IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කොරෝනා අවදානම අමතක නොකරමු

දෙසැම්බර් මාසයේ උදාව අපට සිහිගන්වන්නේ තවත් නත්තලක් අත ළඟ බවය. නත්තලෙන් පසු උදාවන නව වසරද අපේ රටේ බොහෝ දෙනා උත්සවශ්‍රීයෙන් සමරති. මේ ඒ සඳහා සූදානම් වන කාලයයි. සාප්පු සවාරි සේම නත්තල් වෙළෙඳ පොළවලින් තමන්ට අවශ්‍ය දෑ ගැනීමට බොහෝ දෙනෙක් යුහුසුළු වෙති. ආගමික කටයුතු සේම උත්සව ප්‍රියසම්භාෂණ ආදියත් වැඩිපුර සංවිධානය වෙන කාල සමයකි. මෙවර අපට නත්තල සේම නව අවුරුදු උදාවද සැමරීමට සිදුවී තිබෙන්නේ කොවිඩ් වසංගතයත් සමගය. 

ජනතාව ඒකරාශිවීම් වැඩි වන තරමට කොවිඩ් පැතිරීමේ ශීඝ්‍රතාවත් වැඩිය. ජනාකීර්ණ වීමත් සමග පුද්ගලයන් දෙදෙනකු අතර තබා ගත යුතු පරතරය මීටරයකටත් වඩා බොහෝ අඩු විය හැකිය. එසේම කල්යත්ම ඇතැම් දෙනා කොවිඩ් සම්බන්ධව දක්වන සැලකිලිමත් භාවයද අඩු වී යයි. ඒ අනුව නිරායාසයෙන්ම ජනතාවගේ ඒකරාශිවීම් දිනෙන් දින ඉහළ යාම තුළ  වයිරස ව්‍යාප්තියද දැඩි වේ. 

සංවෘත අවකාශයක එනම් මනාව වාතාශ්‍රය සංසරණය නොවන ස්ථානවල වයිරස පැතිරීමේ හැකියාව වේගවත් බවට මේ වනවිට ඔබ දැනුම්වත්ව  ඇත.  එබැවින් මෙවන් ඒකරාශිවීම්වලදී වයිරස ව්‍යාප්තිය වැඩිවුව හොත් අත්විඳීමට සිදුවන අනිසි පල කෙටි කලකින්ම ලැබෙනු ඇත.

පසුගිය සිංහල අවුරුදු සමයේදී කොවිඩ් ව්‍යාප්තිය නොසලකා කටයුතු කිරීමේ විපාක අපි පෞද්ගලිකවත් පවුලක් ලෙසත් රටක් වශයෙනුත් අත්වින්දෙමු. සෞඛ්‍ය ධාරිතාවද ඉහළ ගොස් අවසන රට හුදෙකලා කෙරිණි. දිනෙන් දින රටේ ආර්ථිකය පහළ බැසීම මෙන්ම පාසල් වැසීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා මතුවිණි. 

කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය

පුරා වසර දෙකක කාලයක් පුරා මෙම ගෝලීය වසංගත තත්ත්වයට අපි සියලු‍ම දෙනා මුහුණ දී සිටිමු. දියුණු වෙමින් පවතින රටක් ලෙස ලංකාව මෙම අභියෝගයේදී යම් සාධනීය මට්ටමකින් මෙතෙක් මුහුණ දී ඇති බව පෙනේ. මේ වනවිට ලක්ෂ පහමාරකට වඩා රෝගයට ගොදුරුව ඇති අතර දාහතරදාහකට වඩා ජනතාව මියගොස් ඇත. මරණ ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක්ම අවුරුදු හැටට වැඩි අයයි. 

අපේ රටේ ජනගහනයෙන් සියයට හැත්තෑපහකට වඩා මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇත. දෙවැනි මාත්‍රාව සියයට හැටපහකට වඩා පිරිසක් ලබා සිටිති. අධි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව මේ වනවිට ලබා දෙමින් පවතින අතර එය ලබා ගැනීම උදෙසා ජනතාව උනන්දු කරවීම කළ යුතු වේ. වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ලංකාව එන්නත් ආවරණය අතින් හොඳ මට්ටමක පවතී. 

ගෝලීය වසංගතයට තුඩු දුන් කොරෝනා වයිරසය විවිධ ප්‍රභේද ඇති කරමින් තම පැවැත්ම තහවුරු කර ගනිමින් පසුවේ. ඒ අතුරින් ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර අලු‍ත් ප්‍රභේදය වන ඔමික්‍රෝන් ගැන මේ වනවිටත් කරුණු අධ්‍යයනය කරමින් සිටී. මෙහි ව්‍යාප්තිය, සංකූලතා ගැන තවම නිශ්චිත යමක් පැවසීමට අපහසු අතර සියලු‍ම දෙනා සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. 

මෙම  ගෝලීය වසංගතය අවසන් වන දිනය ගැන තවම අපට පුරෝකථන කළ නොහැකි අතර සම්පූර්ණයෙන්ම තත්ත්වය පහව යන තුරු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සාමාන්‍ය ජීවිතය ගත කළ යුතු වේ. 

පාසල් විවෘත කෙරුණත් දරුවන්ගේ පැමිණීම අඩුයි

රැකියා සේම පාසල්ද පසුගියදා විවෘත විණි. දිනකට පැමිණිය යුතු පිරිස අඩක් ලෙස නියම කොට ඇතත්  දිනකට පැමිණෙන ප්‍රමාණයේ අඩුවක්ද වාර්තා වේ. පාසල් දරුවන්ට රෝගය වැළඳේය යන අනිසි බිය, බොහොමයක් දෙනා තවමත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම, ප්‍රවාහන සේවයේ ඇති ගැටලු‍, පාසල් සිසුන් වැඩි දෙනෙක් තවමත් එන්නත ලබා ගෙන නොතිබීම හා ඔමික්‍රෝන් ප්‍රභේදය මතු වීම යන කරුණු කාරණා ඊට හේතු විය හැකිය. කොවිඩ් ගැන අනිසි බිය වෙනුවට සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීමට දරුවා හුරු කිරීමෙන් මෙම තත්ත්වය වළක්වා ගත හැකිය.

වෙළෙඳසැලකදී පාරිභෝගිකයන් ආරක්ෂා විය යුත්තේ කෙසේද?

මෙම උත්සව සමයේදී සාප්පු සවාරි යාම බොහෝ දෙනාගේම පුරුද්දකි. ඔමික්‍රෝන් වැනි නව වයිරස ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් උත්සව සමයේදී ඔබට අවශ්‍ය භාණ්ඩ නව තාක්ෂණය හා අන්තර්ජාල සේවා හරහා ලබා ගැනීමට කටයුතු කළ හැකිය. එය ඔබට නිවසේ සිටම පහසුවෙන් කළ හැකිවේ. එසේම සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථාන මඟ හැරීම, සෙනඟ වැඩිපුර ඒකරාශී වන වෙලාව පසු කිරීම, නිවැරැදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඔබට අනුගමනය කළ හැකිය. එසේම ඔබ මෙම කාලසීමාවේදී කුඩා දරුවන්ව සහ වයෝවෘද්ධ පුද්ගලයන් අනවශ්‍ය ගමන් බිමන් රැගෙන යාමෙන් වළකින්න. 

ඉඩකඩ අඩු පරිසරයකට වඩා හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක වුවද ඔබ රැඳෙන කාලය සීමා කරන්න. මුදල් භාවිතයේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ හැකිය. 

වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව උදෙසා නිවැරැදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අවශ්‍ය පහසුකම් සහ වටපිටාව සැකසීම වෙළෙඳසල් හිමියන්ගේ යුතුකමක් සේම වගකීමක්ද වේ. එසේම තම සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද සැලකිලිමත්වීම අවශ්‍ය කෙරේ. යම් සේවකයකු ස්වසන ආබාධයකින් පෙළේ නම් සේවයට වාර්තා කිරීමෙන් වැළකිය යුතුය. මන්ද වගකීම් විරහිත සුළු හෝ අත් වැරදීමක් බොහෝ දෙනකු අතරට රෝගය පැතිරීම හේතු විය හැකි බැවිනි. 

නව වසරේ කොවිඩ් අභියෝගය

තව දින කිහිපයකින් 2022 නව වසර එළැඹේ. නව වසරේදීත් අප සාමාන්‍යකරණය විය යුත්තේ කොවිඩ් අභියෝගයත් සමගයි. අප දැනටමත් කොවිඩ් ගැන දැනුම්වත්ව ඇත. කාලයත් සමග නව ප්‍රභේද ගොඩ නැගීම ගැන අපේ දැනුමද යාවත්කාලීන කර ගත යුතුව ඇත. කොවිඩ් ගැන දැනුම්වත් වීම සේම එහි අවදානම අඩු කර ගනු වස් සෞඛ්‍ය පුරුදුවලට දිගටම අනුගත වූ ජීවන රටාව නව වසරේදීත් එයාකාරයෙන්ම පවත්වා ගත යුතුය. මෙය පුද්ගල වගකීමක්ද වේ. එසේම නොපමාව එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමටද අප මතක තබා ගත යුතුය.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් අපට යම් සාධනීය භාවයක් අත්කර ගැනීමට සියලු‍ම දෙනාගේ කැපවීම මෙතෙක් හේතුවුණා සේ මෙම ගෝලීය වසංගතය ලොවින්ම තුරන් වනතුරුම වගකීමෙන් දිවි ගෙවමු. කැප වෙමු. ජය ගනිමු.

සටහන - මාධවී ධර්මරත්න

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය  ​විශේෂඥ අසන්ති බලපිටිය



අදහස් (0)

කොරෝනා අවදානම අමතක නොකරමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 450 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 151 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 436 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1077 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1558 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 554 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 755 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2123 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site