වරක් තරුණියගේ වියදමට අවශ්‍ය දෑද අරන් දෙයි. ගෙදරට වියදමද දෙයි. නමුත් එවැනි සුළු වරප්‍රසාදයක් යටතේ මේ තරුණිය පාළු තැනකදී “බ්ලැක්මේල්” වෙයි.
“කොළඹදී කොල්ලෙක් හම්බ වුණාම පැය ගාණක් ඉතින් මේ ගෑනු ළමයි එයාට කෝල් කරනවා. ගර්ල්ගෙ මුළු ලෝකෙම එයා. ඊට පස්සෙ ඉබේම මේ අය නිදහස් තැනක් හොයාගෙන යනවා. සමහර දාට නිවාඩු දාලා මේ කිරිල්ලියො කාමර වල. ඒ සිදුවීම් හරි ලස්සනට මේ කල්ලි වීඩියෝ කරනවා.”
ඊට පස්සෙ වෙන දේ දන්නවද? අතුල මගෙන් විමසයි.
“දැන් මේ අහිසංක ගෑනු ළමයා බ්ලැක්මේල් ඊට පස්සෙ ඌ මෙහෙම කියනවා.”
“ඔයාට මගෙ අතින් වරදක් වුණා. ඔයාට හොඳට ජීවත් වෙන්න මම පාරක් පෙන්වන්නම්. මම දන්න හොඳ සල්ලිකාර මහත්තයෙක් ඉන්නවා. එයා එයාගෙ නෝනාට කැමති නෑ.”
එහෙම කියන විටම මේ අසරණ තරුණියට දෙලොව රත්වේ.
“ඔයා මට එහෙම කරන්නෙ ඇයි.. මම අසරණ කළා. ඔයාට එපා නම් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.” ඇය ආයාචනය කරන්නීය.
එහෙත් තරුණිය කොළඹට අසරණ වැඩිය.
“ඔයා මම කියන දේ කරන්න ඕනෙ. ඔයාගෙ දුප්පත් කමට විසඳුම මේක. අනික ඔයාට ඒකට අකමැති වෙන්න බෑ. ඔයාගේ වැඩ මගේ ළඟ වීඩියෝ එකේ තියෙනවා. මම ඒවා ඔයාගෙ ගෙදරට දෙනවා.”
ඒ වචන අතරට සිරවන ඇයට එක්කෝ සිය දිවි නසා ගන්නට සිදුවේ. නැත්නම් මේ අධමයා කියන ජරා වැඬේ කරන්නට සිදු වේ.
අපට සැබෑව ආරංචි වුණත් නැතත් මහත්තයො සිදාදියෙ වැඩ කරලා ජීවිතේ එපා වෙන, විවාහය එපා වෙන, බඳින්න බෑ කියන, වහ බොන සියළු දෙනා පාහේ මෙවැනි කුමක් හෝ විදිහට අසරණ වෙච්ච තරුණියක්...
“අර කරුමක්කාරයාගෙ අණසකට යටත් වෙන හුඟක් ගෑනු ළමයි ඌ ලොකු ලොකු මහත්තරුන්ට විකුණනවා. හැබැයි මහත්තයාගෙ ගෙදරට එක්ක යන්නෙ නෑ.”
සර් ලස්සන අහිසංක ගෑනු ළමයෙක් ඉන්නවා. අහවල් තැන පොඩි පඩියට වැඩ කරන්නෙ.
ඉතින් මේ විදිහට අවුරුදු 50-60 වයසක අයටත් මේ ගෑනු ළමයි විකුණනවා.
ඒ පැකේජ ක්‍රමයට. අතුල අලුත් ක්‍රමයක් ගැන කියයි.
ඔව් පැකේජ ක්‍රමය. ගෑනු ළමයාව විකුණන්නෙ මාස 6ට අවුරුද්දට. ඒ වගේ. එතකොට එක කිරිල්ලිගෙන් ඌ ඒ කාලෙම ගොඩ රස්සා ඕනෙ නෑ. කොල්ලා මාස 6 මාස 12ට ලක්ෂ 7 - 8 - 10 - 15 ට ගර්ල්ව විකුණනවා. ඊට පස්සෙ ගෑනු ළමයාව අර මහත්තයා එයාගෙ ගෙදර එක්ක යන්නෙ නෑ. එයාට වෙනම ගෙයක් අරන් දෙනවා. කන බොන වියදම දෙනවා. වැඩට යන්න ටැක්සි වියදම දෙනවා. සල්ලිත් එකපාර ලක්ෂ ගාණක් පොතට දාලා දෙනවා.
හැබැයි ඒ කාලෙ තුළ අර ගෑනු ළමයාගේ ගෙදරට එන්න පුළුවන් මේ සල්ලිකාර මහත්තයාට විතරයි. මහත්තයගෙ ගෙදර අය මේවා දන්නෙ නෑ. හැබැයි මහත්තයා අවුරුද්කටම නෝනා කෙනෙක් බද්දට අරන්. හරියට ගෙවල් බදු ගන්නවා වගේ. සමහර වයසක මහත්තුරුත් මේකට හරි ජනප්‍රියයි.
සියල්ල ඇදහිය නොහැකි කතාවකි.
මේ තමයි මහත්තයො සමාජයේ හැටි. මේවා බරපතළ සමාජ ප්‍රශ්න. සමහර දේවල් හෙළි වෙනවා. හුඟක් ඒවා යට යනවා. හෙළි වෙන තරමට ප්‍රශ්න. වැල්වටාරම් ගොඩයි. ඒ නිසා හෙළි නොවන තරමට අසරණ කම යට ගසා ගන්න මේ තරුණියො උත්සහ කරනවා. ඒ නිසා මේ කල්ලි ගැන හොයන්න ඕනෙ. මේවගේ අසරණ වන තරුණියන්ට මේ දේවල් රහසේ ඇවිත් කියලා නීතිමය විසඳුමකට යන්න විවෘතව පාර එළි වෙන්න ඕනෙ. ඒ නීතිමය විසඳුම් දෙන තැන්වල ශරීර අල්ලස් නොඉල්ලන දුකට පිහිට වෙන මිනිස්සු ඉන්න ඕනෙ. ඉතින් මේක මහා පරාසයක් තුළ හෙමින් කළ යුතු දෙයක්. එහෙම නොවෙනතාක් සල්ලිකාර නාකි මිනිස්සුන්ට දිළිඳු ලපටි ලියන් විකිණෙන පැකේජ සේවා කොටු කරගන්න ලේසි නෑ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒ අසරණ ගෑනු ළමයි කොළඹට අහිසංක වැඩියි
දමිත් Wednesday, 17 February 2016 06:17 AM
මේ සමාජේ මේ තරම්ම කුරිරු ද.? (ර)
සුදර්ශන Tuesday, 23 February 2016 10:14 AM
මේ අපරාද අල්ලන්නම ඕනි මේක බුද්දාගම තියන රටක් නේද (හේ)
අජිත් Saturday, 13 February 2016 01:47 PM
මේ මොකද අනේ අපේ රටට වෙන්න යන්නේ? බලධාරීන්ගේ ඇස් පෑදේවා! (නි)