IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොටකෙතන ඝාතන රහස් හෙළිකරන්න මටත් අවස්ථාවක් දෙන්න

SLTK_2.qxd

13-Page-02-S2-1P

SLTK_2.qxd

 

මුළු රටම කැළඹ වූ කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන රැල්ලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකු සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව කොටකෙතන ගිනිදලූ යළි නැග එමින් පවතින ආකාරයක් දැකගත හැකිය. එම අධිකරණ තීන්දුවට එරෙහිව මේ වනවිටත් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොණුකර තිබීමෙන් මෙම සිදුවීම තවතවත් දුරදිග යන ආකාරයක් ද පෙනෙන්නට තිබේ. ඒ අනුව පෙනී යන්නේ කොටකෙතන මෙම ඝාතන සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූවක් ඉතිරිව තිබෙන බවය.

 


මෙම සියලූ ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් රටට හෙළි නොවූ කරුණු රැුසක් තමන් සතුව ඇති බැවින් එම කරුණු නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස මේ වන විට රිමාන්ඞ් සිර භාරයෙහි පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලියන ලද දීර්ඝ ලිපියක් ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය මාර්ගයෙන් ‘ඉරිදා ලංකාදීප’යට එවා ඇත. එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව අප මෙසේ පළකරමු.


‘‘2008.07.21 වන දින උඩ කොටස  ඕපාතවත්ත අංක 9 ලැයිමේ පදිංචිව සිටි සෙල්ලයියා මාරියා යන අයගෙන් පටන්ගත් කහවත්ත කොටකෙතන ඝාතන රැුල්ල අවසන් වූයේ කාන්තාවන්ම 17ක් ඝාතනය වීමෙන් පසුවය.


මෙම කාත්නා ඝාතනවලින් 2008.11.19 වන දින සිදුවූ උඩතම්මිටගේ ආරියවතී (52) ඝාතනය සම්බන්ධයෙන් 2008.11.26 වන දින බෝපිටියාගම ඇතිගේ ගාමිණී වික‍්‍රමසිංහ, උක්වත්තගේ අභය පි‍්‍රයන්ත, මාකඳුර බඩල්ලගේ ලලිත් ප‍්‍රියන්ත, කපුගේ විජිත් ශි‍්‍රයානන්ද යන අය සැකපිට අත්අඩංගුවට ගත්ත ද එම අපරාධ ස්ථානයේ සැකකරුවන් හඳුනාගැනීමට කොතෙකුත් සාක්‍ෂි තිබුණ ද ඒවා හඳුනාගැනීමට උනන්දු නොවීම නිසා එම සැකකරුවන් 2010.02.26 වන දින නිදහස් වූහ.


මොවුන් එසේ නිදහස් වී පැමිණි පසු 2010.10.24 වන දින ශාන්තිපුර කොටකෙතන පදිංචි වයස අවුරුදු 48ක් වූ දේශබඩල්ගේ බේබිනෝනා ඝාතනයට ලක්වූවාය. එතැන් සිට පිළිවෙළින් 2012.10.31 වන දින දක්වා බෝඹුවල දේවගේ චන්ද්‍රාවතී තෙක් කාන්තාවන් එකොළොස් දෙනෙකු ඝාතනයට ලක්වූහ.
මෙම කුරිරු ඝාතන රැුල්ල ඇතිවීමට පෙර මෙම කොටකෙතන ප‍්‍රදේශය ඉතාම සාමකාමී ජන කොට්ඨාසයක් ජීවත් වූ අතර ඔවුන් තමන්ගේ ශ‍්‍රමයෙන් ජීවත් වූ අය වෙති. මේ ගමේ අය නිරුවත්ව යම් යම් ස්ථානවල දිය නාන බවත්, මෙ ගම ජීවත් වූ අය ඉතා කුරිරු ජන කොට්ඨාසයක් වූ බවත් එකල යම් යම් මාධ්‍යවලින් හුවා දැක්වීය.


නමුත් කොටකෙතන පරීක්‍ෂණ බාරගත් මා කහවත්තට ගොස් මෙම ඝාතන සම්බන්ධයෙන් මාස හයකට අධික කාලයක් විමර්ශනවල යෙදී සිටි අතර, එහිදී කිසිම අවස්ථාවක එවැනි ආකාරයේ සිදුවීම් ගැන මා හට දැන ගැනීමට ලැබුණේ නැත. මේ ගම්වැසියන් ඉතාම අහිංසක පිරිසක් බවට මා ඒ වනවිට හඳුනාගෙන සිටියෙමි.


මෙම ඝාතන රැල්ලේ අංක 3 සිට අංක 6 දක්වා වූ ඝාතන සිදුවන තෙක්ම කහවත්ත පොලිසිය මෙම අපරාධ ගැන නිසි විමර්ශනයක් සිදු කිරීමට උනන්දු නොවූ බව මා වගකීමෙන් ප‍්‍රකාශ කරමි. ඒ අනුව හයවැනි ඝාතනයෙන් පසුව කහවත්ත ජනතාව උද්ඝෝෂණයකට යොමු වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම කොළඹින් යැවීමට සිදුවිය. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි අංශය එම විමර්ශන කණ්ඩායම් වූහ.


මෙම විමර්ශනවල ප‍්‍රතිඵලය වූයේ 2008.07.21 වන දින සිදුවූ කොටකෙතන පළමු ඝාතනයට ද ඉන්පසුව 2010.06.24 වන දින සහ 2012.12.21 වන දින සිදුවූ ඝාතන සඳහා ද සැකපිට අංක 2 උඩකොටසේ  ඕපාතවත්තේ පදිංචි වික‍්‍රම ආරච්චිගේ ධනපාල යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමය.


ධනපාල නමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අලූත් කතා පුවතක් නිර්මාණය වූ අතර එය එකල ජනමාධ්‍යයේ පවා ඉතා ඉහළින් පළ කරන ලදී. එය නම් තම මිත්තනිය සමග කුඩා කල සිට හැදී වැඩුණු මෙම ධනපාල නමැත්තා තම මිත්තණිය සමග ලිංගිකව හැසිරුණු බවය. පසුව ඒ නිසාම ඔහු තම මිත්තණිය ඝාතනය කිරීමට පෙළැඹුණු බවත්ය. මෙය ඉතා අසත්‍ය කතාවකි. මෙම සැකකරු මේ කිසිවකට සම්බන්ධ නැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.


ඉන්පසුව 5 සහ 6 වැනි ඝාතනයන් සඳහා  ඕපාතලාගේ ධනංජය මධුරංග සහ රණසිංහ ආරච්චිලාගේ චිත‍්‍රානන්ද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනලදී මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ද එකම ආකාරයටම කාන්තා ඝාතන නැවත නැවත සිදුවන්නට විය. මෙවැනි ඝාතනයක් සිදුවූ වහාම එහි පරීක්ෂණ සඳහා ගිය නිලධාරීන් කවුරුන් හෝ සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධය විසª බවට ජනමාධ්‍යය ප‍්‍රකාශකොට එම සැකකරුවන් ආපසු එවා තිබුණි.


මේ කරුණුවලට අනුව පසුගියදා කොළඹ මහාධිකරණ අංක 1 මගින් ලබාදුන් තීන්දුව ඉතාම නිවැරදි තීන්දුවක් බව මම ප‍්‍රකාශ කරමි. නමුත් ඒ සම්බන්ධයෙන් කහවත්ත ජනතාව දැනුම්වත් නොවී සිටීම පිළිබඳව මා කනගාටුවෙමි. වරදකරුවන් දහසක් නිදහස් වුවද එක් නිවැරදිකරුවකු වැරදිකරුවකු වීමේ අධිකරණ සම්මතය අනුව ක‍්‍රියාකරමින් එම සැකකරුවන්ව නිදහස් කිරීම ඉතා අගනේය.


මෙම ඝාතන රැුල්ලේ සියලූම විමර්ශන 2012.11.13 වැනි දින මා බාරගත් අතර එම විමර්ශනයන් සම්බන්ධව මා විසින් ප‍්‍රකාශ කර ඇති පරිදි එකම කණ්ඩායමක් විසින් සිදුකළ අපරාධ බවට මා තවදුරටත් ප‍්‍රකාශ කරමි.


මෙම ඝාතන රැල්ලට කහවත්ත පොලිස් ස්ථානය නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුය. එයට හේතු ඇත. මා කහවත්තේ සිටි සමයේ දී දැන ගන්නට ලැබුණේ එහි සිටි එක් ස්ථානාධිපතිවරයෙක් රාත‍්‍රියට නිදාගන්නේ එක් අතක් නිල නිවසේ ජනේලයෙන් එළියට දමාගෙන බවය.


කොටකෙතන කාන්තා ඝාතනවලට වගකිව  යුතු බවට මා විසින් හඳුනාගෙන සිටි අයකු (නම සඳහන් වේ), ඔහු විකුණන මාළු ඉතිරිවුවහොත් ඒවා කහවත්ත පොලිසියට දී එම දිනවල දී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙන කසිප්පු පොලිසියෙන් ලබාගෙන ඒවා ගමට ගෙනගොස් විකුණන බව ද අනාවරණය විය. මේ නිසාම මොවුන් හා සම්බන්ධ වූ කිසිදු අපරාධයක් විමර්ශනය කිරීමට කහවත්ත පොලිසිය ඉදිරිපත් නොවූ අතර, එනිසාම ගම්වල ඔවුන්ට යම් බලයක් හිමිවූ බව ද මා හෙළිකරගන්නා ලදී.


එසේම සහකාර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරි යන අය ද මේ ගම්වල දේශපාලන බල අධිකාරියක් ගොඩනගාගෙන සිටි අතර ඔහු සම්බන්ධයෙන් ද නීතිය ක‍්‍රියාත්මක කිරීමට කහවත්ත පොලිසිය උත්සාහකර නැති බව ද පෙනී යයි. ධර්මසිරි ද පසුව කාවින්ද්‍යා හා ඇයගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන ලදී.


එම නිදහස් කිරීමට විරුද්ධව විශාල ජන විරෝධයක් ද පසුව ගොඩ නැගුණි. නමුත් මාගේ විමර්ශනවලදී හෙළිවූයේ ධර්මසිරි නමැත්තා මෙම ඝාතන සඳහා වගකිවයුතු නැති බවය.


මුලින් අනාවරණය වූ පරිදි, මාධ්‍යයෙන් ප‍්‍රචාරය වූ පරිදි කිසිදිනෙක කහවත්තේ කුඩු ව්‍යාපාරයක් තිබුණේ නැත. ධර්මසිරි කොළඹ සිට කහවත්ත කොටකෙතනට කුඩු ගෙන ආවේ නම් එතැන් සිට ආපසු ඒවා රත්නපුරයට ගෙන යාමට තවත් කිසිවකු අවශ්‍ය වෙනවාද? යන්න සැකසහිතය. ඔහු එම අවස්ථාව වන විට විශාල දේශපාලන බලයක් ගොඩනගාගෙන සිටියේය.


අවසාන වශයෙන් මෑතක දී ඝාතනයට ලක්වූ පේ‍්‍රමාවතීගේ පුරුෂයා කපුගේ විජිත ශ‍්‍රියානන්දය. ඔහු 2008.11.19 වන දින ඝාතනයට ලක්වූ උඩ කම්මලේ ආරියවතීගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙකි. ඔහු සමග මාකඳුර බඩල්ලගේ ලලිත් ප‍්‍රියන්ත ද බන්ධනාගාරගතව සිටියේය. පේ‍්‍රමාවතීගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ඇයගේ පුතා සැකපිට අත්අඩංගුවට ගෙන  රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියි. සත්‍ය වශයෙන්ම පුතා මෙම ඝාතනයට සම්බන්ධදැයි සොයා බැලිය යුතුය. මිනීමරුවන් නිදැල්ලේ සිටිය හැකිය. එබැවින් මෙම ඝාතනය මරණකාරියගේ පුතා පිටම පටවා ඒ සම්බන්ධව තවදුරටත් සොයා නොබලන්නේ නම් එම කරුණම තවත් ඝාතනවලට ද මුල විය හැකිය.


එමනිසා මේ අවස්ථාවේදී රජයේ බලධාරීන් මේ පිළිබඳව උනන්දු වී මේ පරීක්‍ෂණ ගැන අවධානය යොමු කළ යුතු බව මගේ නිගමනයයි.


කොටකෙතන ජනතාවට ජනමාධ්‍ය සම්බන්ධයෙන් යම් කිසි විරෝධයක් ඇති වුයේ ජනමාධ්‍යයේ වරදින් නොව ජනමාධ්‍යයට කොටකෙතන පිළිබඳව, ජනතාව පිළිබඳව වැරදි අවබෝධයක් ලබාදුන් විමර්ශන ක‍්‍රියාකලාපය නිසාය. නිවැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිට වරද පැටවීමට ජනතාව පිළිගන්නා කරුණු ජනමාධ්‍යයට ලබාදී තිබූ අතර, එමනිසා ගොතන ලද කරුණු මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම හේතුවෙන් කොටකෙතන ජනතාව ඇතැම් මාධ්‍ය සමග කලකිරීමට පත්ව සිටියහ.


සත්‍ය වශයෙන්ම මෙහි නියම අපරාධකරුවන් කවුරුන්ද යන්න ජනතාව දැනගත යුතුය. එසේ නොමැති නම් කහවත්ත ජනතාව සමග රටේ සමස්ත ජනතාවම අධිකරණය කෙරෙහිද, අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ද යම් අවිශ්වාසයක් ගොඩනගාගත හැකිය. මෙවැනි අඩුපාඩු සහිත විමර්ශන හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද මේ වනවිට අපහසුතාවයට පත්ව ඇත. එයට හේතුව එම විමර්ශන සිදුකළ ආකාරය පොලිස්පතිතුමා නිසි පරිදි නොදැන සිටීමය. විමර්ශන නිලධාරීන් පොලිස්පතිතුමාට පවසා තිබුණේ කොටකෙන නියම මිනීමරුවන් මෙම සැකකරුවන් බවය.


පොලිස්පතිතුමා විශ්වාස කරණුයේ තම නිලධාරීන් විසින් ලබාදෙන විමර්ශන වාර්තාය. මෙම විමර්ශන වාර්තා සම්බන්ධයෙන් නැවත විමර්ශනයක යෙදීමට එතුමාට හැකියාවක් සේම කාල වේලාවක් ද නැත. දැන් සිදු කළ යුත්තේ නැවත මෙම ඝාතන සිදුවීම් පිළිබඳව විමර්ශනයක් විධිමත්ව සිදුකර සත්‍ය ජනතාවට හෙළිකර පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය යළි ලබාදීමය.


කොටකෙතන සිදුවූ කාන්තා ඝාතනවලින් ඝාතන 14 කටම වගකිව යුත්තේ එකම කණ්ඩායමක් බව මාගේ විමර්ශන මගින් ඔප්පු කළ හැකිය. එසේ කරුණු ඔප්පු කර පෙන්වීම සඳහා තවත් වැදගත් කරුණු රැසක් තිබෙන බැවින් මා හට නීතිමය අවකාශයක් තිබේ නම් ඒ සඳහා මා ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයෙකු, අගමැතිතුමාගේ නියෝ්ජිතයෙකු, අගවිනිසුරුතුමාගේ නියෝ්ජිතයෙකු, නීතිපතිතුමාගේ නියෝජිතයෙකු හා අධිකරණ වෛද්‍යවරයෙකු ඉදිරිපිට දී මවිසින් අනාවරණය කරගත් සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.


මා මෙවැනි  ඉල්ලීමක් කර සිටින්නේ රජය මේ සඳහා මැදිහත්ව දැන්වත් කොටකෙතන ජනතාවට ජීවිතයක් ගත කිරීමට සැලැස්වීමත් ඔවුන් ආරක්‍ෂිත බවක් පෙන්වාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවය.


එකල මා විසින් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ඔවුන්ට සහතිකයක් ලබාදුන්නෙමි. එබැවින් කොටකෙතන සත්‍ය මිනීමරුවන් කවුද යන්න රටට හෙළිකිරීමේ හැකියාව මා හට ඇත.’’


මෙයට,
වාස් ගුණවර්ධන
හිටපු නියෝජ්‍ය පොලිස්පති

   m



අදහස් (0)

කොටකෙතන ඝාතන රහස් හෙළිකරන්න මටත් අවස්ථාවක් දෙන්න

කමල් Tuesday, 23 June 2015 05:00 AM

රරට වැදගත් මනුස්සයෙක් මෙතුමා ..කරන වැඩේ හරියට කලො. ඉදිරියේ මොහුගේ සේවය ලබගන්නවා නම් ලොකු දෙයක්. (ස)

:       0       1

ලාල් Wednesday, 24 June 2015 12:36 AM

මේ මිනීමරුවන්ගේ ෆයිල් තිබෙනවා යැයි කියා සිතෙන කෙනෙක් නම් ඉන්නවා.හැබැයි ෆයිල් විතරයි. "නෝ ඇක්ෂන්" (නි)

:       0       1

නිශාන්ත Tuesday, 23 June 2015 05:17 AM

ගොඩක් රටවල මේ වගේ ප්‍රශ්න විසදන්න වැරදී චෝදනා වලට අහු උන අයව පාවිච්චි කරනවා ....වාස් කියන්නේ හොඳ නිලදාරියෙක්. එයාට අවස්ථාවක් දීල අර අහිංසක මිනිසුන්ට සාධාරනයක් කරන එක වග කිව යුතු අයගේ වගකීමක්. (ස)

:       0       0

අමිතා Monday, 22 June 2015 03:36 PM

වාස් මහත්තයා ගෙවන්නේ පෙර කළ පවක්.මෙතුමා වටිනා අවංක නිලධාරියෙක්.(හේ)

:       0       0

දුලා Tuesday, 23 June 2015 05:29 AM

අනේ ! පිවිතුරු යහපාලන .. මහත්තයෝ.. වාස් මහත්තයව ඇතුලට දැම්මෙත්.. කුරක්කන් සළු කරේ දාගෙන හිටපු උදවියම තමයි. මහින්ද හිටියනම් ඔක්කොම වැරදි කරුවන්ට නිදහස දීල, අහිංසක මිනිසුන්ට පොලිසියෙන් දම්මලා ගස්සල නැත්නම් මරල. (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 05:36 AM

ජාලිය- අතිගරු මහින්ද මැතිතුමාට විරුද්ධව ඇයි තවම එක චෝදනාවක්වත් ඔප්පු කරගන්න බැරි උනේ? මොකද යහපාලන අයට පුළුවන් බොරු චෝදනා ගේන්න විතරයි. නමුත් ඒවා ඔප්පු කරන්න බැහැ. මීලඟ මැතිවරණයේදී අපේ අතිගරු මහින්ද මැතිතුමා ලක්ෂ අසූවකට වැඩි ඡන්ද අරගෙන දිනන එක අනිවාර්යයි. (ස)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 05:46 AM

දුලා- බොරු චෝදනා නැතුව ඔප්පු කරන්න. ජාලියට දුන් පිළිතුර ඔබටත් අදාල වේ. (ස)

:       0       0

පිවිතුරු යහපාල Monday, 22 June 2015 04:32 PM

මහින්ද හිටියා නම් වැරදි කරුවන් ඔක්කොටම දඬුවම් ලැබිල ඇති රටේ කරුමෙට එතුමා පැරදුනේ (නදී)

:       0       0

චතුරි Tuesday, 23 June 2015 12:27 PM

යහපාල මහින්ද හිටියනම් දඩුවම් දෙනවා පුදුමයි මහින්ද කිව්වා නේද මම දුශිතයන්ව. ආරක්ෂා කෙරුව මට හුකියන්න කියල යහපාල ඔය අල්කයිදාවට හොඳයි අසරණ මිනිස්සු මරන්න ලොකු මොලේ අමාරුවක් තියෙනවා නුබට වහාම ප්‍රතිකාර ගන්න (බ)

:       0       0

අනෝමා Monday, 22 June 2015 05:18 PM

මෙයාගේ විමර්ශන වාර්තාව රාජකාරි මට්ටමෙන් බාරදීලා නැත්නම් ඒකත් වරදක් නේද? (නි)

:       0       0

සමීර Tuesday, 23 June 2015 12:37 PM

මා ඉතා ගරු කරන පුද්ගලයෙක් මෙතුමා. මෙතුමාගේ සේවය රටට දැනුනා. දැන් නැති එක අපේ අවාසනාව. අවස්ථාවක් නෙමෙයි. නීතියේ ඉහල කෙනෙක් මැදිහත්වෙලා මෙතුමාට අදාල චෝදනා බලලා නිදහස් කරලා නැවත සේවයට ගන්න. හිර ගෙදර විශ්‍රාම යවන්නේ නැතුව. පොලිසිය ලැජ්ජාවට පත් නොකර. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 12:42 PM

මහින්ද උතුමා එහෙම කිව්වා කියලා ඔබට (චතුරි) ඔප්පු කරන්න පුලුවන්ද? මඩ ගහන්න එපා මහින්ද වගේ උතුම් පුද්ගලයෙකුට. (ර)

:       0       0

දිමුත් Monday, 22 June 2015 09:54 AM

දැන් මොකද වෙන්නේ? (ර)

:       0       0

සුනිල් Thursday, 25 June 2015 12:18 PM

එතුමාට අවස්ථාවක් දීලා බලමු (නි)

:       0       0

රූපවතී Monday, 22 June 2015 07:08 PM

මාත් එදාසිටම මේ තීරණයේමයි හිටියේ.වාස් මහත්තයා හොඳ බුද්ධිමත් නිලධාරියෙක්. ගානට සැලසුම් කළා යම් කෙනෙක් මේ විදියට සිදුවෙන්න. ඔහු කාගේහරි දිරච්ච ලණුවක කෙළවරක ආධාරකරුවෙක් වුණා (නි)

:       0       0

සරණපාල Wednesday, 24 June 2015 12:39 PM

අපේ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්. අවංක කම නිසා හොරෙන් සල්ලි හම්බු කලේ නැහැ. අද නඩුවට වියදම් කරන්නේ යාළුවන් දීපු සල්ලි සහ තමන්ට උරුමයෙන් ලැබුන ගෙදර විකුණලා. (ර)

:       0       0

සංජීව Tuesday, 23 June 2015 02:05 PM

පිවිතුරු යහපාල මහින්දට කඩේ ගියා ඇති (නදී)

:       0       0

සමන්තිකා Monday, 22 June 2015 11:12 AM

මෙතුමා දැන් මොන වරදකට රිමාන්ඩ් භාරයේ සිටියත්, ඒ දවස් වල කොටකෙතන ජනතාවට කළේ ලොකු සේවයක්.මෙම ලිපිය අගය කරමි. (නි)

:       0       0

චමිලා Wednesday, 24 June 2015 01:30 PM

මහින්දගේ කාලේ ම‍ෙතුමාට අසාධාරණයක් වුනානම් දැන් තියන යහපාලනයට පුළුවන්නේ ඒ වරද හදන්න . මොකද මෙතුමාව වෙන වෙන වරදවල් වලට පටලව පටලව තියාගන ඉන්නේ ? ඔය දේශපාලකයෝ ඔක්කොම එක නුලක එල්ලිලා ඉන්නේ .(හේ)

:       0       0

ඩැනි Monday, 22 June 2015 11:20 AM

ඔබ නියම පොලිස් නිලධාරියෙක්. අපරාදේ නේ නිකන් සියාම් ඝාතනයට නම ඇදුනේ. මම තාම ඔබට ගරුකරනවා. කහවත්තේ කියපු සින්දුව මතකද.(මා ඉතින් යන්න යනවා.මට යන්න අවසරයි) (ම)

:       0       0

මදුර Monday, 22 June 2015 11:37 AM

ඇත්තටම කුරුණෑගලටත් එතුමාගෙන් ලොකු සේවයක් සිදුවුණා(ම)

:       0       0

දුලාන් Wednesday, 24 June 2015 04:50 AM

යහපාල මහත්තයෝ, අපිට ඔප්පුකරන්න දෙයක් නැහැ.ඒ සියලුම දේවල් ඡන්දෙට කලින් පුවත්පත්වල , ටීවී ප්‍රවෘත්ති වල ගියා. ඒ වෙලාවේ යහපාල නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

සොපී Tuesday, 23 June 2015 07:54 AM

"පුතා වැරදිකරුදැයි යළි සොයා බලන්න "මේක අපිටත් හිතුන දෙයක් .,වාස් මහත්තය කියන දේ ගැන යළි විමර්ශන ඇරඹිය යුතුයි (බ)

:       0       0

නිශාන්ත Tuesday, 23 June 2015 01:04 AM

වාස් මහත්තයා දක්ෂ ශූර අවංක කෙනෙක්. මම හොඳින්ම දන්නවා ඔහු වැල්ලවත්ත වංචා සහ දූෂණ අංශයේ ප්‍රධානියා වෙලා ඉන්න කාලේදී. ඔහු කෙළින් වැඩකළ කෙනෙක්. හැබැයි එයා ගැටයකට අසුවෙලා දැන් දුක් විඳිනවා. හැබැයි ඇත්ත එළිවුණ දාට සාටක දාගෙන හිටපු අයගේ වස්ත්‍ර හැළෙනවා. කොටකෙතන ගැටය ලිහන්න හිටපු හොඳම කෙනෙක් මේ මහත්තයා. ඉස්සර හිටියා රොහාන් ඕලුගල කියලා දක්ෂ නිලධාරියෙක්, ඔහුත් මේ වගේ වැඩ වලට දක්ෂයෙක්. (නි)

:       0       0

සුමනදාස‍ Tuesday, 23 June 2015 01:17 AM

අනේ මේ පිවිතුරු යහපාල, මෙතන එනවා බොර දියේ මාළු බාන්න. (නි)

:       0       0

ජාලිය Tuesday, 23 June 2015 01:20 AM

රටේ කරුමෙට නෙමෙයි, වටේ හිටිය රටකාපු අයගේ කරුමෙටයි පැරදුනේ. ඒ නඩේට තමයි කරපුවා වමාරගන්න බැරුව ඉන්නේ. (නි)

:       0       0

ඉමල්ක Monday, 22 June 2015 02:19 PM

අනුන්ගේ ඒවා හොයන්න කලින්... (ර)

:       0       0

දිලිනි Tuesday, 23 June 2015 11:15 PM

කොටසක් හොයනවා, කොටසක් වහනවා. කොහෙවත් නැති කෙනෙක් අල්ලනවා.අපරාධකාරයෝ දිගටම වැඩේ කරගෙන යනවා.හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි. අන්තෝ ජටා බහි ජටා! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4047 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 484 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1101 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 96 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 185 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 243 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site