මිනිස් ජීවිතයේදී අංගසම්පූර්ණ ලෙස අඟ පසඟ පිහිටා තිබුණත් පසුකාලීනව අංගෝපාංග අහිමිවීම ස්වාභාවික හේතු හා වෙනත් හේතු මත සිදුවී සමාජයෙන් ඉවත් වී කොන්වන වැඩි පිරිසක් අදටත් අසරණ තත්ත්වයෙන් සමාජගතව වෙසෙන බව නොරහසකි. එවන් පුද්ගලයින් රැකබලා ගැනීම නිසි ලෙසකින් සිදු නොවන බැවින් බහුතරයක් මහමහට පවා වැටෙන අතර යුද්ධයෙන් අසරණ වූ පිරිස් රැකබලා ගැනීම රණවිරු සෙවණ වැනි ආයතනවලින් කරගෙන යයි. මේ සියලූ දේවලට වඩා හාත් පසින්ම වෙනස් ආකාරයට උපතේදී සිදු නොවී දරුමල්ලන් පවා හදා වඩා වසර 50 ක් ගතවූ පසු හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය රුවනී මෙන්ඩිස් මහත්මිය වෙතින් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පර්යේෂණායතනයේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සඳහා යෙදී සිටින ආයුර්වේද වෛද්‍ය රුවනි මෙන්ඩිස් මහත්මිය මෙසේ හෙළි කළාය. අප ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට විවිධ රෝගාබාධ සඳහා ඖෂධ සඳහා විවිධ බෙහෙත්වර්ග පර්යේෂණාත්මකව නිපදවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සඳහා භාවිත කරනවා. මා එහි බාහිර රෝගී අංශයේ තවත් වෛද්‍යවරු සමඟ ප්‍රතිකාර සඳහා යොමුවී සිටිනවා. ඒ අනුව මෙම අඟ සහිත රෝගියා ඉතා රහසිගතව ප්‍රතිකාර සඳහා දින කීපයක් පැමිණි අතර දිනක් මා වෙත පැමිණ තම දුක්බර කථාව හෙළි කළේය. ඒ අනුව තම දරුමල්ලන් සිටියත් හිසේ ඇති අඟ නිසා, වෙනත් සමාජ ආශ්‍රයන් සඳහා යොමුවීමට ලැජ්ජාවෙන් සිටිබව හෙළිවී තිබෙනවා. මෙම අඟ ඔහුගේ හිසේ දකුණු පසින් අඟල් 4 ක් පමණ දිගට වැවී ඉහළ එසවී තිබුණි. ඒ අනුව ඔහු රහසිගතව වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට යොමු වුණත් කිසිවකින් එම අඟ ඉවත් කිරීමට ද නොහැකිවී තිබෙනවා. ඒ අනුව රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාගේ හිසේ පිහිටි අඟට අප නව පරියේෂණයක් මගින් සොයාගනු ලැබූ ඖෂධ වර්ගයක් අඟ මුල ආලේප කිරීමට සැලැස්සුවා. ඒ අනුව ජුලියන් මහතාත් තම දූ දරුවන්ගේ ආධාර උපකාර සහිතව අප නියම කළ අයුරු නිසිලෙස ඖෂධ පාවිච්චි කරමින් සති දෙකක් ගතවනවිට හිස් මුදුනේ තිබූ එම විශාල අඟ මුලින් ගැලවී වැටුණා. රෝගියා සතුටෙන් අඟත් රැගෙන නැවත සති දෙකකට පසු බාහිර රෝගී අංශයට පැමිණ ඉතා සතුටින් එම ඖෂධය සොයා ගැනීමට වෙහෙසුන සියලූ දෙනාට තුති පළ කිරීමට ද අමතක නොකළේය. ඒ අනුව දැන් එම අඟ තිබුණ ස්ථානයේ තුවාලය සුව කිරීමේ ප්‍රතිකාර සිදුකරගෙන යනවා.... වෛද්‍යවරිය කීවාය. මේ සම්බන්ධයෙන් ජුලියන් මහතාගේ දියණියක මෙලෙස පැවසුවාය. අප පවුලේ අය සමඟ තාත්තා වැඩපළ කරගෙන හොඳින් ජීවත්වුණා. ඒත් තාත්තාට වයස 50 පමණ වනවිට හදිසියේම හිස් මුදුනේ හරක් අඟක් මෙන් යමක් ඇතිවී ශීඝ්‍රයෙන් ඉහළට වැඞීමට පටන් ගත්තා තාත්තාට සමාජයේ විහිළු තහලූ කරන නිසා නිවසට වෙලා සැඟවිලා සිටියේ. අප එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට ද අකමැති වුනේ තාත්තාට පෙර අසනීපයකට ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය කළ පසු සිහි ගැන්වීම ප්‍රමාදවෙලා ගොඩාක් ප්‍රශ්න ඇති වූ නිසා අප මෙවර බය වුණා සිහිනැති කිරීමට. ඒත් තාත්තාට කෙසේ හෝ මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍යතාව තිබුණ නිසා තාත්තා ශල්‍යකර්මවලටත් කැමැතිවුණා. ඒත් අපි ඊට ඉඩ දුන්නේ නැහැ. අප මේ ආයුර්වේද වෛද්‍යතුමිය මුණ ගැසීමට ගියා අපට දෙවි කෙනෙකුමෙන් ඉතා ඕනෑකමින් මේ අලූතෙන්ම සොයාගත් ඖෂධ ගාන්න දුන්නා. අප ඒවා දුන් උපදෙස් අනුව ගාන්න ගත්තා. සතියක් ඇතුළත අඟ බිමට වැටුණා. අප එයත් රැුගෙන ගිහින් පිළියන්දල සිටින වෛද්‍යතුමිය වෙත ගිහින් භාර දුන්නා. ඒ අනුව අපට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ගැන දැඩි විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අප තවත් අසනීප වෙනුවෙත් දැනටත් එම ප්‍රතිකාර ගනු ලබනවා. දැන් අප කවුරුත් එකට තාත්තාත් සමග සතුටින් ගත කරනවා. දියණිය කියා සිටියාය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔළුවේ අඟක් තිබ්බ මිනිහෙක්