පල ඇති රුක හැමදාම ගල් පහරට ලක්වෙන බව ප්‍රකට කියමනකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවත් එවැනි ම පල ඇති මහා රුකකි. එබැවින් වදින ගල් පහරවල ඉවරයක් නැත. මේ නිසා ජයග්‍රහණයේ දී පූජාසනයට නංවා ඉහළ ම සත්කාර පුද කරන අතර වරදක් දුටු තැන දී කෙවිට අතට ගෙන දිගට හරහට ක්‍රිකට් මුවහමට රිදෙන්න බැට දෙති. මෙලෙස බැට දෙන පිරිස අතරේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගෙන සිටින පවුල් කිහිපයක් මෙන් ම දේශපාලන පොර පිටියේ දී තමන්ට ලකුණු දමා ගැනීමට දඟලන දේශපාලනඥයෝ ද සිටිති.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ 1996 ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව විසින් හිමිකරගනු ලැබීම ය. එතෙක් රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙසට හැරී තිබූ අවධානය ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු වුණේ එතැන් සිට ය. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මතභේදවල ආරම්භය ද විය.
මේ මතභේද කොතරම් බරපතළ තත්ත්වයකට පත්වී ද යත් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ මාර්ග සිතියම හැදූ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය හෙබ වූ මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ආනා පුංචිහේවා මහතාට පවා එම ධුරය දැරීමේ අවස්ථාව අහිමි කරනු ලැබීය.
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් යනුවෙන් වෙනස් වී ලෝකයේ එවකට වර්ධනය වෙමින් තිබූ නව ප්‍රවණතා හා සම්බන්ධ වෙමින් ඉදිරි ගමනකට මුල පිරූ නමුත් එහි ප්‍රධාන තනතුරු පවුල් කිහිපයක් අතට පත්වීම මහත් ව්‍යසනයකට හේතු වූ බව පෙන්වා දිය යුතු ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකීමට වඩා තම තමන්ගේ බඩගෝස්තරය සොයා ගැනීමේත් තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රීඩකයන් හැසිරවීමේත් වුවමනාව විසින් මෙහෙයවනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉන්පසුව දිගින් දිගට ම බරපතළ වංචා සහ දූෂණ චෝදනා එල්ල විය. මේ හේතුවෙන් ආණ්ඩුවලට වරින්වර අතුරු කමිටු පත් කිරීමට පවා සිදුවිය.
ඒ ආකාරයට නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත වළල්ලකින් වැසී යාම වැළැක්විය නොහැක. එනමුත් කරුමය වී තිබෙන්නේ එයින් පත් වූ නිලධාරීන් දූෂිත බවට චෝදනා නගා එම තනතුරු ලබා ගැනීමට උත්සාහ දරන ඇතැම් පිරිස් ද ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙය වීමේ දී විවිධ අවස්ථාවල දූෂණ චෝදනාවලට ලක්වූවන් වීම ය.
සියලු දෙනා දූෂිතයන් යැයි අපි නොකියමු. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී තිබෙන සුවිශාල ඩොලර් මල්ලට මළ පෙරේතයන් සේ කෙළ හලන පිරිසකට ක්‍රිකට් ආයතනය යහපත් අන්දමින් පාලනය කළ නොහැකි බව අපි තරයේ ම විශ්වාස කරමු. දැනට ක්‍රිකට් ක්‍රීඩාව වසාගෙන තිබෙන දූෂණයේ කඩතුරාව ඉවත් කිරීමට තරම් පිට කොන්දක් ඇති පිරිසක් අතට ක්‍රිකට් ආයතනයේ පාලනය නොගියහොත් සිදුවනු ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තාක් වැනි වෙනසක් පමණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පසුගියදා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදයට හේතු වූයේ ඉහත සඳහන් කාරණාවල කූඨ ප්‍රාප්තියක් වශයෙනි. පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන ගණන් නිරපරාදේ වියදම් කළ බවට නැගුණු බරපතළ චෝදනා හේතුවෙන් මේ විවාදය පැවැත්වීමට සිදුවිය.
අදාළ තරගාවලියේ විය හියදම් පිළිබඳව සිදුකෙරුණු විගණන වාර්තාවේ සඳහන් සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් සිදුකෙරුණු මෙම විවාදයේ දී ක්‍රිකට් ආයතනය තුළ සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් වී තිබිණි. මේ පිළිබඳ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමැතින්ගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යුහය තුළ සාධනීය වෙනස්කම් ඇති කිරීමකින් තොරව ඉදිරි ගමනක් නැත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමන් පියවර ගෙන ඇති බව ය. කුමන ව්‍යවස්ථාවක් ඉදිරිපත් වුණත් නිලධාරීන් පත් කිරීම සඳහා වන ක්‍රමවේදය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරමින් නිලධාරීන් තෝරා ගැනීම සඳහා දැනට යොදාගන්නා ක්‍රීඩා සමාජ ඡන්ද 147 හැකි තරම් අඩු නොකරන්නේ නම් එයින් පලක් නොවනු ඇති බව කල්තබා ම පෙන්වා දිය යුතු ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්‍රිකට් ගැන මැතිසභා විවාදයේදී මතු වූ විවේචන