IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කාගෙද මේ සිංහ ලේ

   30_SLMA_P14

 

සිංහ ලේ සංවිධානය යනු කුමක්ද? එහි අරමුණ කුමක්ද? ඒ පිළිබඳව සිංහලේ ජාතික බල මණ්ඩලයේ ලේකම් රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමඟ කළ සාකච්ඡාව මෙසේය.

 


● ප්‍රශ්නය - මොකක්ද මේ සිංහලේ කියන්නේ දේශපාලන පක්ෂයක්ද?
● පිළිතුර -
මේ රටේ ඓතිහාසිකව පැවැති නම “සිංහ ලේ” වසර 2500 කට වැඩි ඉතිහාසයක් මේ නමට තියෙනවා. සිංහ - ලේ කියන නම ඔප්පු කළහැකි ලිඛිත මූලාශ්‍ර ගණනාවක් තියෙනවා. 1815 දී මාර්තු 2 උඩරට ගිවිසුමෙන් සිංහ ලේ රට ගැන දහතුන් පොලක සටහන් වෙනවා. බි්‍රතාන්‍යයන් මේ රට යටත් කරගත්තේ සිංහ ලේ නමින්. 1948 නැවත අපට රට බාර දුන්නෙත් සිංහලේ කියන රට වශයෙනි. 1950 න් පසු අවස්ථාවාදීන් හා බලලෝභී දේශපාලකයන් මේ රට ශ්‍රී ලංකාව කළා. එහිදී සිංහලයාට හා සිංහලේ ට තිබූ සියලු අයිතිවාසිකම් වරදාන නැතිවෙලා ගියා. දෙමළ කවීන් පවා සිංහල ද්වීපය කියන එක පාවිච්චි කරලා තියෙනවා.

 

1

 


● ප්‍රශ්නය - මේක කාලෝචිත නමක්ද?
● පිළිතුර -
සිංහලේ කියන නම මේ සමාජයට විශාල ආන්දෝලනයක්, ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. ඒක සමාජ ගත කරන්න බැහැ කියලා කියන්න සුදුසු නැහැ. මේක අහඹුවක් නෙවෙයි. මේක එකවර ඇති වූ රැල්ලක් නෙවෙයි. දේශමාමක, ජාතිමාමක කණ්ඩායම් කාලයක් තිස්සේ දරපු උත්සාහයක් අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක අද විශාල රැල්ලක් වෙලා. සිංහලේ කියන නාමය සමාජ ගත වෙලා කියන එක අප දැන් ඔප්පු කරලා තිබෙනවා. අපට ඉදිරියටත් මීට වඩා සිය දහස් ගුණයකින් ප්‍රවර්ධනය කරන්නත් පුළුවන්. අපි සිංහලේ ජාතික බල මුළුව වශයෙන් විශාල සේවයක් කර තිබෙනවා. දරුවෙක් ඉපදිලා සුජාත බවක් දෙන්න මේ කාලයට අවශ්‍ය දෙයක් වෙලා. අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් හා විවිධ උපක්‍රම මගින් සමාජයේ ඇති වී තිබෙන ආකල්ප, විකෘති කිරීමට ක්‍රියා කර තිබුණා. ඒක දැකලා අපි ඉක්මන් වුණා. සිංහලේ කියන නම් වෙනුවෙන් හා ඒ නම දියාරු කිරීමට ඇති අභියෝග මැඬගන්න අපට පුළුවන් වුණා. මේකෙ කිසිදු දේශපාලනයක් නැහැ. සංවිධානයක් පමණයි. සමාජයේ කුකුසක් තියෙනවා. පසුගිය කාලේ සංවිධාන තොගයක් ඇති වුණා. ඒ හැම එකක්ම අපි දැක්කා. සමහර සංවිධාන අපිත් නියෝජනය කළා. ඒවා මේ පවතින අවස්ථාවාදී, බලලෝභී කල්ලි කණ්ඩායම්වල බළල් අත්. නිදහසෙන් පසු මේ රටේ පහළ වූ කිසිදු දේශපාලන නායකයෝ, සුද්දෝ අපට රට දීලා යන විට ආර්ථිකය, අධ්‍යාපනය ආදි සියල්ල සැබෑ නිදහසක් කරගෙන තිබුණේ නැහැ. අපේ අනන්‍යතාවට දේශපාලනයක් නැහැ. සුළු වර්ගවාදී දේශපාලන කණ්ඩායම්වල සිත් සැනසවීමට බහුතර සිංහල සමාජය නොසලකා, නොතකා කටයුතු කළා. සිංහල හෝ සිංහ ලේ රට ස්ථාපිත කිරීමට නොව ඔවුන් උත්සාහ කළේ ශ්‍රී ලාංකික යන්න සඳහායි.

සිංහලයාට නොදැනෙන්න, උපක්‍රමශීලීව බහුවාර්ගික, බහු සංස්කෘතික බවත් බලහත්කාරයෙන් ඔබ්බවමින් බලෙන් පටවමින් කටයුතු කළා. සිංහල සමාජයට මේ තත්ත්වය අවබෝධ නොකිරීමට තරම් ඔවුන් සූක්ෂම වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලයාට හා සිංහලේට ඇති අභියෝග ප්‍රශ්න ගැටලු තවම විසඳිලා නැහැ. සිංහලයාට අහිමි කළ උරුමය නැවත සිංහලේ නාමයෙන් ලබාදීම මෙහි අරමුණයි. ජනවර්ගවලට අඩම්තේට්ටම් කිරීම නොව අපි, අපේ සිංහලයන් ටික හදා ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. සිංහලේ ජාතික බල මුළුව වශයෙන් අපි ඉෂ්ඨ කරන්නේ ඒකයි. 

 

3

 


● ප්‍රශ්නය - මේක හෙළ උරුමයෙන් කැඩිච්ච කොටසක්ද? 
● පිළිතුර -
එහි කිසිදු සත්‍යයක් හෝ තර්කයක් නැහැ. අපි දශකයක පමණ කාලයක් සිංහලයා වෙනුවෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් කළා. සිංහලයගේ ප්‍රාර්ථනා ඉෂ්ටකර ගන්න වෙහෙසුනා. මේ රටේ පහළ වී සිටින හැම දේශපාලන කණ්ඩායමක්ම සිංහලයට වින කරලා තිබුණා. අදට කෙරෙන්නෙත් ඒකමයි. අපි රෑ වැටුණු වළේ දවල් වැටෙන්න සූදානම් නැහැ. අපි සංවිධානවලට සම්බන්ධ වෙලා ඉඳලා අත්දැකීම් ලබපු අය. අපිට ඉල්ලීම් දිනාගන්න වෙන්නෙ පවතින ආණ්ඩුවලින්. අපි හදාගන්න සංවිධාන නොදැනුවත්වම දේශපාලන කණ්ඩායම් ගිල ගන්න තරම් උපක්‍රමශීලී වුණා. අපි එහෙම මෝඩ නැහැ. පාලකයන්ගෙ බළල් හස්තයක් වෙන්න අපි සූදානම් නැහැ. රාජ්‍ය නොවන සංවිධානවලට කඬේ යන අය අපි මහනුවරදී කළ දෙය ඉතාම නින්දිත ලෙස මඩ ගහලා තිබුණා. අපි එක්ක අහවලා ඉන්නවා, අහවලා ඉන්නවා කියලා තිබුණා. අපි වගකීමෙන් මේ කියන්නේ. මේක දෑහිතකාමී සංඝරත්නයේ හා ගිහි පිරිසකගේ එකමුතුවක්. මේක හෙළ උරුමයෙවත්, දේශපාලන කණ්ඩායමකගෙවත් සම්බන්ධයක් නැහැ. ඒ හැමෝම කළ එකම දේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම මිසක් සිංහලයා වෙනුවෙන් කිසිවක් කරලා නැහැ. ඒ නිසා අපට තරුණ හැඟීම්, තරුණ ජවය, දේශමාමකත්වය පාවා දෙන්නෙ නැහැ. පසුගිය කාලෙ සිදු වූ දේවල් ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. අපි සංවිධානයෙ නාමයෙන් චරිත හදන්නෙ නැහැ. චරිත ඕනෑම වෙලාවක කඩා වැටිය හැකියි. ඇතැම් සංවිධාන චරිත ඉස්මතු කරන්න ගිහිල්ල බිංදුවටම කඩා වැටිලා තියෙනවා. ඒ නිසා අරමුණ දැකිය හැකි අරමුණ වටා රොක්විය හැකි සංවිධානයක් බිහි කිරීමේ කටයුත්තෙහි පමණක්ම නිරතව සිටිනවා. 

 


● ප්‍රශ්නය - සිංහලේ කිව්වම ජාතිවාදී ස්වරූපයක් පෙන්නුම් කරනවා කියල සමහරු කියනවා.
● පිළිතුර -
නැහැ, ජාතිවාදී ප්‍රශ්නය හැමෝම අහනවා. ඒක දීර්ඝව කතා කළයුතු කරුණක්. දෙමළ පුද්ගලයට ඔවුන්ගෙ අනන්‍යතාවයෙන් පෙනී සිටීමට පුළුවන් නම්, මුස්ලිම් පුද්ගලයට ඔවුන්ගෙ අනන්‍යතාවයෙන් මේ රටේ පෙනී සිටීමට පුළුවන් නම්, සිංහලයන් වශයෙන් අපි, අපේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි කවදාවත් මේ රටේ මුස්ලිම්, දෙමළ ජනතාව එළවන්න, ඝාතනය කරන්න, ගහන්න, කොටන්න කියන්නෙ නැහැ. ඒ අයටත් මේ රටේ සියලු වරදාන, වරප්‍රසාද විඳීමට අයිතිය තියෙනවා. දෙමළ බෙදුම්වාදයත්, මුස්ලිම් අන්තවාදයක් මේ තරම් නිදහසේ ජීවත්වන රටක් තියෙනවද? ඉස්ලාම් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දැන් ලෝකය පුරා විසිරිලා. අපිට ජාතිවාදී ලේබලය අලවන එක බොහොම වැරදියි. සිංහලයා වෙනුවෙන් පෙනී සිටීම, සිංහලයා ගැන කතා කිරීම ගැන ජාතිවාදී ලේබල ගහනවා නම් ඒක අනුමත කරන්නෙ නැහැ. අපිට අපි ගැන කතා කරන්න බැරිද දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව සංවිධාන සංවිධාන පිහිටුවා ගන්නව. ඒක ජාතිවාදී නැහැ. සිංහල සංවිධානයක් පිහිටුවා ගත්තම ඒක ජාතිවාදියි කියනවා. මේක බොහොම කැත විග්‍රහයක්. අපිට අපි ගැන කතා කරන්න බැරි නම්, වෙන ජාතියක් අපි ගැන කතාකරාවිද? අපේ දේශපාලනඥයො තමන්ගෙ වාසියට ජාතිවාදයක් ගැන කතා කරනවා ඒ අයට ජාතියක් නැද්ද?

 

9

 

 


● ප්‍රශ්නය - එහෙමනම් සිංහ ලේ කියන්නෙ බොදු බල සේනා සංවිධානයෙම ශාඛාවක්ද?
● පිළිතුර -
නැහැ. කිසිසේත්ම නැහැ. අපි අපේ වර්ගයා වෙනුවෙන් පෙනී සිටීම හැර වෙන දෙයක් නැහැ. අපි ඔය සංවිධානවල අඩුපාඩු දැක්කා. ඒවා එකක්වත් සාර්ථක වුනෙත් නැහැ. අපි එහෙම දේවල් දැක දැක ඔවුන්ට සහාය දැක්වීමෙන් වන්නේ අපිට හතුරු පිරිසක් ඉන්නව නම් ඔවුන් ශක්තිමත්වීම පමණයි. අපේ සැලසුම් රාශියක් තියෙනවා. ඒවා දැන්ම ප්‍රකාශ කිරීම සුදුසු නැහැ.

 


ී● ප්‍රශ්නය - ඔය කියන අදහස් ඉටු කර ගැනීමට කිසියම් බලවේගයක් සිටිය යුතුයි නේද?
● පිළිතුර -
ගම්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය මට්ටමින් රට ගැන කැක්කුමක් තියෙන විශාල ජාලයක් අවශ්‍යයි. අපි සෝඩා බෝතල් වගේ කටයුතු කරලා තියෙන්නෙ. යම් යම් සිද්ධි මත පමණක් බොහොම අවස්ථාවල පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව ශක්තිමත් ජාලයක් තිබිලා නැහැ. ඉන්දියාව, බුරුමය වගේ රටවල ශක්තිමත් සංවිධාන තියෙනවා. එවැනි ශක්තියක් මෙහේ තිබුණේ නැහැ. අපි අඩුපාඩු දැකලා අත්විඳල තියෙනවා. ඒ නිසා විශාල බලපෑම් කණ්ඩායමක් වූ පසු ගමට බැහැලා ප්‍රතිසංවිධාන කිරීමේ විශාල අභියෝගයක් අපට තියෙනවා.

 


● ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ සොහොයුරා බැසිල් රාජපක්ෂ මහතාගේ බලපෑම සිංහලේ සංවිධානයට තියනවලු?
● පිළිතුර -
ඒක අසත්‍යයක්, බැහැර කරනවා, ඇතැම් කණ්ඩායම් අපේ ව්‍යාපාරය දුබල කිරීමේ උත්සාහයක් වශයෙන් ඔය වගේ කතා කියනවා. අපේ රටේ දේශපාලන කණ්ඩායම් පිළිබඳව විග්‍රහයක් තියෙනවා. රජය ඇතුළේ සංවිධාන හදාගෙන අරගල කරන අවස්ථා තිබුණා. ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. සමහර ඉල්ලීම් ලබාගැනීමට අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙල අපි අනුගමනය කළා. බෝවත්තේ ඉන්දරතන හාමුදුරුවෝ දළදා මාලිගාව අසලදී ගිනි තියාගෙන ජීවිතය පූජා කළා. ගව ඝාතනය නතර කිරීම, අන්‍යාගම් පනත ආදී වශයෙන් ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඒවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ඒ ඉල්ලීම් ගණන් ගත්තේ නැහැ. ගව ඝාතනය නතර කරන්න උන්වහන්සේ ජීවිතය පූජා කිරීම වෙනුවෙන් අපි කළහැකි හැම දේම කළා. සාකච්ඡා තිබ්බා, උපවාස කළා, ලිපි ලිව්වා, කතරගම ඉඳලා කොළඹට ආවා, මහනුවර සිට කොළඹට ආවා, පිටකොටුවේදී උපවාස කළා. පෞද්ගලිකව හාමුදුරුවරු තුන් නමක් මාරාන්තික උපවාසයකට වාඩි වුණා. මේ සියල්ල ඇතුළත අපිව රැවටීමට ලක් කළා විතරයි. පළාත් සභා ඡන්දය, හලාල් ප්‍රශ්නය, ආදියට අපි නොබියව පාරට බැස්සා, මහා සංඝයාට උජුපටිපන්න ගුණය තියෙනවා. වැරදි දේ වැරදි විදියටත්. නිවැරදි දේ නිවැරදි විදියටත් දකින්න පුළුවන්කම තියෙනවා. මහින්ද රාජපක්ෂගෙ කාලෙ කිසිම දෙයක් ඉල්ලුවට උත්තර දුන්නේ නෑ. කළේ නැහැ. ඔහු පිළිබඳ දැඩි විවේචනයක් තියෙනවා. ඔහු පැරදුණේ මේ ජාතිමාමක ව්‍යාපාරවලට ඇහුම්කන් නොදීමයි. ඔහු පැරදුණේ ඔය නිසයි. ඒ වගේ අයගේ බළල් අතක් වෙන්න අපට අවශ්‍ය නැහැ.

 


● ප්‍රශ්නය - මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයගෙ ක්‍රියාකලාපය අනුමත කරනවද?
● පිළිතුර -
හොඳ දේ හොඳටත්, වැරදි දේටත් වැරදියි කියලා අපිට පෙන්වන්න පුළුවන්. එතුමා සෘජුවම ගව ඝාතනයට විරුද්ධ බව කියලා තියෙනවා. ගිය රජයෙන් ඒකවත් කිව්වේ නැහැ.

 


● ප්‍රශ්නය - මේ මොහොතේ රටේ පවතින බරපතළ ප්‍රශ්නය ලෙස දකින්නේ කුමක්ද?
● පිළිතුර -
ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. අපි බොරුවට ඒක වැරදියි කියලා කෑගහන්නෙ නැහැ. හේතුව අපි තවම කෙටුම්පතක් දැකලා නැහැනේ. බේසමේ කිඹුල්ලු දකින තරම් අපි කුහක නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන ගමන් එකපාරට භික්ෂූන් වහන්සේ පිළිබඳ පනතක් ගෙන ඇවිත් තියෙනවා. හැබැයි ඒ පනතේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ජාතිමාමක භික්ෂුන්වහන්සේ නිහඬ කරවීමට, කට වහලා තියන්න නීතියෙන් බැඳල තියන්න, කරන උත්සාහයක්. නංගි පෙන්නලා අක්ක දෙන්නයි හඳන්නේ. ව්‍යවස්ථාව යටගහල භික්ෂු පනතක් ගෙනාවා. භික්ෂූන් වහන්සේ මුර දේවතාවො හැටියට රටට ප්‍රශ්නයක් වන විට ඉදිරියට එන පිරිසක්. බුදු දහමට ඇති ස්ථානය හා රටේ ඒකීයබව පිළිබඳව ප්‍රශ්න ඇති වී තිබෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේ පළමුව නිහඬ කරවලා. දෙවැනුව ව්‍යවස්ථාව ගෙන එන්නයි මේ සූදානම. 

 


● ප්‍රශ්නය - ඔය සංවිධානයට ආර්ථික හයියක් කොහෙන්ද?
● පිළිතුර -
මහනුවර උත්සවයට වාහන 300 ක් විතර ආවා. අපි රුපියලක් එකතු කළේ නැහැ. තවම මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉදිරිපත්වන තරුණ පිරිසක් ඉන්නවා. හැඟීමෙන් වැඩ කරන පිරිස් තවම ඉන්නවා. ජාතිමාමක, දේශමාමක, ඇති හැකි පිරිස් ඉන්නවා. මේ වැඩවලට තවත් උදව් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.

 


● ප්‍රශ්නය - සිංහ ලේ කියන වචනය ලේ යන්න රතු පැහැයෙන් ලියන එකේ අර්ථය කුමක්ද?
● පිළිතුර -
අපි අධිෂ්ඨාන පූජාවට බැනර් ගැහුවා. යම් කෙනෙක් පීඩනයට පත් වන ආකාරයට අපි කටයුතු කරන්නේ නැහැ. ඒක සමහරු හිතූමතේට කර ගන්නා වැඩක්. සමහරු ලේ කියන අකුර එකටත් ලියනව, වෙනමත් ලියනවා. විග්‍රහ රාශියක් තියෙනවා. ලේ කියන අකුර වෙන් කළාම, ළය කියන වචනය ගන්න පුළුවන්. සිංහ ලය කියන්නෙ එඩිතර හදවතක් කියන එක. සමහරු ඒක රුධිරය කියන අදහස දෙන්න යනවා ඇති. මේක සිංහ ලේ කියන වචනයයි.

 


● ප්‍රශ්නය - මහනුවර යද්දී පිළිගත් ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් රැගෙන ගියේ ඇයි? මේක ජාතික කොඩිය විකෘති කිරීමක් නේද?
● පිළිතුර -
මේක ගොඩක් අය පටලවා ගෙන තිබෙන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත කොඩිය තීරු සහිතව ඇති ජාතික කොඩිය. ඒකෙ ගැටලුවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් අපි ඒ කොඩියට නීතියෙන් බැඳිලා ඉන්නවා. අපි භාවිත කළේ “සිංහලේ” කොඩිය. ඒක 1815 දී වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සුද්දගෙ කොඩිය බිමට දාලා පාවිච්චි කළ එක. අපිට නිදහස ලැබෙන විට පාවිච්චි කළෙත් ඒ කොඩිය. පනස් ගණන්වල ජාතික කොඩිය වෙනස්වනතුරුම පාවිච්චි කළ කොඩිය. ඉතින් අපේ විග්‍රහය දැනට තිබෙන කොඩිය “සිංහලේ” කොඩියට භාවිත කළයුතු නැහැ. ගොඩක් අය වරද්දගෙන තියෙන්නෙ. අප අරගෙන ගියේ “සිංහ ලේ” කොඩිය. ජාතික කොඩිය නෙවෙයි. අපිට ජාතිවාදී ලේබලය අලවනවා. ඒ වුණාට ජාතිවාදී ලේබලය නිදහසින් පසු අපේ පාලකයො ලබා ගත් දෙයක්. සුළු ජනතාව මේ වර්තමාන ජාතික කොඩිය ඇතුළේ කොන් කරල තියෙන්නෙ. සුළු ජන වර්ගවලට පටි දෙකක් දීල ඔවුන් කොන්කරලා තියෙනවා. සිංහයා කඩුව අමෝරාගෙන උඹල අපට යටත් වෙලා ඉන්න ඕන කියන අදහස පෙන්නුම් කරනවා. හැමෝම එක කොඩියක් යටතට එමු කියලයි අපි කියන්නෙ. ලෝකෙ කොහේවත් මේ වගේ කොඩියක් නැහැ. බෙදුම්වාදයට වර්ගවාදයට විරුද්ධ නම්. ඔය කියන ජාතිවාදයට විරුද්ධ නම් ඔය තැනින් පටන් ගමු.

 


● ප්‍රශ්නය - මේ පවතින ජාතික කොඩියට වඩා “සිංහ ලේ” කොඩිය උචිතයි කියලද කියන්නෙ?
● පිළිතුර -
සුළු ජනතාව කොන් කිරීම සුදුසු නැහැ. එක කොඩියක් යටතට තියන තේමාවෙන් වෙනස් වෙනව නම් සුදුසුයි. මුස්ලිම් පල්ලිවල පකිස්ථාන කොඩිය දැමීමේ පදනම මොකක්ද? උතුරේ එල්.ටී.ටී.ඊ කොඩිය එල්ලුවා. කොඩි විවිධ පුද්ගලයන් භාවිත කරනවා. සිංහලේ කොඩියට මූලාශ්‍ර තිබෙනවා. අපි පාවිච්චි කළේ සිංහලේ කොඩිය. ජාතිවාදය ගැන කතා කරන අය, මේ ජාතික කොඩියෙන්ම සුළු ජනතාව හෑල්ලු කරපු එක පේන්නෙ නැහැ. මේ රටේ ඉන්න සුළු පක්ෂවල දේශපාලන නායකයොත් මේක දැනගන්න ඕන.

 


● ප්‍රශ්නය - දේශප්‍රේමීන් සංවිධානය කිරීමේ මුවාවෙන් රජයේ ආශිර්වාදයෙන් සමහරු දේශප්‍රේමී සංවිධාන පිහිටුවනවා. ඒ සංවිධාන ආවඩන්ගේ රජයට නමුත් පෙනී සිටින්නේ දේශප්‍රේමීන් ලෙසට. දේශප්‍රේමීන් මර්දනය කර ගැනීමට එවැනි සංවිධාන යොදා ගන්නවා “සිංහලේත්” එවැනි රජයට යටින් සහය දෙන සංවිධානයක්ද? 
● පිළිතුර -
මේ සමාජයෙ තියෙන ප්‍රශ්නයක්. මේ සංවිධානය පිටිපස්සෙ මහින්ද ඉන්නවලු, ගෝඨාභය ඉන්නවලු. රාජිත කිව්වා අපට ලක්ෂ 2 ක් දුන්නලු. ඒ ප්‍රකාශය ඔප්පු කළොත් මේ සංවිධානය විසුරුවනවා කියලා අපි අභියෝග කළා. තවත් අය කියනවා සිරිකොතට සම්බන්ධයිලු. රතන හාමුදුරුවන්ට සම්බන්ධයිලු. සජිත් ප්‍රේමදාස අපට බැනල තියෙනවා. රජය අපට “බැක්” කරනව නම් සජිත් බණින්නේ ඇයි? ඩිලාන් බණින්නෙ ඇයි? විජේදාස රාජපක්ෂ බණින්නෙ ඇයි? ජනාධිපතිතුමා කියලා තියෙනවා ගණන් ගන්න ඕන නැහැ කියලා. ඒක එක පැත්තකින් සිංහලය ගණන් ගන්න එපා කියන එකද දන්නෙ නැහැ. පොදු සමාජයෙ බුද්ධිමතුන්ට මේ චෝදනාව තෝරා බේරා ගන්න පුළුවන්. අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඉන්නවලු. අපි පැහැදිලිවම කියන්නෙ වෙනත් ජාතීන් තලාපෙලන්න නෙවෙයි. අපි අපේ මිනිස්සුන්ගෙ අඩුපාඩු හදා ගන්න අවශ්‍යයි. අපිට ඒ වෙනුවෙන් ගම් මට්ටමින්, බිම් මට්ටමින් කළ හැකි දේවල් කරනවා. මේ වැඩ සටහන දියාරු කරන්න ජාතිවාදී ලේබලය හරි දේශපාලන ලේබලය අලවලා මර්දනය කරන්න හදන්නෙ. ඒ පාපකර්මයට ඒ මල් වට්ටියට අත ගහන්න එපා කියලයි අපි ඉල්ලන්නෙ.

 


● ප්‍රශ්නය - හිටපු ජනපති මහින්දගෙ කාලෙ බොදු බල සේනා සංවිධානයට රජය යටින් උඩගෙඩි දුන් බවත් ඒ සංවිධානයෙ කටයුතු හමුවෙ රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් සමහරු කීවා. ඔබවහන්සෙලගෙ සංවිධානයටත් මේ රජය නිහඬව සහාය දෙන බවත් පෙන්නුම් කරනවාලු. 
● පිළිතුර -
රජය හිරිහැරයක් කරන්නෙ නැහැ කියන්නෙ අපි එහෙම දෙයක් කරලා නැහැ. භික්ෂූන් වහන්සේලා හැටියට අපි රටේ නීතියට ගරු කරන්න ඕනෑ. අපි නීතියට පිටින් දේවල් කරලා නැහැ. ඒ ප්‍රශ්නය අහපු එකත් වැරදියි. අපිට ඒ වගේ චෝදනා නැහැ. විවේචනය කරන එක හැමෝම කරන දෙයක්. අපිට දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කරන්න. බොරුවට චෝදනා කරන්න එපා. කටට ආ පලියට කියන්න එපා. එහෙම ඔප්පු කළොත් මේ සංවිධානය විසුරුවනවා. අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. අපි ස්වාධීන ගමනක් යන්නෙ. මේ රටේ සිංහලයට වින කළේ මේ දේශපාලනඥයො. අපි ඒක අත්දැකීමෙන් විඳලා තියෙන්නේ. රෑ වැටිච්ච වළේ දවල්ට වැටෙන්න අපි සූදානම් නැහැ. අපි යන්නේ ස්වාධීන ගමනක්.

 


● ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වරයා “සිංහ ලේ” සංවිධානය මෙහෙයවනවා කියලා කතාවක් තියෙනවා?
● පිළිතුර -
සමහර අයට ඔහොම ආසාවල් ඇති. අපිට නම් කිසිම දේශපාලනයක් වත්, කිසිවකුගෙ මෙහෙයවීමක්වත් නැහැ. අපිට තියෙන්නෙ සිංහල හදා ගන්න එක විතරයි.

m



අදහස් (0)

කාගෙද මේ සිංහ ලේ

සාගර Wednesday, 03 February 2016 12:44 PM

මේ වගේ සංවිධාන බිහිවෙන්නේ ඇයි.(හේ)

:       0       0

ඩී.උපුල් Saturday, 06 February 2016 12:04 PM

සිංහලේ නම් බොහොම හොඳයි (හේ)

:       0       0

සුකිරි Sunday, 07 February 2016 03:25 AM

රටක විරැකියාව අවදි වෙද්දී මානසික ආතතිය අවපිඩනේ වගේ දේවල් ඉහල යනවා. ඉතින් මිනිස්සු නරක වැඩට පෙළඹෙනවා.හංදි ගානේ කාලේ කකා ඉන්න කොල්ලෝ එක්කෝ කුඩු ගහනවා.හොරකන් කරනවා නොයෙක් නීතිවිරෝදී වැඩ කරනවා...89 දී නම් විප්ලව කර... දැන් දැන් අලුත්ම රැල්ල ජාතිවාදේ පැතිරවීම.(කෞ)

:       0       0

ජනක Thursday, 04 February 2016 03:47 AM

සිංහලේ කියන එක සිව් හෙළේ කියලත්, අර්ථ දක්වනවා. කොහොම වුනත් මේ රටේ නියම නම සිංහලේ. ඒක කියන්න අපහසු යුරෝපියාවේ මිනිස්සු සිලෝන්/ සෙලාන් කියලා කිව්වා, අවාසනාවට නිදහස ලැබුණහම අපේ අය ශ්‍රී ලංකාව කියලා කිව්වා. මේ රටේ ජාතින් වෙනවෙනම් වෙන වෙන නම්වලින් හඳුන් වන්න පටන් ගත්තා. සිංහල දෙමල මුස්ලිම් වසයෙන් . නමුත් ජර්මන් ඉන්න අය ජර්මන් ප්‍රංශ ඉන්න අය ප්‍රංශ . එහෙම නම් සිංහලේ ඉන්න අය සිංහලයෝ වෙන්න තිබුණා, එහෙම යුනා නම් ඒක ජාතියක් විවිධ ආගම් සහිතව සතුටින් ඉන්න තිබුණා කියලා මට හිතෙනවා.(හේ)

:       0       0

චතුර Tuesday, 02 February 2016 05:04 PM

සමන්, සිංහ ලේ කියන්නේ සිංහලයාගේ ලේ කියන එක. ඔයා සිංහලයෙක් නෙමෙයිද? ඒක තේරුම් ගන්න බැරිද? (නි)

:       0       0

කිත්සිරි Friday, 05 February 2016 11:40 PM

හොඳ විග්‍රහයක් (නි)

:       0       0

ටානියා Friday, 05 February 2016 11:40 PM

ඔන්න අහමඩ් ඔයාට අවශ්‍ය උත්තර දී තිබෙනවා (නි)

:       0       0

රොහාන් Monday, 08 February 2016 06:11 PM

සමන්,ඔයාගේ ඇඟේ දුවන්නේ කොළ පාට ලේද කියලා අපිට සැකයක් තියෙනවා දැන්. ඉෂාම්, එතකොට මාතලේ එල්ලුවේ මොන රටේ කොඩිද කියලා ඔයාගේ බුද්ධියෙන් අපිට පැහැදිලි කරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඉෂාම් Monday, 08 February 2016 12:08 PM

මුස්ලිම් පල්ලිවල කොළ පාට කොඩියක් දැම්මම එය පාකිස්තාන් කොඩිය කියල ඔබ වහන්සේ තේරුම් අරන් තියන එක ඔබ වහන්සේගේ බුද්ධියේ ප්‍රශ්නයක්. මුස්ලිම් පල්ලිවල ලෙල දෙන කොඩිවලයි පකිස්තාන් කොඩියෙයි වෙනසක් ඔබ වහන්සේ නොදුටුවේද. (බ)

:       0       0

අනුපම Tuesday, 09 February 2016 08:11 PM

නැවත රටේ අනවශ්‍ය ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)

:       0       0

හිරා Tuesday, 02 February 2016 04:37 AM

අඩ නින්දේ පසු වෙන ජාතිය අවදිකරමු. (ර)

:       0       0

රොෂාන් Friday, 05 February 2016 03:00 PM

අපේ කම කියල දෙයක් නැති , සමන් වගේ අයට තියෙන්නේ කලු සුද්දන්ගේ ලේ. (කෞ)

:       0       0

අමිල සිංග Wednesday, 03 February 2016 06:29 AM

මොනවද මේ චතුර සමන් කියවන්නේ.? (ර)

:       0       0

අතුල Friday, 05 February 2016 10:06 AM

අහමඩ්, පකිස්තාන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟයේදි ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකීය කියා ගන්නා මුස්ලිම් කට්ටිය පකිස්තාන් කොඩිය වන වනා හුරේ දානවා මම ඕනෑතරම් දැකලා තියෙනවා. එතකොට ජාතික කොඩිය කොහෙද දන්නේ නැහැ! (නි)

:       0       0

රුමින්ද Thursday, 04 February 2016 06:42 AM

සුළු ජාතින් හැමදෙනෙක්ම , තමන්ගේ උවමනා සපල කරගන්න නොයක් ආකාරයේ ,ඔවුන්ගේ ආගමික සංවිධාන හදාගෙන අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා. අපි විතරක් සිංහල සංවිධානයක් ,හදාගෙන කටයුතු කරකොට බාධා කරන්න සුදුසුද?. සහෝදරවරුනි , අපි එකට එකතුව පෙරටම යමු (බ)

:       0       0

රණප්‍රිය අබේසිංහ Wednesday, 10 February 2016 01:08 PM

අපිට හැමවෙලේම අසන්න ලැබෙන්නේ වැඩියෙන්ම සුළුතරයේ අයිතිවාසිකම් ගැන. නමුත් බහුතරයේ අයිතිවාසිකම් ගැන කිසිවක් අහන්න නෑ. ඒක කළත් කිසිවකු ඒ ගැන කථා කරන්නේ නෑ (බ)

:       0       0

අහමද් Tuesday, 02 February 2016 01:40 PM

මුස්ලිම් පල්ලිවල පකිස්තාන කොඩිය එල්ලලා නැහැ. පකිස්ථාන කොඩියටයි පල්ලිවල එල්ලන කොඩියටයි වෙනස්කම් තිබෙනවා. (බ)

:       0       0

චන්න Thursday, 11 February 2016 02:39 AM

සිංහලේ අපිට හොඳයි. (නි)

:       0       0

ඩබ්ලිව්. ගයාන් Wednesday, 10 February 2016 01:47 PM

ඇත්තටම මේ පිළිබඳව සමාජය තමා හරියට දැනුවත් වෙලා නෑ අපේ හාමුදුරුවනේ. අපිට සම්බන්ධ වෙන්න විදියක් කියනවනම් තවත් හොඳයි (බ)

:       0       0

සමන් Tuesday, 02 February 2016 02:07 PM

ඇත්තටම ඔය කියන්නේ සිංහ ලේ වලින් හැදුන මිනිස් කොට්ඨාශයක් ද ? මට නම් හි‍තෙන්නේ මේ අයට යම් වැරදීමක් වෙලා. සිංහ ලේ මිනිස් ලේවලට ගැලපෙන්නේ නැහැ. සිංහයා කරන දේත් ගැලපෙන්නේ නැහැ. සිංහල ජාතිය සිංහල භාෂාව නිසා ගොඩනැගුනක් වේ. එය කාටත් සාධාරණිකරණයක් කළ හැකියි. සත්ව ගතියකුත් එහි නැත. (බ)

:       0       0

ජනක Sunday, 07 February 2016 11:25 AM

සමහර අයට ඒ ගොල්ලන්ගේ අම්මල උගන්වල තියන්නේ සුද්දගේ ඉතිහාසය විතරයි (බ)

:       0       1

විපුල Thursday, 04 February 2016 08:59 AM

මේ දේ නිසා වෙන්නේ ජාති වාදය ඇවිස්සෙන එකයි.(හේ)

:       0       0

රත්නායක Wednesday, 10 February 2016 03:17 AM

නිදා සිටින ජාතිය අවදි කරන්නට එක්වෙමු.(ම)

:       1       1

බමුණු ආරච්චි Thursday, 04 February 2016 05:14 PM

චතුර, ඒගොල්ලන්ට උත්තරදීමත් අපිට පාඩුවක්. (නි)

:       0       0

ගයාන් ප්‍රසන්න Thursday, 11 February 2016 03:21 PM

අපි ලැස්ති අපෙ හමුදුරුවනෙ අපෙ රට ජාතිය වෙනුවෙන් කැපයි මමත් සිංහ ලේ මම කැමති දැනගන්න ඉදිරිය ..තෙරැවන් සරණයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3215 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site