චංචලා කොහොමද මේ දවස්වල තොරතුරු? |
මේ දිනවල ජයසේකර අපොන්සුගේ ”තරු පබා” අලූත් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සේපාලිකා ලෙස රඟපෑවා. ඒ වගේම ”රන්මිනිතැන්න” ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ චරිතය රඟපානවා. ගැමි චරිතයක් වන එය මා ඉතා ආසාවෙන් රඟපාන්නේ. සුමිත් ගල්හේනගේ ”රජවත්ත” ටෙලි නාට්‍යයේත්, මොහාන් නියාස්ගේ ”ඉසුරු විමන” ටෙලි නාට්‍යයේත් රඟපානවා. එක දිගටම ටෙලි නාට්‍ය ලැබී තිබෙනවා. ඒ හින්දා කාර්ය බහුලයි. ලබන වසරේ මුල ඉඳලා චිත‍්‍රපට රැුසක්ම ලැබී තිබෙනවා රඟපාන්න. ඒ හින්දා 2014 වසර මට නම් කාර්ය බහුල වසරක් වේවි කියා හිතනවා.
පහුගිය දවස්වල ”සීතා මං ආවා” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය හින්දා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. සීතාට රඟපාන්න ගොඩාක් දෙනා බලාගෙන හිටියා. ඉතිං එය මට හිමිවීම මා ලැබූ වාසනාවක් විදිහටයි සළකන්නේ.
ඔයා කටකතාවලට බයද? |
කොහෙත්ම නෑ. කටකතා කියන්නේ මඩ ප‍්‍රචාරනේ. මඩ ගොඬේ ජීවත්වෙමින් මඩ නාගෙන ඉන්න කෙනෙක් තමයි අනෙක් අයට මඩ ගහන්නේ. උගත්, වැදගත් අය තව කෙනකුට මඩ ගහන්නේවත් අපහසුතාවට පත් කරන්නේවත් නෑ. අඩු මානසිකත්වයෙන් යුත් කෙනෙක් තමයි අනෙක් අය අපහසුතාවට පත් කරන්නේ. එහෙම අයට අනිවාර්යෙන්ම මා අනුකම්පා කරනවා. මොකද අප හැමෝම මැරෙන මිනිස්සුනේ.
එහෙම නම් ඔයාට කලා ක්ෂේත‍්‍රයෙන් එහෙම එන අයුතු යෝජනාවලට මොන වගේ ප‍්‍රතිචාරද දක්වන්නේ? |
අයුතු යෝජනා නම් එන්නේ නැති තරම්. හැබැයි ඉතිං ආදර යෝජනා නම් එනවා. ක්ෂේත‍්‍රයෙන් වගේම පිටිනුත් එනවා. ඒ වෙලාවට මම ඔවුන්ට පහදා දෙනවා. ඇත්තටම මේ වෙලාවේ වැඩ කරන්න විතරයි මගේ කැපවීම තිබෙන්නේ. රඟපෑමේ යෙදීම හැරෙන්න වෙන සම්බන්ධතාවලට කාලයක් මගෙන් නෑ. ඒ හින්දා ආදර යෝජනා ප‍්‍රතික්ෂ්ප කරනවා. හැබැයි ඉතිං හැමෝම එහෙම හිතන්නේ නෑ, ගොඩාක් දෙනා බුද්ධිමත් හින්දා මා කියන දේ පිළිගන්නවා. අනෙක ආදරයක් කරන්න මගේ හිතටත් ආදර හැඟුමක් එන්න ඕනෑනේ. කතා කරන හැම ආරාධනාවක්ම පිළිගන්න අපට පුළුවන්ද?
ඔයාට චරිත දෙන්නම් කියලා ලිංගික බලපෑම්වලට හරි වෙන යෝජනාවලට හරි සමහරු ඇවිත් නැද්ද? |
එහෙමනම් කවදාවත් මට සිද්ධවෙලා නෑ. ඒ අතින් මම වාසනාවන්ත නිළියක්. මම හරිම පරිස්සමින් ක්ෂේත‍්‍රයේ රැුඳී ඉන්නේ. මට නම් කිසිම චරිතයක් නිසා කිසිම බලපෑමක් කාගෙන්වත් එල්ලවුණේ නෑ. ඒ අතින් අධ්‍යක්ෂවරුන්ට මා ස්තුති කරනවා. අනෙක මා කලා ක්ෂේත‍්‍රයට ආවේ ආර්ථිකය ශක්තිමත් කරගෙනයි. ඒ හින්දා මා ගැන දන්න අය ඔවැනි යෝජනා කරන්නේ නෑ.
අනෙක මම චරිත තෝරා බේරාගෙන කරන්නේ. ඒ හින්දා අනවශ්‍ය බලපෑමක් නෑ. මම අධ්‍යක්ෂවරුන්ට වගේම හැමෝටම ගරු කරනවා. මම කට්ට කාලා ආ කෙනෙක් නොවෙයි. කට්ට කනවා කියන්නේ මොකක්ද කියා දන්නෙත් නෑ. කලාවෙන් ජීවත්වෙන්න ගියොත් තමයි අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන්නේ. සමහර අලූත් නිළියන්ට ඔය තත්ත්වය ඇතිවී තිබෙන බව මා දන්නවා. තමන් කරන්නේ කුමක්ද කියා මුලින් වටහා නොගත්තොත් දිගටම අඳුරේ තමයි ඉන්න වෙන්නේ.
අනවශ්‍ය දෙයකට ආවොත් ඔයා ඊට කොයි වගේ ප‍්‍රතිචාරයක්ද දක්වන්නේ? |
මෙහෙමයි. මට තවම එහෙම අනවශ්‍ය දේ ආවේ නෑ. ආදරය විතරයි ඉල්ලාගෙන එන්නේ. මම කියන දේ මූණටම කියලා දාන කෙනෙක්. නැත්නම් මෙච්චර ගමනක් මට එන්න ලැබෙන්නේ නෑ. එහෙම නැතුව අද කාලේ වැඩ කරන්න අමාරුයි. මා ගැන දන්න අය ප‍්‍රශ්න ඇති කරන්නේ නෑ. ඒ කියලා මම රණ්ඩු වෙන්නෙක් නම් නොවෙයි හරිද? මම හරි දේ හරියට දැකලා වැඩ කරන කෙනෙක්.
ඒ කියන්නේ ආදරය ඉල්ලාගෙන ආවත් ඔයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑ කියන එක නේද? |
ඔව්. මේ කාලේ මම වැඩ කරන කාලේ. ඒ හින්දා රංගනයට හා ව්‍යාපාර පැත්තට තමයි වැඩි අවධානය යොමුවී තිබෙන්නේ. ගෙදර අයත් ඒක දන්නවා. ඒ හින්දා ලොකුවට බලපෑම් කරන්නේ නෑ. අනෙක ජීවිතේ හැමදේම වෙන්නේ සිදුවිය යුතු වෙලාවටයි. මම පෙර කර්ම තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඒ හින්දා දෛවය අනුව මගේ පෙම්වතා කවදා හරි ලැබේවි. ආදරය කරන්නත් ආදර හැඟුමක් ඇති වෙන්න ඕනෑ. තවම එහෙම හැඟීමක් ඇති කෙනෙක් ලැබුණේ නෑ.
ඔයා විලාසිතාවලදී ඇඟ පේන්න ඇඳුම් අඳිනවා නේද? ඒ වෙලාවට යම් යම් අයගෙන් වැරැදි යෝජනා එන්න පුළුවන් නේද? |
මම තැනට ඔබින විදිහට විලාසිතා කරන කෙනෙක්. පෞද්ගලික ජීවිතයේදී මම වැඩියෙන්ම අඳින්නේ ඩෙනිමයි ටී ෂර්ට් එකයි. හැබැයි චිත‍්‍රපටවල හා වෙනත් උත්සවවලදී මම කොටට අඳිනවා. එතැනදී ඇඟ නිරාවරණය වෙන්න පුළුවන්. නමුත් ඒක ඒ අවස්ථාවට විතරයි. මා හිතන්නේ එවැනි තැන්වල ඉන්න අය මා ගැන වැරැදියට හිතන්නේ නැතුව ඇති.
මෙහෙමයි සමහරුන්ට ඉතින් ආසාවක් ඇතිවෙන්න පුළුවන්. ඒක ඉතින් පෘථග්ජන ලක්ෂණයක්නේ. නමුත් ඉතින් මගේ මූණට ඇවිත් අහන්නේ නම් නෑ. මොකද මම කියන දේ මූණටම කියන කෙනෙක් හින්දා සමහරු බය ඇති අහන්න.
දිගටම රංගනයේ යෙදෙන්නද අදහස් කරන්නේ? එතකොට ව්‍යාපාරිකාවට මොකක් වෙයිද? |
දිගටම ඉන්න අදහසක් නෑ. මට පුළුවන් තාක් කල් රඟපානවා. හරි වෙලාවේ එයින් මා ඉවත්වෙනවා. එහෙම කියලා ඕනම චරිතයක් රඟපාන්නේ නෑ. චංචලාගේ නමට හානියක් නොවන දේ තමයි මා කරන්නේ. හැමදාම ව්‍යාපාරිකාව මා කෙරෙහි ජීවත්වෙනවා. මේ දෙක බැලන්ස් එකක් කරගෙන යන්නේ. ආර්ථිකය ශක්තිමත් නම් කලාකාරිනියකට හරි ලේසියි තමන්ගේ ගමන යන්න. ඒ හින්දා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මගේ එකම පැතුම හිනාවෙලා මැරෙන්නයි. ඒ තරම් සතුටක් මට තවත් නෑ.
චංචලා සමග කළ කතාබහේ අවසානයේ ඇය ගැන තව කිවයුතු දෙයක්ද තිබේ. එනම් පළමු වතාවට ලෝක වීඅයිපී :ඪෂඡු* සඟරාව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකීය කලාකාරිනිය ඇය වීමයි. ඒ විතරක්ද? ලොව ජනපි‍්‍රය ”කිලිං මී සොෆ්ට්ලී” ගීතය නව ආරකින් මුළු ලෝකයටම දැන් ගයන්නේ ඇයයි. මේ නිසාම චංචලා අද ලොව පුරා ද ජනපි‍්‍රය වී සිටින රුවැත්තියකි.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතාකරන හැම ආරාධනයක්ම පිළිගන්න පුළුවන්ද?
දිල් Monday, 30 December 2013 12:47 PM
හරිම ලස්සනයි ඔයා. ඉදිරි අනාගතයට සුභ පතනවා.(නදී)
සෙන්තිල්නාතන් Saturday, 04 January 2014 04:12 AM
හරිම ලස්සනයි ඔයා.(නදී)