2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍රජාපතී ගෝතමියගේ චරිතයයි. එතුමිය වනාහි කුළුණු ගුණයෙන් පිරිපුන් සංකීර්ණ චරිතයක් යැයි මට ඒ දවස සිතිණි. එතුමිය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සිදුවෙතැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි.”
මේ නිර්මාණකරුවා එදා එසේ නොසිතුවද අද එය චිත්‍රපටයක් ලෙස සැබෑවක් බවට පත්ව තිබේ. ඒ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයයි. මේ දිනවල සාර්ථක ලෙස තිරගතවෙන මෙම චිත්‍රපටය …
29 වැනිදාට දින 50 සම්පූර්ණ වෙයි. “ගෞතම බුද්ධමාතා” චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කළ මේ දක්‍ෂ ප්‍රවීණ නිර්මාණකරුවා නමින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වේ. ඔහුගේ අනෙකුත් බෞද්ධ චිත්‍රපට දෙස බලද්දී මෙය සාර්ථක නොවන, වාර්තාමය ස්වරූපයක් ගත් නිර්මාණයක් ලෙස සමහර විචාරකයෝ පවසති. ඇත්තනටම එහෙම වුණේ ඇයි? දින 50 ආසන්නයේදී මහැදුරුතුමා සමඟ අපි ඒ පිළිබඳව කතා කළෙමු. මේ එම කතාබහේ සටහනයි.
“අපි පහසු දින 50 ක් ආවා. හේතුව තමයි “කාසි වාසි” චිත්‍රපටයේ නිෂ්පාදක අනුරාධ බී. රැකව මුලින්ම කියා සිටියේ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටය සුමාන 3 - 4 යන්න දීලා තමයි, ඒ චිත්‍රපටය තිරගත කරන්නේ කියලා. ඒක නිසා අපට නිතරගයෙන් මේ කඩ ඉමට එන්න පුළුවන් වුණා. ඊළඟ කාරණය තමයි හඳගමගේ “රාණි” චිත්‍රපටය, 23 වැනිදා තිරගත වෙන්න තිබුණත්, එය 30 වැනිදාට කල් දැම්මා. ඒ නිසා තමයි පහසු දින 50 ට යන්න පුළුවන් වුණේ. පහුගිය කාලයේ අපට සිනමාශාලා 73 ක් ලැබුණා. මා හිතන්නේ සිංහල චිත්‍රපටයකට එතරම් සිනමාශාලා ප්‍රමාණයක් ලැබුණේ “බුද්ධමාතා” එකට බවයි. සියලුම මණ්ඩලවල සිනමාශාලා ලැබුණු නිසා තමයි අපට 73 ක් ලැබුණේ. ඒ වගේම ලයිකා හා ඉම්පීරියල් ටෝකීස් නිසා තමයි අපට දවස් 50 ක් ලැබුණේ. දවස් 50 ක් පස්සෙත් තවත් සිනමාශාලා 25 ක් විතර දවස් 75 ක් යන්න පුළුවන්කම තිබෙනවා.
ගොඩාක් අය මගෙන් ඇහුවේ ඇයි දෙසැම්බර් 10 වැනිදා මෙය රිලීස් කළේ කියලා. නත්තල්, උත්සව කාලයේ දාන්නේ නැතුව ඇයි වෙසක්, පොසොන් වගේ කාලයක නොදැම්මේ කියලා. මෙහි නිෂ්පාදක තිලංග සුමතිපාල මහතා කිව්ව දෙයක් තමයි චිත්‍රපටය ශක්තිමත් නම්, අපට කාලය ප්‍රශ්නයක් නොවෙයි කියලා. ඒ අභියෝගයට මුහුණ දුන්නේ ඔහුයි. ඒ නිසා තමයි අනෙක් වගේ බෞද්ධ චිත්‍රපට තරම් එකපාරට මහජන ආකර්ෂණය ලැබුණේ නැත්තේ. අභියෝගයට මුහුණ දෙමින් අපි දවස් 75 කට යනවා. එයින් අපට පාඩුවක් වුණේ නෑ කියලයි මා හිතන්නේ. එකපාරට ජන ආකර්ෂණය ලැබුණේ නෑ. ඒක ඇත්ත. එය මා පිළිගන්නවා.
බොහෝ දෙනා හිතන්නේ “යශෝධරා, කදිර දිව්‍යරාජ, පත්තිනි, උත්පලවණ්ණා” වැනි නිර්මාණ කරන එක හරි පහසු දෙකක් කියලයි. නමුත් ඇත්තටම ඉතාම අසීරුයි. මේ පිළිබඳව කතාන්දර නෑ. ඒ කතාන්දර අලුතෙන් හදාගන්න ඕනේ. ඔබ පවසන ආකාරයට යම් වාර්තාමය ස්වරූපයක් මේ “ගෞතම බුද්ධ මාතා” චිත්‍රපටයේ තිබෙනවා. ඒකට හේතුව කතාන්දරයක් නැතිකමයි. ඒ නිසා පොත්පත් කියවලා තොරතුරු අධ්‍යයනය කරනකොට යම් විදිහක වාර්තා ස්වරූපයක් එනවා. ඒ වාර්තා ස්වරූපයෙන් නැතුව මේ චිත්‍රපටයට යන්න බැහැ.
නිෂ්පාදකගේ ඉල්ලීම නිසා එහෙම දෙයක් සිදුවුණේ නෑ. ඒක කිව යුතුමයි. මේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතයේ නාටකීය සිද්ධි අඩු හින්දා තමයි ඒ වාර්තා ස්වරූපයක් එන්නේ. මේ කතන්දරය මම ගන්නේ පූජාවලියෙන්. ත්‍රිපිටකයේ ථෙර ගාථා අපදානවලින්. මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ අපදානය තිබුණට එහෙම චරිත කතාවක් නෑ. ඒක මම හදාගන්න ඕනේ. එහෙම චරිත කතාවක් අලුතින් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා තමයි වාර්තා ස්වරූපයක් එන්නේ. එයට නිෂ්පාදකතුමා වගකිව යුතු නෑ.
මේ චිත්‍රපටයේ රඟපාන ඉන්දියන් නළු, නිළියන් හතරදෙනාම තමන්ගේ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කළා. විශේෂයෙන්ම මහා ප්‍රජාපතී ගෝතමී චරිතය රඟපෑ නිළිය එය ඉතා හොඳින්ම ඉටුකළා. මෙහි දෙබස් තමයි ලොකුම අභියෝගය. සමහර දෙබස් A4 කොළයක් තරම් දිගයි. පුදුම හිතෙනවා එයා කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නේ කියලා. A4 කොළයක් තරම් දින දෙබස් හින්දි අකුරින් ලියාගෙන, සිංහල අකුරු දිහා බලාගෙන තමයි රඟපෑවේ. මේ හතරදෙනාම ඉතා හොඳින් ඒ කටයුත්ත සිදුකළා. යශෝධරා තරම් ප්‍රජාපතී ගෝතමිය ජනප්‍රිය නෑ. ඒ නිසා තමයි මෙයට ආකර්ෂණය ලැබුණේ නැත්තේ. මා හිතන්නේ චරිතය ජනප්‍රිය නොවීම මිසක් නිළිය ජනප්‍රිය නොවීම මෙයට බලපෑවේ නෑ කියලයි.
සෑම සිංහල චිත්‍රපටයකටම සුමාන 2ක් හෝ ලබාදිය යුතුයි කියන තැන මා ඉන්නවා. මොකද සිංහල චිත්‍රපටයක් මුදා හැරලා සුමාන 2ක්වත් යනතුරු තව සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය නොවිය යුතුයි කියලයි මා කියන්නේ. දැන් එහෙම නෑ. එදාම තව මණ්ඩලයක තව චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා. චිත්‍රපට සංස්ථාවෙන් එයට ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න පුළුවන්. ඔවුන්ට නියෝගයක් දෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති තීන්දුවවත් චිත්‍රපට සංස්ථාව මෙතෙක් ගත්තේ නෑ. හැබැයි අලුත් සභාපතිවරයා ගැන බලාපොරොත්තු තබාගන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාවේ සියලු දෙනා අලුත් සභාපති සුදත් මහදිවුල්වැව මහතාට සහයෝගය දැක්වුවහොත් සංස්ථාව ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් කකුල් මාට්ටු දැම්මොත් සංස්ථාවට ඉදිරි ගමනක් නෑ.
අද වනවිට අපේ සිනමාව වාණිජ චිත්‍රපටවලින් සාර්ථකත්වයට යනවා. අනෙක් පැත්තෙන් අපේ තරුණ සිනමාකරුවන් ජාත්‍යන්තරයට යනවා. ඒ නිසා අපේ සිනමාව කඩා වැටිලා නෑ. අපට තිබෙන්නේ මේ කර්මාන්තය රැක ගැනීමයි. චිත්‍රපට සංස්ථාවට වගකීමක් තිබෙනවා වාණිජමය සිනමාව රැක ගැනීම සහ කලාත්මක සිනමාව රැක ගැනීම. අවුරුදු 78 ක් වූ අපේ සිනමාව දෙස ආපසු හැරිලා බලනකොට අපේ සිනමාව ගැන සතුටුවෙන්න පුළුවන්. එය රැකගත යුතුයි. අලුත් සභාපති ගැන බලාපොරොත්තු තබාගත හැකියි. ඒ නිසා එදා මා කියූ චිත්‍රපට සංස්ථාව වසා දැමිය යුතුයි කියන දේ ගැන අද මා පවසන්නේ නෑ.
අද තිබෙන ක්‍රියාවලිය වෙනස් විය යුතුමයි. සිනමා මණ්ඩල ක්‍රමය, බෙදා හැරීමේ ක්‍රමය, වෙනස් විය යුතුමයි. චිත්‍රපට සංස්ථාව නියාමන මණ්ඩලයක් විය යුතුයි කියන තැන මාත් ඉන්නවා. නැත්නම් හැම ආණ්ඩුවක්ම ඇවිත් කමිටු දාලා, වාර්තා හදලා, සාකච්ඡා කරනවාට වඩා කරපු ඒවායේ නිගමන ක්‍රියාත්මක විය යුතුයි කියලයි මා කියන්නේ. අධ්‍යක්‍ෂවරුන්ට තමන්ගේ අභිමතය පරිදි, තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි කියන තැන මා ඉන්නේ. මීට පෙර ප්‍රසන්න විතානගේ මූලිකත්වයෙන් හැදූ කමිටුවල වාර්තාවල ඇතුළත් නියාමන ක්‍රියාත්මක කළොත් සිංහල සිනමාවට අනාගතයක් තිබෙයි. නව සභාපතිතුමා ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන මා ඉන්නේ.”
(*** සමන්ත යහම්පත්)
පසුගිය මාස කිහිපය තුළ රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට තම ආණ්ඩුව වගකිවයුතු නැතැයි ජාතික ජනබලවේගයේ නායකයන් කරන ප්‍රකාශ සත්‍යය.
මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ
මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.” කල්‍යාණ මිත්‍ර ලක්ෂ්
වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි