IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කන්ද උඩ ඉන්න කෝටිපති දේශපාලකයෝ

1   

දේශපාලනය යනු අද ඇතැම් පුද්ගලයන් මහා ධන කුවේරයන් බවට පත් කරවන මහා බලයක් හා මූල්‍ය ශක්තියක් ඇතිකරවන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.


අතේ ශත පහක් නොමැතිව අඩුම වශයෙන් පා පැදියක් හෝ නොමැතිව ලිපි ගොනු මිටියක් කිහිල්ලේ ගසා ගෙන බස් එකේ පොල්ලේ එල්ලී හිටගෙන ගමන් කළ සමහර දේශපාලනඥයන් අද වනවිට ජනාකීර්ණ නගරවල, ගම්වල ගොඩනැගිලි හතරක් පහක්, කඩ කාමර හයක් හතක් හිමි, සුවිසාල නිවාස දෙක තුන හිමි ධනවතුන් බවට පත්වී සිටිති.

3

4
ප‍්‍රාදේශීය මට්ටමින් ගත් කල කුඩාම දේශපාලන ධුරය වන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රධුරය හා සභාපති ධුරය දරණ ඇතැමුන් යාන වාහන කීපයක් හිමි අයවලූන් බවට පත්ව තිබේ.


ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයන් ජනතා සේවයට වඩා යොමුවී සිටිනුයේ විවිධ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් කරන්නන් ලෙසටය.
ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින ඇතැම් දේශපාලනඥයන්ගේ අතේ ඇඟිලිවල හා ගෙළේ පළඳ ඇති මුදු, මාල, අත් පළඳනාවන්හි වටිනාකම රුපියල් ලක්ෂ දහය ඉක්මවයි. මොවුන්ට මේසා විශාල වස්තු සම්භාරයක් ලැබී ඇත්තේ කෙළෙසදැයි ජනතාවට නම් රහසක් නොවේ.


මහා පරිමාණ ඉදිකිරීම්වලින් ලැබෙන අති විශාල කොමිස් මුදල් සම්භාරය හා වෙනත් අයථා ක‍්‍රම ඔස්සේ තම සහචරයන් හා සගයන් විසින් සිදුකරනු ලබන යම් යම් කි‍්‍රයාවන් ඔස්සේ ලබාගන්නා මුදල්වලින් පොහොසත් වන බොහෝ දේශපාලනඥයන් ”ශත පහක්” හෝ වියදම් නොකර තම තනතුරේ බලයෙන් ධනවතුන් බවට පත්වී සිටිති.

2
පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී නාම ලේඛන සකසා ඉතා සුක්ෂම අයුරින් තම සහචරයන් මගින් මුදල් ලබා ගන්නා ඇතැම් දේශපාලනඥයන් කිසිවක් නොදන්නා උපාසක මහත්වරුන් ලෙසින් ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානින් සමග කරට කර සිටගෙන සිටින විට බොහෝ අය සිතනුයේ මොවුන් සැබෑම ජනතා පුත‍්‍රයන් ලෙසය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරෙක මහනුවරදී තම හිතවත් මාධ්‍යවේදීන් පිරිසක් සමග සුහද සාකච්ඡුාවක යෙදී සිටියදී පැවැසුවේ ”ඔය පළාත් සභාවලට ලැබෙන විදේශ ආධාර මුදල්වලින් පළාතේ සංවර්ධන කටයුතු සඳහා බොහෝ දේ කළ හැකි” බවයි.


මීට කාලයකට පෙර කුඩා යතුරු පැදියකින් එසේත් නැත්නම් කුඩා පැරැුනි වෑන් රියකින් හෝ මිතුරෙකුගේ වාහනයකින් පළාත් සභාවට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වත්මන් යුගයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරුවලට පත්වී ජනතාව නොසින අන්දමේ ධන කුවේරයන් බවට පත්ව සිටිති.
ග‍්‍රාමීය මට්ටමේ සිට ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට නගරය තුළ සුවිසල් මැදුරු මෙන්ම හෝටල්ද හිමිවී ඇත්තේ ජනතා සේවයට යොමුවීම නිසාය.
මේ අතර දේශපාලනඥයන්ගේ රැුකවරණය ලබමින් ආණ්ඩුවේ සුළු රැුකියා කළ ඇතැම්මු තමන්ගේ දේශපාලන බලවතාගේ ශක්තියෙන් විවිධ ව්‍යාපාර හිමි ගොඩනැගිලි හා හෝටල් හිමි ධනවතුන් බවට පත්ව සිටිති. දේශපාලනයේ බල මහිමය නිසාම මධ්‍යම පළාතේ කිසිවකු නොදන්නා මධ්‍යම පළාතේ වගකිව යුතු ප‍්‍රභූන් නොහඳුනනා පුද්ගලයෝ අද වන විය සමාජයේ සුපිරි පුද්ගලයන් අතර වැජඹෙමින් තම දේශපාලන බල පරාක‍්‍රමයේ බල මහිමයෙන් මුදල් හම්බ කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.


ප‍්‍රාදේශීය සභාවල ඇතැම් සභාපතිවරුන්ගේ මාර්ගයෙන් තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට රුපියල් ලක්ෂ ගණනින් මාස් පතා මුදල් සපයා ගන්නා දේශපාලනඥයෝද අප අතර සිටිති.


අද ඇතැමුන්ට කොළඹ නගරය තුළ නිවාස දෙක තුන හිමිවී තිබේ. ආණ්ඩුවේ වාහන තම පවුලේ ඥාතීන්ගේ පෞද්ගලික පරිහරණයටද යොදා ගෙන ඇත. මධ්‍යම පළාතේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු කෙරෙන ආණ්ඩුවේ වාහන බොහෝ විට මේ දේශපාලනඥයන්ගේ ඥාතීන්ටද ඔවුනට ගැතිකම් කරමින් ඔවුන්ගේ සාක්කු පුරවන ”හෙංචයියලාටද” නිර්ලෝභිව ලබා දී ඇත්තේ ඒවා තමන්ගේ පෞද්ගලික මුදලින් නඩත්තු නොකරන නිසාය.


රජය සතු ඉඩම් අත්පත් කර ගනිමින් මුදල් ගරා ගන්නා ඇතැම් නිලධාරිද මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල වැජඹෙන්නේ දේශපාලනඥයන් ගේ පිහිටෙනි.


රජයට අයත් පොදු ස්ථානවල දේශපාලන බල මහිමයෙන් විවිධ ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යන ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ රජයේ පොදු නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් තමන්ගේ සාක්කුව පුරවා ගැනීමේ ජාවාරම්වල නිරතවී සිටිති. බොහෝ පුද්ගලයන් මේ සියල්ල සිදුකරනුයේ බලගතු දේශපාලන ප‍්‍රවාහයට මුවාවී සිටිමිනි.


ඇතැම් පළාත් පාලන ආයතන සතු කඩ කාමර බෙදා ගන්නේද ප‍්‍රාදේශීය දේශපාලනඥයන් විසිනි. ඇතැම් දේශපාලනඥයන් තම ඉහළ දේශපාලන බලය උපයෝගී කර ගනිමින් පහළ ශ්‍රේණියේ දේශපාලනඥයන් මගින් පළාත් පාලන බල ප‍්‍රදේශයන් හි කඩ කාමර පවා බෙදාගෙන ඇත. මොවුනට එරෙහිව නැගී සිටින්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙති.


ඇතැම් බලගතු දේශපාලනඥයන් තමන්ගේ බල ප‍්‍රදේශයේ තම අණසක යටතේ පවතින විවිධ රාජ්‍ය ආයතනවලින් යම් යම් වාසි ලබාගන්නා බවද නොරහසකි.


මධ්‍යම පළාතේ ඇතැම් රාජ්‍ය ආයතනවල රුපියල් කෝටි ගණනින් මූල්‍ය අක‍්‍රමිකතා සිදුව ඇතත් එකී අංශ තම විෂයට අයත්ව පැවතියද ඒවාට එරෙහිව කි‍්‍රයා මාර්ග ගැනීම් වළක්වාලීමේ අත පෙවීම් පවා ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන බවට කදිම සාක්ෂිය වන්නේ පළාතේ ජනතාව සතු ආයතනවල සිදුවන රුපියල් කෝටි ගණන් වූ මූල්‍ය වංචාවන්ට වගකිව යුතු පුද්ගලයන් කිසිම දඬුවමක් නොලබා ඒ ඒ තනතුරු දරමින් සිට සුපුරුදු ගසාකෑම්වල මේ වනතෙක් නිරතවී සිටීමයි.


මේ වනවිටත් මධ්‍යම පළාතේ සමුපකාර ක්ෂේත‍්‍රයට අදාළව ප‍්‍රබල දේශපාලන බලය පවතින ආයතනයන්හි මහා පරිමාණයෙන් මූල්‍ය අක‍්‍රමිකතාවයන් සිදුව ඇති බව බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් දේශපාලනඥයන් විසින් ප‍්‍රසිද්ධියේම අනාවරණය කරනු ලැබ ඇතත් ඒවා නොඇසුණාක් මෙන් ප‍්‍රබල දේශපාලනඥයන් නිහඬ වී සිටිති.


මධ්‍යම පළාතේ ජනතාවගේ මුදලින් නඩත්තුවන ඇතැම් ආයතන තම ඥාතීන්ගේ බූදලයක් බවට පත් කරගෙන සිටින දේශපාලනඥයන් ගැනද මෙහිදී මතක් කර දිය යුතුව ඇත.පළාතේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කෙරෙන ඉතා මිළ අධික වාහන තම තමන්ගේ ඥාතීන්ට ලබාදී ඇත්තේ ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ බලගතු දේශපාලන තනතුරුවල බල පරාක‍්‍රමයෙනි.


මහජන මුදල් කාබාසිනියා කරන ඇතැම් ආයතනවලින් මධ්‍යම පළාතේ ජනතාවට කිසිදු සේවයක් ඉටු නොවන බව බොහෝ අවස්ථාවල පළාතේ ජනතාව ප‍්‍රසිද්ධියේම පවසති.


දේශපාලනයට එනවිට පා පැදියක් හෝ හිමිව නොතිබූ ඇතැමුන්ට අද බලගතු දේශපාලන පක්ෂවල ආශිර්වාදය තුළින් ලබාගත් ජනවරම ඔස්සේ හිමිවී තිබෙන බලයත් සමග සුවිසල්  මන්දිර හිමිවී තිබේ.


තමන් පිළිබඳ වර්ණනා නොකරන තමන්ගේ අයථා කි‍්‍රයාවන් නිරන්තරයෙන් හෙලි කරන මාධ්‍යවේදීන්ට බැණ වදිමින් අපහාස කරමින් සිටින ඇතැම් දේශපාලනඥයන්ට තමන්ගේ බලය අහිමිවූ විට මුහුණ දීමට සිදුවන යථාර්ථය හෙළිදරව් වන එකටද මාධ්‍ය කෙරෙහි ඇත්තේ වෛරයකි. ද්වේශයකි.
ජනතාවගේ යහපත සඳහා ආරම්භ කරනු ලබන පොදු සංවර්ධන ව්‍යාපෘතිවලින් තමන්ගේ සාක්කුව පුරවා ගත් ඇතැම් දේශපාලනඥයන්ට තම බල පරාක‍්‍රමය පවතින බල ප‍්‍රදේශයන්හි ස්ථාපිත කර තිබෙන පෞද්ගලික දුරකථන සේවා සමාගම්වල සංඥා කුළුණු ඔස්සේද ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැරවෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් හෙළිදරව් විය.


පළාතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුරු මාරු තුළින් ලිංගික අල්ලස් ලබා ගැනීමේ කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක වන බවටද ඒ සඳහා ඇතැම් අධ්‍යාපන නිලධාරින් අතළොස්සකගේ සහාය ලැබෙන බවට තරුණ ගුරුවරියන් කීප දෙනෙකුගෙන්ම ඉතා විශ්වසනීය ලෙස තොරතුරු අනාවරණය විය. ඇතැම් ¥ෂිත නිලධාරින් සුළු පිරිසක් දේශපාලනඥයන්ගේ හෙංචයියන් වී සිටීම නිසා පළාතේ රාජ්‍ය සේවයේ උතුම් ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරගනිමින් ජනතා සේවයෙහි යෙදී සිටින රාජ්‍ය නිලධාරින්ටද මුහුණදීමට සිදුව ඇත්තේ දුෂ්කර තත්ත්වයකටය.


රජයේ වටිනා ඉඩම් දේශපාලන බලයෙන් අත්පත් කරගත් මධ්‍යම පළාතේ ඇතැම් දේශපාලනඥයන් එකී ඉඩම් තමන්ගේ බිරින්ඳෑවරුන්ගේ නම්වලින් තමන් සතු කරගෙන ඇත.


m



අදහස් (0)

කන්ද උඩ ඉන්න කෝටිපති දේශපාලකයෝ

නිරෝද් පුන්සර Friday, 26 September 2014 05:46 AM

ඇයි දෙවියනේ මෙයාලට හෙන හත වදින් නැත්තේ. (ස)

:       0       0

පී. ඩී. ප්‍රේමානන්ද Friday, 26 September 2014 05:54 AM

කවුරු කලත් එක්කොම දාලා යන්න වෙනවා නේද? (අ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 September 2014 05:48 AM

කවුරු ආවත් කරන්නේ ඔය ටිකම තමයි (දී)

:       0       0

අසංක Thursday, 25 September 2014 06:05 PM

අපි වෙනදෙයක් ගැන කතා කරමු විශ්වවිද්‍යාල ළමයි පාරට බැහැලා දන්නේ නැද්ද (දී)

:       0       0

දිනූෂ කරුණාරත්න Friday, 26 September 2014 02:47 PM

ඉස්සර ගෙදර පොල්අතු හෙවිල්ලලා තිබුණු අයට දැන් හැමතැනම කඩ තියෙනවා. හැබැයි කතාවනම් තවමත් දුප්පත්. (ස)

:       0       0

රාමනායක Friday, 26 September 2014 07:53 AM

නම් ගම් එක්කයි මේක ලියන්න තිබ්බේ (දී)

:       0       0

චන්දික Friday, 26 September 2014 08:06 AM

මේ ලිපිය 100 % ඇත්ත කියන්නේ (දී)

:       0       0

දිල්ෂාන් චානුක Friday, 26 September 2014 08:09 AM

මොනවා වුණත් කථාව නම් සම්පූර්ණ ඇත්ත රටේ ජනතා මෝඩයා කරලා මෙයා කොළඹ තට්ටු ගෙවල්වල සුර සැප විදිනවා (දී)

:       0       0

සේරම් පැරිස් Friday, 03 October 2014 09:57 AM

මර්වින් සිල්වා මහතාට මඩ ගහන්න එපා , එතුමා හොඳ බෞද්ධයෙක් , සිංහලයෙක් , කෙලින් කතා කරන කෙනෙක්. (ස)

:       0       0

තිලක් Monday, 29 September 2014 12:41 PM

කෙටියෙන් කියන්න තියෙන්නේ, මහජන මුදල් හොරාකන අයට නම් හොඳක් වෙන්න එපා (නි)

:       0       0

විජිත Friday, 26 September 2014 08:30 AM

මෙයාල මරණින් පස්සේ යන දිශාව බුදු හාමුදුරුවෝ පැහැදිලිව කියල තියනවා. (ස)

:       0       0

විශ්ව Wednesday, 24 September 2014 12:13 PM

අම්මෝ මම නම් මේකට අදහස් දාන්නේ නැහැ (දී)

:       0       0

නජිත් Friday, 26 September 2014 08:54 AM

මේවා කියවනකොට අපි අපිටම ගහ ගන්න හිතෙනවා (දී)

:       0       0

සඳුනි Friday, 26 September 2014 04:08 PM

මේ කතාව සම්පූර්ණ ඇත්ත.මම හොදින් දන්නා විදේශීය පෞද්ගලික ආයතන නියෝජිතයෙකු ආයෝජනයක් සදහා යටිතල පහසුකම් ඉල්ලීම් කලවිට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා සභාපති වරයා රුපියල් කෝටි දෙකක් ඉල්ලා තිබුනා කප්පම් ලෙස.පසුව රජයේ ඉහලම බලවතෙකුට දන්නලා තමයි ගැටලුව විසඳා ගත්තේ.එත් දේශපාලකයාට ලැබුණු දඩුවමක් නම් පෙනුනේ නැහැ. (ස)

:       0       0

සුමුදු Tuesday, 07 October 2014 08:56 PM

චන්ද්‍රසිරි, කවුරු ආවත් කියා කියන්නේ කාටද?? (නි)

:       0       0

සම්පත් Friday, 26 September 2014 09:28 AM

ඡන්දෙ දීල මෙයාලව පත්කර ගත්තෙත් අපිම තමයි. මෝඩයෝ එයාලද අපිද? (ස)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 27 September 2014 08:24 AM

සමහරු ඡන්ද 2500 ක් අරන් පැරදිලා පත්කළ මන්ත්‍රීවරුන් හැටියට ඇවිත් , අතීතයේ ඔවුන් ලොකු දේශපාලකයන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කර කාල බිලා , අද කොටිපතියන් වෙලා , එදා කෑම වෙලා දීපු අයටම බනින අය කෝටිපතියන් වෙලා ඉන්නේ , මේවා තමා 1977 පසු සිදුවූ විපර්යාශ (අ)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 27 September 2014 08:27 AM

අපේ අර සමෘද්ධි නිලදාරීන් ගස් බඳින , නිතිය සහ පොලිස් බලතල අතට ගත ඇමති තුමත් මේ වාගේ කෙනෙක් (අ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 26 September 2014 02:22 AM

මෙවැනි ලිපි පලකිරීම ගැන ලංකාදීපයට මල් මිටක් (නදී)

:       0       0

කුමාර් Tuesday, 30 September 2014 08:25 PM

අපි නැවතත් මේ අයවම පත්කර ගනිමු (නදී)

:       0       0

අයේෂා Friday, 26 September 2014 11:18 AM

මොකුත් කියන්න බයයි මොකක්ද මම සාමාන්‍ය මිනිහෙක් ලංකාවේ (දී)

:       0       0

චුල Tuesday, 30 September 2014 10:39 PM

මේක තමයි රටේ දුප්පත්කමට පළමුවන හේතුව. (නි)

:       0       0

මහේෂ්‍ Friday, 26 September 2014 03:45 AM

විශිෂ්ට ලිපියකි (නි)

:       0       0

ගමගේ Saturday, 27 September 2014 10:51 AM

කවුරු ආවත් ඔහොම තමයි කියන එක නම් හරිම පසුගාමී අදහසක් (නි)

:       0       0

චන්න Wednesday, 24 September 2014 03:21 PM

මම දේශපාලනයට ආවොත් ඔය ටික ඔහොම්මම කරනවා නැතිනම් පැවැත්මක් නැහැ (දී)

:       0       0

චන්න Wednesday, 24 September 2014 03:19 PM

මම අදහස් දැක්වීමෙන් වැලකි සිටිමි මොකද මම අතිශය බය පුද්ගලයෙකි (දී)

:       0       0

නිර්වාන් Friday, 26 September 2014 04:01 AM

මේ අයට ඊලග අත්මේ මොනවා වෙයිද කියල මට හිතාගන්න බැහැ අනේ (දී)

:       0       0

සිල්වා Thursday, 25 September 2014 04:05 PM

ඒ ගැන කතා කරනවානම් අවුරුද්දක් උනත් කතා කරන්න පුළුවන් හිතේ දුකට (දී)

:       0       0

වරුණ Sunday, 28 September 2014 02:08 AM

මේවා ගෙවන්න වෙන්නෙත් අපිටනේ (දී)

:       0       0

ජනක Friday, 26 September 2014 05:15 AM

අපිම තමයි මේවාට වග කියන්න ඕනේ අපිම තමයි සර් සර් කියලා යැවුවේ (දී)

:       0       0

නලින්ද Friday, 26 September 2014 05:36 AM

නම් ගම සහිතවම ඉදිරිපත් කලානම් ගොඩක් වටිනවා. එතකොට කාරණය පැහැදිලියි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 69 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 56 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 26 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 64 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 37 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 552 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site