IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


කුඩාසියඹලාවේ අත්තක් කඩා රස්සාව අහිමි කරගත් වතු අධිකාරී

අදෘශ්‍යමාන බලවේග හමුවේ ජීවිත පසුබැසීම් සිදුවන හැම අවස්ථාවකදීම මිනිසුන්ට මතක් වන්නේ දෙවියන්ය. දෙවියන් යනු මවාගත් චරිතයක් බව කියන අයද ඇතැම් අවස්ථාවල දෙවියන් සොයා එති. ඇතැම් අවස්ථාවල කතරගම පිරීයන්නේ තම දුක්ගැනවිලි කතරගම දෙවියන්ට කියා සහනයක් ගන්නට ආ දේව භක්තිකයන් ගෙන්ය. කතරගම දෙවියන්ට තම දුක් ගැනවිල්ල කියා සහන ලැබුවෝ අපමණය. කෘතගුණ දැක්වීම් වශයෙන් දෙවියන්ට වූ බාර ඔප්පු කරන්නට කතරගම බලා යන පිරිස්ද ගණනින් ඉහළය. යුද්ධය නිමාවත් සමග ජනතාවගේ පැමිණීම වැඩිවීමත් නිසා සැබැවින්ම කතරගම දැන් ජනාකීර්ණය. ඇතැම් සති අන්තවල නවාතැනක් සොයාගැනීමට පවා නොහැකි තරමට ජන ගගක් කතරගමට පැමිණේ. කතරගමට එන සමහර ඇති හැකි අය දැන් කුමණ වනෝද්‍යානයේ පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්නට දැඩිසේ පෙළඹී සිටින බව පෙනෙන්නේ එහිද ජනාකීර්ණ බවක් උසුලන නිසාය. මහකැබිලිත්ත දේවාලය අවට ප‍්‍රදේශයේ තිබූ නියැඩියාවට දැන් කෙමෙන් කෙමෙන් බාධා එල්ලවෙයි. මහවනය දෙදරවමින් හඩ නංවන ට‍්‍රැක්ටර්වල හඩ හමුවේ වනසතුන් මේ ප‍්‍රදේශයෙන් ඈත් වෙමින් සිටී. කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩ වෙසෙතැයි විශ්වාස කරන මහකැබිලිත්ත සියඹලා දේවාලයේ උන්වහන්සේට භාවනා කරන්නට සුදුසු පරිසරය අහිමි වන්නේදැයි සැකයක් මතුවෙමින් පවතී. කුඹුකන්ඔයේ දෙඉවුර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. කොටියාගලින් එන ඇතැම් ට‍්‍රැක්ටර් හිමියන් කුඹුකන්ඔයේ අවසන් නැවතුම් පොළේ අයිතිකරුවන් සේ හැසිරෙන අවස්ථාද නැතුවා නොවේ. කෙසේ වෙතත් මහකැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන්නට වනජීවී දෙපාර්තමේන්තුවෙන් වන්දනාකරුවන්ට දී ඇති සහනය නිසා කොටියාගල පැත්තෙන් වනාන්තරයට බැතිමතුන් රැගෙන අතුළුවන ට‍්‍රැක්ටර් ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. පුවත්පත්වල මහකැබිලිත්ත ගැන පළවන විශේෂාංග කියවීමෙන් පසු තමන්ට එහි යන්නට ආශාවක් ඇතිවූ බව පවසන්නෝද එහි එසේ එන අය අතර වෙති. මීට දෙමාසයකට ඉහතදී ගල්කිස්ස ප‍්‍රදේශයේ සිට මැදිවියේ යුවළක් යතුරුපැදියකින් මහකැබිලිත්ත දේවාලයට යන්නට පැමිණ කොටියාගල සිට කිලෝමීටර් තුන හතරක් කැලෑව ඇතුළේදී අකරතැබ්බකට මුහුණ පෑහ. එහෙත් ඔවුන් කතරගම දෙවියන්ට ඉතා භක්තිවන්තයෝ වූහ. දින ගණනාවක් පේවී ගමන ඇවිත් සිටියේ මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන ඒකායන අරමුණ ඇතිවය. නමුත් කැලේට ඇතුළු වූ පසු යතුරුපැදියකින් එහි යාම දුෂ්කර සහ අනතුරුදායක බව ඔවුන්ට  වැටහී තිබුණි. වලංකටුආර ආසන්නයේදී ඔවුන්ගේ යතුරු පැදියේ කාර්මික දෝෂයක්  හටගෙන තිබුණි. වනයේ අලි ගස්කඩන හඩ ළග ළග ඔවුනට ඇසී ඇති අතර වනාන්තරයේ රෑබෝවී තමන් අතරමංවන බව ඔවුන්ට දැනී තැතිගැන්මෙන් පසුවෙද්දී තිස්සමහාරාමයේ සිට මහකැබිලිත්ත බලා යාමට පැමිණී ජීප් රථ දෙකකට මේ දෙදෙනා මුණ ගැසිණි. එම ජීප් රථය දෙකින් එකක් පැදවූයේ මහකැබිලිත්ත දේවාලයට යනඑන බැතිමතුන්ට මග පෙන්වන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතාය. මහ වනාන්තරය මැද යතුරුපැදියක සිටි යුවළක් දැක පුදුමවූ ජීප් රථයේ පැමිණි පිරිස ඔවුන්ගෙන් තොරතුරු විමසා තිබේ. ‘‘අපි ලංකාදීප පත්තරේ මහකැබිලිත්ත ගැන ලිපියක් කියෙව්වා. එන්න ආසා හිතුණා. බයිසිකලේ ආවා. දැන්නම් අපේ යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වුණා.’’ යැයි පවසා ඇත. කතරගම දෙවියන්ගේ අඩවියේදී කෙනකුට වරදින්නේ නම් ඒ කලාතුරකිනි. මෙම යුවළද බොහෝ පෙරුම්පුරා දුරබැහැරක සිට එහි පැමිණ සිටීම නිසාත් කැලේ අතරමං කර යා නොහැකි නිසාත් ජීප් රථදෙකේ පැමිණි පිරිස මේ දෙදෙනාට ගමන් පහසුකම් සලසා දෙන්නට ඉදිරිපත් වූහ. ‘‘මහකැබිලිත්ත දේවාලයට කාන්තාවන් යන්නේ නෑ. සාමාන්‍ය සිරිත ඒක. මේ කැලේ මහා හාස්කම් තියනවා.’’ රියදුරු විමල් පවසමින් කාර්මික දෝෂයට ලක්ව තිබූ යතුරු පැදිය කැලේ ඇතුළට කර කොළ අතුවලින් වසා කිසිවකුටත් නොපෙනෙන ලෙස සැගවීය. මහකැබිලිත්ත දේවාලයට කාන්තාවන් නොයන බව මේ දෙදෙනා දැන නොසිටි බව ජීප් රථයේ අයට කියා තිබේ. කෙසේ වෙතත් මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන කුඹුක්කන්ඔය මෙගොඩ ඇති රථ නැවතුම දක්වා මේ දෙදෙනාට ගමන් පහසුකම් සපයා දුන්නේ එම ජීප්රථ දෙකේ පැමිණි අයයි. ඔවුන් දෙදෙනා එතැන් සිට ආපසු කොටියාගලට පැමිණියේද මේ පිරිස සමගය. නමුත් එද්දී ඔවුන්ගේ යතුරු පැදිය සැගවූ ස්ථානය සොයා ගැනීම අපහසු විය. මහවනාන්තරයේ මේ මැදිවියේ යුවළ හුදකලා කිරීම එතරම් සුබ නැති බව කාටත් වැටහිනි. අනතුරක් සිදුවුණොත් හොයනවා බොරු බව යුවළටද අවබෝධව තිබුණි. ඒ අනුව එම ජීප් රථදෙකෙන් ඔවුන් දෙදෙනා කොටියාගල ගමට ගෙනත් ඇරලවීමට  පිරිස එකගවූහ.ඒ අනුව කොටියාගල ගමට පිරිස පැමිණියහ. කොටියාගල ගමේ සිටින ‘‘කුමණ’’ වනාන්තරය ගැන දන්නා කියන කෙනකුට සිදුවූ අකරතැබ්බ කීවේය. යතුරු පැදිය සැගවූ තැනත් දැනුම්දී එය ගෙනත් දෙන ලෙස කළ ඉල්ලීම අනුව එය ගෙනත් දෙන්නට ගම්වැසියා කැමති විය. ‘‘මහත්තයලා කරලා තියෙන්නේ හරි අනතුරුදායක වැඩක්. මේ කැලේ මෝටර් සයිකල්වලින් යන කෙනෙක් ඉන්නවද? කුළුමීමෙක්, අලියෙක් මුණ නොගැහුණේ මහත්තයලාගේ වෙලාවට. දෙයියන්ගේ අඩවියේ පොරොන්දු වෙන්න බෑ. කතරගම දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මම බයිසිකලය හොයලා ගේන්න බලන්නම්’’ යැයි කියා තවත් කිහිප දෙනකු සමග ට‍්‍රැක්ටරයකින් වනෝද්‍යානයට ඇතුළු වූයේ යතුරු පැදිය සැ`ගවූ ඉසව්ව හොයාගෙනය. ජීප් රථයේ රියදුරු විමල් කී ඉසව්ව සොයා තැන තැන විපරම් කරද්දී කැලේ ඇතුළට වන්නට කොළඅතුවලින් වසා සගවා තිබූ යතුරුපැදිය දිස්විය. ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රරලයට එය පටවාගෙන ආපසු ගමට එනවිට අදුරු වැටී තිබුණි. ‘‘මේවගේ වනාන්තරවල මෝටර් සයිකල්වලින් එන්න තියා හිතන්නවත් එපා. මේවා දෙයියන්ගේ අඩවි. හරියට හාස්කම් තියනවා. ඔය දෙන්නා පේවෙලා භක්තියෙන් ආපු නිසා කරදරයක් වුණේ නෑ. එහෙම නැතුව ආවාට ගියාට ආවානම් මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. දන්න කියන කෙනකුටවත් මේවගේ අවදානම් ගමන් එන්න එපා කියන්න’’ ගම්වැසියෝ යුවළට අවවාද කළහ. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන ඇතැමුන් කරන නොමනා ක‍්‍රියා නිසා විපාක විදින්නට සිදුවන බවට විශ්වාසයක් පවතී. කතරගම දෙවියන් නැමදීමට යන හැම කෙනකුම පාහේ බුදුන් වැද මල්පහන් පුදා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිරිතය. කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙන්නේ එසේ කළ පසුව යැයි බොහෝ බැතිමත්හු කියති. වරක් දකුණු පළාතේ හය හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මහකැබිලිත්ත සියඹලා දේවාලය වදින්ට ගියහ. ඒ අතර සහකාර වතු අධිකාරීවරයකුද විය. මේ පිරිස දේව අඩවියේ සිරිත් විරිත් ගැන සැලකීමක් නොකළහ. මහකැබිලිත්තට ගියද බෝධින් දෙනම නැමදීමක් හෝ නොකළහ. ඒවා කරන අය දෙස බැලූවේද අවඥාවෙනි. සහකාර වතු අධිකාරීවරයා කුඩා සියඹලාවේ අත්තක් කැඩුවේ ගිය සැමදෙනාගේම විරෝ්ධය මැදය. මේ ක‍්‍රියාව සම්බන්‍ධයෙන් ඔහුට කවුරුත් දොස් තැබුවද ඔහු කීවේ දේව හාස්කම් යනු විශ්වාස පමණක් බවයි. මිථ්‍යා මත පතුරුවා නොහරින්නැයි සහකාර වතු අධිකාරීවරයාගේ ඉල්ලීම විය. කුඹුක්කන්ඔයෙන් එගොඩ වී, ආපසු එද්දි කුමන අතුරු ආන්තරාවක් සිදුවේදැයි ඔවුන් සමග ගිය කතරගම දෙවියන් විශ්වාස කරන කිහිපදෙනෙක් තැති ගැන්මකින් පසුවූහ. කොටියාගල පැත්තෙන් වනාන්තරයෙන් එළියට ආවද මේ අයට කිසිදු අතුරු ආන්තරාවකට මුහුණ දෙන්නට සිදු නොවීය. ඒ නිසා හැම දෙනාටම මෙය පුදුමයක් වූ අතර සහකාර වතු අධිකාරීවරයා කීවේ තමන් සිටින ස්ථාවරයත් කියූ දේවලූත් බොරු නොවන බවයි. ‘‘හාස්කම් තියනව නම් අපට එද්දි කරදරයක් වෙන්න එපායැ. මේවා බොරු මත. අන්ධ විශ්වාස. මිනිස්සු මෝඩයෝ කරන කතා. පරිස්සමක් නැතුව ගමනක් ගියොත් කාටත් කරදර වෙනවා. හොද පරිස්සමින් ගියොත් එහෙම වෙන්නේ නෑ. දෙවියන් හමුවට යන හැමෝටම පිහිට වෙන්න ගියොත් දෙයියන්ට වෙන රාජකාරියක් නැතිවෙයි. දැන්වත්  ඕගොල්ලෝ ඔය මිථ්‍යා විශ්වාස වලින් ඈත් වෙන්න.’’ සහකාර වතු අධිකාරීවරයා කුමණ වනාන්තරයෙන් එළියට පැමිණ පිරිසට අවවාදයක්ද කළේය. ඉන්පසු පිරිස කණ්ඩායම් දෙකකට වෙන්ව ආපසු ගම්බිම් බලා පිටත් වූහ. සහකාර වතු අධිකාරීවරයා දකුණේ කෙනෙකි. ඔහු හම්බන්තොට හරහා මාතරට පැමිණෙද්දී ඔහුගේ ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබිනි. ඉන් කියවුණේ සතුටුදායක ආරංචියක් නම් නොවේ. කිසියම් සිද්ධියක් පදනම් කරගෙන ඔහුගේ සේවය අත්හිටුවා ඇති බව ඒ ආරංචියයි. ‘‘අපි කිව්වා ඔය නරක වැඩ කරන්න එපා කියලා. ඇහුවේ නෑ. කට පරිස්සම් කරගත්තෙත් නෑ. දැන් ඉතින් මොකද කරන්නේ’’ ඔහු සමග ගිය පිරිස විමසන්නට වූහ. මෙතෙක් වෙලා පුරසාරම් දෙඩූ සහකාර වතු අධිකාරිවරයා භීතියෙන් වෙලිලාය. තැතිගැන්ම මුහුණේ ඉරියව් වලින් මොනවට පැහැදිලි විය. ‘‘අපි මාතර බෝධියට ගිහිං පඩුරක් ගැටගහලා පූජාවක් තියලා කතරගම දෙවියන්ට පින්දීලා සමාව ඉල්ලමු.’’ එතෙක් වෙලා කතරගම දෙවියන් පිළිබදව තමන් දැරූ මතය කනපිට පෙරළමින් සහකාර වතු අධිකාරීවරයා ඔහු සමග ගිය පිරිසෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පිරිස ආපසු නිවෙස්වලට යන ගමන අතරමග නවතා මාතර බෝධීන් වහන්සේ වෙත ගොස් පූජා තබා කතරගම දෙවියන්ට පින්දී ප`ඩුරක් ගැට ගසා පිහිටාරක්‍ෂාව ඉල්ලා සිටියහ. එහෙත් රැකියාවේ සිදුවූ වරදක් හේතුවෙන් ඔහුගේ රැකියාව සදහටම අහිමිවිය. මීට දශකයකට පමණ ඉහතදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය සදහා වූ ඡන්ද විමසීම පැවැත්වූ කාලයේ අපේක්‍ෂකයෝ කිහිප දෙනෙක්ම ඊට තරග කිරීමට සූදානම් වෙමින් සිටි වකවානුවකි. දේවාලවල බස්නායක නිලමේ තනතුරු උඩරැටියන්ට පමණක් කැපයැයි මතයක් පැතිර ගියේද මේ වකවානුවේය. එහෙත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට පහතරැුටියන් කිහිප දෙනෙක්ද සූදානමින් සිටියහ. උඩරටින් ඉදිරිපත්වන එක් අපේක්‍ෂකයෙක් ඒ දිනවල කතරගම ප‍්‍රදේශයේ නිතර ගැවසුණේ ඡන්ද කටයුතු සංවිධානය කරමින්ය. දේවාලයේ විශේෂ පූජා පවත්වන අතරවාරේදී මහතැබිලිත්ත සියඹලා දේවාලයට යන්නටද ඔහු තීරණය කළේය. ජීප් රථ දෙකකින් පිරිස පිටත්ව ගියේ කොටියාගල හරහාය. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්නට කුඹුකන්ඔයෙන් එගොඩවන තැනට ගිය පිරිසට කූඹුකන්ඔයෙන් එගොඩ වන්නට නම් හැකි නොවීය. කුඹුකන්ඔයේ ජල මට්ටම වැඩිවී තිබීම හේතුවයි. පැය ගණනාවක් හිටියද ගෙග් ජල මට්ටම අඩු නොවීය. බොදවූ බලාපොරොත්තු ඇතුව පිරිස ආපසු පැමිණියේ බස්නායක නිලමේ ඡන්දයේ සිය ජයග‍්‍රහණය ගැන විශ්වාසයක් නොතබාය. මේ අතර ඔහු සමග එහි ගිය කිහිපදෙනකු කතාවූයේ ‘‘අප්පොට මේ තනතුර කැප නෑ කියන එකයි කතරගම දෙවියෝ පෙන්නුම් කළේ’’ යැයි කියමිනි. සියල්ල සිදුවූයේද ඒ ආකාරයටය. මේ කියන අපේක්‍ෂකයා එවර ඡන්දයෙන් පරාජය විය.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 සහකාර වතු අධිකාරීවරයා අත්තක් කැඩූ මහකැබිලිත්තේ කුඩා සියඹලාව බාරහාර ඔප්පු කිරීමට කාවඩි නටමින් කතරගම මහ දේවාලය කුමන කැලේ මුව රංචුවක්



අදහස් (0)

කුඩාසියඹලාවේ අත්තක් කඩා රස්සාව අහිමි කරගත් වතු අධිකාරී

හෙට්ටිආරච්චි Thursday, 31 May 2012 01:59 PM

කතරගම දෙවියන්ගේ බලය අසීමිතයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 123 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 239 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 163 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 39 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 648 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1085 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site