IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කන්ද උඩරට සුරැකි සිහලුන්ගේ සටන් ක්‍රම සහ ඔත්තු සේවා

තාන්‍යයන්ට පෙර ලංකාව යටත් කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට විවිධ අවස්ථාවලදී උත්සාහ කළත් ඔවුන් කිසිවෙකුටත් උඩරට ආක්‍රමණය කළ නොහැකි වූයේ උඩරට භූ විෂමතා ලක්ෂණ හඳුනා නොගත් බැවිණි.

පෘතුගීසින් හා ලන්දේසින් මුළුමනින්ම යටත් කරගෙන සිටි පහතරට ප්‍රදේශවල පවා සවිස්තරාත්මක සිතියම් හෝ වෙනත් යුදමය හා පරිපාලනමය තොරතුරු කිසිවක් ඉංග්‍රීසින්ට ඉතිරි කර නොතිබුණි.

පෘතුගීසීන් හා ලන්දේසීන් සිදුකළ යුද මෙහෙයුම් පිළිබඳ විස්තර හා එම මෙහෙයුම්වලදී ඔවුන්ගේ භටයන්ට අත්විඳීමට සිදු වූ දුක් ගැහැට, ලෙඩදුක් හා මුහුණදෙන්නට සිදුවූ ප්‍රහාර පිළිබඳ තොරතුරු පමණකි. ලංකාව පළමුව යටත් කරගනු ලැබුවේ පෘතුගීසින් විසිනි. 1517 සිට 1658 දක්වා වසර 141 ලංකාවේ විශාල ප්‍රදේශයක් ඔවුන් විසින් පාලනය කළද සම්පූර්ණ මුහුදුබඩ ප්‍රදේශයම යටත්කර ගැනීමට නොහැකිවීම පෘතුගීසින්ගේ දුර්වලතාවකි.

1658 සිට 1796 දක්වා ලංකාවේ මුහුදුබඩ පෙදෙස් යටත්කරගෙන පාලනය කළේ ලන්දේසීන් විසිනි. 1658 දී කන්ද උඩරට රජු සමඟ ගිවිසුම් ගත වූ ලන්දේසීන් පෘතුගීසීන්ව පලවා හැරියත් ගිවිසුම් ප්‍රකාරව ලන්දේසීන්ගේ බලකොටු රජුට භාරදීමට අකමැති විය. කන්ද උඩරට රාජධානිය වලල්ලක් මෙන් වටකර ගැනීමට ලන්දේසි ආක්‍රමණිකයින්ට හැකිවිය.

උඩරට ආරක්ෂක සංවිධානය තුළ කිසියම් වූ වර්ධිත ඔත්තු සේවාවක් සහ ගරිල්ලා යුද්ධවලට උචිත පණිවුඩ හුවමාරු ක්‍රම පැවති බවට සාධක ඉතිහාසයෙන් හමු වේ. මෙකල පැවති ඔත්තු සේවාවන් ඔස්සේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු විය. සතුරු සේනාවේ යුද ශක්තිය සහ ඉලක්කගත මෙහෙයුම් හඳුනා ගැනීම, සතුරු සේනාවන් තුළ අභ්‍යන්තර ගැටලු ඇති කිරීම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් සහ අකාර්යක්ෂම නිලධාරීන්, සේවකයන් සහ සෙබළුන් හඳුනා ගැනීම, සතුරු සේනාවට උපායෝචිත ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු වාතාවරණය සොයා බැලීම සහ සතුරු ඔත්තුකරුවන් අත්අඩංගුවට ගැනීම ආදී අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහායි. ඊට අමතරව රාජ්‍ය පාලනය පිළිබඳ ජනතාවගේ අදහස් දැන ගැනීමටත් රාජ්‍ය විරෝධී පුද්ගලයන් හඳුනා ගැනීමටත් උඩරට ඔත්තු සේවය දායක විය. උඩරට ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවය රජුට හිතවත් පිරිසක් විසින් සිදු කර ඇත.

විශේෂයෙන්ම උඩරට ගරිල්ලා සටන් ක්‍රම හා සබැඳි ඔත්තු සංඥා ක්‍රම පැවතිණ. ඒ අතර පක්ෂි හෝ විවිධ සත්ව හඬවල් අනුකරණය කරමින් මුඛයෙන් ශබ්ද නැඟීම, හූ හඬ, සක් හඬ, යුද බෙර වාදනය, හොරණෑව පිඹීම, ගිනි ගොඩවල් ගැසීම, කණ්ණාඩි ඇල්ලීම වැනි සංඥා ක්‍රම පැවතිණ. පහත ජන කවියෙන් විස්තර වන්නේ සංඥා ක්‍රම ඔස්සේ උඩරැටියන් ගරිල්ලා ප්‍රහාරයට යොමු වූ ආකාරය පිළිබඳවයි.

හූ හඬ ඇසුණාම ඇසිපිය                 ඇසිල්ලේ
වාඩිය එක්ක පැණ පව් පඳුරු             පල්ලේ
එහෙ එවුන් එක එක අල්ල             එල්ලේ
අද පව් දුන්න රැහැම මරු               තුරුල්ලේ

මින් අදහස් වෙන්නේ යුරෝපීයයන්ගේ ආක්‍රමණ බැලුම් ගලක සිට හෝ විශාල ගසක් මත සිට නිරීක්ෂණය කරන ඔත්තුකරුවකු විසින් හූ සංඥාවක් කළ පසු ඒ අනුව ක්‍රියාත්මක වන සෙබළුන් ක්ෂණිකව රැක සිට සතුරන්ට පහර දෙන බවයි.

උඩරට ප්‍රදේශයට විශේෂ වූ ගරිල්ලා සටන් ක්‍රමය විදේශීය ආක්‍රමණයන් අකර්මණ්‍ය කිරීමට සමත් විය. උඩරැටියන් මෙම යුද උපක්‍රම බිහි කරලීමට පන්නරය කොට ගත්තේ පෘතුගීසීන් හා ලන්දේසීන් සමඟ සටන් වැද ලබා ගත් අත්දැකීම්ය. යුරෝපීය හමුදාවට විශාල හානියක් සිදු කරමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දැමීමට උඩරැටියන්ගේ විශිෂ්ට සටන් ක්‍රමවලට හැකි විය. යුරෝපීය ආක්‍රමණිකයින්ට බරපතළ අවාසි ගෙන දුන් මෙම යුද්ධෝපක්‍රමයට කන්ද උඩරට භූ විෂමතාවයත් දේශගුණයත් රජුගේ හමුදාවල සංයුතිය හා සැපයුමත් එකිනෙක ගැළපෙන්නට විය. උඩරැටියන් මෙලෙස තමන්ට ආවේණික වූ සටන් ක්‍රමයක් බිහි කරගත්තේ යුරෝපීය හමුදා බලය, විනය හා වෙඩි උණ්ඩ හමුවේ මුහුණට මුහුණ ලා සටන් කිරීමේදී මතු වූ බරපතළ අවාසි සහගත තත්ත්වයන් නිසා සහ උඩරට ප්‍රදේශයට ආවේණික භූමි සැකැස්ම, කාලගුණය, දේශගුණය දැනුම තම ජයග්‍රහණයට හරවාගත හැකි බවට ඇති අවබෝධය නිසාවෙනි.

ගරිල්ලා සටන් ක්‍රමයේ මූලික ලක්ෂණයක් වනුයේ සැඟව පහරදීමයි. බි්‍රතාන්‍යයන්ගේ පණිවුඩකරුවන් ඝණ වන දුර්ග මැදින් ගමන් කරන විට පහර දී පලා යාමේ උපක්‍රම ඉතා සාර්ථකව අනුගමනය කරන්නට හෙළයා සමත් විය. විශේෂයෙන්ම මේ සටන් ක්‍රම ඔස්සේ උඩරැටියාගේ අරමුණ වූයේ බි්‍රතාන්‍යයන් නොමඟ යැවීමයි. කඳු, හෙල්, වන දුර්ග, ජල මාර්ග ආදී නොයෙකුත් ස්වභාවික බාධක පරිසරය නිර්මාණය කර තිබුණේ උඩරැටියන්ව සටනට පොලඹවනු සඳහාදැයි සැක මතු වේ. ඒ ස්ථාන පිළිබඳ බි්‍රතාන්‍යයන්ට අවබෝධයක් නොතිබූ අතර ළඟා වීමද පහසු වූයේ නැත. අද මෙන් දියුණු මාර්ග නොතිබූ අවධියක පැවති දුෂ්කර මාර්ගද අවහිර කරන්නට සිංහලයා සමත් විය. එලෙස බි්‍රතාන්‍යයන් ගමන් ගන්නා මාර්ගවල දුෂ්කර කපොලු හරහා විශාල ගස් කපා දමා අවහිර කර ඔවුන්ගේ ගමන ප්‍රමාද කිරීම එහි මූලික අභිප්‍රායයි. බි්‍රතාන්‍යයන් එකවර උඩරට අත්පත් කර නොගත් අතර ඒ සඳහා මුහුදුබඩ ප්‍රදේශවල සිට රට අභ්‍යන්තරය දක්වා ගමන් මඟක් තෝරා ගත්තේය. එහිදී උඩරැටියන් රට තුළට ගමන් ගන්නා පරසතුරන්ට පසු බැසීමට ඇති සියලු මං අහුරාලන්නට විය. තුවාලකරුවන්, රෝගීන් කර තබාගෙන, දැඩි වෙහෙසට පත්ව, පතොරොම් පමණක් නොව හරි හැටි කෑමබීම පවා නොමැතිව පසුබසින යුරෝපීය හමුදාවන් තවත් ව්‍යාකූල කිරීමට මෙම උපක්‍රමය වඩාත් යෝග්‍ය වේ.

නවීන යුද්ධ ශක්තියකින් අනූන යුරෝපීය ආක්‍රමණිකයන්ට එරෙහි ගරිල්ලා යුද්ධ ව්‍යාපාරයක් සහ දියුණු ඔත්තුසේවා සහිත පණිවුඩ හුවමාරු ක්‍රමයක් උඩරැටියන් සතුව පැවති බව සඳහන් කිරීම යුක්ති යුක්ත වේ.

(මේජර් ආතර් ජොන්ස්ටන්ගේ
..MILITARY EXPEDITION TO CANDY 1804..
පොතෙහි කරුණු ඇසුරින් සකසන ලදී)

(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)

 



අදහස් (8)

කන්ද උඩරට සුරැකි සිහලුන්ගේ සටන් ක්‍රම සහ ඔත්තු සේවා

Nuwan Thursday, 04 February 2021 10:20 AM

දැන් අංගම්පොර කියලා රටේ ලොකුවට උගන්වන්නේ චීනඩි සහ කළවම් වූ සටන් ක්‍රම..

:       7       7

AsankaSaturday, 06 February 2021 06:30 AM

කේරළයේ පාරම්පරික සටන්ක්‍රම පාසල් වල තියෙනවා. ඕනම කෙනෙකුට එහෙ ගිහින් ඉගෙන ගන්න පුළුවන්. මේ ලංකාවේ උගන්නන්නෙත් කලරි සහ චීන වූෂු, චීනඩි වගේ සටන් ක්‍රම මිශ්‍ර කරගෙන. නැතිව පාරම්පරික සත්‍ය අංගම්පොරකරුවන් දැන් නැහැ.

:       2       6

පිටිගල මිලානෝ Thursday, 04 February 2021 11:11 AM

නිදහස නොලැබුණා නම් අද අපේ රටත් ලෝකේ සහ ආසියාවේ දියුණුම රටක්.. අද දේශපාලකයින් ටිකක් පමණක් දියුණු වී අැත. උපදින්නට ඉන්න දරුවා පවා ණය බරිත වී ඇත...

:       7       11

SamanSaturday, 06 February 2021 05:37 AM

තායිලන්තය කිසිම රටක යටත් විජිතයක් වුනේ නැහැ. ඒත් ඒ රට අපට වඩා දියුණුයිනේ. ඒකට හේතුව මොකක්ද?

:       2       9

Raveendra Thursday, 04 February 2021 12:17 PM

ලක්මව වෙනුවෙන් හෙළයින්ගේ කැපවීම පිළිබඳව හොඳ විග්‍රහයක්. එලෙසම කිසියම් හෝ පතපොතක " කාලකන්නි සුද්දන් නොහොත් බ්‍රිතාන්‍යයන්" ඌව වෙල්ලස්සේ හෙළයින්ව සමූල ඝාතනය කළ විස්තර එම වකවානුවේ පර සුද්දන් මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීම පිළිබඳව විස්තරත් ඇතුළත් කිරීමට කිසිවෙකුට හැකි නම් එය මොන තරම් වටිනා පුවත් වනු ඇද්ද? දැන් මහා ලොකුවට පර සුද්දන් අපට මානව හිමිකම් පිළිබඳ කියාදීමට නොවේද හදන්නේ?

:       3       33

Prabha Saturday, 06 February 2021 03:58 PM

ජයන්ත චන්ද්‍රසිරි මහතා දඬුබස්නාමානය නාට්‍යය හැදුවට පස්සේ තමයි හතු පිපෙන්නා වගේ ගුරුන්නාන්සේලා එළියට එන්න පටන් ගත්තේ.

:       0       1

chathuri Sunday, 07 February 2021 12:49 PM

සුද්දෝ අපේ මානව හිමිකම් නැතිකරන්නත් කලින් ලංකාවේ හිටපු ගෝත්‍රික රජවරු මිනිස්සුන්ව ඇතුන් ලවා පාගා මරුවා. ධාතුසේන රජ්ජුරුවන්ව මැටි ගහලා මැරුවේ එයාගෙම පුතා කාශ්‍යප. මද්දුම බණ්ඩාරගේ නංගිව වංගෙඩියක දාලා කෙටෙව්වේ සුද්දෝද..? ඔබට ලෝකය ගැන සෑහෙන්න ඉගෙන ගන්න වෙනවා. ඔබ ඉන්න අඳුර ගැන මට මහත් වූ කණගාටුවක් ඇතිවෙනවා.

:       0       3

W.Supun Sampath Sunday, 06 February 2022 07:01 PM

ඇත්තටම අ.පො.ස සාමාන්‍ය පෙළ ඉතිහාසය හදාරන ශිෂ්‍යයින්ට ගොඩක් වටිනා විශේෂාංග ලිපියක්... ඔවුන්ට මෙම විශේෂාංග ලිපිය කියවීම මගින් සාමාන්‍ය පෙළ විභාගයට එන ඉතිහාසය ප්‍රශ්ණ පත්‍රයේ ii කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල විස්තර කිරීම්වලට අදාළ තොරතුරු බොහෝමයක් රැස්කර ගැනීමට පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 38 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1252 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 590 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4557 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12919 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38454 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site