‘‘කොන්ත්‍රාත්කරුවෝ හාන්සියි, ආණ්ඩුවෙන් කෝටි 700ක පොල්ලක්’’
ඒ පෙබරවාරි 01 වැනිදා අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සිරස්තලයකි. ඉන් කියැවුණේ රජයේ ඉදිකිරීම් වෙනුවෙන් ආණ්ඩුව විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවනු ලැබිය යුතු රුපියල් කෝටි 700කට අධික මුදලක් නොගෙවීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනක් දැඩි අසීරුතාවයට මුහුණ දී සිටින පුවතකි.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත ගලගොඩ මහතා හෙළි කළ කරුණු මත පදනම්ව ඒ පුවත ලියැවී තිබිණි. ගලගොඩ මහතා කියන ආකාරයට ඒ සංගමයේ සාමාජිකයන් අතරින් අති විශාල බහුතරය කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවෝය. සංඛ්‍යාත්මකව ඒ ගණන 2500කට වැඩිය. මධ්‍ය පරිමාණ සාමාජිකයන් පිරිස 150ක් පමණ වන අතර, මහා පරිමාණ සාමාජිකයන් ගණන 35කි. අප මේ ඉලක්කම් සඳහන් කළේ ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු සමාගම් පිළිබඳ යථාවබෝධයක් ලබාදෙනු පිණිසය. ඉදිකිරීම් කර්මාන්තය පවතින්නේ කෙබඳු සමාගම් මත ද යන්න මේ ඉලක්කම්වලින් අනාවරණය කර ගත හැකිය.
මහා, මධ්‍ය හා කුඩා යන සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින බව ඒ සියල්ලෝම නිතර නිතර කියා සිටිති. ආණ්ඩුවෙන් මුදල් ගැනීමට යාමේදී දේශපාලකයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ හිරිහැරවලට ගොදුරු වෙතැයි බියෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවෝ තමන් මුහුණ දී සිටින ප්‍රශ්‍්න ප්‍රසිද්ධියේ හෙළි නොකළ ද අප්‍රසිද්ධියේ හෙළිකරති. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ හෙළි කළේ ආණ්ඩුව කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්නට ඇති මුදල රුපියල් කෝටි 700කට අධික බවය. 2018 ජූලි මාසයේ සිට මෙතෙක් ඒ කොන්ත්‍රාත්කරුවන් 2650කට අධික පිරිසට ආණ්ඩුව සත පහක්වත් ගෙවා නැති බව ද සභාපතිවරයා කියයි. ඒ තොරතුරු දැන ගන්නා පුරවැසියන්ගේ හදවත්වල නිරායාසයෙන් පැන නගින ප්‍රශ්‍්නය වන්නේ ඉදිකිරීම් කර්මාන්තය මේ අයුරින් පවතින්නේ කෙසේ ද යන්නය.
ඉදිකිරීම් සඳහා ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ඇලුමිනියම්, තීන්ත සහ ටයිල් පමණක් නොව, විදුලි හා නාන කාමර උපාංග ද අත්‍යවශ්‍යය. කොන්ත්‍රාත්කරුවන් පමණක් නොව නූතන ලංකාවේ බොහෝ පුරවැසියන්ද ඒවා ලබාගන්නේ ණයටය. මාස හතක් තිස්සේ කොන්ත්‍රාත්කරුවන්ට සත පහක් ලැබී නැතැයි කීමෙන් අනාවරණය වන්නේ ඉහත කී ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නන්ද මේ වන විට උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බවය. කොන්ත්‍රාත්කරුවන් සේවකයන්ට වැටුප් හා අනිවාර්ය දීමනා දිය යුතුමය. එදිනෙදා නඩත්තු කළයුතුමය. ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝද එසේම කළ යුතුය. ඒ ද්‍රව්‍ය තමන්ට සපයන පුද්ගලයන්ට හා ආයතනවලට ඔවුන් මුදල් ගෙවිය යුතුය. එහෙත් ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට නිසි වෙලාවට මුදල් නොගෙවීම නිසා වැටුප්, එදිනෙදා නඩත්තු සේම ණය වාරික හා ණය පොලිය ගෙවා ගැනීමට නොහැකිව ඒ සියල්ලන්ම අද ඇදවැටී සිටින්නේ බරපතළ අර්බුදයකටය.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියන හැටියට අද ඔවුනට ණය ගැනීමට කිසිම තැනක් නැත. එසේම කිසිවකු ණය දෙන්නේ ද නැත. ඊට ෙහ්තුව ගත් ණය නොගෙවීමය. ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට පොලු තැබීමේ අර්බුදය අප්‍රේල් මාසය දක්වා ඇදීගියහොත් මෙය අර්බුදයක් නොව ව්‍යසනයක් වනු නිසැකය. අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද වන විටත් මේ ප්‍රශ්න නොවිසඳී තිබුණොත් මෙය බරපතළ විය හැකි බවට ගලගොඩ මහතා අනතුරු අඟවන්නේ ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දැනටත් සියදිවි නසා ගන්නා තැනට පැමිණ සිටින බව පෙන්වා දෙමිනි.
ආණ්ඩුව තමන්ට ලැබිය යුතු මුදල් නොගෙවීම නිසා දැන් තමන්ට කිසිවකු ණය නොදෙන බව කියන ඒ මහතා, ණය ගැනීම සඳහා උගසට තැබූ තම ඉඩම්, නිවාස හා වාහන බැංකුවලට සින්නවීමේ අත්‍යාසන්න අනතුරක් උදා වී ඇති බව ද කියයි. ණය නොගෙවීම නිසා ඇතැම් බැංකු හා මූල්‍ය සමාගම් කොන්ත්‍රාත්කරුවන් 1000කට ආසන්න පිරිසක් අසාධු ලේඛනගත කර තිබෙන බවට ගලගොඩ මහතා කරන හෙළිදරව්වෙන් අනාවරණය වන්නේ ඒ කොන්ත්‍රාත්කරුවන් කිසිවකුට මින් ඉදිරියට කිසිම බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය නොදෙන බවය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කිරීමට ගොස් තම ඉඩම්, ගෙවල් හා වාහන බැංකුවලට සින්න වී තම නම් කළු ලැයිස්තුවලට වැටුණු කල මේ මිනිස්සු මොනවා නොකරන්නෝද? ගලගොඩ මහතා කියන්නේ ඇති විය හැකි ඒ සමාජ ප්‍රශ්නය ගැන ඇමැතිවරුන්ට හෝ රජයේ ඉහළ නිලධාරීන්ට වගක් නැති බවය. රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නාඩි වැටෙන්නේ් නැති බව ගලගොඩ මහතා කියන්නේ ඉවසා බැරිම තැන නොවේද?
කොන්ත්‍රාත්කරුවන්ට මෙවැනි ව්‍යසනයක් උදාකළේ ආණ්ඩුවම බව ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ ස්ථාවරයයි. ඔවුන් එසේ කියන්නේ ආණ්ඩුවට මුදල් නැතිව තිබියදී කොන්ත්‍රාත් පිරිනමා තමන් අමාරුවේ දමා ඇති හෙයිනි. රජයේ කොන්ත්‍රාත් පිරිනැමීමේ පිළිගත් ක්‍රමවේදය වන්නේ මුදල් තිබෙන හැටියට වරින් වර කොන්ත්‍රාත් පිරිනැමීමය. එහෙත් මේ කළමනාකරණ විශාරදයන් අතේ සතේ නැතිව රුපියල් මිලියන 10,000ක ව්‍යාපෘති එකවර පිරිනමා තිබේ. මේ අර්බුදයට හේතුව එය බව කියන්නෝ අප නොව කොන්ත්‍රාත්කරුවෝය. මෙවැනි අර්බුද ඇති නොවනු පිණිස මීට කලකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුදල (Construction Seetors Development Fund) නමින් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ණය දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ඒ අරමුදලෙන් ණය දුන්නේ සියයට නවයේ (9%) පොලියටය.
ණය ගන්නා කොන්ත්‍රාත්කරුවන් ඒ ණය ගෙවන විට යළි යළිත් ණය දීමේ හා ගැනීමේ හැකියාව ඒ අරමුදලට තිබිණි. එහෙත් කළමනාකරණ විශාරදයෝ ඒ අරමුදල ද අකා මකා දැමූහ. එහි විපාක විඳීමට සිදුවී තිබෙන්නේ කොන්ත්‍රාත්කරුවන්ටය.
අද ඔවුන් ණය ගන්නේ සියයට විසි අටේ (28%) පොලියටය. ගිනි පොලියට ගත් ඒ ණය වාරික හා ණය පොලිය ගෙවීමට යළි යළිත් තව තවත් ණය ගැනීමට කොන්ත්‍රාත්කරුවන්ට සිදුවී තිබේ. එය පැහැදිලිවම ණය උගුලකි. එහි නිර්මාතෘවරු කළමනාකරණ විශාරදයෝ නොවෙත් ද? ආණ්ඩු කරන්නෝ නොවෙත්ද? කොන්ත්‍රාත්කරුවන් අමාරුවේ දමන්නෝ ද ඔවුහුමය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද
sara Monday, 11 February 2019 05:45 AM
රටේම කොන්තරාත්තු චීනෙට යවන්නනේ අපේ දියවන්නා හල කිඹුලන් උත්සාහ කරන්නේ... කොන්ත්‍රාත්කරුවන් 7%-8% සුළු ලාභයක් තියලා කොන්තරාත්තු ගත්තහම, කල්යන ප්‍රොජෙක්ට් වලින් ලැබෙන සොච්චමක් නැහැ. අන්තිමේට කොන්ත්‍රාත්තුකරුවන්ගේ මහන්සියෙන් ප්‍රයෝජන ගන්න අහක ඉන්න බැංකු... ආණ්ඩුවේ සල්ලි පරක්කුයි කියලා එයාලා පොලි අඩු කරන්නේ වත් නැති කරන්නේවත් නැහැ. මේක දරුවෝ නැති, පවුලක් නැති, කොටින්ම ගෙදර කන්න කටවල් නැති ඇමතිලා ඉන්න ආණ්ඩුවකට තේරෙන්නේ නැහැ...
raviTuesday, 12 February 2019 05:15 AM
අපේ රටේ තාම ... ගෙයක් දොරක් .. ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදාගන්න කාර්මික දැනීමක් තියන බාස්ල ..ඉංජිනේරුවෝ .. බිහිවෙලා නැහැ...... ඉන්න තරමක් , ඉන්නේ හොරු .. ගොඩනැගිල්ල නිමකිරීමට තියන ගල්ටිකයි වැලිටිකයි යකඩ කූරුටිකයි .. විකුණගෙන කාලා ගොඩනැගිල්ල වෙනුවට මොකක්හරි අට්ටාලයක් තමයි හදන්නේ ... ඉතින් ඒ.. හින්ද තමයි අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදාගන්න චීනයට , කොරියාවට , ඉන්දියාවට .. කොන්ත්‍රාත්එක දෙන්න වෙලා තියෙන්නේ .. කියන්න කණගාටුයි එත් මේක තමයි සත්‍යතාවය .
samWednesday, 13 February 2019 08:32 AM
දන්නේ නැති ඒවා කියන්නේ නැතිව ඉන්න රවී. දැන් ලංකාවේ හදපු උස ගොඩනැගිලි කීයක් කඩා වැටිලා තියෙනවද. ?? ගණන් කරලා තියෙනවද..අමාරුවෙන් ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් සියල්ල බහුතරයක් වෙන රටවලට නොදෙවෙනි වෙන්න වැඩ කරනවා.දැන් වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගත්තු ප්‍රමිති පාලනය හොඳ හැටි. හැම එකකම ඇදක් හොයන ඔයාල වගේ අය පිටරට ගිහින් බලල එන්න.කොහොමද ප්‍රමිතිය සහ ඒ වෙනුවට වැය කරන වියදම් .
de silva berlin Tuesday, 12 February 2019 10:48 AM
හැමදාම කොන්ත්‍රාත් කාරයන්ගේ ගෙවීම් රජය නිලධාරීන් නිසිවේලාවට කරන්නේ නැහැ , කොන්ත්‍රාත් කාරයන්ට ඇමතිලගෙන් පටන්ගත්තම ඉංජිනේරුවන් , තාක්ෂණ නිලධාරීන් සිට කාර්යාල කාර්ය සහයක දක්වා කොමිස් මුදල් පගාව දෙන්න වෙලා තිබෙනවා ගෙවීම් ලබාගන්න , ඉතින් කොහොමද ඔවුන්ට කියල ප්‍රමිතියක් ඇති ගොඩනැගිලි හදව ගන්නේ ?
සංජීව Thursday, 14 February 2019 05:07 AM
මමත් ඔය වලේ වැටිලා සල්ලි ගන්න බැරිව සැහෙන කරදර වින්ද බැරිම තැන අතැරලා දාල වෙන රටකට ඇවිත් රැකියාවක් කරලා දරු පවුල රැකගෙන ඉන්නව. නැවත ලංකාවට ආවත් ඒ ගැන හිතන්න අමාරුයි.