සමහරු අරක්කු බොන්න ගත්තහම හරියට බීගෙන බීගෙන යන්නෙ බෝතලේ දැං ඉවරවෙයි දැං ඉවරවෙයි කියන හැඟීමකින් වගේ.
ඇත්තටම පැත්තකට වෙලා බලන් හිටියොත් ඔබටම තේරෙවි ඒක තරගයක්. අඩුම ගානේ බොන බීමේ රස දිවට නොදැනී උගුරට හලා ගන්න තරගයක්.
මෙන්න මේ තරගෙට බොන සමහරු තමාගේ බිරිඳ ආස කරන ඇඳුමක් අරං දෙන්න රුපියල් පන්සීයටත් ලෝභකම් කළාට මොකද ඊට වැඩි මුදලක් අරක්කුවලට වියදම් කරන්නේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
ඒත් ඔබ දන්නව ද හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඔබ බොහොම කැමැත්තෙන් බොන අරක්කු වීදුරුවේ ඔබේ මරණය පවා සැඟවිලා තිබෙන බව?
මත්පැන් බොහොමයක තිබෙන රසායනිකය වන්නේ එතනෝල්. එහෙම නැත්නම් ඊතයිල් මධ්‍යසාරයි. මේ රසායනික කොයි එක වුණත් එහි දැඩි බලපෑම තියෙන්නේ ඔබේ ස්නායු පද්ධතියට.
තීරණය කරන්න අපහසු සීමාවක් නැති බරපතළ හානි ගෙන දෙන මත්පැන්වල සැර ගතිය අඩුවෙන්න ගතවෙන කාලය දින ගණනාවකි.
නමුත් ඔබ දිගින් දිගටම මධ්‍යසාර ලබා ගන්නා අයෙක් නම් සැර අඩුවෙන්න කෝ කාලයක්? කිසිම වෙලාවක අඩු නොවෙන සැර නිසාම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන අනිසි බලපෑම මුළු ශරීරයටම බලපෑම් එල්ල කරන්නක්.
මුල් දවස්වල දී එක අරක්කු වීදුරුවටත් වෙරි වෙන ඔබට කාලයක් යනකොට බෝතල් දෙකක් බිව්වත් වෙරි වෙන්නෙ නෑ. දන්නව ද එයින් හැඟවෙන්නේ මොකක් ද කියලා? අවශ්‍යතාව වැඩිවෙන්න වැඩිවෙන්න ඇබ්බැහි වීම වැඩිවෙලා කියන එක.
වෛද්‍ය මතයට අනුව අරක්කුවලට ඇබ්බැහි වුණ කෙනෙකුගේ මොළයේ සෛල වර්ධනය, ස්නායු අකර්මණ්‍ය වීම විතරක් නෙවෙයි අක්මාව පවා නරක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් පාලනයකින් තොර බීමත්කම පාලනයකින් තොරවම ඔබව විනාශ කරනවා.
මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අසංක අද වනවිට තව එක දවසක් හරි ජීවත් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා.
අසාධ්‍ය තත්ත්වයට පත්වුණ රෝගියෙක්ව උපහාසයට ලක් කරනවා නෙවෙයි. ඔහුට අද ඕනැලු තමාගේ දුව වෙනුවෙන් ජීවත් වෙන්න.
විස්කිවල සුවඳට එතිලා බ්‍රැන්ඩිවල ගිලුණු මේ තාත්තාට එදා හිතුනා නම් තමන්ට දුවෙක් ඉන්න බව අද ඇතිවෙලා තියෙන තත්ත්වය මොන තරම් වෙනස් වේවි ද?
මේ “ඉරිදා ලංකාදීප” කොළඹ ජාතික රෝහලට ගිය ගමනකදී හමු වූ බිරිඳක්.
ඇය සමන්තිකා. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අසංකගේ බිරිඳ. ඔවුන්ට එක දුවෙක් ඉන්නවා.
අසංකගේ බීමත්කම කොයිතරම් ද කිව්වොත් මේ වෙනකොට ගෙදර තිබුණු හැම සතේම බීමට වියදම් කරපු අසංකව බලන්න රෝහලට එන්නෙත් අගහිඟකම් දහසක් මැද්දේ.
“සමන්තිලාගේ ගෙවල් කොළඹ ද?”
“නෑ මිස්. මගේ ගම කළුතර, වාඩිය මංකඩ.”
“අසංකගෙ ගමත් කළුතරම ද?”
“නෑ එයා මාතර. අසංක අපේ අම්මලාගේ පැත්තෙන් නෑයෝ වෙනවා.”
“අද මේ වගේ ලෙඩ ඇඳට වැටෙන තරමට අසංක බොන්න පටන් ගත්තේ කොහොම ද?”
“මොනවද නෝන. ඉතිං බීමට තියෙන කෑදරකම නිසා හැමදාම බිව්වා. එහෙම බොන්න දාහක් හේතුත් තිබුණා.”
“සමන්තිගේ පවුලේ සමන්ති විතර ද?”
“නෑ. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. මම පවුලේ එකම ගෑනු ළමයා.”
“පිරිමියෙක් වුණාම ඔය උත්සවයකදී බිව්වට කමක් නෑ. මං අහන්නේ කොයි දේකත් විදිහක් තියෙනවනේ. උදේට ගෙදරින් යනකොට හුම් සද්දයක් නෑ. ඒත් ඉතිං හවසට ගමටම ගහගන්න අඬගහනවා. ගහගන්න අඬගැහුවට මොකද තමන්ටම තමං වාරු නැතිකොට කවුරුහරි ගහගන්න ආවොත් ගුටිකන්න විතරයි පුළුවන්.”
“කසාද බැන්දේ යෝජනාවකින් ද?”
“අනේ ඔව්. අපි කසාද බැන්දේ යෝජනාවකින්. පවුලේ එකම කෙල්ලනේ කියලා තමයි එයාට මාව කතා කළේ.”
“අම්මා තාත්තා මාව හිස් අතින් එව්වේ නෑ. ගෙයක් දොරක්, ගෙදරට බඩු මුට්ටු, රත්තරන් බඩු, සෑහෙන්න දෑවැද්දක් දුන්නා. ඒත් මේ වෙනකොට ගෙදර වාඩි වෙන්න හරි හමං පුටුවක් නෑ.”
“ඇයි අසංක ඒවත් විකුණලා බිව්ව ද?”
“මොන පිස්සුද නෝනා. බීලා ආවම බඩු කුඩු කරනවා. අතට අහුවෙන එකෙන් මට ගහනවා.”
“එයාට බීපු වෙලාවට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ කාලෙ වෙච්ච අමනාපකනුත් මතක් වෙනවා. කාපු බීපු වෙලාවට තමයි මිනිහෙකුගෙ ඇත්ත එළියට එන්නේ. මේ මනුස්සයා හරිම කුහකයි.”
“අසංක තරුණ කාලෙත් ඔය විදිහ ද?”
“අනේ ඔව්. ඒ දවස්වලත් බිව්වා. ඒත් ඉතින් අද වගේ නම් නෑ. හොඳට රස්සාව කරගෙන හිටියා. ඒත් කාලයක් යනකොට බෝතලේ නැතිව බැරි වුණා.
සමහර දාට කොහේ හරි බීලා ගෙදර එනවා. තවත් සමහර දාට යාළුවෝ පිරිවරාගෙන ගෙදර බොනවා.”
“අද බලන්නකෝ ඉතින් ඔය බීගෙන කරගෙන තියෙන්නේ මොනවද කියලා. අඩුම ගානේ එයාටවත් වැඩක් වෙලා ද?”
“අසංක රස්සාවක් කරනව ද?”
“ඔව්. එයා තැපෑලේ වැඩ කරන්නේ. දුව ලැබෙන්න ඉන්න කාලේ ඉස්කෝලෙක කැන්ටිමක් කළා. පස්සෙ පාඩු නිසා නැවැත්තුවා.”
“දැන් දුවගේ වයස කීය ද?”
“මගේ දුව දැන් ලොකු ළමයෙක්. මේ අවුරුද්දෙ ඕ ලෙවල් ලියනවා. මේ මනුස්සයගේ බීමත්කමට ළමයාවත් විනාශ වෙන්න දෙන්න බෑනේ.”
“ඒ නිසා මම එයාව මගේ ලොකු අයියාගෙ ගෙදර නැවැත්තුවා. ඒ ළමයත් මේ ලෙඩ ඇඳේ ඉන්න තාත්තා නිසා බොහොම ලැජ්ජාවට පත්වෙලා ඉන්නේ.”
“ඇයි එහෙම කියන්නෙ? දුවටත් කරදර කරනව ද?”
“අපොයි නෑ දුවට ආදරෙයි. කොයිතරම් බීලා ගෙදර ආවත් දුවට මොනවා හරි අරගෙන තමයි ගෙදර එන්නේ.”
“ඒ වුණාට දරුවා මෙයා බීපු වෙලාවට ළඟ ඉන්නවත් කැමති නෑ. දවසක් අපි කුරුණෑගල නෑ ගෙදරක මගුලකට ගියා. අනේ ඉතිං තියෙනවට නොවෙයි.
අපිත් බොහොම ආසාවෙන් ඒ මංගල්ලෙට සහභාගි වුණේ.
කසාද බැන්දේ මගේ අයියගේ නෝනගෙ මල්ලි. ඒ මංගල්ලෙට ගිහිල්ලත් රණ්ඩු ඇති කර ගත්තා. නෑ ගෙදරක ගියත් අපි දෙන්නා ඉන්නේ හිතේ සැනසීමෙන් නෙවෙයි.
බීපු වෙලාවට කා එක්ක හරි පැටලෙන්න බැරි වුණොත් අඩුම ගානේ අහල පහල අයට හරි බණිනවා. අපි මගුල් ගෙදරකට සාරි ඇඳගෙන ගියාම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සාරි ගලවගෙන.
ඉතින් කිසිම නෑදෑයෙක් මොනවා හරි උත්සවයකට ආරාධනා කරනකොට අපි දෙන්නා විතරක් එනව නම් හොඳයි කියලා කියනවා.
ඒත් ඉතිං අපට පුලුවනෑ එහෙම කරන්න. ඒ නිසා නෑ ගෙවල්වල නොයා අපිත් මග අරිනවා.
මේ ගෑනු ළමයා පාරේ බැහැල යන්න ඕනෑ කියලා හිතන්න එපායැ. එහෙම වගක් ඒ තාත්තට නෑ.
මිනිස්සු කොයිතරම් අමාරුවෙන් ද මගුලක් ජයට ගන්නේ? ඒ වගේ තැනකට ගිහින් රණ්ඩු කරලා එන එක මොන තරම් වැරදි ද?”
අද අසංකගේ අසනීපෙ බොහොම දරුණු තත්ත්වෙට පත්වෙලා.
මුලදි මේ ලෙඩ හොඳ කරගන්න බැලුවෙ නැද්ද?
“මොකද මිස් නැතුව. මුලදි මුලදි බඬේ කැක්කුම් ආවා. එක එක දොස්තරලාගෙන් බෙහෙතුත් ගෙනාවා. නාගොඩ ඉස්පිරිතාලෙන් අනන්තවත් නැවතිලා බෙහෙත් කරගත්තා. කැක්කුම් හැදිලා බෙහෙත් බීලා යන්තම් හොඳ වුණ ගමන් බොනවා.
කිව්වට අහන්නේ නෑ. මගේ අයියලා දෙන්නා බෙහෙත් හේත්වලට සල්ලි දෙනවා. එයාලටත් පවුල් තියෙනවානේ. ඔය හැටි කරදර කරන්න පුළුවන් කාට ද?
එක පාරක් හොඳටම අමාරු වුණා. ඔන්න මළා මෙන්න මළා කියලා හිටියා. දොස්තර මහත්තුරුන්ගෙයි මිසීලගෙයි මහන්සියෙන් ජීවිතේ බේරගත්තා.
දොස්තර මහත්තුරු අවවාද කරලා ගෙදර එව්වා ආයෙ බොන්න එපා, බිව්වොත් වෙන්නේ මේකයි කියලා. ඒත් කෝ ඇහුවේ නෑ. උදේ පාන්දර අරක්කු කාල වැට මුල්ලෙ හංගල තියාගෙන බිව්වේ.”
දැන් දොස්තරලා මොනවද කියන්නේ?
“දොස්තර මහත්තුරු ඉතින් දන්න තරම් උත්සාහ කරනවා. අනේ ඇත්තටම ඒ ඇත්තන්ට දෙවියො පිහිට වෙන්න ඕනෑ. ඒත් ඉතිං මේ වතාවෙ ගොඩ ගන්න පුළුවන් වේවි ද සැකයි.”
ඇය කතා කරනුයේ සඟවාගත් වේදනාවකින් යුතුව යයි මට සිතේ. අසංක වෙනුවෙන් තවමත් පහව නොගිය ආදරය කරපින්නාගෙන ඇය වධ විඳි විටෙක ඔහුට බැණ වදින ඇය තවත් විටෙක ඇඬුමකට අර අදින සිතුවිලි තදකර ගනී.
විශ්වාස කරන්න දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ වූවත් හැඬුමෙන්, බැණුමෙන්, නෝක්කාඩුවෙන්, දෙස්දෙවොල් තැබීමෙන් එළිදකින්නේ ඇය වාවා ගන්නා ආදරයමය.
ඒ තරම් බීමත්කමට පෙම් කර තමා සිය දරුවා අසරණ කළා වුව ද ඇයට වුවමනා ඔහුව තව දවසක් හරි සුවපත් කරගන්නටය.
ඇය අපට කිව් කතාව තුළ අමතක නොකළ යුතු පාඩම් බොහෝමයක් විය. එය නවීන සමාජයේ මංගල උත්සවවලට යන සමහර පිරිමින් අතින් සිදුවන විශාල වරදකි.
සිය අඹු දරුවන් සමග මංගල උත්සවවලට යනමුත් බීමෙන් පසු අමුතුම පුද්ගලයන් බවට පත් වන්නේ තමාට තමා පාලනය කරගත නොහැකි ලෙසය.
සතුට ඇත්තේ මංගල උත්සවයකට ගොස් කටගොන්නක් බීගෙන කා සමග හෝ රණ්ඩු කිරීම හෝ ගහ මරාගැනීම තුළ නොව, තම බිරිඳගේ, දරුවන්ගේ, නෑසියන්ගේ සහ සාදයට ආරාධනා කළ නෑසියන්ගේ ගෞරවය රකිමින් සතුට පරිස්සම් කිරීම තුළය.
කිසියම් සාදයකට සහභාගි වී ඔබේ විනෝදාස්වාදය උදෙසා කරන දේ තුළත් ඔබේ නිවැසියන්ගේ සතුට විනාශ වෙනවා විය හැක.
ඉතින් තැනකට ගියාම ගාණට බොන්න, බීලා ප්‍රශ්න ඇති කළාම දරුවාට ලැජ්ජාව කියල කිව්වේ නැද්ද?
අනේ අනන්තවත් කිව්වා. ඒ කියනකොට මීයට පිම්බා වගේ අහගෙන ඉන්නවා. ඒත් තැනකට ගියාට පස්සේ සම්පූර්ණ වෙනස්.
පසුගිය දවසක බිලා බීලා කාණු පල්ලක නිදාගෙන ඉඳලා. අපේ කෙල්ල ඉස්කෝලෙ යන්නේ නැතුව සතියක් ගෙදර හිටියා. ඇයි ඉස්කෝලෙ ළමයි දුරදිග හිතන්නේ නෑ. ඉතින් විහිළු කරනවා. ඒත් ඉතිං කෙල්ලගේ හිත රිදෙනවා. ලැජ්ජා හිතෙනවා. ඉතින් ගෙදර ඇවිත් අඬනවා. මොකද මම කියලා ඒ විහිළු කරන ළමයින්ට ගිහින් බණින්නයැ.
අපේ මනුස්සයා දැනගන්න එපැයි, ළමිස්සියක් ගෙදර ඉන්නවා, එයාට ලැජ්ජා වෙන විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න ඕනැ කියලා සිහියෙ තියාගන්න.
“මොනවා වුණත් අපේ මනුස්සයට එයාටම ගැළපෙන යා`ඵවො ටිකකුත් ඉන්නවා. අනේ මන්දා කොහේ තියෙන සල්ලි ද කියලා. බොන්න කිව්වොත් ලක්ෂයක් වුණත් වියදම් කරයි.
ඒත් ඉතිං ගෙදර අඩුපාඩුවක් කිව්වාම ඊට වඩා හිඟන්නෙක් නෑ.
තමන්ට තමාව පාලනය කරගන්න බැරිව හතර වටේ කවුරු වුණත් සටනට කැඳවන්නේ මෝඩකමින් මුළු ජීවිතේම පුරවාගත්තු මිනිස්සු.”
හොඳ පවුල් ජීවිතයක් තුළ බිරිඳ දරුවෝ එක්ක ජීවත්වෙන්න තියෙන වාසනාව අවාසනාවක් කරගන්න සමහරු හිතාගෙන ඉන්නේ බීලා හතරගාතෙන් ගෙදර එන එක වීරකමක් කියලා.
නොබී ඉන්න යාළුවෝ මැද්දේ බීලා වැනෙන එක, කොයි තැනක ගියත් අනිත් අයට වධයක් වෙන විදිහට බැණ අඬ ගහන එක ඇත්තටම වටිනාකමක් වැදගත්කමක් තියෙන මිනිස්සු කරන්නේ නෑ.
හිතෙන හැම වෙලාවෙම මහා ඉහළින් හඬ නිකුත් කරනවා වගේ ඔබ වීරකමක් කියලා ලෝකෙට කියා පාන්නේ ඔබ තුළ පවතින හිස් බව, දුර්වලකම, නැහැදිච්චකම.
වැදගත්කමක් තියෙන නියම පිරිමි දන්නවා තමාගේ දරුවන්ගේ බිරිඳගේ සතුට පරෙස්සම් කරන ගමන් තමන්ගේ ජීවිතෙත් රැකගන්න.
උදාවෙන හෙට දවසේ තිතට මත තියලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයි මතට තිත තියලා ජීවිතේ දිනන්න.
නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කට ගොන්නක් බීගෙන ගමේ ගෝරි දාගෙන...
ධම්ම Monday, 21 November 2016 04:12 AM
මගේ මිතුරෙක් ඉන්නවා මේ වගේම. ඉහත විස්තරය 100%ක්ම ඔහුට අදාළයි. එහෙත් ඔහු තවම මෙතරම් අසාධ්‍ය තත්වයකට පත්වෙලා නැහැ.ඔහු වෛද්‍යවරයෙකු වෙත ගෙනයාම ඉතාමත් අසීරුයි. විශ්‍රාමික ගුරුවරයෙකුවූ ඔහු කිසිවෙක් කියන දේ අහන්නේ නැහැ. මොහු සුවපත් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් දන්නා කෙනෙක් අපට කියාදෙන්න. පින් සිදුවෙයි. (නි)
කළ්‍යාණි Monday, 21 November 2016 10:21 PM
කරුණාකර බීමත්කමට ප්‍රතිකාර කරන හොඳ දොස්තර කෙනෙක් මට කියන්න. මුදල් කීයක් ගියත් කමක් නැහැ (නි)