ශ්රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී රටට අහිමි විය. 1940 වසරේ පෙබරවාරි 03 වැනි දා උපත ලැබූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා හරියටම අසූ පස්වැනි ජන්ම දිනයේ දී අවසන් හුස්ම හෙළීය.
කෙන් බාලේන්ද්‍ර මහතා මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයාය. ලංකා බැංකුවේ සභාපති ධූරය ද හෙබැවීය. බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයේ සහ යුනියන් ඇෂුවරන්ස් හි සාභාපතිධුරය හෙබ වූ හෙතෙම ලංකා වානිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා දුම්කොළ සංස්ථාවේ සහ දකුණු ආසියානු ඇව්රෝස් ආයෝජන අරමුදල් කමිටුවේ සභාපති වශයෙන් ද කටයුතු කළේය. බාටා (ලංකා) සමාගමේ, කොමර්ෂල් බැංකුවේ සහ දකුණු ආසියානු කලාපීය අරමුදලේ විධායක නොවන අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කර ඇත. කොළඹ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති, අධ්‍යක්ෂකවරුන්ගේ සංවිධානයේ ප්‍රධානී, ඩන්කන් වයිඩ් පදනමේ භාරකරු, ජෝර්ජ් කිට් කලා පදනමේ උපසභාපති ලෙසද කටයුතු කළ අතර සමාගම් ගණනාවක, ස්වේච්ඡා සංවිධානවල හා දෙස් විදෙස් ආයතනවලට සිය දැනුම හා අත්දැකීම් නොමසුරුව පිරිනමන ලද දැවැන්ත චරිතයකි.
දරුවන් හත් දෙනකුගේ පවුලක සාමාජිකයකු වූ බාලේන්ද්‍රන් මහතාගේ කුඩා අවදිය ගතකළේ කොල්ලුපිටියේ කුඩා නිවෙසකය. මවුපියන් කොළඹට පැමිණ එහි වාසස්ථානය තෝරාගෙන සිටි අතර පියා කොළඹ නගර සභාවේ බදු අය කරන නිලධාරියකු වශයෙන් කටයුතු කළ බව දැක්වේ.
කන්දියා බාලේන්ද්‍ර වශයෙන් නම් තැබූ ළදරු කෙන් යාපනයේ ඉනුවිල් රෝහලේ දී උපත ලබා ඇත. කෙන්ගේ අම්මා දරු උපත සඳහා සිය මවුපියන් ගේ වාසස්ථානය තෝරාගෙන තිබුණි. බාල අවදියේ සිට සෙල්ලමට හුරු වී සිටි දරුවා ඉගෙන ගන්නට පෙළඹවීම පියාගේ ප්‍රයත්නයක් වූ අතර පාන්දර හතරයි තිහට අවදිකර පාඩම් කරන්නට සිදු වූ බව හෙතෙම සිය ජීවිත කතාව ගැන සඳහන් කරමින් දක්වයි. වෛද්‍යවරයකු වනු දැකීම පියාගේ වුවමනාව වී තිබුණි. රාජකීය විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ ද දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ කෙන් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් අසමත් වූ අතර පසුව පින්ලේ වැවිලි සමාගමට අයත් හපුගස්තැන්න වතුයායේ නිලධාරියකු ලෙස පත්වීම් ලැබීය.
රාජකීය විද්‍යාලයේ ඉගෙන ගැනීම හා රගර් ක්‍රීඩාව සිය අනාගතයට පදනම සකස් කරන ලද බව ඔහු සිය චරිත කතාව ලියන සාවිත්‍රී රොද්‍රිගෝ මහත්මියගේ පොතට සඳහන් කර තිබේ. මුළු රටම දන්නා ව්‍යාපාර ලෝකයේ කීර්තිමත් පුද්ගලයා අකුරු දෙකක හුරුබුහුටි වචනයකට සීමා කළේ සී.ආර්.ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායමට ක්‍රීඩා කරන කාලයේ ඔහුගේ රගර් පුහුණුකරු බව එහි දක්වා ඇත. බාලේන්ද්‍රන් යන දිග නම වෙනුවට කෙටි ආමන්ත්‍රණයක් සෙවූ ඔහු කෙන් යනුවෙන් කතා කරන්නේ නම් කැමැති දැයි ප්‍රශ්න කර තිබේ. එයට එකඟ නොවෙන්නට හේතුවක් නොතිබුණි. සිය කැපවීම, ආත්ම ශක්තිය, ධෛර්යය හා විනය ගොඩනැගුණේ රගර් ක්‍රීඩාවෙන් හා රාජකීය විද්‍යාලයෙන් බව කෙන් ප්‍රකාශ කර ඇත.
වසර හතක් සේවය කළ පින්ලේ වැවිලි සමාගමෙන් ඉවත් වූ පසු රැකියාවක් වශයෙන් අයැදුම්පත් යොමු කර ඇත්තේ ජෝන් කීල්ස් සමාගමට පමණකි. එවකට සිටි යුරෝපීය පාලකයෝ ඔහු තේ බ්‍රෝකර්වරයකු සේ පත්වීම කළහ. එය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. දිගටම වෙහෙස වී සේවය කරන ලද හෙතෙම 1980 දී ජෝන් කීල්ස් බ්‍රෝකර් සමාගමේ සභාපති පදවියට පත්ව තිබේ. ආම්භක යුරෝපීය සභාපතිවරුන් වූ මාර්ක් බ්‍රස්ටොක් සහ ඩේවිඩ් බැලැස්කර්ගෙන් පසු සමාගම මෙහෙයවන නායකත්වය ගත් මෙම ස්වදේශික තරුණයා එය සහමුලින්ම වෙනස් පැතිකරා යොමු කර ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රධානතම සමාගම දක්වා ගෙන එන්නට සමත්විය. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස් හා ලංකා බැංකු සභාපති වශයෙන් විශාල කාර්යභාරයක් මෙහෙයවන අතර විනය සම්බන්ධ ජීවිත පාඩම අමතක කළේ නැත.
නියමිත වෙලාවට අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමට පැමිණි අතර ප්‍රමාද වී එන අධ්‍යක්ෂකවරුන්ට රැස්වීම් ශාලාවේ දොරටුව විවෘත කළේ නැත. සාධාරණ හේතු මත ප්‍රමාදවන අධ්‍යක්ෂකවරුන්ට පවා රුපියල් දහසක නෝට්ටුවක් එහි තිබුණ බඳුනකට බහා තබන්නට නියම වී තිබුණ අතර ඒවා වැය කළේ පොදු කටයුතුවලටය.
වෛද්‍යවරයකු නොවන්නට හේතු වූ කාරණා කෙසේ වෙතත් ඔහු සිය සහකාරිය සේ තෝරා ගත්තේ වෛද්‍යවරියකි. ඇය රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි ස්වෛරීය. සිංහල හා හින්දු චාරිත්‍ර දෙකම පවත්වන ලද විවාහයක් වූ එය මහත් උත්කර්ශවත් අවස්ථාවකි. කෙන් කුඩා අවදියේ දී එනම් 1958 දී පැවැති ජාතිවාදී අරගලයට මැදි වූ බව එහි දී සිහිපත් නොවන්නට ඇති බව නිසැකය. එවකට පැවැති සිද්ධි හමුවේ නගර සභාවේ සේවය කළ පියා නිවසට පැමිණියේ නැත. අසල්වාසීහු සමග සෑම තැනෙකම සොයා බැලූහ. අවසානයේ දී අනාථ කඳවුරක සිටි ඔහු නැවත පැමිණ සිය දරු පවුල සමග කොල්ලුපිටියේ නිවහනේ නැවත වාසස්ථානය තෝරා ගෙන ඇත.
කෙන් බාලේන්ද්‍ර සහ ස්වෛරී යුවලට දරුවන් දෙදෙනෙකි. පුතා ක්‍රිෂාන් ය. හෙතෙම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති ධුරය හොබවයි. දියණිය ආචාර්ය නතාෂා බාලේන්ද්‍රය. ඇය කලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වශයෙන් ද සේවය කළාය. දරුවන්ට උගන්වා මෙතැනට කැඳවන්නට ස්වෛරී සිය වෛද්‍ය වෘත්තියෙන් සමුගත් අතර එම කැපවීම අවසානයේ මහත් අභිමානවත් පවුල් පසුබිමක් කරා පැමිණීම විශේෂයෙන් සඳහන් කළ යුතුවේ.
කෙන් බාලේන්ද්‍ර කිසිම අවස්ථාවක ඔහුගේ යටගියාව අමතක කළේ නැත. කුඩා නිවෙසක පියාගේ සුළු වැටුපෙන් ජීවත්වීමේ දී මුහුණ පෑ දුෂ්කරතා නොයෙක් අවස්ථාවල සඳහන් කර තිබේ. ක්‍රීඩාංගණයේ දී ඔහු අවශ්‍යම ක්‍රීඩකයෙකි. නගරයේ සෑම තැනෙකම ඔහුගේ මිතුරෝය. පාසල් කාලයෙන් පසු සිය පාපැදිය ගෙන සංචාරය අරඹන ඔහු නැවත නිවෙසට එන්නේ අඳුර සමගය. ඔහුගේ පාපැදියේ දුබලතා කොපමණ ද යත් පදින වාරයක් පාසා ශබ්දයක් නැගේ. මිතුරෝ ඔහු එන බව දැනගනිති. මෙම අතීතය ඔහු පසුව ස්මරණය කරන්නේ මහත් ආස්වාදයෙනි. තනතුරුවලින් ඉහළට නැග තිබුණ ද ඔහු තීරණ ගත්තේ ඔහුට අනන්‍ය ශෛලියකටය. එවකට වෝකර්ස් ටුවර්ස් ආයතනය ජෝන් කීල්ස් අනුබද්ධව තිබුණ අතර ඔහු එහි සභාපතිවරයාය. කටුනායක ගුවන් තොටුපොළට පැමිණි සංචාරක පිරිසකගේ ගමන් මලු පැටැවීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී තිබුණ අතර සේවකයන් අධික මුදලක් ඉල්ලා සිටීම නිසා සංචාරකයෝ මහත් අපහසුවකට පත්ව සිටියහ. මෙය සැලවූ වහා එහි ගිය සභාපති කෙන් සංචාරකයන්ගේ ගමන් මලු බස් රථයට පටවන ලද අතර පසුවදා ප්‍රවෘත්ති පත්‍රවල පළමු පිටුවේ සභාපති ගමන් මලු පටවන ප්‍රවෘත්තිය පළවී තිබුණි.
මහා ව්‍යාපාර ජාලයකට නායකත්වය දෙන අතර ඔහු සමාජයේ සරණ හිමිවිය යුතු කොටස්වලට සිය ආධාරය නොඅඩුව සපයන්නට ඉදිරිපත්විය. කෙන් බාලේන්ද්‍ර වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස 1998 වසරේ දී එල්.එම්.ඩී. සඟරාව නම් කළ අතර 2011 වසරේ දී මෙරට බිලියනපතියන් විසි දෙනෙකු අතරින් අයෙක් බව සන්ඩේ ලීඩර් පුවත්පත ගෞරවයෙන් නම් කළේය. පෝලන්තයේ මෙරට කොන්සාල්වරයා ලෙස සේවය කළ හෙතෙම 2007 දී එරට ඉහළම සම්මානයෙන් පිදුම් ලැබුවේය. 1998 දී දේශමාන්‍ය සම්මානය පිරිනමන ලද අතර නිදහසට පසු මෙරට ව්‍යාපාරික අංශයට වැඩිම බලපෑමක් කරන ලද අතිවිශිෂ්ට පුද්ගලයා ලෙස 2011 වසරේ දී එල්.එම්.ඩී. සඟරාව පාඨක ඡන්දයෙන් තෝරා ගෞරවයට පාත්‍ර කළේය. කෙන් බාලේන්ද්‍ර නම් අද්විතීය පුද්ගලයාගේ ව්‍යාපාරික ඥානය, ඔහු රටට ගෙන එන ලද කීර්තිය, උපයනලද ධනය ගැන සවිස්තරාත්මක තොරතුරු ලියැවෙනු ඇත. පෞද්ගලික අංශයේ කුඩා ව්‍යාපාරයක් දකුණු ආසියාවේ නමගත් එකක් බවට හරවන්නට නායකත්වය සපයන ලද ආකාරය ගැන සටහන් වනු ඇත. දස දහස් ගණනක් ජීවත්වන ආයතන ගොඩනගා ඔවුන්ගේ දරු පවුල් සැපවත් තැනකට පත් කරන්නට තීරණගත් මනුෂයකු ගැන ලියැවෙනු ඇත. ජීවිතයේ අවසාන භාගයේ දී කෙන් මෙම බලවත්භාවයෙන් පසෙකට වී සියලු මාධ්‍ය සම්භාෂණවලින් තොර සැහැල්ලු ජීවිතයක් ගත කළේය. සතියකට දෙවතාවක් ගොල්ෆ් ක්‍රීඩා කළේය. ශරීර යෝග්‍යතාව තබා ගත්තේය. බිරිඳ ස්වෙවරී වරින්වර යෝගා පුහුණු කරන්නට උත්සාහ කළ බව කියැවේ. එයට එපමණ උනන්දුවක් දක්වා නැත.
මුණුබුරු මිනිබිරියන් පස් දෙනෙකු මිතුරන් සේ ගෙන කාලය ගෙවා දැමීය. එහෙත් කිසිසේත් දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍රයන්ගේ වීරියවන්ත ගමන ශ්‍රී ලාංකික ව්‍යාපාරික වංශ කතාවේ අමතක කළ නොහැකි පරිච්ඡේදයක් වනු ඇත. ඔහු තමන්ගේ කියා ව්‍යාපාර ආරම්භ කළේ නැත. නියමුවකු, සභාපතිවරයකු හෝ ප්‍රධානියකු වශයෙන් ආයතන ඔසවා තබන්නට ඔහුගේ දැවැන්ත ජවය යොදවන ලද බව සිහිපත් කළ යුතුය. කෙන් විශිෂ්ටයාණෙනි, ඔබ අපේක්ෂා කරන ලද අවසානය කරා රැඟෙන යන ලෙස මුළු මහත් ලාංකේය ප්‍රජාවම ඔබ ගැන සිහිපත්කර ප්‍රාර්ථනා කරන බව නිසැකය.
(*** සාරා කන්දෙගොඩ)
‘‘පාර රාජ්‍යය පරාජය නොකළහොත් ලුමුම්බාගේ, සුකර්ණෝගේ, අයන්ඩේගේ ආණ්ඩුවලට වූ දේ මෙහිද වනු ඇත.’’ මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age
“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ” යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්
වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෙන් සැබවින්ම විශිෂ්ඨයෙක්