IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත්  අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්,  යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය. දකුණු ඉන්දියානු සම්භවයකින් පැවත එන දෙවියකු සේ සලකන අතර නැගෙනහිර පළාතේ පානම ගමට දකුණින් පිහිටි  ඕකන් ද ප‍්‍රදේශයෙන් ලංකාවට ගොඩ බැස කාචරග‍්‍රාම හෙවත් කතරගම වාසභූමිය ලෙස තෝරාගත් බවද ඉතිහාසයේ සදහන්වෙයි. එසේ කතරගම දෙවියන් ගොඩබැස්ස තැන පසුකාලීන්ව ඉදිවූ  ඕකන්ද දේවාලය අදත් හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙමින් පවතී. අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස  කතරගම දෙවියන් ප‍්‍රකටය. බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී. කතරගම දෙවියන්ගේ ආයුධය වේලායුදයයි. වේලායුදය යනු ගිනිදලූවක හැඩයෙන් යුත් තලයකින් යුත් හෙල්ලයකි. එය කතරගම දෙවියන්ගේ මෑණියන්වූ පාර්වතී විසින් ඇගේ බලය ලබාදීමක් ලෙස සූරපද්මන් සමග යුද්ධයේ දී භාවිත කිරීමට මෙම වේලායුදය ලබාදුන් බව ජනප‍්‍රවාදයේ කියැවෙයි. යාල ජාතික වනෝද්‍යානයට යාබදව මැණික් ගඟ අසබඩ රුහුණේ ප‍්‍රධාන නගරයක්වන කතරගම ඉපැරණි රෝහණ රාජධානියේ සිංහල රජවරුන්ගේ වාසභූමිය කකතරගම දෙවියන් වැඩ වෙසෙතැයි දැඩි විශ්වාසයක් පවතී. දහසය වැනි සියවසේ දී සිංහලයන් අතර දේව සංකල්පය මුල්බැස ගැනීමෙන් පසු ලංකාවේ ගිනිකොණදිග ප‍්‍රදේශයේ අධිපති දෙවියන් ලෙස කතරගම දෙවියන් හැදින්වීම ද පුරුද්දක් කරගත් බවත් ජනප‍්‍රවාදයේ එයි. කතරගමට වැඩමකළ  කතරගම දෙවියන් මුලින්ම වැඩවාසය කර ඇත්තේ ‘‘වැද්දා’’ හිටිය කන්ද හෙවත් වර්තමාන වැඩිහිටි කන්ද ප‍්‍රදේශයේ බව විශ්වාසයක් පවතී. වැදි ජනයා හෙවත් ගිනිකොණදිග ලංකාවේ විසූ ආදිවාසී ජනකොටස්වල ද පුජාවන්ට පාත‍්‍රවු දෙවියෙකි. අදත් ඇතැම් ආදිවාසී ජනකොටස්වල විවාහ චාරිත‍්‍ර උත්සව වාර්ෂිකව පවත්වන්නේ ජූලි සහ අගෝස්තු මාසවලය. කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂික පෙරහර මංගල්‍යය පවත්වන්නේ ද මේ  මාසවලය. වැදි ජනතාව ද පුදපූජා සදහා කතරගමට එති. වර්තමාන පානම් පත්තුවත් කතරගමත් අතරවූ ප‍්‍රදේශය අතීතයේ තැන් තැන්හි ජනාවාසවී තිබු බව කියැවේ. හැලව, වදගම, කුමන, මීයන්ගොඩ එවැනි ජනාවාස භූමි විය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප‍්‍රවාදයේ ද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේ ද වෙසෙන බව සදහන් වේ. කතරගම දෙවියන්ගේ උපත ගැන මත කිහිපයක් ඇත. ඉන්දියාවේ හෙවත් භාරතයේ දේව කතා අනුව බුද්ධ වර්ෂය ආරම්භයට පෙර  කතරගම නුවර සිටි මහාසේන රජතුමා මරණින් පසු කතරගම දෙවියන් වී යැයිද මතයක් පවතී. බුද්ධාගම රැකබලා ගැනීමට ඔහු දේවත්වයට පත්වූ බවද සදහන්වෙයි. අනෙක් මතය නම් ඉන්දියාවේ සිට පැමිණි යුද දක්‍ෂයකු මරණින් පසු දේවත්වයට පත්වී කතරගම දෙවියන් වු බවයි.  සුරාසුර යුද්ධයේ දී පරාජයට පත්වෙමින් සිට සුරයන්ගේ හමුදාවට නායකත්වයක් දීමට කෙනකුගේ අවශ්‍යතාවක් ඇතිවිය. එය සම්පුර්ණ කිරීමට ශිව සහ පාර්වතීගේ සංගමයේ ඇතිවූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට බාරදී ඇත. අග්නි දෙවියන් එය ගංගා දේවියගේ ගර්භයේ තැන්පත් කර ඇත. එම කලල බීජය කන්‍යාවෝ හය දෙනෙක් පෝෂණය කර තිබේ. එම කන්‍යාවන්ගේ පෝෂණයෙන්  බිහිවු මුහුණු හයක දරුවා කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. හින්දුන්ට අනුව කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් වේ. කතරගම දේවියන්ගේ මුහුණු හය සම්බන්‍ධව පානම් පත්තුවේ ජනතාව අතර ඇති කතා පුවතක් මෙසේය. වසර ගණනාවකට පෙරදී පානම ප‍්‍රදේශයට වඩා ජනතාව වාසය කර ඇත්තේ වත්මන් කුමණ ජාතික වනෝද්‍යානයේ විවිධ තැන්වලය. හැලව, බාගුරා, වදගම, කුමණ ආදිවු ප‍්‍රදේශවලය. එක්තරා කාලයක මහා නියගයක් සමග වැසියන්ගේ භවභෝග විනාශවී ලෙඩ රෝග පැතිරී දුර්භික්‍ෂයක් බවට පත්ව තිබේ. කැලේ තපස් රකිමින් සිටින සෘෂිවරයකු සිටින බවට වූ ආරංචියක් මත ගමේ වැඩිහිටි පිරිසක් කැලේ ගොස් මේ සෘෂිවරයා හමුවේ පත්ව ඇති විපතින් ගම්දනව් බේරා දෙන ලෙස වශයෙන් ඉල්ලා ඇත. ඒ ඉල්ලීමට කන්දුන් සෘෂිවරයා  දුර්භික්‍ෂය පළවා හැර වැසියන්ට යළි යහපත් කාලයක් උදාකර දී තිබේ. පසුව ගම්වැසියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ මේ සෘෂිවරයා මියගොස් තිබේ. ගම් වැසියන් එකතුවී ඔහුගේ පිළිරුවක් තනවා ගැනීමට මුර්ති ශිල්පියෙක් ගෙන්වා ඇත. මුර්ති ශිල්පියාට මේ සෘෂිවරයාගේ සිරුරේ ලක්‍ෂණ පුද්ගලයන් හය දෙනකු  විසින් පෙන්වා දී දෙනු ලැබ ඇත. එක් අයෙක් කී ලෙසට පිළිමය සකසනවිට අනෙක් තැනැත්තන් ඇවිත් එලෙස නොවේ යැයි වෙනත් විස්තර කියා ඇත. පසුව මුර්ති ශිල්පියා පවසා ඇත්තේ හය දෙනාම කියන ආකාරයේ දේහ ලක්‍ෂණ ඇතුළත්කර මුහුණු හයක් ඇති මුර්තියක් සකසමුය යන්න බවත් ඒ සැකසූ පළමු පිළිමය ඔස්සේ එය කතරගම දෙවියන් ලෙස නම්කර  මුහුණු හය සහ අත් දොළසේ කතාව ආරම්භ වූ බවත් සදහන්වේ. මේවා සියල්ලක්ම පාහේ ජනප‍්‍රවාද නිසා ඒවා අදහස් නිසා අපට බැහැර කිරීමට හැකියවක් නැත. සුර අසුර යුද්ධය සැලකීමේ දී සුරයන් වූයේ ලාංකිකයන්ය. අසුරයන් යනු ඉන්දියානුවන්ය. අසුරයන් සත්ව ඝාතනය කර යාගහෝම පැවැත්වු පිරිසක් බවත්, ලංකිකයන් නිර්මාංශිකයන් බවත් ජනප‍්‍රවාදය කියයි. නිර්මාංශිකයන් මෙහිදි ජය ලබයි.  තරු රජු හා මහසෙන් රජු අතර සටනකින් මහසෙන් රජු මියයයි. සෙන්පති රජවෙයි. එසේ රජවු  සෙන්පති කතරගම දෙවියන් යැයිද විශ්වාසයක් පවතී. තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ කතරගම දෙවියන් අංගම්පොර සටන් කලාවේ නිර්මාතෘවරයා බවයි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසද බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනපතියකුව සිට පසුව රජ වූ  කතරගම මහසෙන් රජු බවටද මතයක් පවතී. ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ දෙමළ හින්දුන් කාර්තිමම් ලෙසද කතරගම දෙවියන් සලකනු ලබයි. කාර්තිමාමම් ස්කන්ධ මුරුක්කන් සමග සම්බන්‍ධකම් පවත්වා ඇති බවත් දෙමළ හින්දු ජනතාවගේ විශ්වාසයයි. නිකාය සංග‍්‍රහය අනුව සතරවරම් දෙවි කෙනකු ලෙස කතරගම දෙවියන් සැලකීමට පටන්ගෙන ඇත්තේ දාහතරවන සියවසේ සිටය. එළාර රජු සමග දුටුගැමුණු රජු යුද්ධයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වීමෙන් පසුවය. යුද්ධය දිනා ගැනීමෙන් පසු ආපසු ආ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය තැන වූ බව විශ්ණුවාදයේ සදහන්වන බවද කියැවෙයි. වැදි ජනතාවගේ ‘‘කන්දේ දේව’’ විශ්වාසය තුළ කතරගම දේවාලය ආරම්භ වූ බවට ද අදහසක් පවතී. අතීතයේ දකුණු ඉන්දියාවේ ආක‍්‍රමණ හමුවේ උතුරින් පලා ආ රජවරුන්ට රැකවරණ දුන් ප‍්‍රදේශයක් ලෙස කතරගම ප‍්‍රසිද්ධය. කතරගම දෙවියන් නිසා අද කතරගම ප‍්‍රදේශයේ දේව භක්තිය නොඅඩුව පවතී.  කතරගම දෙවියන් දුකේ දී මෙන්ම සැපේ දීත් පිහිටවන දෙවිකෙනකු ලෙසත් වැරදි කරන අයට දඩුවම් දෙන දෙවියකු ලෙසත් ප‍්‍රකටය. පානම් පත්තුවේ ජනතාව පත්තිනි දේව මෑණීයන් සහ අලූත් බණ්ඩාර දෙවියන් ඇදහුවත් කතරගම දේවයන්ගේ පිහිටාරක්‍ෂාව වෙනුවෙන් වාර්ෂිකව පුදපූජා පවත්වති. විශේෂයෙන් අදටත් පානම ගමේ ‘‘සක්කර පූජාව’’ නමින් බවභෝග වගා ආරම්භ කිරීමට පෙර කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වනු ලබයි. මේ දානය දෙන්නේ ගමේ සෑම කෙනකුගේම ආධාර එකතුකරගෙන හතරමං හන්දියකය. සතා සිවුපාවුන්ගෙන් කුඹුරු හේන් ආරක්‍ෂා කරදෙන ලෙසත්, ගමේ වෙසෙන බාල මහලූ තරුණ සැම දෙනාම ලෙඩ රෝගවලින් ආරක්‍ෂාකර දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලීම මෙම සක්කර පුජාවේ අරමුණ බව පානම වැසියන්ගේ අදහසයි. වර්තමානයේ පානම ගම දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයට අයත්ව තිබුණත් 1977ට පෙර තිබුණේ මඩකළපුව දිස්ත‍්‍රික්කයට අයිතිවය. නිදහස ලැබීමට පෙර යටත් විජිත යුගයේ දී මඩකළපුවේ ආණ්ඩුවේ ඒජන්ත  ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතිකයෙකු වු කුමාරස්වාමි මහතා විනෝදය පිණිස සතුන් දඩයම් කරන්නට කැමැත්තක් දැක්වූ කෙනෙකි. දිනක් ඔහුගේ පාසල් වයසේ පසුවු කුඩා දියණිය ද අතවැසි සේවකයන් කිහිප දෙනකු සමග බාගුරා ප‍්‍රදේශයට පැමිණ කූඩාරම් සාදාගෙන නැවතී ඇත. බාගුරා ප‍්‍රදේශය පිහිටා ඇත්තේ වර්තමාන කුමණ ජාතික වනෝද්‍යානය තුළය. නැගෙනහිර ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පාදචාරිකාවේ බැතිමතුන් එන්නේ මේ ප‍්‍රදේශය හරහාය. ඒ කාලයේ ඇතැමුන් විනෝදයට සතුන් දඩයම් කරන්නට මේ ප‍්‍රදේශවලට පැමිණෙයි. කුඩාරමේ නැවතී සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වළි කුකුළකු ඉගිළී යනු දැක ඌට වෙඩි තැබීමේ අරමුණින් කූඩාරමෙන් එළියට බැස ගිනිඅවියත් රැගෙන කුඩා දියණිය සමග කැලේ ඇතුළට ගමන් කර ඇත. ඔහුගේ ආරක්‍ෂාවට පැමිණි සේවකයා තමාත් එන්න දැයි විමසූවිට මහ දිසාපතිවරයා පවසා ඇත්තේ මෙය ‘‘තමාගේ වැයික්කිය’’ බැවින් තමාට ඉහළින් කෙනකු එහි නැති බවයි. කැලේ ඇතුළට ගිය ආණ්ඩුවේ ඒජන්තවරයා සහ ඔහුගේ කුඩා දියණිය පැය ගණනක් ගතවී ඇතත් නොපැමිණියෙන් ඔවුන් සෙවුවද අතවැසියන්ට ඔහු හමු නොවිණි. එදා අදමෙන් සන්නිවේදන පහසුකම් නොතිබු නිසා ඒජන්ත තැනගේ අතුරුදන්වීම වගකිව යුත්තන්ට දැන්වීමට ද එහි යායුතුය. කෙසේ හෝ මහ ඒජන්ත තැනගේ සහ ඔහුගේ දියණියගේ අතුරුදන්වීම ආරංචි වී යටත් විජිත මහ ලේකම්වරයාගේ අවසරය ඇතුව ඉංග‍්‍රීසි හමුදාව සහ පොලිසිය ද යොදවා කූඩාරම තනා තිබු ප‍්‍රදේශය සහ අවට දින කිහිපයක්ම සොදිසි මෙහෙයුම් කර ඇත. නමුත් අතුරුදන් වූවන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අතවැසි සේවකයන් සහ සාමාන්‍ය වැසියන් කතරගම දෙවියන් ද අදහන පිරිස්ය. ඔවුන් කතරගම දෙවියන්ට පඩුරක් බැද ඒජන්තවරයා සහ දියණිය සොයා දෙන්නැයි බාරයක් විය. මහ පුදුමයකි. හෝරා කිහිපයකට පසු මහ ඒජන්ත දියණියත් සමග කූඩාරමට නුදුරින් සිටියදී හමුවිය. කතරගම දෙවියන්ගේ අඩවියේ කට වරද්දාගත් මහ දිසාපතිට කතරගම දෙවියන් සුලූ දඩුවමක් දුන් බව සේවකයන් අතර පසුව කතාබහට ලක්විය. එහි අනෙක් කතාව වන්නේ මීට අවුරුදු හයකට පෙර සිදුවු තවත් සිදුවීමකි. මේ කතාව සිහිපත් කරදුන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බී ගුණසිංහ මහතායි. ‘‘අපි මුලින් කිව්ව ආණ්ඩුවේ ඒජන්ත තුමාත් එක්ක පුංචිකාලේ බාගුරා ප‍්‍රදේශයේ දී දින ගණනක් අතුරුදන්ව සිටි කුඩා දියණිය කුමණ යළි විවෘත කළාම 2005 දී විතර පිරිසක් එක්ක බලන්න ආවා. එතකොට ඇය වියපත් කාන්තාවක්. කුමණ ඇතුළෙ ඇවිදින කොට ගල්අමුණ ප‍්‍රදේශයේ දී මහ වැස්සකට අහුවෙලා වාහනේ එරිලා මහ අකර තැබ්බකට ලක්වුණා. අන්තිමට වාහනේ කැඩුණා. අපි ට‍්‍රැක්ටරයක් ගෙනිහින් ඇදගෙන ආවේ. එදා ඒ කාන්තාව කියනවා කතරගම දෙවි හාමුදුරුවෝ ඇයට ‘‘කුමණ’’ බලන්න කවදාවත් ඉඩ දෙන එකක් නෑ. තාත්තත් එක්ක ඇය පුංචිකාලේ ඇවිදින් වුණ දේ තවමත් අමතක නෑ’’ යනුවෙන් කී බවද ගුණසිංහ මහතා කීවේය. (මතු සම්බන්‍ධයි)

සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන් කතරගම දෙවියන් ගොඩබැස්ස  ඕකන්ද මුහුදු වෙරළ  ඕකන්දේ පිහිටි කතරගම දෙවියන් වෙනුවෙන් තැනු දේවාලය  



අදහස් (0)

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි

ඉෂාරා Tuesday, 19 June 2012 09:58 PM

100% ඇත්ත

:       0       0

උදිත පරාක්‍රම Sunday, 17 June 2012 08:19 AM

මල විකාර - අවුරැදු 15කට විතර පරෙ දිනක් මේ කතා ඇත්තද බලන්න රාජකාරි ගිය අවස්තාවක පොඩි වැඩක් කළා..(කියන්න බැහැ) පස්සෙ මම අලුයම 130ට විතර කතරගමින් පිටත්වුණා. කිසිම කරදරයක් උනේ නැහැ. කොළඹට ආවා දැන් සල්ලිත් හම්බකරගෙන ඉන්නවා... කපුමහත්තුරැ බොරැ පුචාර කරන බව මම දැනගත්ත එදා ඉදලා..

:       0       0

නිශාන්ත Friday, 31 August 2012 02:34 PM

දෙවියන් ඉන්නවා නම් ඔය පැත්තේ කොටි ඒ දවස් වල පොඩි ළමයින්ව කපලා කොටලා මරද්දි ඒවා වළක්වන්න බැරි වුණේ ඇයි? (නි)

:       0       0

තිළිණ Thursday, 27 December 2012 05:01 AM

මම ඉන්නේ පිටරට. ඒත් මම ලංකාවට ආවහම අනිවාර්යයෙන් කතරගම යනවා. (නි)

:       0       0

සෑම් Thursday, 27 December 2012 05:01 PM

උදිත පරාක්‍රම,නිශාන්ත මේ විසි එක්වන ශත වර්ෂය.. ඇස් කන් පිහිදලා බුද්ධිමත්ව ලෝකය දකින්න ඇත්ත පෙනේවි.. ලෝකය දැං දියුණුයි.. දැංවත් මේ අදහස් වලින් මිදෙන්න.. මඩෙන් ගොඩට එන්න..!(නු)

:       0       0

චන්දන Tuesday, 09 October 2012 02:37 PM

පිස්සු අනේ වෙන කරන්න වැඩ නැද්ද? (ස)

:       0       0

තුෂාර Saturday, 27 October 2012 07:43 PM

කතරගම දෙවියන් හින්දු දෙවි කෙනෙක් හැටියට බහුතරයක් විශ්වාස කරන නමුත් කතරගම දෙවියන් ලෙස දේවත්වයට පත්ව සිටිනේ මහසෙන් රජුය ! (අ)

:       0       0

ජානකී Tuesday, 17 July 2012 09:55 PM

උදිත නිධන් හාරන කෙනෙක්ද? දෙවියෝ නැත්නම් ලෝකයක් කොයින්ද? වෙලාවට හම්බ වෙයි. ඔහොම යමුකෝ.

:       0       0

භවානි Sunday, 19 August 2012 08:28 PM

දෙවියන් ඉන්නවා කියන එක ඇත්ත. අපේ බුදු හාමුදුරුවොත් දිව්‍ය ලෝකයට වැඩියනේ. (නි)

:       0       0

ලහිරු Saturday, 18 August 2012 03:26 PM

මෙ වගේ අධර්මිෂ්ට අයට දෙවියෝ ‍‍‍වෙලාවට දඩුවමි දෙයි බලන් ඉන්නකෝ..(ස)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 10:40 PM

උදිත පරාක්‍රම පොඩි වැඩක් කළෑ කියන්නේ (අ)

:       0       0

කසුන් Tuesday, 13 November 2012 03:38 PM

කතරගම දෙවියන් නිසා මම ජීවිතයේ ලබාගත් දේ බොහොමයි. කතරගම දෙවියන් මතු බුදු වේවා! (නි)

:       0       0

චානක ජයසිංහ Thursday, 09 August 2012 06:42 PM

අනේ පුතේ, කට වරද්ද ගන්නෙ නැතුව ජීවත් වෙන්න. (නි)

:       0       0

සමන් බණ්ඩාර Saturday, 27 October 2012 10:42 PM

හරිම වැදගත් ලිපියක්, තවත් මේ වගේ දේවල් ලියන්න (අ)

:       0       0

මාවිත Friday, 17 August 2012 02:00 PM

ඔය වගේ අයට තමයි රට, ජාතිය,ආගමත් විකාර වෙන්නේ. (නි)

:       0       0

රොශාන් Wednesday, 13 June 2012 09:43 AM

අනේ සාදු...සාදු... මෙවන් ලිපි නිතිපතා කියවන්න ලැබේවා !...

:       0       0

නිරෝෂා Thursday, 06 December 2012 01:16 PM

බොරු කියලා කියනනත් බැහැ. මේ දේවල් වල යම් ඇත්තකුත් තියෙන්න පුළුවන් (ස)

:       0       0

සුගත් Thursday, 20 December 2012 06:27 PM

හාස් කම් කියන්නේ ඕවට තමයි (දී)

:       0       0

සක්වලයා Monday, 25 June 2012 04:00 PM

වෙලාව ආවම බඩු හම්බෙයි....

:       0       0

තිලින Wednesday, 18 September 2013 09:37 PM

කතරගම දෙවියන් සත්‍ය බව අත් දැකීම් තුලින් දනිමි..... (අ)

:       0       0

සමන්ති Tuesday, 01 January 2013 10:58 PM

ලෝකය කොයි තරම් දියුණු ‍උනත් දියුණුවට අසුනොවන දේ ‍බොහෝ ඇත. නිවන දියුණුවට විග්‍රහ කරන්න හැකිද? එනිසා කවදාවත් ඒ නිසා කවදාවත් තේරුම් ගත්ත හැකිදේ ලෝකයේ වෙනවා.. මම එංගලන්තයේ සිට නොබියව මෙසේ පවසන්නේ මම සියැසින් කතරගම දෙවියන්ගෙ විස්මය දුටුවකු නිසයි.. මෙය සත්‍යයකි.(නු)

:       0       0

පි. කැටවල Sunday, 26 August 2012 08:54 PM

පණ්ඩිත කමට හොඳයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 661 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 274 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 629 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 173 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site