IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කාන්තාවකට පරුෂ වචනයෙන් බැන්න අල්බානෝ ප්‍රනාන්දුට දඬුවම් 1911 පැවති නඩුවක්

ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කිරීම එකී ස්ථානයේ එක් පුද්ගලයකු පමණක් සිටියා වුවද, එකී පුද්ගලයා අප්‍රසන්න භාවයට පත් වන්නේ නම් එකී අසභ්‍ය වචන පාවිච්චි කළ තැනැත්තා දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ වරදක් සිදු කරන්නේය.

 5 
ඉහත විස්තර ඇතුළත් නඩුව 1911 වර්ෂයේ දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ පවරන ලද නඩුවකි. මේ නඩුවේ චූදිතයා වූයේ අල්බානෝ ප්‍රනාන්දු නම් පුද්ගලයකි. ඔහු විසින් හලාවත ප්‍රදේශයෙ ්දී මේ නඩුව පැමිණිලිකාරියට සහ ඇයගේ සේවකයන්ට අසභ්‍ය වචන පාවිච්චි කරමින් බැණ වැදීමය. මේ නඩුවේ චෝදනාව එසේ බැණ වැදීම සිදු කරන ලද්දේ ප්‍රසිද්ධ ස්ථානයකදීය. එකී අසභ්‍ය වචන පාවිච්චිය හේතුවෙන් ඇයට අප්‍රසන්න භාවයක් ඇති විය. නඩු විභාගයේදී සාක්ෂි මඟින් හෙළිදරව් වූ පරිදි චූදිතයා අසභ්‍ය වචන පාවිච්චි කොට ඇති බව පිළිබඳවත් එය ප්‍රසිද්ධ ස්ථානයක දී කර ඇති බවටත්, විනිසුරුතුමා සෑහීමට පත් විය. එයින් බැණ වැදීමට ලක්වූ තැනැත්තියට අප්‍රසන්න භාවයක් ඇති වූ බව පිළිබඳවත් නඩුව විභාග කළ පොලිස් විනිසුරුතුමා සෑහීමට පත් විය.

 

11_page_2-Rs
එසේවුවද, මේ අසභ්‍ය වචන පාවිච්චි කර ඇත්තේ පැමිණිලිකාරියට සහ ඇයගේ සේවකයන් තිදෙනාට පමණක් ඇසෙන දුර ප්‍රමාණයක බවටත්, විනිසුරුතුමාට පෙනී ගියේය. පොලිස් මහේස්ත්‍රාත්තුමා නඩු විභාගයේදී ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමට පත් වූවත් ඔහු එක් කරුණක් පමණක් සම්බන්ධයෙන් සෑහීමට පත් නොවීය. එය චූදිතයා එකී අසභ්‍ය වචන පාවිච්චි කොට ඇත්තේ පොදුවේ මහජනයා ඉදිරියේ නොවීම පිළිබඳවය. චූදිතයා විසින් පාවිච්චි කරන ලද අසභ්‍ය වචන ඔහු විසින් පාවිච්චි කරනු ලැබ ඇත්තේ පැමිණිකාර ස්ත්‍රීයට සහ ඇයගේ සේවකයන්ට ඇසෙන දුර ප්‍රමාණයේ සිට බවය. එබැවින් එකී අසභ්‍ය වචන පොදුවේ මහජනයා ඉදිරියේ පාවිච්චි කර නැති බව පැහැදිලිව පෙනී යන කරුණක් බව පොලිස් මහේස්ත්‍රාත්තුමා පෙන්වා දුන්නේය. එබැවින් එකී අසභ්‍ය වචන චූදිතයා පොදුවේ මහජනයා ඉදිරියේ ඔවුන්ට ඇසෙන පරිද්දෙන් පාවිච්චි කර නොමැති බැවින් චූදිතයා දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියට අනුකූලව වරදක් සිදු කොට නොමැති බව පොලිස් මහේස්ත්‍රාත්තුමා නිගමනය කළේය. එබැවින් චූදිතයා එකී වගන්තිය යටතේ වරදක් සිදු කොට නොමැති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළේය. මේ අනුව පොලිස් මහේස්ත්‍රාත්තුමා පැහැදිලි කොට ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තිය යටතේ වරදකරු කිරීමට අසභ්‍ය වචන පාවිච්චි කිරීම සාමාන්‍ය වශයෙන් පොදුවේ මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානයක දී ඔවුන්ටද ඇසෙන සේ කළ යුතු බවය.

1
චූදිතයා නිදහස් කිරීම පිණිස පොලිස් මහේස්ත්‍රාත්තුමා පාදක කොට ගත් හේතුව නීතියට පටහැනි බව පවසමින් අසභ්‍ය බැණුමට ලක් වූ පැමිණිකාර කාන්තාව වහාම එකී නඩු තීන්දුවට විරුද්ධව අභියාචනා අධිකරණය වෙත අභියාචනා පෙත්සමත් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. චූදිතයා නිදහස්ව ඇති බැවින් අභිආයාචනක අභිආයාචක පෙත්සම ඉදිරිපත් කිරීමට නීතිපතිතුමාගෙන් අවසර ලබා ගත යුතු වේ. චූදිතයා නිදහස්ව ඇති විටක අභිආයාචනයක් සඳහා ඉඩ ලැබෙන්නේ අභිආයාචනා අධිකරණය සලකා බැලිය යුතු බරපතළ නීති ප්‍රශ්නයක් ඇතහොත්ය. පැමිණිලිකාරියට නීතිපති තුමාගෙන් අවසර ලැබුණු අතර, ඒ අනුව 1911 ජූලී මස අභිආයාචනා පෙත්සම ඉදිරිපත්ව විභාගයට ගන්නා ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වුඞ් රක්ටන් මහතා ඉදිරියේ අභිආයාචනා පෙත්සම විභාග කෙරුණි.


අභිආයාචනා විනිසුරු තුමා ආරම්භයේදීම අවධාරණය කොට පැවසුවේ “ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කරන තැනැත්තෙක් දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය යටතේ එසේ වචන පාවිච්චි කිරීම හේතුවෙන් එක් තැනැත්තකු වුවත් අප්‍රසන්න භාවයට පත්වන්නේ නම් එසේ අසභ්‍ය වචන පාවිච්චි කරන තැනැත්තා එකී වගන්තිය යටතේ වරදකට වරදකරු වන්නේය.”


තවදුරටත් කරුණු පැහැදිලි කරමින් අභිආයාචනා විනිසුරු වුඞ් රක්ටන් මැතිතුමා මෙසේ පැහැදිලි කර සිටියේය. “දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ පමණක් නොව පොලිස් මහේස්ත්‍රාත්තුමාගේ හේතු දැක්වීමේ දී ද කොතනකවත් අසභ්‍ය වචන පාවිච්චි කරන ප්‍රසිද්ධ ස්ථානයේ සෑහෙන මහජන ජන පිරිසක් රැස්ව සිටිය යුතු බවට සඳහන් කොට නැත. එවන් සෑහෙන ප්‍රසිද්ධ පිරිසක් හමුවේ ඔවුන්ට ඇසෙන පරිදි අසභ්‍ය වචන පාවිච්චි කළා නම් එවන් අවස්ථාවක චූදිතයා එකී වගන්තියේ ප්‍රතිපාදන යටතේ වරදක් සිදු කළ බවට නිගමනය කළ යුතු වන්නේ එවන් අවස්ථාවක දී පමණක් බව ඉහත කී පරිද්දෙන් සඳහන්ව ඇත. 


අභිආයාචක වෙනුවෙන් පෙනී සිටි ගුණතිලක මහතා කරුණු දක්වා පෙන්වා සිටියේ ද දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව එකී වගන්තිය යටතේ වරදක් කිරීමට අසභ්‍ය වචන පාවිච්චි කිරීම පුද්ගලයන් රාශීයක් හමුවේ කළ යුතු බවට අවශ්‍ය කෙරෙන බව දන්වා නැත. මේ නඩුවේ අසභ්‍ය වචන පාවිච්චි කරනු ලැබ ඇත්තේ අසභ්‍ය වචනවලට ගොදුරු වූ තැනැත්තිය හා ඇයගේ සේවකයන් දෙදෙනා ඉදිරියේය. දණ්ඩ නීති සංග්‍රහයේ 287 වන වගන්තියේ අදාළ වරද මෙසේ විස්තර කොට දක්වා ඇත.


“287 යම් ප්‍රසිද්ධ ස්ථානයක දී හෝ එබඳු ස්ථානයක් අසල දී අන් තැනැත්තෙක් හට අප්‍රසන්න තාවයක් වන සේ යම් අසභ්‍ය ගීතයක් හෝ ගීතිකාවක් හෝ වචන ගයන හෝ තාලයට කියන හෝ ප්‍රකාශ කරන තැනැත්තකුට මාස තුන දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.”


ඉහත සඳහන් වගන්ති කියවා බැලීමේ දී අසභ්‍ය වචන පාවිච්චි කිරීම සම්බන්ධයෙන් එකී වචන පාවිච්චි කිරීම එකී වචන පොදු ජන පිරිසකට ඇසෙන සේ පැවසීම අවශ්‍ය බව වගන්තියේ කිසිදු තැනක දක්වා නැත. චූදිතයා වචන පාවිච්චි කළ බවත් එකී වචන අසභ්‍ය වචන බවත් පොලිස් මහේස්ත්‍රාත්තුමා සෑහීමට පත්ව එකී වචන ප්‍රසිද්ධ ස්ථානවල දී පාවිච්චි කරන ලද බවටත් ප්‍රශ්නයක් නැත. තවද එකී වචන යොමු වූ තැනැත්තිය ටික දුරක් ඇයගේ සේවකයන් සමඟ රැඳී සිටිය බවටත් ප්‍රශ්නයක් නැත. එකී වචනවලින් පොදුවේ මහජනයාට අප්‍රසන්න භාවයක් ඇති වූ බව වගන්තියේ ඇතුළත්ව නැත.


තවදුරටත් කරුණු දක්වමින් වුඞ් රක්ටන් විනිසුරුතුමා උදාහරණයක් දක්වා තමාගේ මතය මෙසේ තහවුරු කොට ඇත. එංගලන්තයේ එක් දුම්රිය මැදිරියකට ගොඩ වූ කෙනෙකු විසින් හඬ නගා අසභ්‍ය සින්දුවක් කියමින් එකී දුම්රිය මැදිරියේ සිටි එක් කාන්තාවකට අප්‍රසන්න භාවයක් ඇති කරන ලදී. ඒ පුද්ගලයා එකී ක්‍රියාවෙන් එක් කාන්තාවකට පමණක් අප්‍රසන්න භාවයක් ඇති කළා වුවද, ඔහුගේ ක්‍රියාව හේතුවෙන් ඒ පුද්ගලයාට දඬුවම් කිරීමේ වරදක් නැත. ඒ අවස්ථාවේ දී විශාල ජනතාවක් රැස්ව සිටීම අවශ්‍ය නොවේ. එකී ගායනයෙන් ඔවුන් අප්‍රසන්න භාවයට පත් විය යුතු නැත. එසේ සිදුව නැත. අප්‍රසන්න භාවය ඇති වූයේ දුම්රිය මැදිරියේ සිටි එක් කාන්තාවකට පමණි. එය වරදට ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන් විශාල ජනතාවක් අවශ්‍ය නැත. දුම්රිය මැදිරියට ඇතුළත්වී අසභ්‍ය ගායනයන් සිදු කොට එක් කාන්තාවකට අප්‍රසන්න භාවයක් ඇති කළේ නම් ඒ තැනැත්තාට දඬුවම් පැමිණවීමේ වරදක් නොමැති බව තමා අදහස් කරන බව වුඞ්රක්ටන් විනිසුරුතුමා පැවසුවේය.


මේ කරුණු සියල්ල පවසමින් ගරු වුඞ්රක්ටන් විනිසුරුතුමා හලාවත පොලිස් මහේස්ත්‍රාත් තුමා චූදිතයා නිදහස් කරමින් දෙන ලද නියෝගය ඉවත දැම්මේය. එපමණක් නොව චූදිතයා වරදකරු බවට තීන්දු කරන ලෙසටත් අවශ්‍ය වෙතොත් දෙපාර්ශ්වයේම සාක්ෂි කැඳවා චූදිතයාට නිසි දඬුවම් නියම කරන ලෙසට හලාවත පොලිස් මහේස්ත්‍රාත් වෙතට නඩු පොත යවන ලෙසට නියෝග කළේය. එසේ අලුතෙන් කැඳවිය යුතු සාක්ෂි දඬුවම් සම්බන්ධයෙන් පමණක් විය යුතු බවට පැහැදිලි කළේය. 

11_page_2-Rs

 



අදහස් (0)

කාන්තාවකට පරුෂ වචනයෙන් බැන්න අල්බානෝ ප්‍රනාන්දුට දඬුවම් 1911 පැවති නඩුවක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1779 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 931 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site