IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කඳුබොඩ අමරඤාණ නාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය

කඩුවෙල සංඛපිට්ඨි මහා විහාරය සහ ගොතටුව නව නගරයේ ඥානවිමලාරාමය යන උභය විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කඳුබොඩ අමරඤාණ නාහිමිපාණන් වහන්සේගේ 102 වැනි ජන්ම දිනය අද 9 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කඩුවෙල නගර ආසන්නයේ පිහිටි සංඛපීඨය මහා විහාරය ගොතටුව නව නගර ඥාන විමලාරාම අභය විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අමරපුර සිරි සද්ධම්මාවංශ මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ උප සභාපති ත්‍රිපිටකධර ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධම්ම විනයාචාරය පණ්ඩිත කඳුබොඩ අමරඥාන නාහිමියෝය. කඩුවෙල සංඛපීඨයේ විහාරයේ නායක පදවිය හොබවමින් ප්‍රදේශයට පමණක් නොව කොළඹ දිස්ත්‍රික්කය පුරා ගෞරවයට පාත්‍රව සිටිති.

අප කථානායකයාණන් උපත ලබන්නේ 1920 දෙසැම්බර් 09 වැනිදා, ගම්පහ කඳුබඩදීය. පීරිස් අප්පුහාමි හා පොඩිනෝනා දෙපළටම දාව උපත ලද මෙතුමාට පී.ඩී. ඩැනියෙල් ලෙස නම් තැබුණේ දරුවන් 08 දෙනෙකුගෙන් යුත් පවුලේ 05 වැන්නාටය.

කඳුබඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ අතර, පැවිදි වීමට තමන් වහන්සේ තුළ වූ දැඩි කැමැත්ත නිසාම මවුපිය අවසරය ද ලබා නාරම්පනාව මහා විහාරස්ථානයේ දී (1931) කඳුබඩ අමරඥාන නමින් පැවිදි වූයේ කලුපේ පඥසාර නායක හිමියෝ යටතේය.

1931 දී පැවිදි වූ දිනම නාරම්පනාව විහාරස්ථානයට වැඩම කර සිටි තොටගමුවේ විමලානන්ද හිමියන් හා තොටුගමුවේ ප්‍රේමානන්ද හිමියන් සමඟ මාතර කහට විහාරස්ථානයට පැමිණි අතර එහි සිට බලපිටිය සුගත සාසන්දන පිරිවනට ඇතුළත්ව අධ්‍යාපනය ලබන අතරතුර ගුරු හිමියන් බැහැ දැකීමට අවුරුද්දකට පමණ පසු නාරම්පනාව විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ නැවත මාතර නොයා මෙහිම නවතින ලෙස කොළඹ විද්‍යොදය පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය කරගෙන යන ලෙස කලුපේ ප්‍රඥාසාර නායක හිමියන් දැන්වූයෙත් නාරම්පනාව පන්සලේ නැවතී විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූ අතර කලුකෝඳයාවේ ප්‍රඥාසේකර මහනාහිමි යටතේ අධ්‍යාපනය ලැබූහ. මනා ශාස්ත්‍ර ඥානයක් ලබාගත් අතර, මාලිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනේ දී ප්‍රවීණ විභාගය හා පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත්වී, සිංහල, පාලි, සංස්කෘත ප්‍රකෘත වන්දෝලංකාර ඉතිහාස, පුරා විද්‍යාව ආදී විෂයයන් ද ත්‍රිපිටක ධර්මය ද මනා කොට හදාරා උන්වහන්සේ සද්ධම්ම විනයාචාර උපාධිය ද ලබා ගත්හ.

මෙකල විදෙස් ධර්මදාන සේවයේ යෙදීම සඳහා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමත් දෙමටගොඩ පඨානඝර මහා විහාරස්ථානයේ ඇරඹිණි. මේ සඳහා ඇතුළත් වූ අප නාහිමියන් වහන්සේ නාරම්මල සිට යාමට ඒමට ඇති අපහසුතා නිසා කඩුවෙල කොතලාව සංඝ පීඨි විහාරයට වැඩම කළහ. එවකට විහාරාධිපති දූරය දැරූ පාදුක්කේ ජනවංශ නාහිමියන්ගේ ද විහාරාධිපති පොරේ ගෙදර ධර්මපාල හිමියන් යටතේ කටයුතු කරමින් සිටින අතරතුර 1952 ජනවාරි 04 වැනිදා කඩුවෙල නගරාසන්නයේ කැලණි නදියේ ඉදිකළ විශේෂ උදක්කුඛේප සීමාමාලකයේ දී උතුම් උපසම්පදාව ලැබූහ. ඓතිහාසික අතින් නුවර යුගයට අයත් චෛත්‍ය රාජයාණන්ගේ කොත පළඳවන ලද්දේ අප නාහිමියන් උපසම්පදාව ලද දිනයේදීමය.

රජයේ ගුරු සහතික පත්‍ර විභාගයෙන් සමත් වී හෝකන්දර රතන විද්‍යාලයේ ගුරු සේවයට එක් වූ උන්වහන්සේ 1960 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේ දී උපාධිය ලබා ගත්හ. උපාධිය සමත් වීමෙන් පසු පූගොඩ, ලුනුගම, සිරිපැකුම්බා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත් වී පුරා වසර 27 තිස්සේ එම පාසලේ සේවය කළහ.

1988 අගෝස්තු 21 වැනිදා තම ගුරු දේවයන් වූ විනයාචාර්ය පොරේගෙදර ධම්මපාල හිමියන් අපවත්වීමෙන් අනතුරුව කඩුවෙල මහ පන්සල ලෙස ප්‍රකට සංඛ පීඨි මහා විහාරයේ විහාරාධිපතිත්වය භාරගත් උන්වහන්සේ ගොතටුව නව නගරයේ ඥාන විමලාරාමයේ විහාරාධිපතිත්වයට ද පත්වූහ. සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂා මනාව හැසිරවිය හැකි අප නාහිමියන් වරක් තායිලන්ත සංචාරයක දී සංස්කෘත භාෂාවෙන් කළ කථාවක් නිසා එරට රජතුමාගේ ප්‍රසාදයට පත් වූහ.

මේ අතරතුර ධර්මධූත මෙහෙවර වෙනුවෙන් තායිලන්ත, මියන්මාරය, සිංගප්පූරුව ආදී රටවල සංචාරය කරමින් ඒ රාජ්‍යවල ගෞරවයට ද පත් වූ උන්වහන්සේ 1979 ඔක්තෝබර් 07 වැනිදා ආරම්භ කරන ලද කඩුවෙල ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාරවරයා ලෙස අද දක්වා නායකත්වය ලබා දෙනවා පමක් නොව ඉගැන්වීමද කරති.

වසර 175 ක් පුරා පැවැත්වෙන කඩුවෙල ධාතු පූජා මහ පෙරහරේ ප්‍රධාන අනුශාසකවරයා උන්වහන්සේය. දිය කැපීම, ගිනි පෑගීම, ගොටු තැබීම වැනි හින්දු චාරිත්‍ර අනුගමනය නොකර බුදුන් වහන්සේ වෙනුවෙන්ම පවත්වන ලංකාවේ එකම ධාතු පූජා මහ පෙරහර මෙයයි. අංගසම්පූර්ණ මහා විහාරස්ථානයක් වන මෙය චෛත්‍යය, බුදුගෙය, පැරණි බුදුගෙය, බෝධි රුක්ෂය ධාතු මන්දිරය, බණ මඩුව, දේව මන්දිර, සීමා මාලකය, තක්ෂිලා පිරිවන, සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සංඛ පෙර පාසල එෆ්‍්.එම්. ගුවන් විදුලි ආදී සියලු දෙයින් අනූන මහ විහාරස්ථානයේ අධිපත්වයන් දරමින් කරන මෙහෙය නිසාම තුන් නිකායේම මහ සංඝරත්නයේ නොමද ගෞරවයට පාත්‍ර වෙමින් තමන්ගේ ගුරුවරයා ලෙස සලකමින් කඩුවෙල ලොකු හාමුදුරුවන් ලෙස මහත් බැතියෙන් ප්‍රදේශයේ මහා සංඝරත්නය සලකති.

 

(***)
කඩුවෙල ප්‍රාදේශීය දහම් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
චන්දන උපාලි පෙරේරා

 



අදහස් (1)

කඳුබොඩ අමරඤාණ නාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය

අප්පුහාමි Saturday, 11 December 2021 12:02 PM

ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් මෙම නාහිමියන්ට නිදුක් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් හිමිවේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3436 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12372 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 592 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 960 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1041 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site