IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කිතුල් මදින ලලනාවෝ

කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පියවර ගැනීමත් සමගම කිතුල් කරමාන්තයට අභිමානයක් එක්ව තිබේ. පොලිසියේ නිල ඇදුම දුටු සැනින් පැන දුවන මල්කපන්නන් වෙනුවට අද දැකිය හැක්කේ බයක් සැකක් නැතිව කිතුලක් මදින කිතුල් කාර්මිකයන්ය. මේ පසුබිම සකස් කිරීම සඳහා අනපනත් පවා වෙනස් කර ඇත. මේ නිදහස් මත මෙතෙක් සැඟව තිබූ බොහේ දේ දැන කරළියට එන්නේය. කිතුල් මදින්නේ පිරිමි පමණක් නොව හරි හරියට කිතුල් ගස් නැග මල් කපා පැණි වස්සන ළඳුන්ද සිටින බව දැන් නම් නිසැකවම කිව හැකිය. මෙම ළඳුන් සොයා ගිය ගමනට පාර කැපුවේ කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරීමට වෙහෙසෙන සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ආර්. සමරසිංහ මහතාය. කාර්මික සංවර්ධන මණ්ඩලයේ බදුල්ල කාර්යාලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එල්.කේ. රණවන, සහකාර අධ්‍යක්‍ෂ ආර්.එම්. කුලරත්න හා ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකාර ඩබ්ලිව්.පී.ජී. පුෂ්පකුමාර සහ ආර්.එම්.ඩබ්ලිව්.එල්. රත්නායක යන මහත්වරු මාරගෝපදේශකයෝ වූහ. වියළුව මැතිවරණ කොට්ඨාසයේ මීගහකිවුල හන්දියෙන් හැරී මොරහෙල ගමට ගියෙමු. කිතුල් මදින එක් කාන්තාවක් ජීවත්වුනේ මේ ගම්මානයේය. ඇයගේ නම සමරකෝන් ජයසුන්දර මුදියන්සේලාගේ කරුණාවතීය. 46 වැනි වියේ පසුවන ඇය පස් දරු මවකි. සිහින් සිරුරකින් හෙබි මේ උත්සාහවන්ත කාන්තාව වැඩට මෙන්ම කතාවටද රුසියෙකි. ඇය කථිකත්වය විදහා දක්වමින්ම කතාව පටන්ගත්තාය. ”මං කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. මම බැදපු එක්කෙනාත් එහෙමයි. අපි දෙන්නම ගහන්නේ කණ අත්සන. මව්පියන්ගේ කැමැත්ත ඇතිව අපි විවාහ වුණා. එතකොට මගේ වයස අවුරුදු 16යි. බොරු වයසක් දාලා බැන්දා. මේ ගම්මානය ඒ දවස්වල හරිම දුෂ්කරයි. ඉස්කෝලෙ යන්නෙ කොහොමද ඒ සඳහා පහසුකම් තිබ්බෙ නැහැ. එදා විතරක් නෙවෙයි අදත් මේ ගම්මානය දුෂ්කරයි. තාම අපට විදුලිය නැහැ. මේ ළඟටම විදුලිය ඇවිත් තියෙනවා. ඒත් අපේ ගම්මාන වලට විදුලිය ලැබෙන්නේ දේශපාලනඥයන්ගේ බොරු පොරොන්දු වලින් විතරයි. කියලා වැඩක් නැහැ මහත්තයෝ අපි කාටවත් අතනොපා ජීවත්වෙන, ඇත්නම් කාල නැතිනම් බඩගින්නේ ඉන්න අය. කිතුල් කර්මාන්තය මම දන්නා කාලේ ඉදලම මේ ගම්මානවල තියෙනවා. මගේ තාත්තා කිතුල් මදිනකොට මම බලන් හිටියා තාත්තාට උදව් කලා. තාත්තා හවස් වෙනකොට මලක් කපල රාටිකකුත් බොනවා. ඒක හරිම ගුණයිනේ. මම බැන්දට පස්සේ මහත්තයා තමයි මල් කපනහැටි බේත් තියන හැටි කියල දුන්නේ. අපි දෙන්නා සහයෝගයෙන් වැඬේ කළා. ඊට පස්සේ මම තනියම මල් කපන්නයි බේත් තියන්නයි තෙල්දිය ගන්නයි හකුරු පැනි හදන්නයි පටන් ගත්තා. ගහේ නගින එක කජුකනවා වගේ සුළු දෙයක් ඔන්න බලන්න මහත්තයෝ යැයි කියමින් ඇය ගෙට දිව ගියාය. නැවත එලියට ආවේ මුට්ටියද සමගිනි පිහිය ඉනේ රුවාගෙන කිතුල් ගහට නගින්න පටන්ගත්තාය.  කිතුල් ගසක බැදි පුරුක් සහිත උණගසක් මිස කිසිදු ආධාරකයක් නොවීය. ගසට නගින අතර තුරද ඇය අප දෙස බලා සිනාසුනේ මේක සුළුදෙයක් කියනා බව පසක් කිරීමටය. කිතුල් ගසේ අතුමත රැඳී  කිතුල් මලේ පැණිගෙන යළි කිතුල්මල කපා මුට්ටිය බැඳ ඇය පහළට ආවේද වේගයෙනි. ඇය නැවත අප සමග කතාවට වැටුනාය. ටවුන්වල අයනම් අපි ගැන මොනව හිතයිද දන්නේ නැහැ. අපි නම් කාලයක ඉඳලා මල් මදිනවා. කිතුල් පැණි, කිතුල් හකුරු හදනවා. හැබැයි දැන් මල් අඩුයි. තෙලිදිය බෝතල් හයක් යනවා පැණි බෝතලයක් හදන්න. පැණි බෝතලය අපෙන් ගන්නේ රුපියල් දෙසීයට. හකුරු කිලෝවක් ගන්නේ දෙසීයට දෙසිය පනහට ඇය පැවසුවේ දුක්මුසු ස්වරයකිනි. අපි ඇයද කැටුව මීගොල්ල ගමට ගියෙමු. රත්නායක මුදියන්සේලාගේ සිරියාවතී (46) ජීවත්වන්නේ මේ ගම්මානයේය. සිරියාවතී පැවසුවේ දුක්බර කතාවකි. මගේ මහත්තයාව ගමේම කීපදෙනෙක් එකතුවෙල් ඝාතනය කළා.  මලක් කපලා එන ගමන් මග රැක ඉදළ තමයි මහත්තයා කපල මැරුවේ. දැන් නඩුව විභාග වෙමින් තිබෙනවා. මහත්තය නැතිවුණාට පස්සෙ දරුවො හදාගන්න ලොකු යුද්ධයක් කළා කිතුල් මල් කපන්න යොමු උනෙත් ඊට පස්සේ. මට හොඳට ගස් නගින්න පුළුවන්. හැබැයි ළමයි ලොකු උණාට පස්සෙ ඒ ගොල්ල කැමැති නැහැ මම කිතුල් මල කපනවට. කොහොම නමුත් මම වැඬේ අත ඇරියේ නැහැ. කරුණාවතීලට වගේම තමයි අපේ ගමටත් විදුලිය නැහැ. මමත් කවදාවත් ඉස්කොලේ ගිහින් නැහැ. ඒ වාසනාව අපට තිබුනේ නැහැ. හැබැයි මගේ දරුවොන්ගේ දරුවෝ ඉස්කොලෙ යනවා. විදුලිය නොමැතිකම ඒ දරුවන්ගේ අධ්‍යාපනයට මහා බාධාවක්. කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරල උදේට කියනවා ආච්චි නහය දනවා කියල. මේ බාදක මැද තමයි අපි ජීවත් වෙන්නේ ඇය පවසන අතර රෙද්ද සකසුරුවමට ඇඳගනිමින් මල්කපන පිහිය ඉනේ රුවා ගත්තාය. දැන් ඇය කිතුලේ යාමට සූදානම්ය. මුට්ටි අතින් ගෙන කඩිසර ගමනින් කිතුල් ගස පාමුලට ගියාය. ගසට වැඳ නමස්කාර කර ගසේ ඉහළට ගමන් කළාය. ඇයටද මේ ගස් ගමන ඉතා සුළු දෙයකි. කිතුල මැද සිනාසෙමින් පහළට බැස්සේ තෙලිදියද රැගෙනය. මේ ලලනාවන්ගේ කතාව කිතුල් පැණි සහ කිතුල් හකුරු තරම්ම රසවත්ය. එහෙත් ඔවුන්ගේ ජීවිත අතිශයින්ම දුක් බරය.

සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
සිරියාවතී කිතුල්ගසට නගිමින් ජයසුන්දර මුදියන්සේලාගේ කරුණාවතී රත්නායක මුදියන්සේලාගේ සිරියාවතී



අදහස් (0)

කිතුල් මදින ලලනාවෝ

Cahmika Nissanka Monday, 27 August 2012 06:20 PM

ඔයවගේ අදහස් දැක්වීම වැරදියි.. අහිංසක ගැහැණු අය තමයන්ගේ ජීවිතේ පරදුවට තියලා කරන ජීවිත සටන හෑල්ලුවට ලක් කරන්න එපා.. ඔවුන් කාටවත් අත නොපා වැරදි වැඩ නොකර කරන මේ රස්සාවට අපි ගරු කළ යුතුයි..!!(නු)

:       0       2

ක්‍රිෂාන්ත Sunday, 02 September 2012 02:14 AM

අම්මා ඔබ මට ඇත්තටම ආඩම්බරයක්.. ඔබට ජය..!!(නු)

:       0       0

නන්දන Friday, 31 August 2012 01:14 AM

හොද කර්මාන්තයක්. නමුත් මෙම කර්මාන්තයේ යෙදෙද්දී මීට වැඩිය ආරක්ෂිත ඇදුම් ඇන්දොත් තමයි හොද නේද? (නි)

:       0       0

ජයන්ත Saturday, 13 February 2016 07:13 AM

ඔබලා අපිට ගෞරවයක්. (ර)

:       0       0

ලීල් Saturday, 01 September 2012 12:41 AM

මේ අය බඩපුරා රා බොන එකයි හිතට අමාරු. (නි)

:       0       0

විභූති Wednesday, 29 August 2012 05:21 PM

මලට තිත. (නි)

:       0       0

සමන් කටුගහගේ Sunday, 02 September 2012 07:24 AM

අසංකගේ ප්‍රතිචාරයට මගේ ප්‍රනාමය.. !!(නු)

:       0       0

දිස්නා Friday, 31 August 2012 02:29 PM

දිරිය කාන්තාවන්. (නි)

:       0       0

කුමාර Monday, 27 August 2012 12:15 AM

නියමයි. ලංකාවෙ මිනිස්සු ලංකාවෙ කර්මාන්ත දියුණු කළ යුතුයි. (නි)

:       0       0

අරුණ Tuesday, 28 August 2012 11:54 AM

සැර බීම වලට වඩා මේවා කොච්චර හොඳද . දේශීය නිෂ්පාධන ඉහල නංවමු....රට බීම නතර කරමු..(ස)

:       0       0

දුමින්ද Monday, 27 August 2012 01:06 PM

දිරිය මව්නි.. ඔබට අප සැමගේ ආචාරය, කුඩා කර්මාන්ත සහ සමාජසේවා අමාත්‍යංශය මෙයාලට උදව් කරන්න..!(නු)

:       0       0

තරුෂ Sunday, 26 August 2012 03:24 PM

අපේ සීයලා ඒ කාලෙ කිතුල් මැද්දෙ රා සහ තෙලිදිය බීම සඳහාමයි. අඟල් ගානට බාර් තියෙන දැන් කාලෙ රා මොකටද? පැනි සහ හකුරු සඳහා වෙහෙසෙන මේ වීරියවන්ත කාන්තාවන්ට ශ්‍රමයට වටිනා මිලක් ගෙවන්න. ප්‍රධානම දේ, මේ නිශ්පාදන අතරමැදි වෙළඳුන් විසින් කුණු කොල්ලයට කොල්ල කෑම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

මනෝහරන් Monday, 27 August 2012 11:30 PM

තුෂාර, ඔබ මට පැවසීමට කිසිවක් ඉතුරු කර නැත. (නි)

:       0       0

දයා Sunday, 26 August 2012 03:32 PM

මෙයාලත් බොනව ඇති නේද මේවා‍‍..(ස)

:       0       0

චමිල් Saturday, 01 September 2012 06:47 PM

දිරිය ලදුන්. මෙහෙම කරන්නේ රා බොන්න නොවෙයි. ජීවත් වෙන්න (දී)

:       0       0

මංජුල Wednesday, 29 August 2012 02:11 PM

ජීවත් වෙන්න මිනිසුන් විදින දුක් දැක්කහම අපි තවමත් 18 වෙනි ශත වර්ෂයේද කියලා හිතෙනවා. (නි)

:       0       0

ඩැනී Friday, 31 August 2012 10:55 AM

ජීවත් වෙන්න මිනිසුන් විදින දුකක් ? (නි)

:       0       0

අසංක Saturday, 01 September 2012 12:28 PM

බේබද්දො වුනාට කමක්නෙහැ මේවගේ අදහස් දැක්වීමකදි ඒවගේ දේවල් හැමෝටම පෙන්නන්න එපා කිතුල් කර්මාන්තය ගැන සදහනක් දුටු සැනින් මතක්වුනේ කිතුල් රා,බාර්,මේ කාන්තාවන් බොනඑක ගැනයි. මේ ලිපි‍යෙ යතාර්තය තේරුම්ගන්න බැරිතරම් බේබදු මානසිකත්වයෙයෙන් පෙලෙන්නන් බහුතරයක් සිටින දේෂයක කෙසේ ඇතිවේද දේෂිය කර්මාන්තයක දියුනුවක්. (දී)

:       0       0

සුනිල් Thursday, 30 August 2012 03:18 PM

මොනතරම් අවධානම් වැඩක්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 132 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site