IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක  ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වාඩි වූ ජනාධිපතිවරයකුට තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යාමට සිදුවූයේත් අගමැතිවරයා ඇතුළු  බොහෝ මැති ඇමතිවරුන්ට තනතුරු අහිමි වූයේත් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වූ ජනතා විරෝධය හේතුවෙනි.

සමාජ විරෝධය ඇවිළී ගියේ ජනයාට දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව පෝලිම්වල නිරා දුක් විඳීමට සිදුවීමත් රට බංකොලොත්  තත්වයට පත්වීමත් හේතුවෙනි. මේ රට එබඳු සැහැසි ඉරණමකට ලක් වූයේ නිදහසින් පසු බිහි වූ සෑම  වර්ණයකටම අයත් දේශපාලනඥයන් ජනයා සතු ධනය සොරා කෑ නිසා යැයි අරගල භූමියේ ජනතාවගේ චෝදනාව විය. නිර්පාක්ෂිකව මතුවූ එම තත්වය එයට හිමි බරින්, ප්‍රමාණයෙන් තේරුම් ගැනීමට අප දේශපාලනඥයන් සමත් වන්නේ නම් සිහිනයෙන් හෝ සොරකමක්, වංචාවක්, අගතියක් නොකරනු ඇතැයි යන්න ඒකාන්ත විශ්වාසයයි.

එහෙත් එය එසේ නොවන බව අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් සනාථ වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ දකුණේ ප්‍රබල දේශපාලනඥයකු  තරග විභාගයකින් තොරව කොරියා  රැකියා දෙන බව පවසා තරුණයන් 50 ගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු එරටට යවා නැතැයි තරුණයන් පිරිසක් චෝදනා කරන බවත්ය. එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇතැයි ද රුපියල් 1500ක් අයකර එම තරුණයන්ට දින හයක පුහුණුවක් ලබාදී ඇතැයි ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

අප රටේ තරුණ පරපුර  නොරටක රැකියා අවස්ථා සොයනුයේ මෙරට දේශපාලනඥයන් එම තරුණයන්ගේ සිහින අපේක්ෂා ගිනිබත් කර ඇති හෙයිනි. එසේ නොමැතිව පවුලේ සමීපතමයන් සමග සතුටෙන් ජීවත්වීමට ආශාවක් නොමැති නිසා නොවේ. වේලක් කා වේලක් නොකා හෝ මේ බිමේ ජීවත්වීමට ඔවුහු සූදානම් වෙති. එහෙත් අපේක්ෂා  ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කරගැනීමට පැහැදිලි මගක් ඉඩක් එම තරුණ පරපුරට තිබිය යුතුය. එහෙත් අද තරුණයාට අහිමිව ඇත්තේ ද එය මය. අද තරුණයා මෙරට ජීවත් වන්නේ චණ්ඩ රළ ගෙඩි පිරුණ, මහා කුණාටු හමන සාගරයක අතරමංවූවන් ලෙසය. දිවි  බේරා ගැනීමට ගොඩබිමක් සොයා ගැනීම ඔවුන්ගේ එකම අපේක්ෂාව ය. මෙරට තරුණයා නොරටක රැකියා අවස්ථාවක් සොයායාමේ සිහිනයේ උපත එය යි.

අප ප්‍රවෘත්තියට අනුව එම අසරණ තරුණයන්ගේ ජීවිතාපේක්ෂාව නිර්ලජ්ජිත ලෙසත් හීන දීන තුච්ඡ ලෙසත් සූරාකෑමේ මහා නින්දිත ජාවාරමක් ක්‍රියාත්මක  වී ඇති සෙයකි. අරගල සමයේ දී ප්‍රචණ්ඩ වාසුළියක්ව මෙම තරුණ පරපුර නැගී සිටියේ මෙම අධම දේශපාලනයට  එදිරිව ය.

මෙරට තරුණයා  ඇතුළු සමස්ත ජනයා ඉල්ලා සිටින්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන  අභිමානයෙන් ජීවත්විය හැකි රටකි. සුදුසුකමට තැන ලැබෙන  රටකි. දේශපාලනඥයා ඇතුළු කිසිදු බලපුළුවන්කාරකම්වලට යටත් නොවී දණ නොනමා ජීවත්විය හැකි රටකි. එහෙත් අපගේ ඇතැම් දේශපාලනඥයන්ට අැවැසිව ඇත්තේ තම බලපුළුවන්කාරකමට යටත් කරගත් අතවැසියන් බවට පත්වූ රට වැසියන් ය. පුරවැසියන් නොව යටත් වැසියන් ය. ඒ එම ජනයා නින්දනීය ලෙස සූරා කෑමට ය. මෙබඳු ත්‍රාඩ දේශපාලනඥයන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට ඉඩදිය යුතු ද? නැතහොත් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු ද ? ජනතාව බලා සිටින්නේ මේ ප්‍රශ්න දෙකට ලැබෙන පිළිතුරු දෙස ය.  

 

(***)



අදහස් (0)

කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 402 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 80 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 206 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 387 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 85 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 66 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 332 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 446 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 951 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site