‘අද දිනුම් මල්ල කෝටි හතරයි.. අද දිනුම් මල්ල කෝටි හතරයි..‘ කියමින් කොළඹ කොටුවේ ලොතරැයි අලෙවිකරුවකු ස්වීප් ටිකට් විකිණීමට වෙහෙසෙද්දී ඒ අසලින් ගිය පුද්ගලයකු ‘කෝටි හතර නෙමෙයි කෝටි 100 කිව්වත් රුපියල් 30ට ටිකට් ගන්නවද?‘ කියමින් ලොතරැයි ඇතිරූ ලෑල්ල මතට එබිකම් කළේය.
එම කතා බහ ඇති වූයේ රුපියල් 20කට තිබූ ලොතරැයියේ මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීරණය යළි ආපස්සට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කිරීමෙන් දින කිහිපයකට පසුය.
ලොතරැයි යනු සූදුවක් බව පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්රී ලංකාවේ ලොතරැයි මුද්‍රණය කරන ආයතන දෙකකි. එකක් ජාතික ලොතරැයි මණ්ඩලයයි. අනෙක සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. ලාකාවේ ආණ්ඩුවෙන් ලොතරැයියක් මුද්‍රණය කිරීමේ ඉතිහාසය 1949 දක්වා ඈතට දිවයන්නකි.
1949 වසරේ ලංකාවේ පාළාත් පාලන හා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ලොතරැයියක් ඇරඹිය යුතු යැයි බණ්ඩාරනායක මහතා අදහසක් ගෙන ආවේය. එම අදහස 1955 වසරේ දී මල් පළ ගැන්වුණේ එවකට සෞඛ්‍ය ඇමැති ඊ ඒ නුගවෙල මහතාගේ යෝජනාවකිනි. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා වූයේ ද නුගවෙල මහතාය. ඔහු 1954 දී සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් විය.
1955 අංක 04 දරණ ආරෝග්‍ය ශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් පසු ‘ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා ලොතරැයිය‘ බිහි විය. එවකට එහි මිල ශත 50ක් විය. 1955 සැප්තැම්බර් 15 වැනි දා එහි පළමු දිනුම් ඇදීම පැවැත්වුණේ කොළඹ දී ය. . ලොතරැයියේ පළමු ජයග්‍රාහකයා වූයේ කිරිඅප්පු නයිදේ මහතාය. ඔහු එහි ජයමල්ල හිමි කර ගත්තේ ශ්‍රී ලංකාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් ජය ලැබූ පළමු වැනියා වෙමිනි. 1936 ඔක්තෝබර 20 වැනි දා ගලිගමුවේ උපන් කිරිඅප්පු නයිදේ මහතා ශත 50ක් දී ආරෝග්‍ය ශාලා ලොතරැයිය මිලදී ගෙන තිබුණේ තේ කඩයකදීය. ලොතරැයියේ පළමු ජයග්‍රාහකයා ලෙස ඔහුට හිමි වූ ජය මල්ල රුපියල් 97,343.50කි.
ආරෝග්‍ය ශාලා තුන් වැනි ලොතරැයියේ දෙවැනි දිනුම හිමි වී තිබුණේ මාවනැල්ල මහවත්තේ පුද්ගලයකුටය. වැඩි කාලයක් යන්නට මත්තෙන් එය ජනප්‍රිය වූ අතර අලෙවිය දිනෙන් දින වැඩි වන්නට විය.
1963 අංක 11 දරණ මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය පිහිටුවනු ලැබුවේ ඉන් අනතුරුවය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රථම සභාපති වරයා වූයේ සිවිල් පරිපාලකයකු වූ සර් රිචඩ් අලුවිහාරේ මහතාය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ආරම්භ කළ මුල්ම ලොතරැයිය දිනුම් ඇද්දේ 1964 පෙබරවාරි 20 වැනි දා නිදහස් චතුරස්ත්‍රයේදීය. 1965 ජාතික ලොතරැයියේ 46 වැනි දිනුම් වාරයේ දී පළමු ත්‍යාගය ලෙස රුපියල් ලක්ෂයක් වටිනා බෙන්ස් කාරයක් පිරිනැමිණි. 1968 දී ජාතික සම්පත නමින් ලොතරැයියක් හඳුන්වා දෙනු ලැබූ අතර 1970 ජූලි මාසයේ දී එය මහජන සම්පත නමින් වෙනස් විය.
කිරිඅප්පු නයිදේ මහතා |
දශක දෙකකට වැඩි කාලයක් සත 50ට තිබූ ලොතරැයියේ මිල පළමු වරට ඉහළ දැමුණේ 1977 වසරේ දී ය. ශත 50කින් මිල ඉහළ දැමූ ලොතරැයියක නව මිල රුපියලක් විය. 1988 දී මහජන සම්පතේ මිල රුපියල් අට දක්වා ඉහළ දැමිණි.1989 දී මහජන සම්පතක මිල රුපියල් 10 දක්වා වැඩි විය.
රජයට අරමුදල් එක් රැස් කිරීමට පූර්ණ සහය ලබා දීමේ අරමුණින් 1983 ජනවාරි නව වැනි දා සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථාන නමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ කරන ලදී. 1993 වසරේ දී එය ‘සංවර්ධන ලොතරැයි භාරය‘ ලෙස වෙනස් වුණු අතර 1997 අගෝස්තු 12 වැනි දා 1997 අංක 20 දරණ සංවර්ධන ලොතරැයි පනත මගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලෙස වෙනස් විය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ප්‍රථම ලොතරැයිය හඳුන්වා දුන්නේ 1983 වසරේ දීය. සුප්‍රසිද්ධ ශනිදා වාසනා ටිකට් පත වෙළෙඳ පොළට නිකුත් කළේ 1987 වසරේය. රූපවාහිනී ලොතරැයි දිනුම් ඇදීම හඳුන්වා දුන් ප්‍රථම ලොතරැයි සංවිධාය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.
අප කොළඹ කොටුවට යන විට දහවල් 11 පමණ වී තිබුණු අතර ඒ වන විටත් ලොතරැයි කූඩු රැසක් වසා දමා තිබිණි. විවෘතව පැවැතියේ කිහිපයක් පමණි. අලුතින්ම දැමූ ලොතරැයි කූඩු යැයි සිතිය හැකි කුඩු කිහිපයක් ද විවෘතව පැවැතිණි.
පිට කොටුවේ ලොතරැයි අලෙවි නියෝජිතයකු වන එච් ඩබ්ලිව් ප්‍රේමදාස මහතා කීවේ 1983 වසරේ සිට ලොතරැයි විකුණන තමා මේ දින වල දැඩි අසීරුතාවයකින් ජීවත් වන බවයි. ලොතරැයි මිල වැඩි කීරීමෙන් පසු අලෙවිය සියයට 50කින් පමණ අඩු වූ බවත්, මේ නිසා බොහෝ ලොතරැයි කූඩු වසා දමා ඇති බවත්, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අලුතෙන් කූඩු කිහිපයක් විවෘත කර අලුතෙන් අලෙවි නියේාජිතයන් පත් කර ඇති බවත් ඔහු කීවේය.
ඔහු මෙන්ම පිටකොටුවේ ලොතරැයි අලෙවිකරුවන් රැසක් මැසිවිලි නැගුවේ රුපියල් 30ට ටිකට් පත් රැසක් මුද්‍රණය කර ඇති නිසා තවමත් විකුණන්නේ රුපියල් එම මුදලටම බවයි. අප ලොතරැයි කූඩු අසල සිටින විටද කිහිප දෙනකු පැමිණ ‘තවම රුපියල් 30යිද? ඇයි අඩු කරනවා කිව්වා නේද?‘ යැයි කියමින් ආපසු රැහී ගියහ.
පිටකොටුවේ ලොතරැයි අලෙවිකරුවන් කිහිප දෙනකුගේ අදහස් පහත වීඩියෝවෙන්
ලොතරැයි මිලදී ගන්නන් කිහිප දෙනකුගේ අදහස් පහත වීඩියෝවෙන්ලොතරැයි අලෙවි නියෝජිතයන් එලෙස කියද්දී ලොතරැයි මිලදි ගැනීමට ආ කිහිප දෙනක් කීවේ මීට පෙර දවසට ටිකට් හතරක් පහක් මිලදී ගත් තමන් දැන් මිලදී ගන්නේ එක ලොතරැයියක් පමණක් බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ වන විට ලොතරැයි දිනුම් ඇදීම් රැසක් ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකාවේ ලොතරැයි ඉතිහාසයේ රුපියල් 20කට ටිකට්පතකට හිමි වූ විශාලතම ජයමල්ල වන රුපියල් කෝටි 13ක මුදල පසුගිය වසරේ පිරිනැමුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොවිසෙත ලොතරැයියේ දිනුම් ඇදීමකිනි. එහි ජයග්‍රාහකයා වූයේ කීර්ති කුමාර මහතාය.
ජාතික ලොතරැයි මණ්ඩලය මහජන සම්පත, ගොවිසෙත, සුපිරි වාසනා, වාසනා සම්පත, එයාර්පෝර්ට් සුපර් ඩ්‍රෝ, ජාතික සම්පත, නිරෝගා ආදී ලොතරැයි පත් කිහිපයක් දිනුම් අදින අතර මේ ගැන වැඩි විස්තර ලබා දීම ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි තොරතුරු ලබා දෙන්නේ අලෙවි කළමනාකාර අංශයෙන් වන අතර ‘මේ වෙලාවේ වැඩි විස්තර දෙන්න බෑ. වෙන වෙලාවක නම් දෙනවා. මාධ්‍යවල බොරුත් දාලා තියෙනවා. අපේ චෙයාර්මන් හම්බෙන්න.‘ යැයි කියමින් එහි උසස්ම නිලධාරියෙක් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය අප යන අවස්ථාවේ ඇගේ කාමරයේ නොසිටියාය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශනිදා වාසනා, ජයෝදා, ගැලැක්සි ස්ටාර්, නියත ජය, ලග්න වාසනාව, සුපර් බෝල්, සංවර්ධන ලක්ෂපති, කොටිපති ශනිදා, සංවර්ධන වානසාව ආදී ලොතරැයි කිහිපයක් මුද්‍රණය කරයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශනිදා වාසනාවේ හා සුබර් බෝල් ලොතරැයිය ජය මල්ල ඇරැඹෙන්නේ කෝටි හතරෙනි. එම බණ්ඩලයේ ලොතරැයි අතුරෙන් වැඩිපුරම අලෙවි වන ලොතරැයි වනුයේ ලග්න වාසවා, ශනිදා වාසනාව සහ කෝටිපති ශනිදා ලොතරැයියයි. ඊට හේතුව එම ලොතරැයි සදහා මැදපෙළ සහ පසුපෙළ තෑගි වැඩියෙන් පිරිනැමීම විය හැකි බව එහි උසස් නිලධාරියෙක් කීවේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතියකට රුපියල් මිලියන 200ක පමණ ලොතරැයි ටිකට් පත් අලෙවි කරයි. නමුත් මේ දිනවල එම මුදල සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි. එනම් ලොතරැයි අලෙවිය 25%කින් පමණ පහත වැටී ඇතැයි කියති.
පිටකොටුවේ වසා ඇති ලොතරැයි කූඩුවක්
වෙනදාට වඩා අඩුවෙන් විකිණෙන ලොතරැයි කූඩුවක්
ජාතික ලොතරැයි මණ්ඩලය ඉදිරිපිට කුටිය. (අප යන විටත් අලෙවි වී තිබුණේ ටිකට් කිහිපයක් පමණි)
වෙනදාට වඩා අඩුවෙන් විකිණෙන ලොතරැයි කූඩුවක්
අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා
මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිරිඅප්පු නයිදේගේ සත 50 ගමන