පාර්ලිමේන්තුවේදී ‘හඬ‘ අනුව ඡන්දය විමසීමේ නිත්‍යනුකූල භාවය ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. සමහරු එය නීත්‍යනුකූල බව කියති. තවත් සමහරු එය නීත්‍යනුකූල නොවන බව කියති. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන ආකාරය ගැන පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන් වන ලිපිය පහත දැක්වේ.
සභාවේ තීරණය අවශ්‍ය වූ විටදී මන්ත්‍රීවරයන්‌ගේ අනුමතිය හෝ විරුද්ධත්වය දැනගැනීම පිණිස ප්‍රශ්නය සභාවට යොමු කරනු ලැබේ. මන්ත්‍රීවරයන්ගේ තීරණය ඡන්දයෙන් ලබාගනියි. ඡන්දයක් පැවැත්විය හැකි වන්‌නේ පාර්ලිමේන්තුව රැස්වන විටකදී පමණි. සෑම මන්ත්‍රීවරයකුම ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන අතර ඡන්දය පුද්ගලිකව පාවිච්චි කරනු ලැබිය යුතුය. ඡන්දය දීමේදී මන්ත්‍රීවරයා සිය අසුනේ සිටිය යුතුය. සෑම මන්ත්‍රීවරයකුටම ඡන්ද අයිතිය හිමිවන අතර අවශ්‍ය නම් ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකිය. පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. ඒවා නම්,
අ. කටහඬින් ඡන්දය ප්‍රකාශ කිරීම
වඩාත් සුලබව දක්නට ලැබෙන්‌නේ කටහඬින් ගන්නා ඡන්දයයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට යොමුකළ විට පක්ෂ අය “පක්ෂයි”යනුවෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනුවෙන් ද ප්‍රකාශ කරයි. සභාවේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කථානායකවරයාගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවරයෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට බෙදීමක් ඉල්ලා සිටිය හැකිය.
ආ. මන්ත්‍රීවරයන් පේළියෙන් පේළිය බැගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම (සිය අසුනෙන් නැගී සිට ඡන්දය ප්‍රකාශ කිරීම)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(2)(අ) හි සඳහන් ආකාරයට ඡන්දය විමසනු ලැබේ. මන්ත්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් සිය අසුන් වලින් නැගී සිට සභාව ඉදිරියේ ඇති යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඡන්ද ගණන් කොට ප්‍රතිඵලය කථානායකවරයාට දන්වනු ලබන අතර කථානායකවරයා විසින් එම ප්‍රතිඵලය සභාවට ප්‍රකාශ කරනු ලැබේ.
ඇ. විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය විමසීම
මන්ත්‍රීවරයන් විසින් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ ශබ්ද සම්මන්ත්‍රණ පද්ධතියෙහි ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.
ඈ. නමින් ඡන්දය ප්‍රකාශ කිරීම
නමින් බෙදීමක් අවශ්‍ය යැයි මන්ත්‍රීවරයකු යෝජනා කළවිට කථානායකවරයා විසින්,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(2)(ඇ) හි සඳහන් පියවර ගනු ලබයි. මේ අවස්ථාවේදී බෙදුම් සීනු මිනිත්තු පහක් නාද කළ යුතු අතර බෙදීම නමින් ගත යුතුය. සෑම මන්ත්‍රීවරයකුගෙන්ම තමා ඡන්දය දීමට රිසි ආකාරය විමසා එය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සටහන් කර ගනු ලැබේ. පළමුව අග්‍රාමාත්‍යවරයාගේ ද ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද,අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද,ඉන්පසු අනෙකුත් මන්ත්‍රීවරයන්ගේ ද ඡන්දය නම්වල අකාරාදී අනුපිළිවෙළට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් විමසනු ලැබේ. යම් මන්ත්‍රීවරයකු ඡන්දය භාවිතා කිරීමෙන් වළකින බව ප්‍රකාශ කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබේ. ඡන්දය ගණන් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් එකී ප්‍රතිඵලය කථානායකවරයා වෙත ලබාදිය යුතු අතර එවිට කථානායකවරයා විසින් එම බෙදීමේ ප්‍රතිඵලය පක්ෂව හා විරුද්ධව ප්‍රකාශ කරනු ලැබ ඇති ඡන්ද ගණන සහිතව ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඡන්ද සංඛ්‍යා සමාන නම් කථානායකවරයාට තීරක ඡන්දය දීමෙන් අනතුරුව ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකිය.
තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබා දෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 49 හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.එමෙන්ම,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48 හි සඳහන් පරිදි ඡන්ද විමසීමේ පැටලිලි සහගත තත්ත්වයක් හෝ වරදක් ඇති අවස්ථාවක තවත් ඡන්ද විමසීමක් වෙත පාර්ලිමේන්තුව යොමු කරනු ලැබීමට කථානායකවරයාට හැකිය.
http://www.parliament.lk/si/how-parliament-works/business-of-parliament/how-to-vote
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටහඬ අනුව ඡන්දය විමසිය හැකිද
Uvi Saturday, 17 November 2018 06:43 AM
2011දී චමල් රාජපක්ෂ විසින් කටහඬ අනුව ඡන්දය විමසා ඇත.
rasitha Saturday, 17 November 2018 05:29 PM
2011දී චමල් රාජපක්ෂ ඒගැන ප්‍රකාශ කිරීමක් පමණයි, නමුත් සිද්දවෙලා නෑ. නමින් ගන්න චන්දයෙන් ඒ කතාව අවසන්
Upul Sunday, 18 November 2018 09:39 AM
මරු වැඩේ..
rocky Wednesday, 21 November 2018 06:12 AM
රාජපක්ෂ කෙනෙක් එහෙම කලොත් හරි. අනිත් කවුරු කෙරුවත් වැරදියි!