රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙන් නගා සිටුවීමට ද නොහැකිය. එය ක්‍රමික ගමනකි. එම ගමනේදී ඉදිරියේදී ඇතිවිය හැකි බාධා, අභියෝග සම්බන්ධ අවධානයෙන් ද සිටිය යුතුය.
මාස හයකට අධික කාලයක් පැවැති වර්ෂාව සහ මාසයකට අධික කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3,000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියන් පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කුඩා තේ ඉඩම්වල තේ දලු පලදාව ඉතා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන් ය.
සොබා දහම ඉතා නිර්දය ලෙස පහර දෙමින් සිටින බව ඉතා පැහැදිලි ය. එහෙත් එම ප්‍රහාරයට මුහුණ දීම හැර අන් විකල්පයක් අපට නැත. මුහුණ දීම යනු ප්‍රහාරයට ඔරොත්තු දෙමින් සිටීම නොවේ. විකල්ප විසඳුම් සොයමින් එයට මුහුණ දීමය. නිලධාරීන්ගේ වගකීම වන්නේ හෙට දවස සම්බන්ධයෙන් නිවැරැදි පුරෝකථන කරමින් එළැඹෙන තත්වයට ශක්තිමත්ව මුහුණදීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම ය.
මාතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ පළාත් ගණනාවකට මාස හයකට වඩා වැඩි කාලයක් වැස්ස ඇද වැටුණේය. වැස්ස සම්පතක් වුවද එය සම්පතක් කර ගැනීමේ දියුණු වැඩ පිළිවෙළක් අප රට සතුව නැත. ප්‍රතිඵලය වූයේ ගම් - බිම් යට කරමින් වගා බිම් පාළු කරමින් වැසි දිය ගලායාමය.
දැන් නියඟය එළැඹ තිබේ. එයට දැන් මසකටත් වඩා වයසය. …මෙම නියඟය තව කොතෙක් කලක් අල්ලාගෙන ඉඳීවි දැයි කිව නොහැකිය. ප්‍රතිඵලය වී තිබෙන්නේ තේ අක්කර 3000ක් විනාශ වී යාමය. මෙම ගණන අද දවසට සාපේක්ෂවය. හෙට දවසේ තත්වය තවත් බිහිසුණු විය හැකිය.
නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ජලය බැස නොයෑම හේතුවෙන් තේ ගස් විනාශ වී ඇති බවත් දලු අස්වැන්න අඩුවීමෙන් දලු නෙළන්නන්ට දෛනික කුලිය ගෙවීමට පවා නොහැකි වී ඇති බවත් අකුරැස්සේ කුඩා තේ වතු හිමියකු වන ඥානසිරි සමරවික්‍රම මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. අධික වියළි කාලගුණය නිසා අක්කරයක් පුරා ඇවිද්දත් තේ දලු කිලෝ 20 ක්වත් කැඩීමට නොහැකිවීමෙන් කුඩා තේ ඉඩම් හිමියන්ට දිනක වැටුප පවා ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත් දලු මිල පහත වැටීම පොහොර ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන් අමු දලු අස්වැන්න බොහෝ සෙයින් අඩු වෙමින් ඇති බවත් කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අප රටට විදේශ විනිමය උපයන ප්‍රධාන භෝගයකට අත්වී ඇති ඉරණම ඉතා පැහැදිලිය. මෙම සංඛ්‍යා ලේඛන මාතර දිස්ත්‍රික්කයට අදාළවය. වෙනත් දිස්ත්‍රික්කවල තත්වය ද විමසා බැලිය යුතුය.
කුඩා තේ වතු හිමියන් යන නාමකරණයෙන් ම ඔවුන්ගේ තත්වය පැහැදිලි ය. එහෙයින් ඔවුන්ට මෙවන් ව්‍යසන සමග හැප්පෙන්නට නොහැකිය. එමෙන්ම එම කුඩා තේ වතු හරහා පවුල් ලක්ෂ කීයක් යැපෙන්නේද යන්න විමසිය යුතුය. කුඩා තේවතු හිමියන්ට ආදායම් නැත. කම්කරුවන්ට වැඩ නැත. එය එසේ වනවිට ඔවුන් හා ඔවුන්ගේ යැපෙන්නන් ජීවත්වන්නේ කෙසේ දැයි යන්න මගහැර යා නොහැකිය. එහෙයින් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතු ය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?
sam Saturday, 02 March 2024 10:30 PM
මාස හයකට අධික කාලයක් පැවැති වර්ෂාව සහ මාසයකට අධික කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණය තේ වගකිරීමට සහ වෙනත් වගාකිරීමට අවශ්‍ය ජල ගැටලුව විසඳීමට පළමුව කළයුතුවේ. මාස හයකට අධික කාලයක් පැවැති වැසි නිසා හෝ වැසි කාලයේ ලබෙන්නා වූ ජලය එක්රැස් කිරීම සඳහා කුඩා, මධ්‍යම සහ විශාල වැව් නිර්මාණය කරගැනීම සඳහා ප්‍රදේශය මට්ටමින් සිටිනා නිලධාරීන් සහ ගොවින් එක්ව වියළි කාලයේදී ජලය ලබාගන්න ක්‍රමවේදයක් පිළිබඳව සකච්ජා කර ඔවුන්ගේ විසඳුම රජයට ඉදිරිපත්කළ යුතුවේ. වැව් තනා ගැනීම සඳහා අවශ්‍ය කරන්නාවූ සහාය (හමුදාවන් යොදවා) හෝ ලබාදුන් පසු ජලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව ප්‍රදේශය නිලධාරීන් සහ ගොවීන් එක්ව ක්‍රමව්දයක් සැකස කරගත යුතුව තිබේ. ඒ සඳහා කුඩා තේවතු හිමියන්ටද රජයට සහයෝගය ලබාදිය හැකිවේ. රජයෙන් සියල්ල නොමිලයේ ලබාදෙන තුරු බලා නොසිටිය යුතුවේ. මේ වනවිට ගෝලීය වශයෙන් පවතින් කාලගුණික වෙනස්වීම් හමුවේ කලහැකි වන්නේ කුමක්ද ? ගෝලීය වශයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා සොබාදහම ඉතා නිර්දය ලෙස පහර දෙමින් සිටින බව ඉතා පැහැදිලියි. සංවර්ධනය ලෝකයට අවශ්‍ය නමුත් සැලසුම් නොමැති සංවර්ධනය යනු විනාශයට මූලිකම කාරණයකි...