ලංකාවේ පෘතුගීසි සමයෙහි සිදුවූ මහ සටනක් වශයෙන් සැලැකෙන ඌවේ සටනේදී මහා සා මරණයට පත්විය. අලගියවන්න මුකවෙටි කවියා විසින් ”කොන්ස්තන්තීනු සටන” නැමැති කාව්‍ය ලිවීමෙන් ඒ විදේශීය නායකයාගේ සටන්කමීත්වය සහ සිංහල සේනාවගේ වික‍්‍රමය යස රඟට සිත්තම් කර තිබේ. සටන් බිමේදී මරුමුවට පත් ඒ සෙන්පතියාගේ පුත‍්‍ර ජේ.ආර්. ද සා නැමැත්තා විසින් ”ලංකාවේ කැරැල්ල” නමින් ලියන ලද ලංකාවේ පෘතුගීසි සමය පිළිබඳ ඉතිහාසයෙන් තම පියාගේ නායකත්වයෙන් සිදුවුණු ඌවේ සටන විස්තර කර තිබේ.
ඒ පොත පළවී ඇත්තේ වර්ෂ 1681 දීය. රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව සඳහා එය කර්නල් සෙන්ට් ජෝර්ජ් මහතා විසින් මීට කලකට පෙර ඉංග‍්‍රීසියට නඟන ලදී. මෙහි දැක්වෙනුයේ එහි සඳහන් පරිදි ඌවේ මහ සටන පිළිබඳව ඉතා විසිතුරු විස්තරයක සිංහලානුවාදයයි. ‘‘කොතරම් බාධා ඇති වුවත් ඌව ආක‍්‍රමණය කිරීමට සෙන්පතියා තීරණය කළේය. දහතුන් දහසක් පමණ හේවායෝ ගමනට සැරසුනහ. ඔවුන් අතර මහලූ අය හා ළමයින්ද බොහෝ ගණනක් සිටි හෙයින් යුද්ධ කළහැකි හේවායෝ සිටියේ සිය ගණනකි. මැණික් කඩවර සිට සෙන්පතියා තම ගමන ආරම්භ කළේ 1630 අගෝස්තු 25 වෙනිදාය. ඌවේ රාජධානිය පිහිටා ඇත්තේ ලංකාවේ මධ්‍යම ප‍්‍රදේශයෙහිය.
එය කන්ද උඩරට රාජධානියට යාබදවේ. එයද කන්ද උඩරට රජුට අයත්වේ. රජුගේ වැඩිමහල් පුත‍්‍රයාට ”ඌවේ කුමාරයා” යන ගරු නාමය ලැබී තිබේ. උස් කඳු හා ගිරි දුර්ගයන් අතර පිහිටි මේ ප‍්‍රදේශයට යාම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. එහි අගනුවර වන බදුල්ල කොළඹ සිට ලීග් 25 කට පමණ ඈතින් පිහිටා තිබේ. එහි යා යුත්තේ ඉතාම අසීරු මාර්ගයක් ඔස්සේය. ඉතා අමාරුවෙන් ළං විය යුතු උස් බිමක ඒ නගරය තනා තිබේ. කොන්ස්තන්තීනු සෙන්පතියා බදුල්ලට සැපත්වනතුරු අතරමගදී ගමන නතර නොකළේය. කිසිම බියකින් තොරව ඌවේ කුමාරයා එහි නතරවී සිටින බව තම ඔත්තුකාරයින්ගෙන් දැනගත් නිසා එය වැටලීම ඔහුගේ අදහස විය. එහෙත් තම වැඩ පිළිවෙල වෙනස් කළ කුමාරයා තම සේනාව කුඩා නිසා බියෙන් පැන යන බව බොරුවට අඟවා ඉතා අමාරුවෙන් ළංවිය යුතු ඈත කදුකර පෙදෙසකට පලා ගියේය.
එයින් ඔහු අදහස් කළේ කොන්ස්තන්තීනු ද සා සහ ඔහුගේ සේනාව ඈත කඳුකරයට ගෙන්වා ගැනීමය. අපේ සේනාව අගනුවර ගිනිලා එය විනාස කළේය. ඊට පසු සෙන්පතියා නගරයේ වාඩිලා නැවතුනේය. බොහෝ සේ දුක් විඳ දීර්ග ගමනක යෙදී සිටි සෙබලෝ වෙහෙසවී සිටි බැවින් වෙහෙස සංසිඳුවා ගැනීම සඳහා විවේක සුවය පැතූහ. මේ අතර කන්ද උඩ රාජධානියේ රජු සමග පණිවුඩ හුවමාරුකරගෙන මීළඟට කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට හතුරාට ඉඩ සැලසුනේය. බදුලූ නගරය ඉදිරියෙහි වූ කඳු මුදුනක අපේ සේනාව කඳවුරුලා ගති. මේ අතර අවට මිටියාවතෙහි සතුරු සේනාව දක්නට විය. අපගේ සේනාව වටකර ගැනීම සඳහා එහි රැස්වූ මහා සේනාව අසූ දහසකට වැඩිවීයැයි ඇතැම්හු ප‍්‍රකාශ කළහ. අපේ සේනාවේ බොහෝ දෙනා සටන් බිමේ වැටී සිටියහ. ඉතිරිව සිටියවුන් ගෙන් වැඩි දෙනා තුවාල කාරයෝය. සෙන්පතියාට තම ඉතුරු සේනා ඛණ්ඩය රැකවලෙහි තබා ගැනීමට තැනක් නොවීය.
එය විවෘත ප‍්‍රදේශයක් වීම නිසා සෑම පැත්තෙන්ම තමා වටකරගනු ලැබූ සේනාවෙන් පැන යෑමට හෝ ආපසු යෑමට තැනක් නොමැති විය. සෙන්පතියා හැම පැත්තෙන්ම වටලා ගත් සතුරු සේනාව ඔහුට පහර දෙන්නට පටන් ගත්තේ පිස්සු බලූනක් මෙනි. රාත‍්‍රී කාලය සැපත්වූ මුත් ඔව්හු භයානක ඝෝෂා පවත්වමින් එහි රැස් කකා සිටියහ. ඇතැම් විට ඈතට ගොස් හී වරුසා වැස්සවූහ. තෝමරයන් දමා ගැසූහ. එයින් වැඩි අනතුරක් නොවූ නමුත් එය මහත් කරදරයක් විය. මෙතරම් කණගාටුදායක තත්වයකට මුහුණ පා සිටිය නමුත් සෙන්පතියා මේ සියලූ කාලය තුළ ධෛර්යමත්ව සියුම් කල්පනාවෙන් තම සේනාව මෙහෙයවීය. එදා ඔහුගේ සේනාවේ සිටි හොඳම සෙබලූන්ගේ අවසානය වූයේ මුත් ඔහු පලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. ඔහුගේ ධෛර්යය යටපත් නොවී අන්තරාවේදී එය වේගයෙන් නැගී සිටින්නාක් මෙන් විය. අන්ධකාරය පැතිරෙද්දී හෙතෙම තුවාල ලැබූවන් සනසමින් හැම සෙබලා ළඟටම ගොස් ඔවුන්ට කථා කොට තිබෙන යමක් කා බී විවේක ගන්නා මෙන් ඉල්ලා සිටියේය.මෙවිට ඇති වූයේ මේඝ ගර්ජනා සහිත ධාරාණිපාත වැස්සකි. එයින් සෙන්පතියාගේ සියලූ වෙඩි බෙහෙත් සහ ආහාර වර්ග විනාශ වී ගියේය.
පහන් වෙත්ම සෙන්පතියා කඳවුර අකුලාගෙන පෙර පරිදි ගමන ආරම්භ කළේය. සිංහල සේනාව ඔවුන් වටේ රැස්වූයේ දෙගුණ තෙගුණයෙන් වැඩිවූ භයානක ලීලාවකිනි. පළමුවෙන් අඩ කවයක ලීලාවෙන් අවට රැස්ව ක‍්‍රමයෙන් වැඩි කල් යන්නට මත්තෙන් කවයක්සේ වටේ රැස්වූහ. අපේ කුඩා පිරිස ඔවුන් මධ්‍යයෙහි තෙරපී කිසිවක් කරගත නොහැකිව අනාථව සිටියහ. අපේ පිරිස වෙඩි තැබීමට තැත් කළ මුත් වෙඩි බෙහෙත් තෙත් වී තිබුණ නිසා එයද කළ නොහැකි විය. එවිට සතුරු සේනාව ඊ ශර වර්ෂාවෙන් හා වෙඩි පහරින් අප පිරිසට පහර දුනි.
ඔවුන්ගේ දක්‍ෂතාවය ගැන අප පිරිසේ උන් අය පුදුමයට පත් වූහ. එපමණක් නොව හතුරෝ කඩුවලින්ද පහර දෙන්නට වූහ. එයට ඔවුහු විශේෂයෙන් දක්‍ෂයෝ වූහ. එහෙත් ඔවුන් අපට කිට්ටුවීමට බිය වූහ. ඉතා ළං වුවොත් කෙසේ හෝ අප සෙබලූන් විසින් ඔවුන් මරුට ගොදුරු කරන බව ඔවුහු දනිති. නිර්භීත මිනිසෙකු වශයෙන් හා පළපුරුදු සෙන්පතියෙකු වශයෙන් කළ හැකි සියල්ල ඉටු කළ සෙන්පතියා තමාගේ ඉතිරි පිරිස මහත් කළබලයෙන් සටන් කරන බව දුටුවේය. අන්තිම සටනේදී ඔහුට සහායවීමට ඉතිරිව සිටියේ සෙබලූන් දෙදෙනෙකි. සතුරන්ට උවමනා වූයේ සෙන්පතියා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමටය. එසේ අල්ලා දුන් කෙනෙකුට තුටු පඬුරු දෙන බවට සතුරන්ගේ කුමාරයා කලින් දන්වා තිබුණේය. නියම ජයග‍්‍රහණය ලබා ගැනීමට එය අසහාය මාර්ගය යැයි ඔහු සිතා සිටියේය. මළ කඳන් මැද්දේ සිට ගෙන සටන් කළ වීර සෙන්පතියාට කිට්ටුවීමට බියවූ ඔව්හු අත්මාරක්ෂාව ගැනද සලකමින් ඈතින් සිට පහර දුන්හ. අන්තිමේදී තම ආරක්‍ෂාව සඳහා දෙපසෙහි සිටි සෙබලූන් දෙදෙනාද මැරී වැටෙනු දුටු සෙන්පතියා තම කඩුව අමෝරාගෙන සිංහ ලීලාවෙන් සතුරන් මැදට පැන ඔවුන් සිය ගණනක් මරා දැමුවේය. තුවාල ලැබීමෙන් පසුවද වියරුව සටන් කරමින් කෙතරම් විනාශයක් සිදු කෙළ්දැයි සඳහන් කරන සතුරෝ ඔවුන්ගෙන් හැට දෙනෙකු සෙන්පතියා විසින් මරා දමන ලද බව ප‍්‍රකාශ කළහ. මහනුවර රජුගෙන් සෙන්පතියා මැරීමට අණ ලැබිණි.
සතුරෝ හී වරුෂා හා වෙඩි වරුෂා වැස්වූහ. එක් හීයක් ඔහුගේ පපුව පසාරු කරගෙන ද තවෙකක් ඔහුගේ පිට පසාරු කරගෙනද පිටවෙත්ම සෙන්පතියා පූජකයෙකු කරේ එල්ලී දන නමාගෙන පාපොච්ඡාරනයෙන් පසු අන්තිම ශුද්ධ ජලය පානය කරත්ම වේගයෙන් ආ හීයක් දෙදෙනාගේම හිස් පසාරු කරගෙන බිම පතිත විය. බිම වැටුනු සෙන්පතියාගේ සිරුර කඩ කඩව කපන ලදී. ඔහුගේ හිස කන්ද උඩ රජු වෙත ගෙන යන ලදින් සත් කෝරලේ උස්ගසක සවි කර තැබීමට නියම කරන ලදී. එම සටනේදී මරුමුවට පත් පෘතුගීසි හේවායන්ගේ හිස් පිරිවරාගෙන සෙන්පතියාගේ හිස උස් ගසක මුදුනේ දක්නට ලැබිණි.
නවුන්තුඩුවේ විමලසිරි ජයසුමන
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කොන්ස්තන්තීනු ද සාගේ පුතා ‘ඌවේ මහ සටන’ විස්තර කරයි