මවත් පියාත් තම දෙකකුල් ගෙවෙන තුරු ඇවිද ගියහ. අතේ ඇති පිච්චිය වියදම් කරමින් වෛද්‍යවරු සොයා ගියහ. ඒ තම දරුවාගේ මුහුණේ ඇති විකෘතිය ප්‍රකෘති කර ගැනීමේ අදිටනෙනි. දරුවා උපත ලැබූ දින පටන් තමන්ට එරුණු කිරී දරුවාගේ බඩට බටයකින් ඇතුළු කළ මේ මව විඳි සිත්වේදනා අපමණය.
ඔවුහු අවසානයේ ගාල්ල නගරයෙන් කරාපිටියට ධාවනය වන බසයකට නැගුණේ කිසිදු හව් හරණක් නොලැබූ බැවිනි. අඩ හෝරාවකට පමණ පසු කරාපිටියට ආ බසයේ කොන්fදාස්තරගේ මග පෙන්වීමෙන් මේ මවත් පියාත් තම දරුවා වඩාගෙන කරාපිටිය රෝහලට පිය මනිති. දරුවා දකින සැවොම ආපසු හැරි හැරී බලති. දරුවාගේ මුහුණේ කටවල් දෙකක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
කරාපිටිය රෝහලේ සේවිකාවකගෙන් ලැබුණු උපදෙස් අනුව ඔවුහු එදින පැවති මුඛ, හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය සායනයට යොමු වූහ. වෛද්‍යවරු දරුවා පරීක්ෂා කළහ.
“ මේ දරුවගේ මුහුණ හදන්න පුළුවන්. කැමති ද සැත්කමක් කරන්න.” වෛද්‍යවරයකු දෙමාපියන්ගෙන් ඇසුවේ තමන් ඉදිරියේ සිටින දරුවාගේ හිස අතගාමිනි.
“ අනේ මහත්තයෝ ලංකාවේ තියෙන ලොකු ලොකු ඉස්පිරිතාල ඔක්කෝටම ගියා. හැමෝම කිව්වේ මේ දරුවාගේ මූණ හදන්න බැහැ කියලා. පුළුවන් දෙයක් කරල දෙන්න මහත්තයෝ. බුදු බව අත්වෙයි. කීයක් විතර යයිද ?”
“ නෑ..... කීයක්වත් යන්නෙ නැහැ. අපි සම්පූර්ණයෙන් ම මේ ඉස්පිරිතාලේ තමයි සැත්කම කරන්නේ.”
දෙමාපියන්ට සතුට නිම්හිම් නැත. තම ඉරණම විසඳෙන ආකාරය නොදන්නා දරුවා වෛද්‍යවරයාගේ අතේ ඇති වෙදනලාවට කුරුමානම් අල්ලයි. ඒ ජනවාරි මස 22 දිනයයි. දරුවාගේ සැත්කමට අවශ්‍ය පරික්ෂණ කිහිපයක් සිදු කැරිණි. දෙමාපියන් සිතුවාටත් වඩා කඩිනමින් සැත්කමට අවශ්‍ය දින නියම කැරිණි. සැත්කම ජනවාරි මස 29 වැනි දින සිදුකිරිමට නියමිතය.
දෙමාපියෝ බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිති. මුහුණ විකෘති වී ඉපදීම හේතුවෙන් මේ දරුවාට තම මවගෙන් කිරි උරාබීමට පවා හැකියාවක් තිබුණේ නැත. බටයක් දමා මව්කිරි ඇතුළු ආහාර සියල්ල උදරයට ම ඇතුළු කරමින් තිබිණි.
දරුවාගේ මුහුණ සාමාන්‍ය මිනිස් මුහුණක තත්ත්වයට පත්කිරීමේ වගකීම භාර ගන්නා ලද්දේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මුඛ, හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී. කේ. ඩයස් මහතාය. ඔහුගේ ඒකකයේ අනෙක් වෛද්‍යවරු ද, කාර්ය මණ්ඩලය ද එයට මහත් උනන්දුවකින් හා උද්යෝගයකින් එක්ව සිටියහ. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය මේ දරුවා ශල්‍ය කර්මය සඳහා නිර්වින්දනය කළාය. වෛද්‍යවරු පවසන්නේ දරුවාගේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවයි. මුහුණේ වම් පැත්තේ උඩ හනු අස්ථිය එකිනෙක බද්ධ වී තිබූ බවත් වම් ඇහැත් කටත් අතර ඉඩක් නොතිබූ බවත් වෛද්‍යවරු පවසති. දරුවාගේ එක් කනක් පිහිටා තිබුනේ ද විකෘති ආකාරයෙනි.
විකෘතිය ප්‍රකෘති කිරීම සඳහා පැය හයක ශල්‍ය කර්මයක් සිදුකැරිණි. එය සිදුකළ වෛද්‍ය ඩයස් මහතා පවසන්නේ සැත්කම මගින් මුහුණේ මෘදු පටක හා පේශි යළි සකසා විකෘතිතාව සැකසූ බවයි.
“මේ දරුවාගේ උඩ හනුවේ විකෘතිය නිසා මේ තත්ත්වය ඇති වී තිබුණා. උඩ හනුව දකුණු පැත්තෙන් අර්ධ වශයෙන් දෙකට බෙදී තිබුණා. ඒ වගේ ම වම් පැත්තෙන් උඩ හනුව හා අක්ෂි කුහරය එකිනෙකට බද්ධවෙලා තිබුණේ. මේ විකෘතිතාව අස්ථි වෙනස් කර යළි සකසන්න දරුවා මීට වඩා වැඩීම අවශ්‍යයි. නමුත් දරුවාට ආහාර ගැනීමේ අපහසුතාව නිසා අපි දරුවාගේ මුහුණේ මෘදු පටක හා පේශි විකසනය කරලා විකෘතිතාව නැති කළා. ඉදිරියේ දී මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට ගැනීමට තවත් ශල්‍යකර්ම දෙකක් පමණ කරන්න සිදුවනවා.”
සැත්කමින් පසු කරාපිටිය රෝහළේ ළමා දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි දරුවා මේ ලිපිය ලියන බ්‍රහස්පතින්දා වනවිට කරාපිටිය රෝහලේ 24 වාට්ටුවට යොමු කර තිබිණි. ඉදිරියේ දී සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකිවන බවත් වෛද්‍යවරු කියති.
දරුවාගේ දෙමාපියන් ජීවත් වූයේ ඇඹිලිපිටියේය. ඔවුන් දෙදෙනාගේ පවුලේ දෙවැනි දරුවා ලෙස මෙ විකෘතිය සහිත විශ්මිත ලක්ෂාන් උපත ලැබුවේය. ඔවුහු සාමාන්‍ය පවුලකය. තම දරුවාගේ සැත්කම ගැන අදහස් දැක්වූ පියා ආර්. රුවන් කුමාර මහතා (32) මෙසේ කිවේය.
“ අපි දුප්පත් මිනිස්සු මහත්තයෝ ගෙවල් fදාරවල්වල තීන්ත ගාලා කීයක් හරි හොයාගෙන මම ජීවත් වෙන්නේ. මේ අපේ දෙවැනි දරුවා. දරුවා උපන් දවසේ ඉදලා අපිට හරියට ලෝකය කඩා වැටුණා වගේ හිටියේ. නමුත් දැන් පුදුම සතුටක්. මේ රෝහලේ වෛද්‍යවරුත් කාර්ය මණ්ඩලයත් දෙවිවරු වගේ අපිට උදව් කළා. දැන් දරුවා සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. අපිට හරිම සතුටුයි. ”
අමාලි සඳරේකා (27) දරුවාගේ මවයි. ඇය ද දැන් ඉන්නේ මහත් සතුටකිනි. ඔවුන් දෙපළ කරාපිටිය රෝහලට නොසෑහෙන්න පින් දෙති. මේ සැත්කම සිදුකිරීමෙන් දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී තවත් එවැනිම සැත්කමක් සිදුකර තිබිණි. පෙර සැත්කම තරම් බරපතල නොවූව ද ඒ දරුවගේ මුහුණ ද දැඩි ලෙස විකෘති වි උපත ලබා ඇත. ඒ දරුවාගේ මා පියන් ඇල්පිටියේය.
වෛද්‍ය ඩී. කේ. ඩයස් මහතා පවසන්නේ මෙවැනි විකෘති ඇති දරුවන් බිහිවන්නේ ඉතා කලාතුරකින් බවයි. ශ්‍රී ලංකාවේ දරු උපත් දහසකින් එක් අයකු පමණ මේ ආකාරයේ විකෘති සහිතව උපත ලබන බව වෛද්‍ය ඩයස් මහතා කීවේය.
“ විදලිත තොල් කියා උඩුතොල ඉස්සී විකෘතිවන තත්ත්වයක් තිබෙනවා. දරු උපත් 500 ක් අතරින් එක් අයකුට පමණ මේ තත්ත්වය තිබුණත්. අස්ථි හරිහැටි වර්ධනය නොවීමෙන් හෝ විකෘති වීමෙන් ඇතිවන මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකින්.
වෛද්‍යවරු පවසන්නේ ගැබ් කාලයේ දී සිදුවන සංකූලතා හේතුවෙන් දරු කළලය වැඩීමේ වෙනස් කම් මෙවැනි තත්ත්වයකට හේතුවන බවයි. තවද පරම්පරාවෙන් එන ලක්ෂණයක් ලෙස මෙය ඇතිවිය හැකි බව ද මවගේ හා පියාගේ ජාන එකතුවීමේ දී ඇතිවන විකෘතිතා හේතුවෙන් ද මෙවැනි ගැටළු හටගන්නා බව ද වෛද්‍යවරු කියති. තදින් මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට දාව උපත ලබන දරුවන් ද වයස්ගත වූ දෙමාපියන්ට උපත ලබන දරුවන් ද මෙවැනි විකෘති තත්ත්වයට පත්විමේ අවදානමක් සහිත බව වෛද්‍ය මතයයි.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
“ කටවල් දෙකේ ” දරුවාට එක කටක් දුන් සැත්කම
අතුල Wednesday, 10 February 2016 10:53 AM
දෙවි වරු වගේ දොස්තර මහත්වරු! (අ)
කෞශල්‍යය Friday, 12 February 2016 05:15 PM
සතුටුයි අපේ රටේ සල්ලි පස්සෙ නොයන, මනුස්සකම දන්නා අය ඉන්න එක ගැන. ඉක්මන් සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බබාට. (නි)
රොෂේන් - රියාධ් Thursday, 11 February 2016 01:18 PM
මගේ ඇසට කදුළු අව මේ දරුවාගේ වේදනාව ගැන හිතද්දී. (අ)
රේණුකා පෙරේරා Friday, 12 February 2016 08:18 AM
ජේසු පිහිටයි පුතේ! (ර)
ඉන්දු Sunday, 14 February 2016 01:23 AM
ලෙඩුන්ගේ මුහුණවත් හරියට නොබලා බෙහෙත් තුණ්ඩුව ලියා දෙන චැනල් සෙන්ටර් ඇති රටක පිං පුරන උතුමන්... ඔබලාට බොහොම පිං ..! (ර)
හරීන්ද්‍ර Monday, 15 February 2016 02:46 AM
ගොඩක් වටිනවා. මේ වගේ හොඳ වැඩ කරන්න වාසනාව ශක්තිය නිරතුරුව ඔබට ලැබේවා! පුංචි දරුවාට ඉක්මන් සුවය පතමි (නි)
මාලන් Friday, 12 February 2016 09:30 AM
ජේසු පිහිටයි.! (ර)
අජිත් Saturday, 13 February 2016 01:19 PM
තෙරුවන් සරණයි! (නි)
පත්මසිරි Friday, 12 February 2016 01:57 PM
සල්ලි මත්තේම වෙදකම් කරන, සල්ලි පිටුපස හඹාගොස් වෛද්‍ය වෘත්තිය ජනඅප්‍රිය කරනා අය අතර ඔබ දෙවිවරුය (නි)
රෝනිති Friday, 12 February 2016 06:21 AM
පිං සිද්ධ වෙනවා. (ර)