IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කඳුකර කොටියාට නරක දසාවක්

(අජිත්ලාල් ශාන්තඋදය)



නුවරඑළිය දිස්ත්‍රික්කයේ නල්ලතන්නිය සහ අවට වතුආශ්‍රීත ප්‍රදේශවලින් කඳුකර කොටි හෙවත් පැන්තර පාදුස්, මදුවලට හසුවීමෙන් ගෙවුණු පස්වසර තුළ කොටි මරණ 14ක් වාර්තා වූ බව වනජිවී දෙපාර්තමේන්තුවේ සමනල ස්වභාව රක්‍ෂිතයේ වනසත්ත්ව අඩවි ආරක්‍ෂක ඩී.පී  සියාසිංහ මහතා  පැවසීය.



එළඹෙන ශ්‍රීපාද සමයත් සමග සමනල කඳු ආශ්‍රිතව වෙසෙන කඳුකර කොටියන් වතුකරයේ ඇතැම් පිරිස් ,වනසතුන් අල්ලා ගැනීමට අටවන මදුවලට ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මේ දිනවල  පැවැත්වෙන වැඩසටහනක් අතරතුරදී    සියාසිංහ මහතා මේ බව කීවේය.

සිරිපා සමයේ වන්දනාකරුවන් පමණක් නොව   ඇතැම් පිරිස් විනෝද චාරිකා  සඳහා කණ්ඩායම් ලෙස  ශ්‍රීපාද අඩවියට සංක්‍රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වතු අධිකාරීවරුන්, වතු කාර්ය මණ්ඩලය, වතු ජනතාවට කඳුකර කොටියා සම්බන්‍ධයෙන් දැනුවත් කර මදුවලට එවැනි කොටියෙක් අසුවු විට ඒ සතා මරණයෙන් මුදවා ගැනීමට වනජීවිය එනතුරු ක්‍රියාකළයුතු ආකාරය ගැන දැනුම සහ උපදෙස් මෙම වැඩසටහන් වලදී ලබාදීම සිදුවිය.
 

මෙහිදී අදහස් දැක්වූ සියාසිංහ මහතා මෙසේද කීවේය.

‘ලෝකයේ බිලාල කුලයේ සත්තු වර්ග 15න් ලංකාවේ ඉන්නේ පැන්තරා පාදුස් කොටියා විතරයි. කඳුකර ප්‍රදේශයේදි මේ සතා කඳුකර කොටියා කියලත් හඳුන්වනවා. මිට අමතරව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්තු විශේෂ 33ක් ඉන්නවා. ඒ සත්ත්ව විශේෂ 33න් වර්ග තුනක් ලංකාවේ ඉන්නවා. ඒ තමයි කොළ දිවියා, හඳුන්දිවියා සහ වල් බළලා. මේ සත්තු අතරින් කොළ දිවියා සහ හඳුන් දිවියා යන වර්ග දෙක කඳුකර ප්‍රදේශවල දැකිය හැකියි.

කඳුකරයේ වනාන්තර ආශ්‍රීතව වෙසෙන වල් ඌරෝ, මීමින්නෝ, වැනි වනසත්තුන් අල්ලාගන්න වතු ආශ්‍රීත ජනතාව මදු අටවනවා. කැලෑවේ ඉඳලා ආහාර හොයාගෙන ගම්වලට එන කඳුකර කොටියත් මේ මදුවලට අහුවෙනවා. ඒ නිසා කඳුකර කොටියා මොනවගේද කියන එක වතුආශ්‍රිත ජනතාවට අවබෝධයක් ලබාදීමට අපේ දෙපාර්මේන්තුව දැන් වතු ජනතාව දැනුවත් කරනවා. පිංතූර වගේම වීඩියෝ වැඩසටහන් මගින් ඒ දැනුම ලබාදෙනවා.’



අදහස් (12)

කඳුකර කොටියාට නරක දසාවක්

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 December 2020 09:31 AM

මේ කොටි පවුලට අයත් දිවියා කියන සතා. ලංකාවේ කොටියන් නැහැ. කොටියාගේ ඇඟේ ඉරි තිබෙනවා. දිවියාගේ තිබෙන්නේ පුල්ලියි. මෙසේ දිවියන් විශාල ප්‍රමාණයක් මරාදමා තිබියදීත්, මේ මස් වැද්දන්ට දඬුවම් නැහැ. සිංහල මිනිහෙකුට නම් තිබෙන සියලුම නීති හා උපරිම දඬුවම් ක්‍රියාව යෙදෙනවා. ඒත්, පුඩු තබන්නන් අල්ලා දඬුවම් කිරීම වෙනුවට එම වතු මස් වැද්දන්ට වීඩියෝ පෙන්නන්නත් පටන් අරන්. මේවාට දඬුවම් දීමට රජයට ඇත්තේ බියක්. ඒකට කියන්නේ තොන්ඩමාන් භීතිකාව කියලයි.

:       6       40

නිහාල්Thursday, 10 December 2020 02:37 PM

ඇගේ ඉරි තියන්නෙ ව්‍යාග්‍රයාගෙ. පුල්ලි තියෙන බිලාල වර්ග කිහිපයක් ඉන්නවා.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ.Friday, 11 December 2020 07:29 AM

කොටියගේත් තියෙනවා.දිවියාගේ තියෙන්නේ පුල්ලි. බළලා ඇතුළු මේ සියළුම දෙනා කොටි පවුලේ සතුන්.

:       0       7

SnehaSaturday, 04 February 2023 05:05 PM

දිවියා කියන්නේ කුඩා බිලාල වර්ගවලට.., කොටියාගෙයි පුල්ලි ව්‍යාඝ්‍රයාගේ ඉරි...

:       0       0

asanka Thursday, 10 December 2020 12:14 PM

ඕනෙම ජෛව පද්ධතියක දිගු කලීන පැවැත්මට යම් සමතුලිතතාවක් තිබිය යුතුයි. මෙහිදී දත යුතු කරුණක් නම් සමහර සතුන්ට ස්වභාවික විලෝපිකයින් නොමැති බැවින්, ඔවුන්ගේ වර්ධනය යම් කෘතීම අයුරකින් පාලනය කල යුතු බවකි. එසේ නොකලොත් දිගු කාලීනව සිදුවන්නේ මේ සතුන්ගෙන් මිනිසුන්ගේ පැවැත්මට හානියක් සිදුවීමයි. ලංකාවේ ප්‍රධාන වශයෙන් දිවියන් සහ වල් අලින් මේ ගණයට වැටෙයි. සුද්දන් විසින් මෙම සතුගේ වර්ධනය පාලනය කරන ලද්දේ වෙඩි තැබීමෙනි. මෙය අදත් ඔවුන් සමහර රටවල කැන්ගරුවන්, ගෝනුන්, මුවන් වැනි සතුන්ගේ ගහනය පාලනයට කිරීමට කරන දෙයක්. ප්‍රාණගාතය අකුසලයක් බැවින් ලංකාවේ මිනිසුන් මෙවැනි දෙයට පසුබට වෙයි. නමුත්, මිනිසුන්ගේ පැවැත්ම සඳහා අකමැත්තෙන් හෝ මෙවැනි සතුගේ ගහනය පාලනය කිරීමට යම් පියවර ගත යුතුයි.

:       11       2

නිහාල්Friday, 11 December 2020 08:18 AM

ලන්කාවෙ දිවියා බෝවීම වැඩි සතෙක් නොවෙයි. වදවීමෙ තර්ජනයට ලක් වී ඇති සතෙක්. උන් ගම්වලට එන්නෙ කැලෑඑලි කිරීම නිසා ආහාර හිගවීමෙන්...

:       2       11

asankaFriday, 11 December 2020 01:31 PM

මෙය පිළිගත හැකි කරුණක් නොවේ. ඊට හේතුව නම් මෑතකදී හසුවී ඇති දිවියන් සියල්ල හොඳින් වැඩුණු, මන්දපෝෂණයෙන් තොර සතුන් වීමයි. අද දිවියන් ජනාවාස වලට පැමිණෙන්නේ බල්ලන්, කුකුලන් වැනි ගෘහස්ත සතුන් පහසුවෙන් ගොදුරු කර ගැනීමට හැකි නිසයි. වල් අලින් සහ ඌරන් ගම් වලට පැමිණෙන්නේ හේන් වල පලදාවේ සහ ගොවීන් විසින් ගබඩා කර ඇති වී වල රස වැටුණු විටයි.

:       6       3

PradeepTuesday, 15 December 2020 03:11 AM

ඕනෑම ජීවී ගහනයක් පරිසරයේ අසමතුලිත බවට හේතුවක් වේනම් එම ගහණය පාලනය කිරීම සදහා ස්වභාවිකවම යම් ක්‍රම වේදයක් ඇති කරනවා. එය "ස්වභාවික වරණය" කියලා හදුන්වනවා. හොදම උදාහරණය මේ දිනවල ලොව තුල පවතින කොවිඩ් වසංගතයයි. පරිසරයේ අසමතුලිත බවට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ "මිනිසා" කියන සත්වයායි. ස්වභාවික රීතීන් උල්ලංඝනය කරමින් සිටිනා මෙම ජීවී කොට්ඨාසය පාලනය කිරීමට වරින් වර කලින් කලට නොයෙකුත් වසංගත පැමිණුනා. මේ කොවිඩ් 19ත් තවත් එවැනි එක් දෙයක් පමණයි. කෙසේ කවදා හෝ මිනිසා මෙය ජය ගනු ඇති.

:       0       0

කොටි දිවියා Friday, 11 December 2020 07:00 AM

ඔය සතාට ලංකාවේ සිංහලෙන් කියන නම තමයි කොටියා. ලංකාවේ නැති සතෙකුට කොහොමද සිංහලෙන් නම් දාන්නේ? ඕක උනේ එල්.ටී.ටී.ඊ. එක තමන්ගේ ලාංඡනේට සහ නමට ටයිගර් කියන ඉන්දියානු සතාව යොදා ගැනීම.... මේ ටයිගර් කියන සතාට සිංහලෙන් නමක් නැති නිසා ඌත් කොටියා උනා. අන්තිමට ඌ කොටියා වෙලා ලංකාවේ හිටපු එකා දිවියා වෙලා.

:       3       9

Jayantha de Mel Saturday, 12 December 2020 05:31 AM

“ඇතැම් පිරිස් විනෝද චාරිකා සඳහා කණ්ඩායම් ලෙස සිරිපා අඩවියට සංක්‍රමණය වන අතර එවැනි විනෝදයට එන පිරිස් දඩමස් ඉල්ලීම නිසා දඩමස් විකිණීමට සතුන් අල්ලා ගැනීමට මදුගැසීමෙන් ගම්වදින කඳුකර කොටියා ද මදුවලට හසුවන බව ඔහු පෙන්වා දුන්නේය…..” හෝටල්, ආපනශාලා වල වල් ඌරැ මස්, ගෝන මස්, හා මස් (Hare) ආදිය මිනිස් පරිභෝජනය සඳහා පිරිනැමීම තහනම් කරන්න. එවිට මෙම ඉල්ලුම නතර වනු ඇත. එවිට මෙම සුන්දර සතුන්ට නිදහසේ ජීවත් වීමට හැකි වනු ඇත! ප්‍රශ්නය වන්නේ එය තහනම් කිරීමට අදාළ නිලධාරීන්ට අවශ්ය ද නැද්ද යන්නයි!

:       0       4

kapilaSaturday, 12 December 2020 10:22 AM

ඔය දෙය ලංකාවේ කිසි දිනක නීතියෙන් තහනම් කලත්, ප්‍රායෝගිකව තහනම් කල හැකි දෙයක් නොවේ.

:       1       2

නිහාල් Saturday, 12 December 2020 08:19 AM

ලංකාවෙ කොටියා දිවියා කියා හදුන්වන්නෙ එකම සතා. බෙදුම්වාදී කොටියගේ විතරයි ඉරි තියන්නෙ... අනිත් ඇත්ත කොටින්ගෙ ඉරි නැහැ. පුල්ලි තියන්නෙ. ඉරි තියන සතාට සිංහලෙන් නමක් තියනවා. ඒ ව්‍යාග්‍රයා...

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1066 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4554 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site