IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කටුනායක ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළද?

airport-kalina-01

කිසියම් රටක ජාත්‍යන්තර ගුවන්තොටුපළක් යනු ලෝකයට ඇති පිවිසුම් මාර්ගයයි. වසරින් වසර ලොව පුරා ඇති ගුවන්තොටුපළවල ඵලදායිතාව හා විශිෂ්ටත්වය කිසියම් වර්ගීකරණයකට ලක් කරනු ලබන්නේ ගුවන් මගීන්ට උසස් සේවයක් තහවුරු කිරීම අරමුණු කර ගනිමිනි.

ලොව ගුවන්තොටුපළවල දළ විචල්‍ය සාධක උපයෝගීතාව සහ අවශේෂ විචල්‍ය සාධක උපයෝගීතාව ගණනය කරන දත්තවලට අනුව ආසියානු ගුවන්තොටුපළ 37 ක් ඇසුරින් ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව ඇත්තේ 25 වැනි ස්ථානයටය. මේ අනුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළක තත්ත්වයට පත්ව ඇති බව ගුවන් ගමන් සමීක්ෂණ සංගමය (Air Transport Research Society) මගින් වාර්ෂිකව නිකුත් කරන ලොව අන්තර්ජාතික ගුවන්තොටුපළ වර්ගීකරණ සමීක්ෂණ වාර්තාවේ දක්වා තිබේ.
මෙම සමීක්ෂණය ස`දහා ආසියා පැසිෆික් කලාපයේ ගුවන්තොටුපළ 53 ක්ද, උතුරු ඇමෙරිකාවේ ගුවන්තොටුපළ 78 ක්ද, යුරෝපයේ 69 ක්ද ඇතුළුව ගුවන්තොටුපළ 200ක් සහභාගීී කර ගෙන තිබිණි. ගුවන්තොටුපළට පැමිණි යානා ප‍්‍රමාණය, මගීන් හා හුවමාරු වූ භාණ්ඩ සංඛ්‍යාව, ආදායම, යටිතල පහසුකම් (ගුවන්පථ, පර්යන්ත හා දොරටු) ශ‍්‍රම බලකාය, උපයෝගීතාව, කාර්යක්ෂමතාව, ඒකක පිරිවැය හා තරගකාරීත්වය වැනි කරුණු සැලකිල්ලට ගනිමින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබන අතර එමඟින් ලබා ගන්නා දත්ත විශේෂ ගණිත සූත‍්‍රයකට අනුව භාවිත කරමින් ලොව විශිෂ්ට ගුවන්තොටුපළ තෝරා ගැනෙයි.

airport-bandaranaike

සාමාන්‍යයෙන් මෙම ලකුණු ලබාදීමේ දී ලැබෙන උපරිම ලකුණු ප‍්‍රමාණය 1.60 වන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු 0.30 කි. ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළක් ලෙස එම වාර්තාව පෙන්වා දෙයි. මිල ඵලදායිතාව අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හත්වැනි ස්ථානයට පත්ව ඇති අතර ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ හයිකු, බුසාන්, ගිම්හෝ සහ ජකර්තා යන ගුවන්තොටුපළ හතරය. ඩොලරයට සාපේක්ෂව බෝයිං 737-800 යානා ස`දහා ගොඩබෑම් සහ ඉහළ මගී ගාස්තු අයකරන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 41 වැනි ස්ථානයේය. යානා ගොඩබෑම් සදහා සහ ඉහළ මගී ගාස්තු අයකරන ගුවන්තොටුපළ වන්නේ ඔසාකා, කන්සායි සහ නගෝයා යන ගුවන්තොටුපළය. අවම ගාස්තු සහිත ගුවන්තොටුපළ ලෙස සමීක්ෂණ වාර්තාව දක්වන්නේ තායිපේ සහ නවදිල්ලි ගුවන්තොටුපළය.

ගුවන්තොටුපළ හා ගුවන්සේවා ශී‍්‍ර ලංකා සමාගමේ ප‍්‍රචාරක සහ ප‍්‍රවර්ධන කළමනාකාර අරුණ වරුෂහැන්නැදිගේ මහතා ප‍්‍රකාශ කරන්නේ කටුනායක ගුවන්තොටුපළ අකාර්යක්ෂම ගුවන්තොටුපළක් ලෙස නොව, කාර්යක්ෂමතාව, අතින් කිසියම් පහළ මට්ටමක පවතින බවක් එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බවයි. ‘‘මිල තරගකාරීත්වය අනුව අප සිටින්නේ 7 වැනි ස්ථානයේ. ඉන්දියාවේ නවදිල්ලි, මුම්බායි හා චෙන්නායි, ජපානයේ හනේඩා, පිලිපීනයේ මැනිලා සහ තායිවානයේ තායිපේ යන  ගුවන්තොටුපළ සමඟ සලකා බැලීමේ දී අප සිටින්නේ ඉහළ මට්ටමකයි. ගුවන්තොටුපළ වර්ගීකරණ ආයතන අතර ඉතා ඉහළින්ම සිටින ආයතනයක් වන්නේ ස්කයිට‍්‍රැක්ස් ආයතනයයි.

2014 එම ආයතනය මගින් කළ සමීක්ෂණයට අනුව මධ්‍යම ආසියාවේ හො`දම ගුවන්තොටුපළ අතර ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ තිබෙන්නේ සිව්වැනි ස්ථානයේ. එම ආයතනය ගුවන්තොටුපළ වර්ගීකරණය සිදුකරන්නේ ගුවන්තොටක තිබිය යුතු සියලූම අංශ පිළිබ`ද සමීක්ෂණයක් කිරීමෙන් පසුවයි. එමෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ද අප ආසියා පැසිෆික් කලාපයේ සිව්වැනි ස්ථානයට නම්කොට තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ වර්තමානයේ එහි නියමිත ධාරිතාව ද ඉක්මවා මෙහෙයුම් කටයුතු සිදු කරනවා.  පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවති සමයේ දී ඉහළම සේවා තත්ත්වය නියමිත ආකාරයෙන් පවත්වාගෙන යමින්  පුරා පැය 48ක් මුළුල්ලේ අප මෙහෙයුම් කටයුතු  කළා. 2013 දී 25%ක අමතර මගී මෙහෙයුම් කටයුතු අප සිදු කර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ 2008 සිට 2012 කාලය තුළ 52% ක වර්ධනයක් පෙන්නුම්  කළ අතර එය කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන්තොටුපළ අතුරින් එකක් බවට ද පත්වුණා.’’

කැනේඩියානු ආධාර යටතේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 1964 වසරේය. 1967 ඉදිකිරීම් අවසන් වූ එය 1970දී හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සිහිපත්වීම ස`දහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කෙරිණි. 1977 දී එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම් කළ අතර නැවත 1996 දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත්වූයේය. ෆ‍්‍රැන්ක්ෆර්ට් සිට සංචාරකයෝ පිරිසක් රැුගත් 1971 නොවැම්බර් 7 වන දින පැමිණි බෝයිං 747 ගුවන්යානය එහි පැමිණි ප‍්‍රථම ගුවන්යානය වූයේය. ගුවන්තොටුපළ පුළුල් කිරීමේ වැඩකටයුතු අදියර දෙකක් යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ ඉදිවූ නව ධාවන පථය 2005 දී විවෘත කෙරිණි.

A.T.R.S. සමීක්ෂණයට අනුව කාර්යක්ෂතම ගුවන්තොටුපළ ලෙස සම්මානයට පාත‍්‍රව ඇත්තේ ඇමෙරිකාවේ ජෝර්ජියා ප‍්‍රාන්තයේ යාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ගුවන්තොටුපළය. නොකඩවා 11 වරක් එම සම්මානය දිනා ගැනීමට මෙම ගුවන්තොටුපළට හැකිවී තිබීම සුවිශේෂී සිදුවීමකි. ආසියාවේ හො`දම ආදායම් හුවමාරු ගුවන්තොටුපළ ලෙස පත්ව ඇත්තේ කොරියාවේ සියොල් ගිම්පෝ ගුවන්තොටුපළය. එය 2012 - 2013 වසරවල ආසියාවේ කාර්යක්ෂම ගුවන්තොටුපළ ලෙස සම්මානයට පාත‍්‍රවුව ද එය මෙවර පත්ව ඇත්තේ පස්වැනි ස්ථානයටය.  ඕසීනියා කලාපයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව අතින් හො`දම ගුවන්තොටුපළ බවට පත්ව ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ගුවන්තොටුපළය. ලන්ඩන් හීත්‍රෝ සහ ගැට්වික් ගොඩබැසීමේ දී මගීන්ගෙන් වැඩිම ගාස්තුවක් අයකරන යුරෝපීය ගුවන්තොට වන අතර ටෝකියෝහි හනේඩා ආසියාවේ ද, ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි  ඕසීනියා කලාපයේ ද මගීන්ගෙන් වැඩිම ගාස්තු අයකරන ගුවන්තොටුපළ ලෙස සමීක්ෂණයේ ස`දහන්ය.

 

KALINA_futer_02



අදහස් (0)

කටුනායක ආසියාවේ අකාර්යක්ෂම ගුවන්තොටුපළද?

පියුම් Monday, 11 August 2014 11:27 AM

ලෝකෙන් හොඳම ගුවන් තොටුපල මත්තල. (නදී)

:       0       0

ධම්ම Tuesday, 12 August 2014 10:33 AM

සංසන්දනය කරන්නේ ඇයි මුලික අවශ්‍යතා සිදුවෙනවා නම්? අඩුපාඩු හදා ගනිමු, අපේ තරමට ගැළපෙන පරිදි. පිටරැටියන් මෙහෙ එන්නේ ඔවුන් එහෙ ඉන්න හැටියට මෙහෙ ඉන්න නොවේ. මෙහෙ විදිහ දැක බලා රසවිඳ යන්නයි. (නි)

:       0       0

මහේෂ්‍ Friday, 08 August 2014 06:45 AM

කටුනායක වත්මන් තත්ත්වය නම් කියලා වැඩක් නැහැ.මම හිතන්නේ නැහැ මේ තත්ත්වය රටේ ඉදිරි ගමනට හොඳ වෙයි කියලා. හොදින් දියුණු කළ යුතු තැන් නම් කටුනායක ගුවන් තොටුපළ හා කොටුව දුම්රියපොළයි (නි)

:       0       0

සෑම් Thursday, 07 August 2014 06:03 PM

කියන්න කනගාටුයි කටුනායක පැමිණීමේ දොරටුව අජූතයි. හරියට ආලෝකයවත් නැහැ. රටකට ඇතුළුවන දොරටුව මෙහෙම නම් විදේශිකයෙකුට ඇතිවෙන හැගීම හිතා ගන්න පුළුවන්. කෝටි ගණන් රටේ සමහර තැන් ලස්සන කරන්න වියදම් කරනවා නමුත් මෙතනට කුඩම්මාගේ සැලකිල්ල. සල්ලි නැතිනම් ගුවන් හමුදාවෙන් වත් යොදවල පිළිසකර කරන්න. මහම මුස්පේන්තු ගතියක් එතන තිබෙන්නේ. මෙතනින් ජනාදිපති තුමා ගිහිල්ල නැහැ වගෙයි මට හිතෙන්නේ. සාමාන්‍ය ජනතාව පමණයි එතනින් ලගාවන්නේ එ්කයි ඔහේ අම්බලමක් වගේ තිබෙන්න හැරලා තිබෙන්නේ. වහාම ජනාදිපති තුමන්ගේ අවදානය යොමුවෙයි කියල හිතනවා. (නදී)

:       0       0

අසංක.පෙරේරා Thursday, 07 August 2014 03:14 AM

ඒක ඇත්ත ඔකේ වැඩකරන සමහර නිලදාරීන් මහා මූසලයි. රටම එපා වෙනවා ඔවුන් දැක්කම (නදී)

:       0       0

ජූඩ් Thursday, 07 August 2014 04:35 AM

මෙය බොරුවකි. නව ධාවන පථය 1986 යේ සදා 1987 දී විවෘත කෙරිණි..(අ)

:       0       0

ස්ටැන්ලි Saturday, 09 August 2014 12:39 PM

රස්තියාදු වෙන්න ලෝකේ තියෙන හොඳම ගුවන් තොටුපල! ටිකට් එක චෙක් කරලා බෑග් ටික දාන්න විනාඩි 20 ක් ගන්නවා එතන ඉන්න කාන්තාවෝ!(අ)

:       0       0

නුවන් Thursday, 07 August 2014 11:43 AM

කටුනායක ගුවන්තොටුපළ වගේද මත්තල ගුවන්තොටුපළ? (නි)

:       0       0

රුවනි Tuesday, 12 August 2014 06:19 AM

සමහරුන්ට නම් පුදුම තරහක් තියෙන්නේ ගුවන් තොටුපළ ගැන (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 08 August 2014 10:03 AM

කටුනායක ගුවන්තොටුපලට එන මගින් පිළිගැනීමට ඇතුළට යාමටත් මුදල් අය කරනවා , මගීන්ගේ නම ලියන්න ගන්න කාර්ඩ් බෝර්ඩ් කාලටත් මුදල් අය කරනවා , නමලියාගෙන කොළ කෑල්ල ගෙදරින් අරන් යන්නත් තහනම් , එතනින් එලියට පැමිණියාම බෑග් ටික වහනයට දාල මුදල් ගරාගන්න නාට්ටාමියෝ පොරකනවා , නාට්ටාමි මාෆියාව , ටැක්ෂි මාෆියාව ට ඕනේ විදිහට තමා මෙතන පාලනය කරන්නේ . සුකොපභෝගී බස් සේවය ක්‍රියාත්මක වුණාට එහෙම එක්කක් තිබෙන බවට සංචාරකයන්ට සහ මගීන්ට පෙන්නේනට දැන්වීම් පුවරු සවි කර නොමැත . වෙන රටවල නම් තමන්ගේ බඩු මලු රැගෙන කරදරයක් නැතුව පොදු ප්‍රවාහන සේවා භාවිත කර ගෙදර යන්න පුළුවන් . මෙහි මගීන්ට ඇති සේවා පහසුකම් අනුව ආසියාවේ 100 වැනි ස්ථානය දෙන්න පුළුවන් , පිරිසිදු කම අනුව ආසියාවේ 20 වැනි ස්ථානය දෙන්න පුළුවන් . (අ)

:       0       0

ධම්ම Tuesday, 12 August 2014 07:24 AM

පිටරට ඉඳලා ලංකාවට එනකොට ඒ රට එහෙ තියලා එන්න. ඔබ පළමුවරට ලංකාවෙන් පිටවෙනකොට තිබුන මානසික තත්වය නැවත හදාගන්න. එතකොට අපේ ගුවන් තොටුපොළ හොඳට පෙනේවි. මට නම් අපේ ගුවන් තොටුපොළ එදාට වඩා අද දහස් ගුණයකින් හොඳයි. (නි)

:       0       0

කෙනත් Tuesday, 12 August 2014 07:56 AM

කතාව නම් ඇත්ත , පිටරට ඉදල එනකොට බදු රහිත භාණ්ඩ මිලට ගැනීමට යාමේදී ඇති වෙන්නේ මහා දුෂ්කරතාවක්. වෙළද සල් ඇත්තේ උඩු මහලේය. නමුත් ගමන් බලපත්‍ර ඉදිරිපත්කර බදු ගතහැකි ප්‍රමාණය සටහන් කිරීමට පහල තට්ටුවට යා යුතුය. එය ඉතා අකාර්යක්ෂම රජෙයේ කාර්යාලයකි. කවුන්ටරයක් පවා නැත. හරියට ගමක ග්‍රාමසේවා කන්තෝරු කාමරයක් වැනිය. නිලධාරියා කෑමට ගොස් එනකම් බලා සිට එම සටහන ගෙන නැවත ඉහල මහලට යා යුතුය. බදු පටවන කරත්ත ඇත්තේ පහල මහලේය. මගී ලගේජ් එන්නේද පහල මහලටය . මේ ඔක්කොම පටවාගෙන ඉහත කී සටහනද දමාගෙන නැවත ඉහල මහලට ගොස් පිටකොටුව වැනි කඩ පෙලකින් බඩු ගත හැක. නිරතුරුවම හොරගල් අහුලමින් පැමිණෙන පොලිස් නිලධාරීන්, ගුවන් සේවා ආරක්ෂකයන් තමන්ට මත්පැන් බෝතල් එලියට පන්නා දෙන මෙන් ලජ්ජා නැතුව ඉල්ලා සිටිති. බඩුත් පටවාගෙන , ලගේජ් ද පටවාගෙන තිබෙන එකම සෝපානයෙන් පහලට පැමිණිය යුතුය. ඉන්පසු ජනාකීර්ණ පිටතට සපැමිණ වාහනයට ගොඩවෙන්න පුළුවන්. මොනවා උනත් දැන් හුස්ම ගන්නේ මගේ මව්බිමේ යන්න සිහිවනවිට ඔයින් ගියා මදැයි සිතේ. ඒ අපටය , නමුත් මෙහෙට එන පිටරැටියන් නම් පව් අනේ!! දුකේ බෑ!!! (නදී)

:       0       0

අමිල සිංග Thursday, 07 August 2014 07:33 AM

වෙන රටවල ඉදන් යන එන අයට තාම අපේ ගුවන් තොටුපලේ තත්වය තේරෙන්නේ, ප්‍රශංසනීය තත්වයක නැතිබව තමා හැඟෙන්නේ. ගුවන් තොටුපල පහසුකම් දියුණු කලොත්, විවිධ රටවලට ගුවන් වාර ගණන් වැඩි කර ලංකාව හුවමාරු මධ්‍යස්තානක් කරන්න පුළුවන්. රටේ පිහිටීම අනුව එය පහසු වේවි. (දී)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 12 August 2014 09:12 AM

ධම්ම ජාත්‍යන්තර ගුවන්තොටුපලක් සංසන්ධනය කල හැක්කේ පිට රටක තිබෙන තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක් සමග මිස පිටකොටුවේ බස් නැවතුම්පොළ සමග නොවේ. මෙහි ඇති අඩුපාඩු සහ අකටයුතුකම් ගැන බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත. මේවා වැරදි බවට මේ වෙනතුරු කිසිම ගුවන්තොටුපල බලධාරියකු මේ තීරුව මගින් හෝ ලංකාදීප පුවත් මගින් හෝ ප්‍රකාශ කර නැත. (නදී)

:       0       0

බන්දුල Friday, 08 August 2014 01:37 PM

අපි ලංකාවට එනකොට බ්‍රිස්බන් වලින් බය නැතුව ආචාරශීලි නිලදාරීන්ගේ සුබ ගමන් කියල අහගන්නවා. සිංගප්පූරුවට අාවම නිලදාරීන් ටිකක් එවනවා. ශ්‍රී ලංකා ගුවන් සේවිකා වන් අමාරුවෙන් බිසිනෙස් හිනාවක් දානවා. ආගමන නිලදාරීන් ඔලුව උස්සන්නේ නැ. කස්ටම් එක ඪට එහා. එලියට අාවම කාක්කෝ. මේකද පිලිගැනීම කියන්නේ. නො 1 ගුවන් සේවය නො 1 ගුවන් තොටුපල (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 12 August 2014 06:22 PM

ධම්ම, ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෝකයේ වෙනත් ගුවන් තොටුපළවල් එක්ක සන්සන්දනය කිරීම මඟීන් විසින් කොහොමත් කරනවා. අවශ්‍ය සම්පත් මෙතන තිබෙනවා. ප්‍රශ්නයකට තිබෙන්නේ දුර කළමනාකරණය සහ දේශපාලන ආශිර්වාද සහිතව මෙහි ක්‍රියාත්මක වෙන විවිධ මෆියාවල් නිසා මඟීන්ට ලබාදිය හැකි සේවයන් නිසි පරිදි නොලැබීමයි (නි)

:       0       0

සමර Saturday, 09 August 2014 06:33 PM

කියන්න කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් අසන්න අවශ්‍යයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site