IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කුණු නිසා ගඳගසන මීතොටමුල්ල

30-pg10d--main-pgs

 

අක්කර 18ක භූමි ප‍්‍රමාණයක අඩි 250ක් උසට අරා සිටින කුණු කන්දකින් නික්මෙන දුර්ගන්ධය ගැන දෑස් පෙනෙන ගඳ සුවඳ හොඳින් දැනෙන හදවතක් ඇති මේ මිහිමත වෙසෙන  ඕනෑම ජීවියකුට අලූතින් තේරුම් කළ යුතුද? එසේ නම් 2009 පමණ කාල සීමාවක සිට එම කුණු කන්ද වටා දිවි ගෙවෙන ජනතාවගේ ඉරණම කෙතරම් නම් ඛේදජනක විය හැකිද යන්න පිළිබඳව සිතා ගැනීම කාහටත් එතරම් අපහසු නැත. සැබවින්ම  කොළොන්නාව, මීතොටමුල්ල රාහුල විදුහල අසල ජීවත්වන පවුල් 8000, 9000 අතර ජනතාවක්  මෙම කුණු කන්ද නිසා විඳින අපාගත ජීවිතය පසුගියදා අපි සියැසින්ම දුටිමු. එහෙත් වසර ගණනාවක් තිස්සේ ඒ අහිංසක ජනතාවගේ ඒ ඛේදවාචකය දෙස නෙතු හෙළන්නට ඒ ජනතාවගේ කතිරයෙන්ම බඩගෝස්තරය සරිකර ගන්නා දේශපාලන අධිකාරියේ කිසිවකුත් නගර සභාවේ අදාළ කිසිදු බලධාරියකුවත්  මේ වනතුරු කි‍්‍රයා නොකිරීම කෙතරම් නම් අමානුශීයද? එහෙත් සත්‍යය එයයි.

 


මෙම කුණු කන්ද මීතොටමුල්ල මේ භූමියේ ගොඩගැහෙන්නේ 2009 කොළඹ නගර සීමාවට අයත් බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය වඩාත් දරුණුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසටය. එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ අධිකරණ නියෝගයක් මත බ්ලූමැන්ඩල් කුණු කන්දට ඔරොත්තු නොදෙන කුණු මෙම ස්ථානයේ අක්කර දෙකක භූමියකට, ගෙනැවිත් දමන්නට ලැබුණු අවසරයෙන් පසු එය අක්කර 18ක් දක්වා ව්‍යාප්ත  වනතුරු කොළඹ නගර සභාවේ බලධාරීහු හා කොළොන්නාව නගර සභාවේ බලධාරීහු ඉවත බලා සිටියහ. ඒ අවට වෙසෙන පවුල් 8000, 9000ක ජනතාව ඩෙංගු, හෘදයාබාධ, ස්වසන රෝග හා චර්ම රෝගවලට මුහුණ දෙමින් තම ජීවිත ඉතාම අභාග්‍ය සම්පන්න  ඉසව්වකට රැගෙන ගියහ.

3


අද වනවිට මෙම රෝගබාධ වලින් 30  දෙනකු පමණ තම අවසන් සුසුම් පොද මෙම දුර්ගන්ධයෙන් අනූන වාතලයට මුදාහැර අවසන්ය. එහි ජනතාවගේ සියයට 60ක් චර්ම රොගීන්ය. උයාගත් බත් පත පිරියක් ඇතිව බුදින්නට මෙම කුඩු කන්දේ අධික දුර්ගන්ධය  ඔවුනට ඉඩකඩ සලසා නැත. වෙනෙකක් තබා ඔවුන්ගේ කිසිදු ඥාතියකු පවා ඔවුන්ගේ නිවෙසකට ගොඩ නොවෙන්නට පවා වගබලාගෙන ඇත්තේ මෙම දුර්ගන්ධය නිසාමයි. විවාහ වන වයසේ පසුවන දියණියකගේ, පුත‍්‍රයකුගේ විවාහ යෝජනා ප‍්‍රතික්ෂේප වෙන්නේද මෙම කුණු කන්ද හරහාය. හෙට දවසේ රට බාර ගන්නා අවිහිංසක පුංචි මල් කැකුළුවන්  දුවා දරුවන් අකුරු කරන්නේද මෙම කුණු කන්ද පාමුල අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් වළඳමින්ය. මේ මීතොටමුල්ල ජනතාවගේ ඛේදවාචකයේ හරස් කඩයි.


මෙලෙස දින, සති, මාස. අවුරුදු ගණනාවක් මෙම අපාගත ජීවිතය ගෙවූ කොලොන්නාව, මීතොටමුල්ල ජනතාව මේ වෙනුවෙන් අදාළ බලධරීන්ගෙන් පිහිටක් ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. එහෙත් නෑසූ කන්  ඇතිව ප‍්‍රශ්නය මගහැර ගිය දේශපාලන අධිකාරියේත්, අදාළ බලධරීන්ගේත් ඇස් ඇරවීම වෙනුවෙන්  ඒ ජනතාවගේම ශක්තියෙන් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය බිහි වූයේය. පසුගියදා  එම බලධාරීන් මර්දනය කරන්නට උත්සාහ කළේ එම ජනතා ව්‍යාපාරයේ හඬය. මේ එහි ක‍්‍රියාකාරිකයකු වූ විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකු වූ කීර්තිරත්න මහතා අප හමුවේ දිගහැරියේ ඔවුනගේ අහිංසක මානුෂීය අවශ්‍යතාවයේ, අරගලයේ යථාර්ථයයි.

SLMA-10.qxd
”මම 1980 ඉඳන් මේ ගමේ ජීවත් වෙනවා. 1990 කොළොන්නාව නගර සභාවෙන් ඒ වෙලාවේ කුණු මෙතැනට ගෙනත් දැමීමට මිනිස්සු විරුද්ධ වුණා. ඒත් විරෝධ නොතකා කොළඹ නගර සභාවේ කුණුත් ගෙනත් දැම්මා. පසුව පුරපති ගනේෂලිංගම් මහතා කුණු දැමීම තහනම් කළා. නැවත 2009 බ්ලූමැන්ඩල් කුණු කන්දේ ප‍්‍රශ්නය දරුණු වුණාම එවක අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තාවකාලික පදනම මත මෙතැන අක්කර 2ක කුණු දාන්න ඉඩ දුන්නා. නමුත් හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණ නියෝග කඩකර දිගටම කොළඹ කුණු මෙතැන දැම්මා. කුණු කන්ද අක්කර 18ක් පුරා අඩි 250ක් උසට අද වර්ධනය වනතුරු ජනතාවගේ හඬට කවුරුවත් කන් දුන්නේ නැහැ. අපි නීතිඥ නුවන් බෝපගේ මහතාගේ සංවිධායකත් - වයෙන් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය හදා ගත්තේ මෙතැන පවුල් 8000, 9000 කගේ ප‍්‍රශ්නවලට සාධාරණ මානුෂීය විසඳුමක්  ලබා ගත්තා.


”මෙහෙම කුණු කන්ද දවසෙන් දවස වර්ධනය වෙද්දී අමුතු දේවල් සිද්ධ වුණා. කුණු කන්ද අයිනෙම තියෙන මීතොටමුල්ල රාහුල විදුහල් භූමියේ පනුවෝ, දළඹුවෝ දරුණු ලෙස බෝවෙන්න පටන් ගත්තා. ඒක හරියට කවුරුහරි ගෙනත් දැම්මා වගේ වැඩක්. කොහොම හරි පාසල වැහුවා. 5 වසර දක්වා හිටපු ළමයි කොළොන්නාව බාලිකා,   විද්‍යාවර්ධන, ටෙරන්ස් එන්. සිල්වා, කියන පාසල් 3 ට දැම්මා. පාසලක් වහනවා කියන්නේ හිරගෙයක් අරිනවා වගේ වැඩක්. ඒ එදා කුණු ප‍්‍රශ්නයට බලධාරීන් විසඳුම හොයපු විදියයි.


පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝෝඨාභය මහත්තයත් එක්ක එකතු වෙලා මෙතැන විදුලිය නිපදවන සමාගමක් හදන්න බෝඞ් එකක් ගැහුවා. මේ කුණු සෙල්සියස් අංශක 1200ට දහනය කරන්න   ඕනෑ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව දරුණු වුණා. ඒක හැදුවොත් මීටර් 500ක ආරක්ෂිත කලාපයක් ප‍්‍රකාශ කළාම කොළොන්නාව බාලිකාව, කොළොන්නාව රජමහා විහාරය, රාහුල විදුහල, පොලිසිය එතැනින් අයින් කරන්න  ඕනෑ. ඒකත් සුදු අලියෙක් විතරක් වුණා.


”කොහොම හරි මේ වෙනකොට මේ ප‍්‍රදේශයේ ඩෙංගු හෘදයාබාධ ස්වසන රෝග වලින් 30 මැරිලා. සියයට 60කට චර්ම රෝග බෝවෙලා. බලධාරීන් තාමත් නිහඬයි. මේ ප‍්‍රශ්නෙට විකල්පයක් විදියට කොරියානු සමාගමක් උස්වැටකෙයියාවේ අක්කර 82 ක කුණුවලින් විදුලිය නිපදවන්න අවසර ඉල්ලූවා. මධ්‍යම පරිසර අධිකාරිය ඒකට අනුමැතිය නොදෙනේනේ ඒ කලාපයේ තිබෙන කඩොලානවල ඉන්න පුංචි ජීවීන් කුණු දැමීම නිසා මියයයි කියලයි. එතකොට කුණු නිසා මීතොටමුල්ල ජනතාව මිය ගියාට කමක් නැහැ.  කඩොලානවල ජීවින් බේරිලා. බලධාරීන් අපිව සතුන්ටත් පල්ලෙහාට දමලා”


අද අපේ ගෙදරකට ඥාතියෙක් එන්නේ නැහැ. කවුරුවත් අපේ ගෙදරකින් තේ එකක්වත් බොන්නේ නැහැ. අපේ දරුවෙකුට විවාහ යෝජනාවක් ගෙනාවත්  මීතොටමුල්ල නම් බැහැ කියනවා. අපි උයාගත්තදේ අපටවත් කන්න පිරියක් නැති තරමට මේ දුර්ගන්ධය අද මේ ප‍්‍රදේශයේ උත්සන්න වෙලා. පැහැදිලිවම අපි අපායක ජීවත් වෙනාවා වගේ”


මෙම ව්‍යසනය තවදුරටත් ඉවසාගත නොහැකි වූ තැන ඔවුහු බලධාරීන්ගේ ඇස් අරවනු පිණිස පසුගියදා අවිස්සාවේල්ල මීතොටමුල්ල මාර්ගයේ දැවැන්ත උද්ඝෝෂණයක  නියැලූණහ. එහෙත් අවසානයේ පොලිසිය ඉතාම  අනුමාෂික ආකාරයෙන් ජල ප‍්‍රහාර එල්ල කරමින් මෙම උද්ඝෝෂණය ව්‍යවර්ථ කිරීමෙන් කුණු කන්දට එරෙහි  ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු කිහිප දෙනකුට රෝහල් ගතවීමට පමා කටයුතු සිදුවිය. එහෙත් මෙම කුණු ප‍්‍රශ්නය තවමත් විසඳුම් රහිතව, කුණු වෙමින් තිබේ. කුණු  කන්දට යාබදව වෙසෙන මොහිදීන් මහතා ද මෙම ව්‍යසනයේම කොටස් කරුවෙකි. මේ ඔහුගේ  හඬයි.


”මගේ පවුලේ 10 දෙනෙක් මේ ප‍්‍රශ්නෙන් පීඩා විඳිනවා. අපි විරෝධතාවකට ගියේ තවදුරටත් මේ කරදරේ ඉවසාගෙන ඉන්න අපහසු නිසයි. විසඳුමක් පේනතෙක්  මානෙකවත් නැහැ. උද්ඝෝෂණයට කලින් පළාතේ කිිහිප දෙනෙකුට රුපියල් ලක්ෂ 15 බැගින්  වන්දි දීලා ඉවත් කරලා තියෙනවා. ඒත් හැමෝටම ඒකට එකඟ වෙන්න  බැහැ. අපි දුක් මහන්සියෙන් හම්බ කරලා හදා ගත්ත ගෙවල් ඊට වඩා වටිනවා. උද්ඝෝෂණය  වෙලාවේ පොලිසියේ අයම වෙනත් පුද්ගලයින් යොදවලා බෑග්වලට ගල් පුරවගෙන ඇවිත් මේ ස්ථානයේ තියලා ඒ අය ලව්වා  ගල් ගැස්සෙව්වේ අපි පොලිසියට ගල් ගැහුවා කියලා ලෝකෙට පෙන්වන්න. එදා පොලිසිය එල්ල කරපු  වතුර පාරේ සැර මේ කුණු කන්දේ කුණු ගඳට වඩා සැරයි. කොහොමහරි අවසානයේ අගමැතිතුමා එක්ක සාකච්ඡුාවක් අපිට ලැබුණා. එයිනුත් සාධාරණයක් නොලැබුණොත්  අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.


මේ කුණු කන්දේ ප‍්‍රශ්නයෙන් අපේ ගෙවල් පොළොවේ  තිබූ මට්ටමට වඩා ඉහළට ඇවිත්. විශාල අවධානමක අපි ජීවත් වෙන්නේ. මේ ප‍්‍රශ්නේදී අපිට සාධාරණව උදව් කළේ සුසිල් කිඳෙල්පිටිය මන්ත‍්‍රීවරයා විතරයි. කොළොන්නාවේ කුණුයි, කුඩුයි තුරන් කරනවා කියලා බලයට ආපු සමහර මන්ත‍්‍රීවරුන්ට අපිට සාධාරණ විසඳුමක් නොලැබුණොත්  එන මැතිවරණයේදී අපි කවුරුවත් මේ පැත්ත පළාතෙ එන්න දෙන්නෙත් නෑ. අපේ කාගෙවත් ඡුන්දය දෙන්නෙවත් නැහැ. මිනිස්සු කියනවා කොළඹ නගරාධිපතිවරයා කුණු මිලදී  ගන්න සමාගමට ගෙවන රුපියල් ලක්ෂ 250ක් ලොකු ගාණක්. එයා ඇතුළු කීප දෙනෙකුගෙ සාක්කු වලට යනවා කියලා.


කොහොම නමුත් එයා ගේන අවසාන විසඳුම මේ කුණු පුත්තලටම ගෙනියනවා කියන එකයි. ඒකට මේ කුණු කන්ද ළඟට රේල් පාර දාන්න කෝටි 50ක් යනවා. රේල් පාර හදන්න ගෙවල් බර ගාණක් කඩන්න  ඕනෑ. මේ හැම දේකටම වසර දෙකක් ගතවෙනවා. එතකොට දවසට මේ කුණු කන්දට එකතු වන කුණු ටොන් 1200ක් වසර දෙකෙන් වැඩි කරලා ගත්තම කුණු කන්දට එකතු වන කුණු ප‍්‍රමාණය ගණන් හදලා බලන්නකො මහත්තයො. ඒ වගේම කුණු ලොරි 200ක් විතර කෝච්චියට පටවන්න කුණු ගෙනියනකොට මෙතන සිද්ධ වෙන ජරමරේ හිතා ගන්න පුළුවන්නේ.


කෙසේ නමුත් අපට පෙනෙන්නට තිබෙන මුහුණුවර අනුව තව චිරාත් කාලයක් මෙම ප‍්‍රශ්නය සේම මෙහි වෙසෙන ජනතාවගේ ජීවිතද මෙම කුණු නිසා කුණුවෙමින් තිබිය හැකි වග පමණක් අපි අවසන් වශයෙන් ලියා තබමු.


පවුල් 280කට වන්දි ගෙවා ඉවත් කළා

SLMA-10.qxd

මේ කුණු ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයක්. මේකට මීතොටමුල්ලේ ජනතාව කියන විදියට විසඳුම් සොයන්න බැහැ. කොළඹ කුණු මීතොටමුල්ලට ගිහින් දාන්න අපට අධිකරණයෙන් නියෝගයක් ලැබුණා. ඒ අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඉදිරියේදී රජය මැදිහත්වෙලා මේ කුණු පුත්තලමට ගෙනියන්න සැලසුම් කරලා තියෙනවා. ඒක තව වසර දෙකක් පමණ ගතවන විට අපට ඉටුකරන්න හැකිවේවි.


දැනට මේ කුණු කන්ද ආසන්නයේ වෙසෙන පවුල් 280 ක් පමණ දෙනාට රුපියල් ලක්ෂ 15 බැගින් වන්දි මුදල් ගෙවා ඉවත් කළා. ඉතිරි අයත් අපි ඒ ආකාරයටම මෙතැනින් ඉවත්කරන්න සූදානම්. අපි අධිකරණයේදීත් ඒ බව පැහැදිලිව ප‍්‍රකාශ කළා. හත්අට දෙනෙකුගේ පුද්ගලික වුවමනාවට තමයි මේ ප‍්‍රශ්නය අනවශ්‍ය විදියට දික්ගස්සගෙන යන්නේ.


කොරියානු සමාගමක් මේ අය එක්ක හිතවත් වෙලා මේ ප‍්‍රශ්නෙට මැදිහත් වෙන්න හැදුවත් උස්වැටකෙයියාවෙ නෙවෙයි කොළඹ නගර සීමාවේ කොහේවත් කුණු වලින් විදුලිය නිපදවන්න කම්හල් දාන්න ඉඩම් වලට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලැබෙන්නෙ නැහැ. කුණු එකතු කරන සමාගම් එක්ක අපේ තිබෙන පරිපාලනමය කටයුතුවලට මේ අය සම්බන්ධ වෙන්න වුවමනාවක් නැහැ. ඒ ගැන අපි බලාගන්නම්. ඒ නිසා මේ අයට වුවමනා ප‍්‍රශ්නය විසඳගන්න නොවෙයි ප‍්‍රශ්නය අවුල් කරගන්නයි.

 

 

m



අදහස් (0)

කුණු නිසා ගඳගසන මීතොටමුල්ල

තිලක් Monday, 01 June 2015 12:02 PM

මම පසුගිය දා නිවාඩුවකට ලංකාවට ගියාම මේ අසළ පාරෙන් යද්දී මේ මහා කන්ද දැක්කා. මේක මහා සම්පතක්. දිනකට ටොන් 1200 ක් කියන්නේ අවම දහනය කළහැකි ද්‍රව්‍ය ටොන් 400ක් පමණ ලබාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙගා වොට් 60ක අවම විදුලි බලයක් නිපදවිය හැකියි. පරිසර හානි නොවන ලෙස කිරීමට අවශ්‍ය තාක්ෂණය ලොව තියෙනවා. මේ නිසා මම මීට ආයෝජන සහකරුවෙක් සෙවුවා. මට ලැබුණු පිළිතුරු ලිපි වලින් තුනක්ම චීන. ඒ තුන්දෙනාම රටේ සිදු වූ දේශපාලන වෙනස නිසා බිය වුණා. තව ඉතිරිව තියෙන්නේ එක කොරියන් සමාගමක් මැලේසියන් සිංගප්පුරු සමාගමක් හා ඕස්ට්‍රේලියානු පුද්ගලයෙක් පමණයි. මම මේ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. ළඟදීම රජයේ බලධාරීන් සමඟ සාකච්ඡාවක් කරන්න ඔවුන් ඒවි. පුත්තලම් ප්‍රදේශයේ මුහුදුබඩ තැනක් රජයෙන් ලැබුනොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබේවි. හැබැයි රජය සමඟ කටයුතු කිරීමේදී බොහෝ ප්‍රමාදවීම් ඇතිවෙන බව මම ඔවුන්ට පැහැදිලි කළා. බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

චතුරි Wednesday, 03 June 2015 12:10 AM

තිලක් මහතා, මේ දේ කරනවිට ජනපතිගෙන් හෝ අගමැතිගෙන් අහන්න. ඔබට ජය නියතයි. කිසිම ඇමති කෙනෙක් මෙයට සම්බන්ධ කර නොගන්න. ඔබ උගත්කමින් පොහොසත්.අනිත් අය බලන්නේ කඩේගිහින් ලැබෙන ඉතුරු සල්ලි තමන්ගේ පොකට් එකට දමාගන්න.ඔබට ගමේ ජනතාව ගොඩක් උදව් කරයි. මුල්ගල තියන්න කිසිම ඇමති කෙනෙකුට දෙන්න එපා. (නි)

:       0       0

සජිත් Monday, 01 June 2015 03:18 PM

තිලක් මහතාගේ කතාව සත්‍යක්‌ නම් උත්සාහයට බොහොම පින්.කොළඹ නගරාධිපති තුමා නම් ජීවත් වෙන්නේ කුනුවලින්ම බව පැහැදිලියි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4371 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 541 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1141 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 100 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 188 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site