IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කෝටි ගණන් වතුරේ යැව්වේ කාගේ ඕනෑකමටද?

අපේ රටට ආර්ථික ගැටලු කෙතරම් තිබුණත් කෝටි ගණන් මුදල් මකර කටට තල්ලුකරන ව්‍යාපෘතිවලින් අඩුවක් නැත. වරින් වර අප මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් රට දැනුවත්  කර තිබේ. එහෙත් ඒ වැඩකට නැති ව්‍යාපෘති නවතා දැමීමට කාගේවත් උනන්දුවක් නැත. ජාතික විගණන කාර්යාලය පසුගියදා නිකුත් කළ අලුත්ම වාර්තාවකින් වෘත්තීය පුහුණු අධිකාරියේ සිදුවූ එවැනි නාස්තිකාර වැඩක් පිළිබඳ විස්තර හෙළිකර තිබිණි.

විගණන කාර්යාලයේ අදාළ වාර්තාවට අනුව එහිදී නාස්ති වූ මුදල රුපියල් කෝටි 14 ක් වශයෙන් සඳහන් වෙයි. නාස්තියට හේතුව වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුව ලබන සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අහංගම හෝටල් පාසල කෝටි 14 ක මුදලක් යොදවා සංවර්ධනය කළත් එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීමය. 2019 වසරේදී සංවර්ධනයකර තිබූ එම හෝටලයෙන් පසුගිය වසරේ ජුනි 30 වැනිදා දක්වා කිසිදු ආධුනිකයකුට ප්‍රායෝගික පුහුණුව ලබාදී නොතිබිණි. කොවිඩ් වසංගතයට කොටුවූ කාලය අතහැර දැමුවත් සෙසු කාල සීමාවල දී හෝ එම හෝටලයෙන් පුහුණුව ලබාදීමට වෘත්තිය පුහුණු අධිකාරිය අසමත්වී ඇති බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

එකී අධිකාරියට සම්බන්ධ  තවත් මූල්‍යමය අක්‍රමිකතා ගණනාවක්ද එම විගණන වාර්තාවෙන් මතුකර දක්වා තිබිණි. විශ්‍රාම ලැබූ සේවකයන් 35 දෙනකුගෙන් එම අධිකාරියට අයවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් පසුගිය වසරේ ජුලි මාසය වනවිටත් අයකර ගැනීමට අපොහොසත්වීම, එම අධිකාරියට රාජ්‍ය ආයතන රැසකින් ලැබිය යුතු රුපියල් ලක්ෂ 55 කට වැඩි මුදලක් අයකර ගෙන නොතිබීම, සංවර්ධන ව්‍යාපෘතියක අරමුදලට පටහැණිව පරිගණක පාඨමාලාවක් සඳහා රුපියල් කෝටියක් වැයකර පරිගණක 30 ක් සහ උපාංග මිලදී ගැනීම එම අක්‍රමිකතා අතර වෙයි.

මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ගනු ලැබූ පියවර කුමක්දැයි පැහැදිලි නැත. එසේත් නැත්නම් අයකරගැනීමට තිබෙන මුදල් ගජමිතුරු සංකල්පයේ ගොදුරු බවට පත්වී අධිකාරියේ ගිණුම්වලට බැරවිය යුතු මුදල් යම් යම් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට තැන්පත්වී තිබෙනවා විය හැකිය.

පුහුණුව ලබාදීම සඳහා හෝටලය අවශ්‍ය බවට තීන්දු තීරණ ගනිද්දී ඒ සඳහා පුහුණුව ලබන පිරිස යොමු කිරීමට නිසි වැඩපිළිවෙළක් ද සැකසිය යුතුව තිබිණි. කොවිඩ් වසංගතය හරස් වූවා නම් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ද හැකියාව තිබිය යුතුය. වෘත්තිය පුහුණු අධිකාරියට පාලක මණ්ඩලයක් පත්කර තිබෙන්නේ ඒ ඒ අවස්ථාවලට ගැළපෙන ආකාරයට තීන්දු ගැනීමට පමණක් නොව එසේ සිදු නොවන්නේ නම් සහ දූෂණ සහ අක්‍රමිකතා සිදුවන්නේ නම් ඒවාට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත්ය. ඒ කිසිවක් සිදුනොවන්නේ නම් එහි වගකීම පාලක මණ්‍ඩලය මත පැවරෙන බවද සඳහන් කළ යුතුය.

අපේ රටේ බොහොමයක් මැති ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් සුළු හේතුවක් පෙන්වා මහවැඩවලින් කර ඇරීමට උපන් හපන්කමක් දක්වන්නෝ වෙති. මෙවැනි අක්‍රමිකතා ඉහටත් උඩින් වාර්තාවෙද්දී ඒ සියලු දේ නොදැක්කා සේ මෙන්ම නො ඇසුණා මෙන් සිටීමට ද ඔවුන්ට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. එහි ප්‍රතිඵලවලින් බැටකන්නේ මෙරට ආර්ථිකයයි.

වෘත්තීය පුහුණු අධිකාරියට මෙහිදී හෝටලයෙන් ප්‍රයෝජන නොගැනීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ සමාවට කරුණු ඉදිරිපත් කළ හැකි බව ද අපි දනිමු. පහසුම පිළිතුර වනු ඇත්තේ කොවිඩ් වසංගතයේ බලපෑමයි. එහෙත් ලොවේ වෙනත් රටවල් කොවිඩ් වසංගතය හමුවේ ක්‍රියා කළ ආකාරයත් ඉන්පසුව තමන්ගේ රටවල ආර්ථිකය ගොඩනංවාගත් ආකාරයත් පිළිබඳ සුළු හෝ හැදෑරීමක් කළහොත් අපේ රටට සිදුවී ඇති ආර්ථික වින්නැහියට හේතු සොයා ගැනීම අපහසු නැත.

කෝටි ගණන් වතුරේ යවන නාස්තිකාර ව්‍යාපෘති කිරීමට ලොවේ බොහෝ රටවල්වල දැන් ඉඩක් නැත. එවැන්නක් සිදුකළහොත් එහි වගකීම දැරූ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වෙයි. අපේ රටේ ඒ දෙකම කෙරෙන්නේ නැත. බදු ගෙවන ජනතාවට එම නාස්තිකාර ක්‍රියාවල වන්දිය ගෙවීමට සිදුවීම ලොකුම කරුමයයි.

(***)



අදහස් (0)

කෝටි ගණන් වතුරේ යැව්වේ කාගේ ඕනෑකමටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 227 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 92 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 184 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 873 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site