IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කුඩු ගැහුවා අරක්කු බීවා අද මම විඳවනවා

 20_PAGE_03_RASA

 

අද ඔබ හමුවට එන දිමුතු පනදෙන්න වගේ හිටපු යාළුවෝ නිසා, පාතාලයට අපා ගතවුන කොල්ලෙක්. අද ඔහු දිවි ගෙවන්නේ මිතුරු මිතුරෝ අයතනයෙ. අවුරුදු අටක් කුඩුවලට ඇබ්බැහි වෙලා හිටපු දිමුතු දැන් කුඩු නවත්තලා මාස අටක්. එදා මෙදාතුර කාලයෙදි, ඔහු කුඩුවලට ඇබ්බැහි වුණේ කොතනින්ද, පාර වැරදුණේ කොහොමද අපි අහමු දිමුතුගෙන්. මගේ ගම ගාල්ල. අම්මයි තාත්තයි අයියයි මල්ලී තමයි මගේ පවුලෙ සාමාජිකයො. තාත්තා කලේ රජයෙ රැකියාවක්. ඒත් අසුවෙ වැඩ වර්ජනේදි තාත්තට රස්සාව නැතිවුණා. ඉන් පස්සේ ඒ බර, කරට ගත්තේ අම්මා. මම පුංචි ළමයෙක් කාලෙ තමයි අම්මා විදේශගත වුණේ. ඇත්තටම ඒ කාලය මට අම්මාව ගොඩක්  ඕන කරපු කාලය. ඒත් හැමදේටම මං ළඟ හිටියේ ආච්චි විතරයි. අම්මා විදේශගත වෙලා කාලයක් යද්දි තාත්තගේ රස්සාව ආයෙත් හම්බවුණා.

 


ඉන්පස්සේ අපිව ගාල්ලෙ තියලා තාත්තත් කොළඹ ආවා. අම්මා නැති අපිට තාත්තා කොළඹ අවට පස්සෙ ඉතුරු වුණේ ආච්චි විතරයි. තාත්තගේ අයියලා මල්ලිලා ගමේ හිටියා. එයාලා අපිට සැරවැර කරලා අපිට කොහේවත් යන්න නොදී බලා ගත්තා. ඒත් මට ඒක රිස්සුවේ නෑ. අම්මා තාත්තා නැති නිසා අපි නොමඟ යයි කියන අවිශ්වාසය බාප්පලගේ හිතේ අපි වෙනුවෙන් වැඩි වෙද්දී එයාලගේ දරුවන්ට කොයිතරම් නිදහසක් තියෙනවද, එයාලට කොයිතරම් ආදරයක් තියෙනවද කියන නොරිස්සුම මගේ හිතේ කේන්තියක් විදිහට ඵල දැරුවා. සමහරදාට අපේ අම්මා පිටරට ඉඳලා අපිට එවන ටොෆි චොක්ලට් කෑවේ අපිට වඩා බාප්පලාගේ දරුවෝ. තාත්තා වුණත් කොළඹ ඉඳලා එනකොට ගේන හැමදේම එයාලටත් ගෙනාවා. ඒත් එයාලගේ ගෙවල්වලින් අපට මොනවත් ලැබුණේ නෑ.


සමහරදාට තාත්තා කොළඹ ඉඳලා එන්නේ කටගොන්නක් බීගෙන. ඒ ආවම අපේ වැරදි තාත්තාට එයාලා හරි ගමේ කව්රුහරි කිව්වම තාත්තා අපිට දඬුවම් කළේ බීමත්ව ඉඳගෙන. එහෙම දඬුවම් කරනකොට සමහරදාට අතට අහුවෙන උණ බම්බු රීප්ප පටි වුණත් අපිට ගහන්න පාවිච්චි කළා. එහෙම වේලාවට අපිව බේරා ගන්න හිටියෙ ආච්චි විතරයි. බීලා බීලා  අපිට දඬුවම් කරන තාත්තා සමහරදාට පරණ වැරදිවලට ඒ කිව්වෙ දඬුවම් කරලා කල්පයක් ගිය වැරදිවලටත් ආයෙ ආයෙ දඬුවම් කළා. සමහර වැරදිවලට අවුරුදු ගණන් ගෙවිලා ගිහින් තිබුණා, ඒත් බීමත්ව ඉන්න තාත්තට හැමදාම ඒවා මතක් වුණා. ඉතින් අපි නිතර ගුටි කෑවා.


අතමිට හොඳට ගැවසෙන තාත්තා අම්මා එවන සල්ලි බොන්න කන්න හොඳට වියදම් කළා. යාළුවෝ අපේ ගෙදරට ආවෙ ගියෙ බෝතල් පාටි හොයාගෙන. ඒ කාලේ මම සිගරට්වලට ආස කළා. තාත්තා බොන අරක්කුවලට ආස කළා. සමහරදාට තාත්තා බීලා ඉතුරු කරන අරක්කුවල වීදුරුවේ ඉතුරුවෙන පොඩි ෂොට් එක ගැහුවේ මම. ආදරය කරුණාව සෙනෙහස රැකවරණය මේ මොනවත් පේනතෙක්මානෙක නෑ. බැලූ බැලූ අත අසහනය අපහසුව විතරයි. ගෙදර පරිසරය ඒ විදිහට ආසහනකාරි වෙද්දි මම සහනයක් සැනසිල්ලක් සතුටක් හොයාගෙන එළියට බැස්සා. එහෙම බැස්ස මට යාළුවෝ  ඕනවටත් වඩා හමුවුණා. ඒ යාළුවන්ටත් විවිධාකාර හේතු නිසා ඇති වුණ එකම ගැටලූවක් තිබුණා, අපි හැමෝම තනිවෙලා. 


ඔය කාලෙදි මගේ අයියා අම්මා ඉන්න රටට ගියා. අයියා ගියාට පස්සෙ මම තවත් තනිවුණා වගේ දැනුණා. කොහොම උණත් අයියා ගියාට පස්සෙ ගෙදර හැමදේම හොයලා බලන වීරයා වුණේ මම. ඔය අතරේ මගේ යාළුවෝ නවතම සොයාගැනීම් කරන කාළේ,


ඒ මොනවද මල්ලි ඒ නවතම සොයාගැනීම්?


මිස් ඔය කාලෙදි හරියට ළදරු කාලේ වගේ අතට අහුවෙන  ඕන දෙයක් කටේ දාගන්නවා. අපිට නව සොයාගැනීම් වුණා කියලා කිව්වේ සිගරට්, අරක්කු, ගංජා වගේ දේවල්. සිගරට් එකක් බීවා දුම් වළලූ රව්මට යවන්න ඇලෙට යවන්න එක එක රටාවලට යවන්න මගේ යාළුවෝ පුරුදු වෙලා හිටියා. 


උන් ඒක කලේ රජවැඩකාරයෝ වගේ. ඉතින් මටත්  ඕන වුණා, එක එක තාලෙට දුම් රොටු යවන්න. ඒක මං ගාව තියෙන දක්ෂකමක් විදිහට මට දැනුණා. දැනුණා විතරක් නෙවේ මම හිතුවා, දවසගානේ දුම්වැටි බීලා මම අහසට බෝල ඇරියා. රෑ අන්ධකාරෙදි උණත් පිට්ටනියෙ බැම්ම උඩට වෙලා මම ආසාවෙන් දුම්වළලූ ඇරියා. අවුරුද්දකට විතර පස්සේ අයියා ලංකාවට ආවා. ඒ එනකොට පාට පාට සිගරට් පැකට් ගොඩක් ගෙනාවා. මම ඒ සිගරට් යාළුවන්ට බෙදුවේ ලොකු මිනිහෙක් වගේ. මොනදේ වුණත් මම ඉස්කෝලෙ ගියා. ඉස්කෝලේ උඩහ වත්තේ රා විකුණනවා. මම ආස කළා කාටත් හොරෙන් කොල්ලෝ එක්ක වැටිලා රා බොන්න. සමහරදාට පංතියෙ මම ඉගෙන ගත්තේ රා බීලා. දවසක් මේ දේවල් ආරංචි වෙලා තාත්තා මට ගැහුවෙ නිදි පැදුරෙදි. ඇත්තටම මිස් මොන වරදකටවත් නිදිපැදුරෙදි දරුවා නිදාගෙන ඉද්දි ඒ ළමයට උණබටවලින් ගහන තාත්තලා ගැන අහලා තියෙනවද?
කොහොම හරි ඉස්කෝලේ යන කාලේ මට ගෑනු ළමයෙක් මුණ ගැහුණා. එයාගේ නම ගයනි. එයාට මම සිරාවට ආදරේ කළා. වෙනදා ඉස්කෝලේ කට් කරලා කැලේ පැන්න මම ගයනි නිසා නොවරදවාම ඉස්කෝලේ ගියා. අපි දෙන්නා හමුවුණේ කතා කළේ ඉස්කෝලෙදි. අපේ සම්බන්දෙට එක සර්කෙනෙක් ලොකු බාධාවක් වුණා. එයා මටයි ගයනිටයි හමුවෙන්න දුන්නෙම නෑ. මොනවහරි කරනවා. දවසින් දවස සර්ගේ කෙනෙහෙළිකම මට මහා කරදරයක් වුණා. දවසක් මමයි ගයනි කතා කර කර ඉන්න තැනකට ඇවිත් සර් මාව අපහසුතාවයට පත්වෙන විදිහට කෑ ගැහුවා. මට ගහන බවට තර්ජනය කළා. එදා මගෙත් ඉවසීම ඉවර වුණ දවසක්. 


මම සර්ට කිව්ව පුළුවන්නම් ගහනවා. හැබැයි මට ගැහුවොත් මමත් ගහනවා කියලා කිව්වා. සර් මට යටත් වෙන්න කැමති වුණෙත් නෑ. මම කැමති වුණෙත් නෑ. අන්තිමේදි, එල්ලෙ ගහන බැට් එහෙකින් මම සර්ගේ කකුල් කැඩෙන්න ගැහුවා. ඉතින් එතැනින් මගේ ලව් එකක් ඉවරයි. ඉගෙනීමත් ඉවරයි. ඒ වැරැුද්දට දඬුවමක් මට ලැබුණා. ඒ තමයි ගාල්ල අතහැරලා කොළඹ යන්න වීම. මගේ නවාතැන්පළ වුණේ දෙහිවල ප‍්‍රදේශයේ ගෙදරක්. බීච් එකට මීටර් දෙසියක් විතර මෙහායින් අපේ ගෙදර තිබුණා. ඒ වෙනකොට අම්මත් ලංකාවට ආවා. ඒ නිසා අපි එක පවුලක් විදිහට දෙහිවල ගෙදර ජීවත් වුණා. ඒත් ආදරය නම් ලැබුණේ නෑ. පුංචි කාලේ අම්මයි අපියි අතරේ ඇති වුණ දුරස්බව අපිව ඈතටම කරලා දාලා තිබුණා. අම්මා අපි ගැන හොයලා බැලූවා. ඒත් ඒ හොයා බැලීම මට ඒ වෙනකොට ආදරයක් වගේ නෙවෙයි කරදරයක් වගේ දැනුණේ.  ගාල්ල තාත්තගේ ගම වගේම දෙහිවල අම්මාගේ ගම. අම්මාගේ උදවිය ඒ පලාතෙම හිටියා. මට අමුත්තක් දැනුණේ නෑ.


ඒත් ජීවිතේ වෙනස් වුණා. ගාල්ලෙ වගේ නොවේ දෙහිවල තිබුණේ එළියට බර සමාජයක්. යාළුවෝ  ඕන තරම් හිටියා.  ඕන එකෙක් මරන්න විතරක් නෙවේ මං වෙනුවෙන් මැරෙන්න වුණත් කොල්ලෝ හිටියා.  ඕන රෑක,  ඕන වේලාවක මං වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සෙට් එකක් හිටියා. ඔය අතරේ කුඩු ගහන යාළුවොත් හිටියා. උන් කුඩු ගැහුවා. මම අරක්කු බිව්වා. දවසක් මම උන්ට කුඩු නවත්තන්න කිව්වා. උන් කිව්වා කුඩු කියන්නේ නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට හිතුණා ඒක අභියෝගයක් කියලා. එදා බීලා ඉන්න වෙලාවක මම කුඩු ගැනීමේ අභියෝගය බාරගත්තා. මම මගේ යාළුවන්ට කිව්වා මම කුඩු ගහලා කුඩු නවත්තලා පෙන්නනවා කියලා. 


උන් කිව්වා කරන්න බැරිවැඩ නොකර ඉඳපන් කියලා. යාළුවෝ එහෙම කියනකොට මම බලෙන්ම කුඩු ගැහුවා. එදා පළමුවෙනි දවසට එහෙම බීලා ඉන් පස්සෙ මම උන්වගේ ඇබ්බැහි නොවී ඉඳහිටලා බිව්වා. ඒත් කුඩු කියන්නේ කිසිම විදිහකින් බාර නොගතයුතු අභියෝගයක්. මෝඩකමක්. අපරාධයක්. ඇත්තටම නිකමට වත් බොන්න නරකයි. මට අභියෝගය ජය ගන්න බැරි වුණා. දවසින් දවස මම කුඩුම ගැහුවා. කුඩු ගහන්න කොච්චර සල්ලි තිබුණත් මදි. මටත් වුණේ ඒකමයි. මම ලක්ෂ හතලිස්පහේ මංකොල්ලෙකට සෙට් වුණේ කුඩු ගහන්න සල්ලි හොයන්න. ඇති වෙනතුරු කුඩු ගැහුවත් ඇති නොවෙන කුඩු නිසා මම දවසින් දවස අපාගත වුණා. ඇත්තටම අපි අමාරුවෙ වැටුණා. ඒත් කිසිම කොල්ලෙක් අපි පත් වුණ තත්ත්වෙට පත් වෙන්න එපා.

කුඩු ගැනීම තමයි මම ජීවිතේ කරපු නියම ගොංකම. දවසින් දවස කුඩු මගේ ජීවිතේ කොටසක් වුණා. නෑදැයෝ මට නෑකම් කියන්න අකමැති වුණා. ජීවිතේම අනාගත්තු පාතාල කල්ලිවල රජවුණ එවුන් මගේ හොඳම යාළුවෝ වුණා.


වාහන මංකොල්ල කෑම මගේ ජාවාරම් අතර ඉස්සරහින්ම තිබුණා. දවසක් බයික් එකක් මංකොල්ල කන්න ගියා. එදා මට අමතක නොවෙන දවසක්. මම පිස්ටල් එකක් අරගෙනයි ගියේ. පාළු පාරකදි බයික් එහෙක ගිය කොල්ලෙක්ව මම නවත්ත ගත්තා.  පිස්තෝලේ  පෙන්නලා කිව්වා, බයික් එකෙන් බැහැල බයික් එක අපිට දිලා පලයන් නැත්නම් වෙඩි තියනවා කියලා. 


මම හිතුවෙ කොල්ල බයික් එක දිලා බැහැල පාඩුවෙ යයි කියලා. නමුත් මම හිතපු විදිහට කොල්ල බැහැල ගියෙ නෑ. ඌ අපි එක්ක ගහගන්න ආවා. කරන්න දෙයක් තිබුණේ නෑ. කොල්ල හිතුවේ මගේ අතේ තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් කියලා. උගේ කකුලට වෙඩි තියලා මම එතැනින් බයික් එකත් අරං පැන ගත්තා. සල්ලිකාරයන්ගෙන් මංකොල්ල කාලා දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න අරං දුන්නා. නැතිබැරි කාටත් උදව් කළා. චන්ඩින්ටත් මම චන්ඩියෙක් වුණා. මේ හැම දේකදිම මට මගේ යාළුවෝ හයියක් වුණා. කොයිතරම් මම පාතාලේ හෙල්ලූවද කිව්වොත් සමහර චන්ඩින්ට මම හිසරදයක් වුණා. නිදහසේ ගමනක් බිමනක් යන්න වාතාවරණයක් මට තිබුණේ නෑ. කොයි වේලාවේ කොහේ ගියත් බෝම්බ දෙකක් අරගෙන යන්න මට සිදුවුණා. එහෙම කළේ මගේ ආරක්ෂාවට. මාව මරන්න වෙනම සෙට් එකක් ප්ලැන් ගහගෙන ඉන්න බව මට තොරතුරු ලැබිලා තිබුණේ. මම දීපු ගේම්වල රිටර්න් එක තමයි ඒ විදිහට මට කැරකුණේ. මේ කරුම ජීවිතේ එහෙම තමයි මිස්. අපි කාට මොන චන්ඩිකම කළත් අපිට ඉන්න වෙන්නෙත් කාගේ හරි ඉලක්කයක් වෙලා. කොයි වේලාවේ ලේ විලක් මැද පොළොව බදා ගන්න වේවිද කියන්න බෑ.


මමත් අන්තිමට පත්වුණේ මගේ මරණ සහතිකේ කොයි වේලාවේ හරි ලියවේවි කියන අවිනිච්චිත තත්ත්වෙට. ඇත්තටම මට කියන්න බැරි සිදුවීම් ගොඩක් තියෙනවා මිස්. ඒ හැමදේම කියන්න ගියොත් මම කවුද කියන එක එළිවෙනවා. මේ ගොඩනගාගත්තු ජීවිතේ එක මොහොතකින් විනාස වෙන්න දෙන්න මට පුළුවන් කමක් නෑ. මොකද මගේ අම්මා තාත්තට දැන්වත් වධ නොදි මට ජීවත් වෙන්න  ඕනේ. කොහොම හරි මට ලොකු අවදානමක් තිබුණා. මම දවසක් බෝම්බ දෙකක් අරගෙන තව යාළුවෝ දෙන්නෙක් එක්ක මළ ගෙදරක ගියා. එදා මම රෑ ජාමයක් වෙනකන් හිටියා. මළ ගෙදරට මම ඇතුළු වුණේ ඒ මළගේ ළඟ තිබුණ පඳුරක් යට බෝම්බ දෙක හංගලා.


රෑ දොළහා විතර වෙනකොට තී‍්‍රවිල් තුනකින් සෙට් එකක් බැස්සා මං හිතන්නේ උන්, කඩු කිනිසි මන්නා ගත්තු දොළොස් දෙනෙක්. උන් මාව වටකර ගත්තා. වට කරගෙන කඩු මන්නවලින් මගේ ඇඟට ගැහුවා. සමහර පාරවල්වලින් මම බේරුණා. ඒත් හුඟක් පාරවල් මට වැදුණා. ඒ වේලාවේ මම මගේ යාළුවන්ට කෑ ගහල කිව්වෙ මාව බේර ගන්න කියලා නෙවෙයි මාත් එක්කම ඉවරයක් වෙන්න බෝම්බේ ගහපන් කියලා. 


කියපු විදිහට මගේ යාළුවා බෝම්බේ මං ඉන්න පැත්තට ගැහුවා. ඒ වේලාවේ මට පහරදීගෙන හිටපු සෙට් එක තී‍්‍රවිල්වල නැගල යන්න ගියා. මම බෝම්බ ගහන්න කිව්වට මගේ යාලූවා බෝම්බේ ගහල තිබුණේ කඩන්නේ නැතිව. ඒ වේලාවේම මාව හොස්පිටල් ගෙනිච්ච නිසා අද මම ජීවතුන් අතර. මගේ ඇඟ පුරාම කැපුම් තුවාල. දවස් ගාණක් මාස ගාණක් මම කලූබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා. උන්මාව කැපුවෙ වෙන හේතුවකට නෙවෙයි. දවසක් උන්ව මම දණ ගැස්සුවා උන්ව මරන්න ගියා. අපි කරන හැමදේම අපි පස්සෙම කැරකෙනවා මිස්. මටත් වුණේ මම කරපු කියපු දේවල්වල ප‍්‍රතිඵල තමයි.


මම කසාද බැඳපු ගෑනු ළමයාගේ පැත්තෙන් මට පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ. එයාලා මට හරියට විරුද්ධ වුණා. අන්තිමේදි අපේ කසාදේ නොකර බැරි තැනට කටයුතු සැලසුනාට පස්සෙ එයාලා අපේ ගෙදර එක්ක කතා කරලා වෙඩින් එක ගත්තා. දැං මට පුතෙක් ඉන්නවා. අම්මා තාත්තට බොරු කියකියා වයිෆ්ටත් වධ දිදී ගහපු කුඩු මට නවත්තන්න  ඕන. හෙට මගේ පුතා ලොකු මිනිහෙක් වෙන්න කලින් මට හොඳ මිනිහෙක් වෙන්න  ඕනේ. මම මත්කුඩු ගත්තු මං කොල්ලකාපු මිනි මරපු අතීතේ මට වලදාන්න  ඕනේ. මම හිරගෙදර රජගෙදර කියලා හිතාගෙන අවුරුදු ගණන් හිරබත් කෑවා. දැන් ඇති, හැම මෝඩකමක්ම ගොංකමක්ම ඉවරකරලා කුඩු නවත්තන්න පුළුවන් කියලා එදා මගේ යාළුවන්ට කරපු අභියෝගය දිනන්න  ඕනේ. තවදුරටත් මට නරකාදියට වැටුණ නින්දෙන් ඇවිදින මළමිනියක්වගේ ජීවත්වෙන්න බෑ.  

m



අදහස් (0)

කුඩු ගැහුවා අරක්කු බීවා අද මම විඳවනවා

සුනෙත් Friday, 25 September 2015 04:47 AM

හොඳ ලිපියක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 457 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 55 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 82 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 303 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 205 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 101 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 649 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 330 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site