IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කැබිතිගොල්ලෑව සිද්ධියෙන් කියන සමාජයේ යථාර්ථය

පටාචාරා කතාවස්තුව නූතන යුගයේ සිහිගන්වන සිද්ධියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑවෙන් වාර්තා වී තිබේ. එම තොරතුරු හෙළිකරන අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහන් කරන අන්දමට ලේකැටි බිලිඳකු ද ඇතුළුව කුඩා දරුවන් සිවුදෙනකු සිටින තරුණ මවකට තම ස්වාමියා පසුගියදා අහිමි විය. ඔහු හදිසි අනතුරක්  හේතුවෙන් මෙලොව හැර යද්දී මේ දරුවන් සිවුදෙනා සමඟ තනි වූ මවගේ නිවසේ විදුලිය ද ජලය ද කපා තිබිණි. බිල් නොගෙවීම හේතුවෙන් එම පහසුකම් ද අහිමි ය. තම සැමියාගේ අවසන් කටයුතු කර ගත්තේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව බව ද ඇය සඳහන් කරයි.

කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධම්මකිත්ති හිමියන් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් ද මේ මවගේ අසරණකම කොතරම් බරපතළ ද යන බව තවදුරටත් සනාථ කරයි. උන්වහන්සේ පවසා ඇත්තේ මොවුන් ප්‍රදේශයේ ඉතා අන්ත අසරණ පවුලක් බවත් මියගිය ස්වාමියා මේ දරු පවුලට හොඳින් සැලකූ අයකු බවත්ය. එසේම ලයිට් කපා වතුර කපා අවසානයට දරුවන්ට පියකු බිරිඳට ස්වාමිපුරුෂයකු අහිමි වී සිටින මේ පවුලට උදව් උපකාර කිරීම මහත් ආනිසංස ලැබෙන ක්‍රියාවක් බවද බුදු බණ මතක් කරමින් උන්වහන්සේ වදාළෝය. එය එසේම විය යුතු බවත් මේ දරු පවුලට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන අපගේ පාඨකයන්ට ඒ සඳහා සහායවීමට ලංකාදීපය සූදානම්වව සිටින බවත් දැනුම් දීමට කැමැත්තෙමු.

කටුමැටි ගෙයක ජීවත්වෙමින් සිටි මේ දරු පවුලට ගෙයක් සාදා ගැනීම සඳහා රජයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 06 ක මුදලින් ඉන්න හිටින්න හැකිවන සේ යන්තමින් ගෙයක් සාදා ගැනීමට ද මියගිය ස්වාමියා  මහන්සි වී කටයුතු කළ බව ද මේ ‘නූතන පටාචාරාව’ ප්‍රකාශ කර තිබිණි. වෙනත් බොහෝ පුද්ගලයන් මෙන් නොව මේ අසරණ පවුලේ ප්‍රධානියා ආදර්ශවත් අයුරින් ක්‍රියා කළ පුද්ගලයකු බව එම ක්‍රියාවෙන් පැහැදිලි වෙයි. අතට ලැබෙන හැම සතයම කසිප්පු බීමට වැයකර ඒ මතින් පැමිණ තම බිරියට සහ දරුවන්ට පහර දී අතේ පයේ හිරි ඇරගන්නා කාලකණ්ණි සැමියකු නොවී දරු පවුල කෙරේ සෙනෙහසින් ක්‍රියා කළ ආදර්ශවත් සැමියකු වූ ඔහුගේ දරුවන්ටත් බිරියටත් ජීවත්වීමට හැකි අයුරින් උදව් කිරීම මේ අවස්ථාවේ අප සියලු දෙනාටම කළ හැකි ඉහළම කාර්යය බව පෙන්වා දෙමු.

මෙම සිද්ධිය අපේ රටේ ආර්ථික අර්බුදයේ සැබෑ මුහුණුවර පෙන්වන එක් අවස්ථාවක් පමණක් බවද මෙහිදී සඳහන් කළ යුතුය. අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් සහ විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ අදුරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් දැරිය නොහැකි මට්ටමට නැංවූ විදුලි ගාස්තු ගෙවා ගැනීම මෙරට බොහෝමයක් ජනතාවට බරපතළ ගැටලුවක් ඇති කළ බව නොරහසකි. ආර්ථික අර්බුදය ඇතිකළේ රටේ ජනතාව නොවේ. විදුලිබල මණ්ඩලය අහිතකර තීරණ ගත්තේද ජනතාවගේ  කැමැත්ත අනුව නොවේ. එහෙත් මේ සිදුවීම්වලින් බැටකන්නේ මැති ඇමැතින් ඇතුළු දේශපාලනඥයන් හෝ විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් හෝ නොව රටේ පොදු මහජනතාවයි. කැබිතිගොල්ලෑවේ සිද්ධිය ඒ බව පෙන්වා දෙන එක් අවස්ථාවක් පමණි. ලයිට් කැපුණු, ජලය කැපුණු අසරණ පවුල් දහස් ගණනක් මේ රටේ සිටිති. ඔවුන් බොහෝ දෙනකුට තමන්ගේ දුක කියාගත හැක්කේ මෙවැනි ඛේදවාචකයකදීම පමණි. එය සමස්ත යථාර්ථයයි.

කැබිතිගොල්ලෑවේ දරු පවුලට හැකි සියලු දෙනා ආධාර කළ යුතු වුවද එය මේ සිද්ධිය මතුකර පෙන්වන සැබෑ ගැටලුවට නිසි විසඳුම නොවේ. තමන්ට යාමට ඒමට හොඳ වාහනයක් නැතැයි ප්‍රකාශ කරමින් කාර් පර්මිට් ඉල්ලන එසේම තම ගජ මිතුරන්ට බාර් ලයිසන් අරන් දෙන, තමන්ගේ රක්ෂාවරණය තම දරු පවුල්වලට ද අදාළ කරන්නැයි ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ද ලයිට් කැපූ වතුර කැපූ අසරණ දරු පවුල්  දහස් ගණනක් රටේ සිටින බව සැමවිටම සිහිපත් කළ යුතුය. බලය ලැබුණු පසු ජනතාවගේ ප්‍රශ්න සියල්ල අමතක කර තමන්ගේ බඩගෝස්තරය සොයා ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන මන්ත්‍රීවරුන්ගේ ඇස් ඇරවීමට ද කැබිතිගොල්ලෑව සිද්ධිය හේතුවනු ඇතැයි අපි සිතමු.

(***)



අදහස් (2)

කැබිතිගොල්ලෑව සිද්ධියෙන් කියන සමාජයේ යථාර්ථය

Weerasekara Thursday, 30 May 2024 11:59 AM

මෙවැනි දේවල් ගැන 1988-89 කාලයේ පවුල් අනාථ කර ඒවා අමතක වෙලා වගේ ඊළඟ ජනාධිපතිවරණය ජයගෙන ඔටුන්න පළඳින්නේ බලාගෙන සිටින පක්ෂයේ කිසිම කෙනෙක් කිසිදාක මෙවැනි දේවල් ගැන වචනයක් කියන්නේ නැහැ.. මොකද ඒවා තමයි ඔවුන් පැවැති රජයන්හි අඩුපාඩු ලෙසට පෙන්වන්නේ අපි දන්නා හැටියට නම් ඔවුන් කිසිවෙකුට එක රුපියලකින් ආධාරයක් කරපු බවක් අහලා නැහැ. ඒ සමග කියන්න තියෙන්නේ පක්ෂයේ නායකයා ඉන්න ප්‍රදේශයේම මෙහෙම දේවල් අහන්න ලැබීම තමයි. ඇත්තටම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී හෝ ඔහුට මේවා පෙන්වමින් අඩුපාඩු සකසන්න තිබුනේ නැද්ද? ඒ අතින් රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් තමන්ගේ පදිංචි දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවට ගොස් කොළඹ අයටත් සහන සලසන්න කටයුතු කළා කියලා පුවත්පත් වාර්තාවක් තිබුණා. වෙසක් අවසන් වෙලා පොසොන් පිංකම් වෙලාවේ සැදැහැවතුන් මේ දරුවන්ට උදව්වක් කරනවා නම් ලොකු පිංකමක් වෙනවා...

:       9       55

hesaMonday, 03 June 2024 11:40 AM

තමන්ගේ මල්ල පුරෝ ගන්නම දත කන වුනට රට ගැන කැක්කුමක් නැහැ එදා සිට මේ දක්වා කල මුග්ධ ක්‍රියා වලට සොබා දහමින් විපාකයනට පල දීම තවම නතර වී නැත කිසිදා එවුන්ගේ අරමුණ ඉටුකර ගන්න ලැබෙන්නේද නැත

:       3       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 663 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1137 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 148 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 395 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 565 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 930 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site