ලෝකයේ රටවල් අතුරින් අප රට සුවිශේෂී ලක්ෂණ ගණනාවක් පෙන්වන රටකි. එය සමාජ, ආර්ථික, දේශපාලන පමණක් නොව තවත් අංශ ගණනාවක සංසිද්ධි ඔස්සේ පෙන්වා දියහැකි කරුණකි. පසුගිය වසර 2008-2009 කාලය නිමාවන තෙක් ඉතා ඛේදජනක අත්දැකීමක් අපට විඳින්නට සිදු විය. 2009 වර්ෂය මැද භාගය වන තෙක් අප රටේම කොටසක් වන දෙමළ තරුණයන් ප්‍රධානව දෙමළ ජාතික පිරිස් ඊළාම් යැයි තමන්ටම කියා රටේ කොටසක් අත්කර ගැනීමේ ක්‍රියාදාමයක නියැලිණි. දකුණේ පිරිස් මෙය හැඳින්වූයේ ත්‍රස්තවාදයක් කියාය. එහෙත් උතුරේ පිරිස් මෙය තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන අරගලයක් ලෙස හඳුන්වා දුන්හ.
කෙසේ වෙතත් මෙය බෙදුම්වාදයක් ලෙස පොදුවේ අර්ථ දැක්වීම සිදුවිය. මෙවැනි අවස්ථාවල දී සාමය හා සහජීවනය ස්ථාපිත කිරීම සඳහා කළ යුත්තේ සාකච්ඡා සහ සම්මුතියෙන් කටයුතු කිරීමය. සාකච්ඡා සහ සම්මුතියෙන් බෙදුම්වාදය පරාජය කිරීමට මූලික එකඟතාවලට ගිවිස ගත්ත ද එමඟින් මුළුමනින්ම රටේ හෝ සමාජයේ සාමය හා සහජීවනය ස්ථාවරව ගොඩනැගිය නොහැකිය. මෙවන් අවස්ථාවල දී බෙදුම්වාදය මුළුමනින්ම පරාජය කිරීමට ඔවුන් යුදමය වශයෙන් රණබිමේ දී පරාජයට පත් කළ යුතුය. කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන් රණබිමේදී පරාජය කිරීමට හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු සුවිශේෂී නායකත්වයක් සැපයූහ. මේ සඳහා රටේ තිබූ එකමුතුභාවය සහ නායකයාගේ දැක්ම අවබෝධ කරගත් පොදු ජනතාවගේ කැපවීම, ඉවසීම, ධෛර්යවන්තභාවය හේතු විය. යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානව මෙරට බුද්ධි අංශය කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා එක පෙළට පෙළ ගස්වා පෙරට රැගෙන යාමට ලබා දුන්නා වූ දේශපාලන නායකත්වය නොවෙන්නට තවමත් අප රටේ තැන තැන කුරිරු බෝම්බ පිපිරෙන්නට ඉඩ තිබුණි.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරා කොරෝනා ගෝලීය වසංගතයක් පැතිරෙමින් තිබේ. මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ ඊට නොබියව මුහුණ දෙමින් රටේ ජනතාවගේ ජීවිත, සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමය. ලෝකය පුරා පැතිර යන මෙම වයිරසය හමුවේ එය පාලනය කිරීමට ප්‍රධාන වශයෙන් ක්‍රමෝපාය දෙකක් ලෝකයේ සෑම රටකම නායකයන්, සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. පළමු ක්‍රමෝපාය වූයේ සමාජය තුළ මෙවැනි වයිරසයක් පැතිරයාමට ඉඩ හැර ඒ තුළින් ගොඩනැගෙන ප්‍රතිශක්තිකරණය ඉහළ යාම තුළ ක්‍රමිකව මෙය පාලනය කිරීමට හැකි බවය. බොහෝ රටවල් බලාපොරොත්තු වූ පරිදි වයිරසය පැතිරයාමට ඉඩ හැර සමාජයෙන්ම මතු වුණ ප්‍රතිශක්තිකරණය තුළ මෙය පාලනය වීම සිදු නොවීම අමෙරිකා එක්සත් ජනපදය, ධනවත් යුරෝපීය කලාපීය රටවල් සහ ආසියානු රටවල් කිහිපයකට ද එල්ල වූ මරු පහරක් විය. වයස අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටි ජනගහනය මේ රෝගය නිසා දැඩිව අසරණ වූහ. බොහෝ දෙනාගේ ජීවිත අහිමි වූ අතර සමහරු රෝහල්ගත කර එහි සිටි කාලය දින සති නොව මාස ගණන් ඉක්මවා යන තත්ත්වයක් මතුව ඇත. එය කොරෝනා වයිරසය හමුවේ ප්‍රතිශක්තීකරණය ලබා ගැනීමට නොහැකිව විවිධ සංකූලතාවලට ලක්වීමට වැඩිහිටියන්ට සිදුවිය. මෙවැනි තත්ත්ව පාලනය කිරීම සඳහා තවත් රටවල් අනුගමනය කළ ක්‍රමෝපාය වූයේ සමාජයේ රෝගය පැතිර යන පිරිස් හඳුනාගෙන ඔවුන් නිසි ලෙස නිරෝධායනයට ලක් කිරීමය. ඊට අමතරව රෝගී තත්ත්වය නිසා පීඩාවට පත්වන හඳුනාගත් රෝගීන් ඇසුරු කරන සියලු දෙනා ආරක්ෂක හමුදාවල බුද්ධි අංශ මඟින් මනාව හඳුනාගෙන ඔවුන් ද නිරෝධායන ක්‍රියාවලියකට ලක් කළේය.
ශ්‍රී ලංකාවේ නායකත්වය කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා මේ දෙවැනි ක්‍රමෝපාය මනාව භාවිතයට ගත්තේය. එලෙස භාවිතයට ගැනීමට රට සූදානම් වූයේ ඉතාමත් නිවැරැදි දේශපාලන තීන්දු තීරණ ගත හැකි ඍජු නායකත්වයක් රටේ මහජනතාව විසින්ම තෝරාපත් කර ගෙන තිබීම නිසාමය. ශ්‍රී ලංකාවේ භූමිය සහ ජනගහනය විශාල නොවූවත් සමහර ධනවත් රටවලට වඩා සාර්ථකව මෙම රෝගය පාලනය කිරීමට සමත්වීම සුළුකොට තැකිය හැකි කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ආරක්ෂක සේවා කාලසීමාවේ දී ලද පරිචය අත්දැකීම් දැනුම පළපුරුද්ද සහ යම් අභියෝගයක් හමුවේ කටයුතු කළ යුතු ආකාරය මේ රෝගය පාලනය කිරීම සඳහා තීරණ ගැනීමේදී නිවැරැදි ලෙස භාවිතාවට ගත්තේය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දිගුකාලයක් තිස්සේ පවතින ඉතා සතුටුදායක තත්ත්වය ද මෙය පාලනය කිරීමට විශාල පිටුබලයක් ලබා දුන්නේය. මෙරට සෞඛ්‍ය අංශයේ මානව සම්‍පතෙහි පවතින කුසලතා මෙන්ම භෞතික සම්පත්වල පවතින ඉහළ ගුණාත්මක ප්‍රමිතිගත යහපත් භාවය ද වයිරසය පාලනය කිරීමට මනාව යොදා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළි විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදි සහ අනිකුත් කාර්ය මණ්ඩල ඉතාමත් යුහුසුළුව මෙම වයිරසය පාලනයේ දී කටයුතු කළහ. ඊට අමතරව රෝහල් කාර්ය මණ්ඩල, අනිකුත් අතුරු සේවාවල කාර්ය මණ්ඩල, පර්යේෂණාගාරවල පිරිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රධාන සියලු දෙනා මේ අවස්ථාවේ සියලු වාද භේද දුරලා එකාවන්ව පොදු සතුරා වූ වයිරසය පාලනය සඳහා කටයුතු කළහ. ඊට අමතරව ආරක්ෂක හමුදා මනාව මෙම කටයුතු සඳහා දායක කර ගැනීමට ජනපතිවරයා නොසැලෙන නායකත්වයක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ජනතාව නීතියට ඉතා ගරු කරන පිරිසකි. නීතියට අනුව කටයුතු කිරීමට ඔවුහු පෙළඹී සිටිති. බොහෝ පිරිස් නීතියට බයය. නීතිය පැහැදිලි ක්‍රියාත්මක නොවන තැන්ද තිබෙන්නට පුළුවන. එහෙත් පොදුවේ ජනතාව නීතිගරුකය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවෝ දිගු කලක් තිස්සේ නීතිගරුකව විනයගරුකව කටයුතු කොට කුරිරු ත්‍රස්තවාදය පරාජයට පත් කොට රටේ ජනතාවගේ සිත්වල වීරවරුන් සහ විශ්වාසනීය පිරිසක් ලෙස ජනතා විශ්වාසය දිනාගත් පිරිසකි. ගෝඨාභය රාජපක්ෂ මහතා අප රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තේ තමන්ට මුහුණදීමට සිදු වූ අභියෝග ජය ගනිමින් රටේත් ජනතාවගේත් යහපත සලසන නායකයකු ලෙසිනි. තමන්ට ලබාදෙන අභියෝග ජය ගැනීමට අභීතව සිතිවිලි වෙනස් නොකොට ජයග්‍රහණය ලබා ගන්නා තෙක්ම කෙතරම් හෝ බාධක මැද කටයුතු කිරීම නායකයකුගේ ගති ලක්ෂණයකි. ඕනෑම නායකයකුට අභියෝග ජය ගැනීමේ ඉතා පැහැදිලි ඉලක්කයක් තිබිය යුතුය. ඉලක්කය තිබුණාට පමණක් ප්‍රමාණවත් නොවේ. එය ජය ගැනීමට ක්‍රමෝපාය මෙහෙයුම් වැඩපිළිවෙළක් තිබිය යුතුය. මේ මොහොතේ වසර 2008 සිදු වූ යම් සිදුවීමක් පිළිබඳව අපගේ සිහියට නැඟේ. එවක පළමු යුද්ධ හමුදාපති ධුර කාලය අවසන්වීමට ආසන්නව සිටි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට දෙවැනි වරට සේවා දිගුවක් ලබානොදෙන ලෙසට මහා සංඝරත්නයේ බලවත් ඉල්ලීමක් තිබිණි. එම ඉල්ලීම හිටපු ජනාධිපතිවරයා වෙතම ඍජුවම ප්‍රකාශ කිරීමට තරම් මහා සංඝරත්නය ප්‍රබලව සිටියහ. එම ඉල්ලීම ඉදිරිපත් කළ අවස්ථාවේ පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයාට දන්වා සිටියේ සරත් ෆොන්සේකා මහතාට දෙවැනි සේවා දිගුව ලබා දෙන ලෙසය. එය ඉටු කරගැනීමට ආරක්ෂක ලේකම්වරයා ක්‍රියා කළේය. එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු එලෙස කටයුතු කළේ තමාට ලබා දෙන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නිලධාරීන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කිරීමට සාර්ථක සහ විශිෂ්ට නායකයකු සතු ගතිලක්ෂණ තිබූ බැවිනි. තමන්ට කැමැති හෝ අකැමැති හෝ කියා නොසිතා වගකීම් ඉටු කිරීමට හැකි පිරිස නිවැරැදිව තෝරා බේරා ගෙන ඔවුන්ට රාජකාරිය පැවරීම සහ ඔවුන් යොදාගෙන ජයග්‍රහණ ලබාගැනීම සාර්ථක නායකයකුගේ ලක්ෂණයකි.
කොරෝනා ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණ බොහෝමයක දී මහජනතාව රටක් ජාතියක් ලෙස සිතා ඒවාට ඉතා ඉවසිලිවන්තව ගරු කරමින් සහයෝගය ලබා දුන්හ. එලෙස එම තීරණවලට සහයෝගය ලබාදෙමින් ජනතාව බලාපොරොත්තු වූයේ මෙම අභියෝගය ජය ගැනීමට සමත් නායකයකු සිටිනා බවය. එලෙස ජනාධිපතිවරයා කෙරෙහි පැවති දැඩි විශ්වාසය, ආරක්ෂක හමුදා හා සෞඛ්‍ය අංශ කෙරෙහි ජනතාවගේ සිත්වල පවතින විශ්වාසය සහ ගෞරවය නිසාම දැඩි ඉවසීමෙන් ලක්වැසි ජනතාව කටයුතු කළහ. එය ද කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කිරීමට අප රටට හැකිවීමට ප්‍රධාන සාධකයක් විය. මීට අමතරව මෙරට සෞඛ්‍ය සේවාව හා නිතරම සමීපව සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂයෙන් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ දාමය ද මේ කටයුත්තේ දී මනාව අවබෝධයෙන් සහයෝගයෙන් කටයුතු කළ බව කිව යුතුය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ, පේරාදෙණිය විශ්වවිද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල පද්ධති ඒවායේ වෛද්‍ය පර්යේෂණ ආයතන හා ඒ හා සම්බන්ධිත සියලු ආයතන සහ මානව සම්පත තමන්ට හැකි උපරිමයෙන් රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම, ඒවාට අනුව කටයුතු කළේය. රජයේ රෝහල්වල පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට ප්‍රමාණවත් තරම් වෛද්‍ය උපකරණ නොමැති අවස්ථාවල විශ්වවිද්‍යාලවල තිබෙන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර භාවිතයට ගනිමින් රෝගීන් හඳුනාගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවකි. මෙය ද රෝගය පාලනයට දැඩිව බලපෑ කරුණකි.
මීට අමතරව වයිරසය පාලනය කිරීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතියෙන් ලැබුණේ සුවිශේෂී සේවාවකි. මෙම වයිරසය පැතිර යන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි විද්‍යාත්මක පරීක්ෂණ සිදු කොට නව කරුණු සොයා ගැනීමෙනි. මෙම රෝගය වැළඳී මියගිය සංඛ්‍යාව අප රට සහ දකුණු ආසියානු කලාපයේ රටවල අඩුය. අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග රටවල මියගිය සංඛ්‍යාව විශාලය. මෙයට හේතුව සොයා බැලූ පර්‌යේෂකයෝ සොයාගත් කරුණක් වූයේ දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ ජාන ශක්තිය ප්‍රබල බවය. මෙය ද රෝගය වැළඳී මිය යන පිරිස අඩුවීමට හේතු විය. වියට්නාමය, නවසීලන්තය, භූතානය, ආදී රටවල රෝගයෙන් මියගිය සංඛ්‍යාව අඩු බවට වාර්තා විය. මේ අනුව සලකා බලන විට ජනතාවගේ ජානවල පවතින ශක්තිය ද රෝගය පාලනය වීමට බෙහෙවින් බලපාන බව කිව යුතුය.
ශ්‍රී ලංකාවේ අප ජනතාව මෙහිදී විශේෂයෙන් වාසනාවන්ත වනුයේ තවත් සුවිශේෂී කරුණක් නිසාය. ජනාධිපතිවරයාගේ තොරතුරු තාක්ෂණ දැනුම ද නිලධාරීන් හා එක්ව කොරෝනා පාලනය කිරීම සඳහා මනාව යොදා ගන්නා ලදී. නිරෝධායන කටයුතු වැනි ක්‍රියාවලින්ට කැමැත්තෙන්ම ඉදිරිපත්ව ජනතාව කටයුතු කළේ නව නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසය මතය. රටට නිවැරැදි නායකත්වය සැපයිය හැකි නායකයකු නිවැරැදිම මොහොතක තෝරාපත් කර ගත් ජනතාව කොරෝනා පාලනය සඳහාද් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයකින් පසුවන බව මම ප්‍රකාශ කරමි.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා පාලනයේ වගකීම
විජිත් Tuesday, 06 October 2020 08:21 AM
මුලින්ම කියන්න ඕනෑ මම පුද්ගලිකව බොහොම ගරුකරන, උගත් රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් මෙතුමා. මට නම් හිතෙන්නේ මේ අවස්ථාවේ මේ ලිපිය පලකලේ තමන්ට ලැබුණු වරදාන පිළිබඳව රජයට ස්තුති කිරීමක් ලෙසයි. එහෙමත් නැතිනම් රජය ගාගෙන ඇති කුණු සුද්ධ කිරීමක් ලෙසයි. ලිපිය පටන්ගෙන තිබෙන්නේම කොටි ත්‍රස්තවාදීන්ගේ ඒ කාලේ චණ්ඩිකම් අපේ පාලකයෝ මට්ටු කරපු හැටි කියමින් රජයේ සිටින ලොක්කන්ට ක්‍රෙඩිට් එකක් දීමෙනි. ගරු මහාචාර්ය තුමනි, කොටි ත්‍රස්තයාට වඩා "නොපෙනෙන" කොරෝනා ත්‍රස්තයා බොහෝ භයානකයි. කොරෝනා මුළු ලෝකෙම පැතිරිලා ගියා. අපේ රට වැනි "දුපත්" වල එය මනාව පාලනය කළා. අපිට වඩා ලොකු නවසීලන්තය ඇතුළු රටවල් ගණනාවක මනාව පාලනය කළ රෝගය නැවත නැවත හිස එසවූවා. භූමියෙන් සම්බන්ධ වූ ඇමෙරිකාව, වැනි රටවල රෝගය අදත් සීඝ්‍රයෙන් පැතිරෙනවා. රෝගය මැඩලන්නට සියලු දෙනාම තමන් දන්නා හැම උපක්‍රමයක්ම යොදමින් සිටින්නේ. නමුත් තමන් රෝගය පාලනය කළා කියමින්, හොඳම ඇමති, හොඳම දොස්තර.. කියමින් සම්මාන දෙමින්, දේශපාලන වාසි ගැනීමට පම්පෝරි ගැහුවේ මේ රටේ දේශපාලුවන් පමණයි.
Thusitha Tuesday, 06 October 2020 11:09 AM
මෙයා කළේම කඩේ යන එක...
ධනූ Friday, 09 October 2020 02:22 PM
රසායන විද්‍යාව ගැන ලිව්වම ඇති... පොදුජනතාව දන්නවා වෙන ඒවා ලියන්නේ අතයටින් වාසි ගන්න කියලා.