IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා එන්නත ගැබිනි මවට සුදුසුද?

ගැබිනි මවුවරුන්ට එන්නත්කරණය අනුමත කර ඇත.  එහෙත් එන්නත ලබා ගන්නවාද නැද්ද යන්න ඔබගේ තීරණයකි.  මෙහිදී එන්නත ලබා ගැනීමට පෙර තීරණ දෙකක් ඔබට ඇත.

• දැනට ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා (corona) එන්නත ලබා ගැනීම.
 • එසේ නැතිනම් තවත් විද්‍යාත්මක තොරතුරු ලැබෙනතුරු කල් ගැනීම.

කොරෝනා එන්නත ලබා ගැනීම නිසා ඔබට ලැබෙන වාසි මොනවාද ?
ගර්භණී අවධියේ දී කොරෝනා රෝගය මාරාන්තික වීමට පුළුවන. දැනට ලැබී ඇති තොරතුරු අනුව ගැබිනි කාන්තාවන් වැඩිපුර මෙම රෝගය නිසා දරුණු තත්ත්වයට පත්වන බව සොයාගෙන ඇත.  විශේෂයෙන්ම ගැබිනි අවධියේ අන්තිම කාලයේදී මෙම තත්ත්වය ඉතා දරුණු වෙයි.  එමෙන්ම මළ දරු උපත් සහ නොමේරූ දරු උපත් ඇතිවීම සාමාන්‍ය  ගැබිනියකට වඩා දෙගුණයකින් වැඩි ය. ඊට අමතරව ගැබිනි මවකට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ පපුවේ හතිය වැනි රෝග ඇති නම් තත්ත්වය තවත් භයානක වේ.

කොරොනා එන්නත කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඔබව කොරෝනාවෙන් ආරක්ෂා කරයි. කොරෝනා එන්නත මගින් ඔබට කොරෝනා රෝගය ඇති නොවේ. කොරෝනා එන්නත තුළ කොරෝනා වයිරසය නැත. එමෙන්ම එම එන්නත තුළ ඔබට හෝ ඔබගේ කුස තුළ සිටින දරුවාට හානිදායක කිසිදු සංඝටකයක් නොමැත.


කොරොනා එන්නතේ ඇති අනතුරුදායක තත්ත්වයන් මොනවාද ?
කොරෝනා එන්නත් ගැබිනි මවුවරුන් සඳහා විශේෂයෙන් පරීක්ෂාකර නැතත්, ඇමරිකා එක්සත් ජනපදයේ ගැබිනි මවුවරුන් 130,000 පමණ ගණනකට (Pfizer Biontech or Moderna vaccines) ලබාදී ඇති අතර කිසිදු අතුරු ආබාධයක් සොයාගෙන නොමැත. තවදුරටත් මෙම එන්නත්වල ඇති බලපෑමත් නිරීක්ෂණය කරන අතර මේ තාක් කිසිදු බලපෑමක් මවට හෝ දරුවාට නිරීක්ෂණය වී නොමැත.


සයිනෝෆාම් එන්නත ගැබිනි අවධියේදී ලබා ගත්තාට කමක් නැද්ද?
ලෝක සෞඛ්‍ය  සංවිධානය පවසන පරිදි සයිනෝෆාම් එන්නත ගර්භණී අවධියේදී පවා ලබාදිය හැකිය. දැනට තිබෙන දත්ත අනුව එම එන්නත මගින් ගැබිනි මවට හෝ කලලයට හානියක් ඇති නොකරයි. එන්නත ලබා ගැනීමට ප්‍රථම ඔබ ගැබ් ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර  සහ ගැබ් ගැනීම පමා කිරීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.


එන්නත් අතරින් ගැබිනි මවුවරුන්ට සුදුසුම එන්නත කුමක්ද ?
 ෆයිසර් (Pfizer Biontech) හෝ මොඩර්නා (Moderna) මවුවරුන්ට වඩාත් සුදුසුය. එක්සත් රාජධානියේ මවුවරුන්ට ලබා දෙන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් පමණි.


ගැබිනි අවධියේ දී කොරෝනා රෝගය වැළඳුනහොත් කුමක් වේද ?
කොරෝනා වැළඳුණු ගැබිනි කාන්තාවන්ගෙන් තුනෙන් දෙකකට ම කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. දහයට එකක් රෝගය ඇතිවිට දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කිරීමට සිදුවේ. එහෙත් මෙහි ඇති වැදගත්ම කරුණ නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කිසිදු ගැබිනි කාන්තාවක් රෝහල් ගත කර නොමැති වීමය.


ගැබිනි අවධියේ මුල් කාලයේ දී එන්නත ලබා ගැනීම සුදුසුද ?
ඕනෑම ගැබිනි අවධියකදී මෙම එන්නත ලබා ගැනීම සුදුසුය.  එහෙත් ඇතැම් මවුවරු මෙම එන්නත මුල් සති 12 පසුවී ලබා ගැනීමට කැමැත්තක් දක්වති. එයට හේතුව නම් මුල් සති 12 තුළ ළදරුවාගේ ඉන්ද්‍රිය වර්ධනය සිදුවන කාලය වීමයි.  එහෙත් එන්නත මෙසේ පරක්කු කිරීම අත්‍යාවශ්‍ය නොවේ.


එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුද ?
එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් ඉතා හොඳ ප්‍රතිශක්තියක් මවකට ලැබේ. එහෙත් මෑතකදී ඇති වූ ඩෙල්ටා (DELTA) වයිරස් ප්‍රබේදයමගින් ආරක්ෂා වීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුය. දෙවැනි මාත්‍රාව ලබා දෙන්නේ පළමු මාත්‍රාව ලබා දී සති 8- 12ක් පමණ ගත වූ පසුවයි. එමඟින් ගර්භණී අවධියේ අවසන් කාලයේ ඇතිවන භයානක අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගත හැකිය.


පහත සඳහන් කාණ්ඩවලට ඔබ ඇතුළත් නම් එන්නත ලබා ගැනීම අත්‍යාවශ්‍යයි !
• ඔබ හෝ ඔබගේ ආශ්‍රිතයකු රෝහලක හෝ සමාජ සේවකයකු ලෙස හෝ වැඩිහිටි නිවාසයක වැනි ස්ථානයක සේවය කරනවා නම්,
• ඔබේ අසල්වැසි ප්‍රජාවේ කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිරෙනවානම්
• නිතර පිටස්තර පුද්ගලයන් සමඟ සම්බන්ධතා පවත්වනවා නම්
• ඔබට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි ප්‍රායෝගික ගැටලු‍ පවතී නම්
• ඔබේ නිවසේ බොහෝ දෙනෙක් ජීවත් වෙනවා නම්
 ආසියානු සම්භවයක් ඇති වීම එනම් අපේ රටේ බොහෝමයක් මව්වරු (එයට හේතුව නම් ආසියාතික සම්භවයක් ඇති අය වැඩිපුර මෙම රෝගයෙන් මිය යාම)
කොරෝනා රෝගය නිසා රෝගී වීමට වැඩි ඉඩකඩක් ඇති මවුවරුන් කවුද ?
 ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය,  පපුවෙ අමාරුව, හතිය හෝ ප්‍රතිශක්තිය දුර්වලතා ඇති නම්,

 • තරබාරුකම,
 • වයස අවුරුදු 35ට වැඩි වීම
 • දරුගැබට සති 28 කට වඩා වැඩිවීම


ඉදිරියේදී ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් එන්නත ලබා ගත්තාට කමක් නැද්ද?

කොරෝනා එන්නත මගින් දරුඵල ලැබීමට බලපෑමක් ඇති නොකරයි. දැනට අප සමාජයේ මිථ්‍යා මතයක් මේ සම්බන්ධයෙන් ගොඩනැගී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ඔබ එන්නත ලබා ගැනීම ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම එය ලබා ගන්න.


බබාට කිරි දෙනවා නම් එන්නත ලබා ගත්තාට කමක් නැද්ද ?
එන්නත ලබාගැනීමට කිරි දීම නැවැත්වීම අවශ්‍ය  නොවේ. මවුකිරි සමඟ එන්නතේ සංඝටක මිශ්‍රන වීමක් හෝ හානියක් ඇති නොකරයි.

ඉහත තොරතුරු  2021 ජූලි මස 19 වැනි දින දක්වා යාවත්කාලීන කරන ලද නවතම තොරතුරු වේ.

(***)
සටහන:- මාධවී ධර්මරත්න



අදහස් (0)

කොරෝනා එන්නත ගැබිනි මවට සුදුසුද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 759 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12681 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site