IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කප්පම් ගන්න පැහැරගත් ව්‍යාපාරිකයා

“මම ගේ ළඟ ඉන්නේ කාර් එක ඇතුළට ගන්න ගේට්ටුව අරින්න.”


මොහොමඞ් ශාකිම් සුලෙයිමන් නිවස ඉදිරිපිට සිය මෝටර් රථය නතර කර ඔහු අතේ තිබූ හෑන්ඞ් ෆෝන් එකෙන් කතා කර බිරිඳට දැනුම් දුන්නේය. 
එතකොට වේලාව මධ්‍යම රාත්‍රී 11.30 ට ආසන්න වෙමින් තිබිණි.

     
 දරු දෙන්නාත් එක්ක තද නින්දේ පසුවූ සුලෙයිමන්ගේ බිරිඳ අවදි වූයේ සැමියාගේ ඒ දුරකථන ඇමැතුමත් සමඟය.


ඇය සැමියට කාර් එක ඇතුළට ගැනීමට ගේට්ටුව විවෘත කරනවාත් එක්කම දැක ඇත්තේ සිල්වර් පැහැති කාර් එකක් නිවස අසල සිට විදුලි වේගයෙන් ගමන් කරන අන්දමය.

27-page-11-M-6
ඒ දසුන ඇය තිගැස්මකට ලක් කරන්නක් විය.


සැමියා පැමිණි කාර් එක ගේට්ටුව ආසන්නයේ නතර කර තිබෙන අයුරු ඇය දැක ඇතත් ඔහු ඒ අහලකවත් නොසිටි නිසා තදබල සැකයක්ද හටගෙන ඇත.
තව දුරටත් විපරම් කර බැලීමේදී කාර් එක ළඟම අත් ඔරලෝසුවක් හා කෑම පාර්සලයක්ද වැටී තිබෙන අන්දම දැක ඇය මහත්සේ කලබලයට පත්වූවාය.
කාර් එක ළඟ වැටී ඇත්තේ සැමියා  පලඳින අත්ඔරලෝසුව බව ඇය හැඳින ගත්තාය.


සැමියාට මොකක් හෝ කරදරයක් සිදුවී ඇති බව වටහාගත් ඇය ඒ මොහොතේම සැමියා අතුරුදන්ව ඇති බව කියා පොලිසියට පැමිණිලි කළාය.


බම්බලපිටිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඒ පැමිණිල්ල ලැබුණු වහාම බම්බලපිටිය කොතලාවල මාවතේ පිහිටි සුලෙයිමන් මහතාගේ නිවස බලා පිටත්ව ගියේ ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීමටය.


පොලිසියට පැමිණිල්ල කළේ සුලෙයිමන් මහතාගේ බිරිඳ වන මොහොමඞ් පාතික ඉෂා (27) මහත්මිය වන්නීය.

27-page-11-M-4
නිවසේ සේවයට තිදෙනෙක් සිටින අතර ඔවුන් ද සිය ස්වාමියාට සිද්ධ වෙච්ච දේ ගැන සොයා බලා ඇතත් ඔහුට වෙච්ච දෙයක් ගැන දැන ගැනීමට ලැබී නොමැත.


චීනය හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් නිමි ඇඳුම් හා රෙදිපිළි තොග වශයෙන් ගෙනවිත් විකිණීමේ නිරතව සිටි සුලෙයිමන් මහතා කෝටිපති ව්‍යාපාරිකයෙකි.


 ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත්තේ පිටකොටුව තුන්වැනි හරස් වීදියේය.


විසිනව හැවිරිදි පමණ පසුවූ ඔහු දෙදරු පියෙකි.


 කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඇති බව හෙළිකර ගැනීමට එහි ගිය පොලිස් කණ්ඩායමට වැඩි වේලාවක් ගත වූයේ නැත.


එයට අවශ්‍ය සාධක අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැනීමටද පරික්ෂණ කණ්ඩායම්වලට හැකි විය.


කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නතර කර තිබූ ස්ථානයේ ඔහු පැළදි අත් ඔරලෝසුව සහ කෑම පාර්සලයක්ද තිබී පොලිසිය සොයාගෙන තිබූ අතර කාර් රථයට නුදුරින් ලේ පැල්ලම් කිහිපයක්ද පොලිසියට දක්නට ලැබී ඇත.


සුලෙයිමන් මහතා ඔහු පැහැරගෙන යාමට ආ කල්ලියේ අයගෙන් බේරීමට ඔවුන් සමඟ පොර බැදීමේදී අත් ඔරලෝසුව ගැලවී බිම වැටෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

28_MAIN_P_16
පොලිසිය පවසනුයේ මෙම පොර බැදීමේදී ඔහු අත තිබූ කෑම පාර්සලයද ගිලිහී ගොස් බිම වැටෙන්නට ඇතැයි කියාය.


 සාහසිකයන් සමඟ පොර බැදීමේදී ව්‍යාපාරිකයා හෝ සහසිකයාට වූ තුවාලයකින් මෙසේ ලේ ගලාගෙන යන්නට ඇති බව පොලිසිය පවසයි.


 ව්‍යාපාරිකයා වැල්ලවත්ත ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගි වී ආපසු එන අතරවාරයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ අවන්හලකට මිතුරන් පිරිසක් සමඟ ගොස් පසුව බිරිඳට කෑම පාර්සලයක්ද රැගෙන එම අවන්හලෙන් පිටව ගොස් ඇති බවට ද පොලිසිය පරික්ෂණ පවත්වා තොරතුරු අනාවරණය කරගෙන ඇත.


 පරික්ෂණ කටයුතු සිදුකරගෙන යන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඔහුගේ විශේෂ උපදෙස් මතය.


මහනුවර-අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව රාජකාරියේ යොදවා සිටින පොලිස් නිල සුනඛ ‘බෙට්කා’ අපරාධය සිදුවූ ස්ථානයට කැඳවාගෙන ආවේ පොලිස් නිල සුනඛයාගේ මාර්ගයෙන් හෝ කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගිය කල්ලිය ගැන යම් හෝඩුවාවක් සොයා ගැනීමටය.

 

27-page-11-M-2

මහේස්ත්‍රාත් එල්.කේ. මහින්ද මහතාගේ නිරීක්‍ෂණය

 


පොලිස් නිල සුනඛ “බෙට්කා” ට ඉවකිරීමට සැලැස්සුවේ බිම වැටී තිබියදී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාට අයත් අත්ඔරලෝසුවය.


අත්ඔරලෝසුවට ඉව කළ බෙට්කා සිල්වර් කලර් කාර් රථය නවතා තබා පලා ගිය ස්ථානය තෙක් කිහිප වරක්ම ගොස් අවට සැරිසරන්නට පටන්ගෙන ඇත.
 ව්‍යාපාරිකයාව මෝටර් රථයේ දාගෙන පලාගොස් තිබූ නිසා පොලිස් නිල සුනඛයාට එතැනින් එහාට ලබාගත් ඉව ඔස්සේ ගමන් කිරීමට අපොහොසත් විය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතාගේ සහ නිල සුනඛ කොට්ඨාශයේ බස්නාහිර පළාත් ඒකකයේ අධීක්ෂණ නිලධාරි පොලිස් පරික්ෂක ආර්.ඒ.ඒ. රත්නසිරි මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛ “බෙට්කා” මෙහෙයවනු ලැබුවේ පොලිස් කොස්තාපල් ජේ.ආර්. අසංක සිල්වා (82438) මහතා විසිනි.


කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගත් කල්ලිය ඔහුගේ අතේ තිබූ ජංගම දුරකථනය ද රැගෙන ගොස් තිබිණි.


 කෝටිපති ව්‍යාපාරිකයාගෙන් නිමි ඇඳුම් ඇතුළු රෙදිපිළි තොග වශයෙන් ණයට ලබාගත් ව්‍යාපාරිකයන් හතර දෙනෙක් කාලයක් ගතවී තිබුණත් ඒ ණය මුදල ආපසු ගෙවා නොතිබූ බවද පොලිසිය කළ පරික්ෂණවලින් අනාවරණය විය.


රුපියල් කෝටි 04 ක් සහ කෝටි 03 ක පමණ මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකුට එරෙහිව රහස් පොලිසියටද ලක්ෂ 45 ක සහ ලක්ෂ 30 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරිකයින් දෙදෙනකුට එරෙහිව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේද පැමිණිලිකර තිබුණේ පැහැරගෙන යාමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාය.

27-Page-11-M-02
සුලෙයිමන් මහතාගේ මව සහ පියා ඉන්දියාවේ සංචාරයක නිරතව සිට බම්බලපිටිය කොතලාවල මාවතේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණේ ඔහු පැහැරගෙන ගිය දිනයට පසු දිනය. එනම් 21 වැනිදා උදේ වරුවේය.


 කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ තිබෙන දුරකථනයට ඇමතුමක් ලැබුණේ 21 වැනිදාය.


 ඒ ඇමතුම ලබාගෙන තිබුණේ සුලෙයිමන් මහතාගේ පියාය.


“පුතා අපි ළඟ කරදරයක් නැතිව ඉන්නවා. ඒ ගැන කිසිම දෙයකට බයවෙන්න එපා. පුතාව මුදාගන්න අපිට කෝටි දෙකක කප්පම් මුදලක් ඕනෑ.” ලැබුණු ඇමතුමෙන් කියවුණේ එවැනි දෙයකි.


ඊට එහා වචනයක්වත් නොකියාම ඇමතුම ලබාදුන් නාඳුනන පුද්ගලයා  දුරකථනය විසන්ධිකර ඇතැයි කියති.


මෙය පොලිස් පරික්ෂණ නොමඟ යැවීමට දුන් ඇමතුමක් විය හැකි බවටද පොලිසිය සැකකරයි. පැහැර ගෙන ගොස් සිටින ව්‍යාපාරිකයා සමඟ විවාහ මංගල්‍යය උත්සවයට යාමට ඔහුගේ බිරිඳ සූදානම් වී සිටියත් පොඩි දරුවාට කිරි දීමට ඇති නිසා ඇය ඒ ගමන ගොස් නොමැත.


කෝටිපති ව්‍යාපාරිකයාට මීට කලින් කිහිප අවස්ථාවකම කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කර ඇමැතුම් ලැබී ඇති බව පැවසේ.


 එහෙත් ඔහු පොලිසියට පැමිණිලි කිරීමට නොගොස් ඒ ඇමතුම් ගැන කිසිම තැකීමක් නොකර සුපුරුදු පරිදි තම ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇති බව කියති.


කෙසේ වෙතත් ව්‍යාපාරිකයාගේ ගමන් බිමන් ගැන හොඳ සෝදිසියෙන් සිට මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව නම් පොලිසියට පෙනී ගොස් ඇත.
මාවතගම-හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ රැකුලාගම හන්දියේ ඇති කැලෑ රොදක ඉනි කැපීමට ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුට ඉවසිය නොහැකි දුඟදක් දැනී ඒ කුමක්දැයි විපරම් කර බලා ඇත.


 ඒ පසුගිය 24 වැනිදා සවස් වරුවේය.


 නාඳුනන අයකුගේ නරක් වී ගිය සිරුරක් තිබෙනවා දුටු ඔවුන් ඒ බව අසල පදිංචිව සිටින වයෝවෘද්ධ අයකු සමග පවසා තිබේ.


 පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට කතා කර මේ බව කියා ඇත්තේ ඔහුය.


 මාවනැල්ල පොලිසියට 119 හදිසි ඇමැතුම් අංශය මගින් මේ බව දැනුම් දීමෙනු පසු එහි වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම එහි ගොස් ඇත.


හඳුනාගැනීමට නොහැකි වන ලෙස නරක් වී තිබූ සිරුරේ උඩුකය නිරුවත්ව තිබුණු අතර මියගිය පුද්ගලයා හැඳ සිට ඇත්තේ කළු පැහැති ඩෙනිම් කලිසමකි.
 දෙපයට පැලඳ සිටි සපත්තු දක්නට නොතිබූ අතර පැලඳ සිටියේ අළු පැහැති මේස්ය.


ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාට මේ මළසිරුර බම්බලපිටියේදී පැහැරගත් ව්‍යාපාරිකයාගේ විය හැකි බවට ඇතිවූ සැකයක් මත එහි ඡායාරූප කිහිපයක් ගෙන ඇඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන්ද විස්තරද සමග කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට ඒ මොහොතේම දැනුම් දුන්නේය.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා පොලිස් කණ්ඩායමක් මාවනැල්ල ප්‍රදේශය බලා පිටත්කර හැරියේ බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතම ඥාතීන් කිහිප දෙනෙකුද සමගය.


 ඥාතීන් ද සිරුර හඳුනාගෙන එහි ඡායාරූප කිහිපයක් ලබාගෙන ඒ මොහොතේම කෝටිපතියාගේ බිරිඳට ජංගම දුරකථනයට වයිබර් තාක්ෂණය ඔස්සේ යැවීමෙන් පසු ඇයද ඒ තම සැමියා බව හඳුනා ගත්තාය.


 මාවනැල්ල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මහින්ද ලියනගම මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වූ අතර කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය.


 දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලියනගම මහතා විසින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝගයක් නිකුත් කරනු ලැබීය.


අධිකරණ වෛද්‍ය නිලධාරි අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එදිනම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළේය.


 හිසට මොට ආයුධයකින් පහරදීම නිසා හිස්කබල පුපුරා ගොස් ශරීර අභ්‍යන්තරයට ලේ ගලා යාමෙන් මෙම මරණය සිදුවී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.


හිස්කබල ස්ථාන දෙකකින් පුපුරා ගොස් ඇති බවට ද එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ.


කෝටිපති ව්‍යාපාරිකයා ඔහු පැහැරගෙන ගොස් පැය කිහිපයක් ඇතුළත මරා දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි.


 කෝටිපති ව්‍යාපාරිකයාගේ පියාට දුරකථන ඇමැතුමක් ලබාදී පුතා කරදරයක් නැතිව අපි ළඟ ඉන්නවා. පුතා මුදාගන්න කෝටි 2 ක මුදලක් ඕනෑ කියා ඇත්තේද ඔහු ඝාතනය කිරීමෙන් පසුව බව පොලිසිය කළ මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇත.


පැහැරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයා ඒ වන විටත් ජීවතුන් අතර සිටියේ නම් කප්පම්කරුවන් ඔහුගේ මාර්ගයෙන් ද පියාට කතාකර කෝටි දෙකේ කප්පම් මුදල ගෙවා තමාව මුදා ගන්නා ලෙස කියවා ගන්නා බව පොලිසියේ විශ්වාසය වී පවතී.


කෝටිපති රෙදිපිළි ව්‍යාපාරිකයා ඝාතනය කර තිබියදී සොයාගනු ලැබුවේ ඔහු පැහැරගෙන ගොස් දින හතරකට පසුවය.


 සිරුර සොයා ගන්නා විට හඳුනාගත නොහැකි වන ආකාරයට ඉදිමි දුගඳ හමමින් තිබූ බවත් සුලෙයිමන් මහතාගේ සිරුර මේ අන්දමින් නරක් වී තිබීම අනුවද ඔහු පැහැරගත් දිනයේම ඝාතනය කරන්නට ඇති බවට පැහැදිලි සාධකයක් වී පවතී.


 කෝටි දෙකක කප්පම් මුදල ඉල්ලා සුලෙයිමන් මහතාගේ පියාට දුරකථන ඇමැතුම  කප්පම්කරුවෙක් ලබාදී ඇත්තේ ඔහු පැහැරගෙන ගිය දිනට පසු දින උදේ බවද පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකර ගෙන ඇත.


කප්පම්කරුවෙක් පැමිණ මෙම දුරකථන ඇමැතුම ලබාගෙන තිබෙන්නේ කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි දුරකතන ඇමැතුම් ලබාගන්නා පුද්ගලික ස්ථානයකින් බවද ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


 දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන මේ තොරතුරු අනාවරණය කරගත් බව පොලිසිය කියයි.


 මීට පෙර අවස්ථා කිහිපයකදීම ද කෝටිපති ව්‍යාපාරිකයාට දුරකතන ඇමැතුම් ලබාදී කප්පම් මුදල් ඉල්ලා ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබෙන බව දැන ගැනීමට ඇත.


 එහෙත් මේ බව ඔහු පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැත.


 බම්බලපිටියේ පිහිටි නිවස අසලදී පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයා කෑගල්ල ප්‍රදේශයේ හෝ ඒ අවට ප්‍රදේශයක කිසියම් රහසිගත ස්ථානයක රඳවා තබා මරා දමන්නට ඇති බවට පොලිසිය සැකකරයි.


කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ආ කල්ලිය සමග ඔහු පොර බැදීමක් සිදුවී තිබෙන බවට සාධක පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ලේ පැල්ලම්ද ගැටුම සිදුවුණා යැයි කියන ස්ථානයේ විසිරී තිබිණි.


 කෝටිපති ව්‍යාපාරිකයා කප්පම්කරුවන්ගෙන් ගැලවීමට ඔවුන් සමග සටන් කරද්දී කල්ලියේ අයෙක් ඔහුට තියුණු ආයුධයකින් ඇණිම නිසා ඔහු බරපතළ තුවාල ලබා එම තුවාලයෙන් ගලා ගිය ලේ මෙසේ විසිවී යන්නට ඇති බවට පොලිසිය අනුමාන කරයි.


 සුලෙයිමන් මහතා පදිංචිව සිටි නිවසේ සීසීටීවී කැමරා සවිකර නොමැති අතර ඔහුගේ නිවස අවට පිහිටි නිවාසවල සවිකර තිබූ සීසීටීවී කැමරා පරීක්ෂාකර බලා ඇතත් ඒවායේ මේ සිද්ධිය පටිගත වී නොමැත. 


කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගෙන් කෝටි ගණනක රෙදිපිළි ණයට ලබාගෙන එම ණය මුදල් ආපසු ලබා නොදුන් ව්‍යාපාරිකයන් 04 දෙනෙකුට එරෙහිව රහස් පොලිසියට සහ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර තිබිණි.


එසේම ඔහුද හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් කෝටි 7 ක පමණ ණය ලබාගෙන තිබූ බවටද තොරතුරු පොලිසියට දැන ගැනීමට ලැබී තිබෙන බව කියති.


 මෙම හේතූන් කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට බලපෑවේද යන්න ගැනද පොලිසිය විශේෂ අවධානයක් යොමුකර පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.


 මේ අතර කොළඹ සහ තදාසන්න කිසියම් ප්‍රදේශයක හෝ කෑගල්ල ප්‍රදේශයේ කිසියම් හෝ ස්ථානයක සවිකර ඇති සීසීටීවී කැමරාවල මෙම පැහැරගෙන යාමට අදාළ රූපරාමු තිබෙන්නේද යන්න සොයා ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් වෙනම පත්කර ඇත.
මේ අතර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළව පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් පීරිස් මහතාට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර තිබුණේ ව්‍යාපාරිකයින් පස්දෙනකුට රටින් පිටවීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙසය.


 ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් විදේශගත වීමට වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝග කළේය.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ දකුණු කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා, කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ජයතිලක, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ද සිල්වා, උප පොලිස් පරීක්ෂක ලසන්ත සහ බම්බලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක ඩබ්ලිව්.ඒ.පී. අරෝෂ යන මහත්වරු සහිත ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

කප්පම් ගන්න පැහැරගත් ව්‍යාපාරිකයා

දයානන්ද Wednesday, 31 August 2016 07:57 AM

අනේ දැන් මේ අයට සතුටුද? දැන් මිනිසුන් මරණ ඒක විනෝදාංශයක් වෙලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1491 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 249 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 899 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 78 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 228 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38885 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site