IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘‘කැමිලා පාකර් ආදිපාද වරියගේ පරිවාර කාන්තාව වෙන්නත් මට අවස්ථාව ලැබුණා’’

ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ලෙස මෙවර සම්මානයට ඇගයීමට පාත‍්‍රවී සිටින්නේ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරිනියකි. ඒ සහකාර පොලිස් අධිකාරි ඞීමතී ස්වර්ණතිලකා පෙරියප්පෙරුම මහත්මිය වන්නීය.

 

5
ලෝකයේ තිබෙන සියලූම පොලිස් ස්ථානවල රාජකාරී කරන පොලිස් නිලධාරිනියන්ගේ කාර්යක්ෂමකතාවය හා දක්ෂතාවයන් සලකා බලා ''International Recognition Scholarship'' නැමති මෙම සම්මානය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර කාන්තා පොලිස් සංවිධානය විසිනි.


ලෝකයේ ඉතා දියුණු රටවල තිබෙන පොලිස් ස්ථානවල රාජකාරි කරන පොලිස් කතුන් පවා අභිබවා අපේ මේ පුංචි රටේ පොලිස් කතකට මේ වාගේ ජාත්‍යන්තර සම්මානයක් ලැබීම පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව අපේ මව් බිමටද ලොකු ගෞරවයකි. ආඩම්බරයකි.


මෙම සම්මානය මෙතෙක් ශ්‍රී ලාංකික පොලිස් කාන්තාවක් විසින් දිනාගෙන නොමැති නිසා මෙය පොලිස් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙනවා ඇත.
විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ දස්කම් විස්කම් හා හපන්කම් පා අපේ මව්බිමට කීර්තියක් ගෞරවයක් ගෙනවිත් දුන් ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍රවූ අතලොස්සක් වූ ලලනාවන් අතර ඞීමතී ස්වරණතිලකා පෙරියප්පෙරුම මහත්මියටද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.


ලෝකයේම සිටින පොලිස් කතුන් අතරින් මුල් තැනට පැමිණීමට ලැබීම ඇත්තෙන්ම එය ලෙහෙසි පහසු සුළුකොට තැකිය හැකි ජයග‍්‍රහණයක් නම් නොවෙති.


අපේ පොලිස් සේවාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට ඇය සමත්ව සිටින්නීය. එමෙන්ම ජාත්‍යන්තරයේ අවධානයට අපේ පොලිස් සේවාව යොමු කිරීමට ද මේ හරහා ඇයට හැකියාව ලැබී ඇත.


ලෝකය ඉදිරියේ අපේ රටේ නම ඉහළින්ම බැබලවීමට ඇය සමත් වූවාය.


විනිෂියා මිරියම් සහ නෙල්සන් ක‍්‍රිස්ටෝපර් පෙරියප්පෙරුම යුවළට සිටි එකම දරුවා ඞීමතී වන්නීය.


මහරගම විද්‍යාකර මහා විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියේ අකුරුකරමින් සිටි ඞීමතී ඊට  පස්සේ අකුරු කිරීමට පැමිණියේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයටය.


දෙවැනි වසරේ සිට උසස් පෙළ ලියන තෙක්ම ඇය අකුරු කළේ සමුද්‍රදේවි විද්‍යාලයෙනි.


‘විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබූ මම ඒ කාලයේ ඉඳන්ම රඟපෑමට සහජ දක්ෂතා දැක්වූවා. ඉස්කෝලේ යන කාලයෙ අයිරාංගනී කළුතන්ත‍්‍රී ගුරුතුමියගේ දුටුගැමුණු හා කුස පබාවතී යන වේදිකා නාට්‍යවල රඟපෑවා. ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපා තිබෙනවා. රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටියා. කෝපි කඬේ ටෙලිනාට්‍ය මාලාවට රංගනයෙන් දායක වෙමින් සිටියදී තමා මම පොලිිසියට බැදුණේ. ඊට පස්සේ කලා කටයුතු වලට සමුදුන්නා. එත් මගේ ඇෙඟ් තවමත් සහජ කලා දක්ෂතා තිබෙනවා’ යැයි ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ඉරිදා ලංකාදීපය සහ සුහද පිළිසඳරකට එක්වෙමින් අප සමඟ පැවසුවාය.


උපසේන ගුණවර්ධනයන්ගෙන් චිත‍්‍රකලාව පුහුණු කළ ඞීමතී දක්‍ෂ චිත‍්‍රශිලිපිනියක්ද වන්නීය. චිත‍්‍ර තරගවලට ඉදිරිපත් වී ඇය සම්මාන ද ලබා සිටින්නීය.
‘මගේ අම්මටයි තාත්තටයි හිටිය එකම දරුවා මමයි. ඒ හින්දා මට පොලිසියට බැදෙන්න ආශාවක් තිබෙන බව කිව්වාම ඒ දෙන්නා තදින්ම විරුද්ධ වුණා. අම්මා තමයි ගොඩක්ම විරුද්ධ වුණේ.’ යැයි ඞීමතී මහත්මිය පවසද්දි මම ඇයගේ කතාවට බාධාකරමින් ඇසුවේ ‘පොලිසියට බැඳෙන්න ඔච්චර ආශා කළේ ඇයි ද?’ කියාය.


මම පවුලේ හිටිය එකම දරුවා. අම්මයි, තාත්තයි නැතුව ගියාට පස්සේ තනියම ජීවත් වෙන්න  ඕනෑ. ඒකට හොඳ ආත්ම ශක්තියක් තියෙන්න  ඕනැ කියන සිතිවිල්ල නිතරම මගේ හිත තුළ පැලපදියම් වී තිබුණා. ජීවිතයේදී ලැබෙන අභියෝගවලට මුහුණ දෙන්න  ඕනැ කියා නිතරම කල්පනා කළා. ඒ ආත්ම ශක්තිය ලබාගන්න පුළුවන් හොඳමතැන පොලිසිය කියා කල්පනා කරලා තමා මම පොලිස් සේවයට එක්වුණේ. මම පොලිසියට එක්වෙන්න තවත් හේතුවක් බලපෑවා. ඒ තමා අපේ අම්මාගේ මල්ලී කෙනෙක් වන ස්ටැන්ලි රණසිංහ. ඒ මගේ මාමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. දැන් විශ‍්‍රාම ලබා සිටිනවා. මාමා පොලිස් යුනිෆෝම් එකෙන් සැරසිලා ඉන්නවා දැකීමත් මගේ තරුණ සිත පොලිස් සේවය ගැන ලොකු ඇල්මක් ඇතිවීමට බලපෑවා.’ යැයි ඞීමතී මහත්මිය පවසන්නීය.


කලාකාමී සුන්දර යුවතියක් පොලිස් සේවයට එක්වුණේ එහෙමයි.


නව යොවුන් වියේ පසුවූ ඞීමතී පොලිස් සේවයට එක්වෙන්නේ උප පොලිස් පරීක්‍ෂකවරියක් ලෙසයි.


ඒ 1984 වසරේ නොවැම්බර් මස 6 වැනිදාය.


වසර තුනක සේවා කාලයකට පසු උප සේවා පොලිස් පරීක්‍ෂක තනතුරට උසස් වීමක් ලබා ඇය වසර 8ක පමණ කාලයකින් පසු පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කරනු ලැබුවාය.


පොලිස් අණපනත්වලට අනුව නිත්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමෙන් පසු ඇය නැවතත් නිත්‍ය සේවයේ උප පොලිස් පරීක්‍ෂකවරියක් ලෙස සේවය කරමින් පොලිස් පරීක්‍ෂක සහ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුරුවලට උසස් වීම් ලබා සහකාර පොලිස් අධිකාරිනියක් ලෙස උසස්වීම් ලැබුවේ 2008 වසරේදීය.
මම රහස් පොලිසියේ අවුරුදු 12ක්ම සේවයකර තිබෙනවා. ඊට පස්සේ ඇමති ආරක්ෂක අංශය, අගමැති ආරක්‍ෂක අංශය සහ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවය කර දැන් පොලිස් මූලස්ථානයේ රාජකාරී කරනවා යැයි ඞීමතී මහත්මිය පවසන්නීය.


ඇය ප‍්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවේද විශේෂ පුහුණුවීම් ලබා ඇත.


ඇමරිකාවේදී ප‍්‍රභූ ආරක්ෂාව පිළිබඳව 1992 වසරේදී විශේෂ පුහුණුවීම් ලබා ඇති ඞීමතී මෙරටට පැමිණ රාජ්‍ය නායකයන්ගේ ආර්යාවගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරිනිය  (පී.එස්.ඞී) ලෙස කටයුතු කර තියෙනවා.


සහකාර පොලිස් අධිකාරිනී ඞීමතී පෙරියප්පෙරුම මහත්මිය ඒ ගැන තොරතුරු හෙළිකරමින් මෙසේ කීවාය.


පසුගිය කාලයේ අපේ රටට ආපු ඉහළම පෙළේ රාජ්‍ය නායකයින් 10 දෙනෙකුගේ පමණ ආර්යාවන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරිනිය (පී.එස්.ඞී) විදිහට මේ වෙනකොට මම කටයුතු කර තිබෙනවා. චාල්ස් කුමාරයා 2013 වසරේ ලංකාවට ආවා. ඒ ආපු වෙලාවේ කැමිලා පාකර් ආදිපාදිවරියගේ පරිවාර කාන්තාව වීමට මට අවස්ථාව ලැබුණා. එය මගේ මේ රාජකාරී ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකීමට පුළුවනි.


කැමිලා පාකර් කියන්නේ බොහොම සුහදශීලී හරිම කරුණාවන්ත කාන්තාවක් බව කිව යුතුව තිබෙනවා. ඒ වගේම 2012 වසරේ විදේශීය කතානායකවරුන්ගේ විශේෂ සම්මේලනයක් මෙරටදී පැවැත්වුණා. මේ සම්මේලනයට සහභාගී වීමට පැමිණි ඉන්දීය ලෝක් සභාවේ සිටින කතානායකවරියව සිටි මීනා කුමාරි  ආර්යාවගේ පුද්ගලික ආරක්ෂක නිලධාරිනිය ලෙස කටයුතු කළේත් මමයි. රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන් ගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරිනිය හැටියට වැඩියෙන්ම සේවය කර ඇත්තේ මම විය යුතුයැයි කියා සිතනවා. එය මා ලැබූ ලොකු භාග්‍යයක් කොට සලකනවා.


ගැබිනි පොලිස් කාන්තාවන්ට විශේෂ නිල ඇඳුමක් පොලිස් කාන්තාවන්ට විශේෂ රාජකාරි කටයුතු වලදී අවශ්‍යතාවය මත සායට අමතරව දිගු කලිසමක් ඇඳීමට අවස්ථාව ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ මමයි. ඒ විතරක් නොවේ පොලිස් කාන්තාවන්ට කැමතිනම් අවුරුදු 20 සේවා කාලය සම්පූර්ණ වුණාට පස්සේ විශ‍්‍රාම යන අවස්ථාව සලසා දුන්නෙත් මමයි. මේ සේරම මගේ සංකල්ප. මම දැන් පොලිස් සේවයේ රාජකාරි කරන්න පටන් අරන් වසර 20ක් විතර වෙනවා. මම හිතෙනවා මට හැකි උපරීම අයුරින් සේවය කළා කියා. හරිම කැපවීමෙන් සේවයක් මා කරන්නේ. ඉදිරියටත් මගේ සේවය හැකි උපරීම අයුරින් අවංකව කරනවා යැයිද ඇය  පැවසුවේ පොලිස් රාජකාරියේ ඇති වගකීම් ගැන හොඳින් දැනගෙනය.


පොලිස් සේවා වනිතා ඒකකයේ ක‍්‍රියාකාරී සාමාජිකාවක් වන ඞීමතී මහත්මිය පොලිස් මූලස්ථානයේ උප ඒකකයේ භාණ්ඩාගාරික තනතුර දරනවා.
මේවාට අමතරව ඇය ජාත්‍යන්තර කාන්තා පොලිස් සංවිධානයේ සාමාජිකාවකි.


අසරණ කාන්තාවන් වෙනුවෙන් ද පිහිටවන ඇය සමාජසේවා කටයුතුවල නිරන්තරයෙන් නිරතව සිටින්නීය.


ලෝකයේ ඉන්නා හොඳම පොලිස් කාන්තාව ලෙස මෙවර ඔබ තේරිලා කියා දැනගත්තාම මොකද හිතුනේ කියා මම ඇය ගෙන් විමසුවෙමි.


මේ ඇය එයට දුන් පිළිතුරයි.
‘මට නිම්හිම් නැති සතුටක් ඇතිවුණා. ඒ සතුට කොහොමද කියා විස්තර කරන්න මට පුළුවන් කමක් නෑ. මම දෙවියන්ට ස්තූතිකරමින් ගේපුරාම සෑහෙන වේලාවක් ඇවිද්දා. මගේ අම්මයි තාත්තායි දෙන්නම මියගිහින්. මම ඒ දෙන්නා හිටිය කාමර වලට ගිහින් අම්මාගෙයි තාත්තාගෙයි පිංතූරවලට වැන්දා.

අම්මයි, තාත්තයි දැන් හිටියානම් කොච්චර සතුටුවෙයිද? ඒ ගොල්ලන්ගේ එකම දරුවා ලෝකයේ හොඳම පොලිස් කාන්තාව හැටියට තේරුණු එක ගැන.


සහකාර පොලිස් අධිකාරිනී ඞීමතී පෙරියප්පෙරුම මහත්මි විවාහ වී සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෆීස් මාරියෝ මහතා සමඟය.


ඔවුන් දෙපොළට ඩිමාෂ මාරියෝ නමින් පුතෙක් සිටින අතර ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.


ලෝකයේ හොඳම පොලිස් කාන්තාව පදිංචිව සිටින්නේ මහරගමය.


කොපමණ කාර්ය බහුල ජීවිතයක් ගත කළත් ගෙදර හැම වැඩක්ම කරන්නේ මමයි. මහත්තයයි පුතයි දෙන්නම කන්න කැමති මගේ අතින් උයන කෑමයි.

මමයි මහත්තයයි කොච්චර කාර්යබහුල ජීවිතයක් ගතකළත් පුතත් එක්ක බොහොම සතුටින් සමාදානයෙන් කාලය ගත කරනවා. ලෝකයේ හොඳම පොලිස් නිලධාරිනිය හැටියට එන්න ලැබුණේ මගේ මහත්තයයි, පුතාගෙනුයි ලැබුණු සහයෝගය නිසයිි. ඒ බව මා විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.


අවසාන වශයෙන් කියන්න ඇත්තේ කුමක්දැයි කියා සහකාර පොලිස් අධිකාරිනි ඞීමතී මහත්මියගෙන්  පිළිසඳර නිමා කිරීමට මත්තෙන් මා විමසා සිටියා.
අපි කිසිම කෙනෙකුට වෛර කරන්න ක්‍රෝධ කරන්න ඉරිසියා කරන්න හොඳ නෑ. මේවා පිරිහීමේ ලක්‍ෂණ. සමාජයක් ලස්සන වෙන්නේ ආදරය කරුණාව මෛත‍්‍රියෙන්. හැකි සෑම විටකම නැතිබැරි අයට පිහිට විය යුතුයි. උපකාර කළ යුතුයි.


ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ලෙස අභිෂේක ලැබූ ඞීමතී මහත්මිය ඒ සම්මානය ලබා ගැනීමට ළඟදීම එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.
එංගලන්තයට ගොස් ඇය රැගෙන එන සම්මානය රටක් වටින්නේය. එය අපේ මව්බිමට ආඩම්බරයක් ගෙන දෙන සම්මානයක් නිසාය.


(පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුදකරන්නෙමු.)

m



අදහස් (0)

‘‘කැමිලා පාකර් ආදිපාද වරියගේ පරිවාර කාන්තාව වෙන්නත් මට අවස්ථාව ලැබුණා’’

ඩේවිඩ් Tuesday, 11 August 2015 11:05 PM

මැතිනියනි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සහීඩ් කටාර් Tuesday, 11 August 2015 12:03 PM

අාඩම්බරයි, ඒවගේම ලංකාවට සහ පොලීසියට හොඳ නමක් අරන් දී තිබෙනවා !!! (ම)

:       0       0

රූපවතී Thursday, 13 August 2015 04:32 PM

ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට ඇත්තටම මට ආඩම්බරයි..! අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. වෛර, අනුන් හෙළාදැකීම ඇත්තටම පිරිහීමේ ලකුණු බව සත්‍යයකි.අපිට හැකි පමණින් අපි ලදදෙයින් නැති බැරි කෙනෙකුට උදව් කළයුතුයි.එවිට ඒ හා දස ගුණයක් සම්පත් අපිට දෙවියන් විසින් ලබාදෙනවාය යන්න මා දුටු සත්‍ය ඇත්දැකීමකි..!! ඔබට සුභ අනාගතයක්, දළදා හිමි සරණයි..!!! (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 11 August 2015 12:41 PM

මෙවන් කාන්තාවන් රටට වාසනාවන්! (නි)

:       0       0

පුබුදු Tuesday, 11 August 2015 12:55 PM

අපෙන් ඔබට ප්‍රණාමය. කටාර් මිතුරෝ. (නදී)

:       0       0

කාන්ති Thursday, 13 August 2015 05:42 AM

අාඩම්බරයි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ත්‍යාගරාජා Thursday, 13 August 2015 05:53 AM

ඔබට සුභ පැතුම් මැතිනියනි.ඔබ අප රටට ආඩම්බරයක්. (නි)

:       0       0

නිමල් Thursday, 13 August 2015 11:12 AM

ඔබ වැනි දිරිය කතුන් අගය කරනවා සුබ පැතුම් (ම)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 11 August 2015 02:24 PM

ඔබට සුබ පැතුම්! නිහතමානීව ආඩම්බර වියහැකි බොහොමයක් දෑ ඔබට තිබෙන වගයි අපිට නම් තේරෙන්නේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 13 August 2015 06:49 AM

විශිෂ්ටයි! (නි)

:       0       0

සමන්තිකා පෙරේරා Wednesday, 12 August 2015 12:21 PM

ඔබතුමිය අපේ රටට ලොකු ගෞරවයක් අත්කර දුන්නා. ඔබගේ ඉදිරි අනාගතයත් සාර්ථක වේවා! සුභ පැතුම්! (නදී)

:       0       0

රොෂාන් Tuesday, 11 August 2015 10:53 AM

ආඩම්බරයි ඔබතුමී ගැන දීර්ඝායුෂ ලැබේවා (ම)

:       0       0

ධම්ම Tuesday, 11 August 2015 10:56 AM

ඔබේ ජයග්‍රණය ගැන අපද සතුටුවෙමු! කැමිලා පාකර් ගැන අපේ කිසිම පැහැදීමක් නැත.(ම)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 01:22 PM

ඔබට සුබ පැතුම්! (බ)

:       0       0

අතුල Thursday, 13 August 2015 03:55 AM

සුබ පැතුම් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 481 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 56 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 83 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 303 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 210 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 103 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site