IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා බිහිසුණු විකෘතිය ඔමික්‍රොන්

මුලින්ම, වයිරසයක ස්වභාවය සරලව අවබෝධ කර ගනිමු. වයිරසයක් යනු පණ ඇති දෙයකි. වයිරසයක් අප මනුෂ්‍යයන්ට ආසාදනය වූ විට එහි අරමුණ වන්නේ, අප සිරුර තුළ එහි පිටපත් නිර්මාණය කර ගනිමින් ජීවත් වීමය. වයිරසයේ ඉලක්කය එහි පැවැත්ම රඳවා ගැනීමය. ස්වභාවිකව හෝ එන්නත් මගින් හෝ ඖෂධ මගින් අපට ලැබෙන ප්‍රතිශක්තිය වයිරසයට බාධාවකි. එම ප්‍රතිශක්තිය, වයිරසය අඩපණ කරයි. එහෙයින්, එයින් බේරීමටත් පැවැත්ම රඳා පවත්වා ගැනීමටත් වයිරසය වෙනස් වෙයි. ගති ලක්ෂණ වෙනස් කර ගනී.

මාතෘ වයිරසයට වඩා දරු පරම්පරාව වෙනස් වෙයි. වයිරසයක් විකෘති වී නව ප්‍රභේද නිර්මාණය කරනවා යනු මෙයයි. වයිරසයේ අවසන් අරමුණ නැතිනම් ඉලක්කය, එය ආසාදනය වන තැනැත්තාට මැරෙන්න නොදී, එම තැනැත්තා හැකිතාත් ජීවත් කරගෙන, වයිරසය ද බෙදී වෙන් වෙමින් සිය ගහණය වැඩි කර ගැනීමය. ආසාදනය වන සියලු‍ දෙනා මියගියොත් එය වයිරසයට අවාසියකි. හේතුව, වයිරසය ද ඒ සමඟ මියයන බැවිනි.

කොරෝනා නමැති වයිරස පවුලට අයත්, ‘කොවිඩ් 19’ නමැති, අපට හිසරදයක් වුණු වයිරසයේ කතාව ද මෙයයි. ‘කොරෝනා’ යනු සතුන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වී, අප අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. ‘කොරෝනා‘ යනු ඔටුන්න යන අර්ථයයි. මෙම වයිරසයේ ස්වරූපය උල් කූරු සහිත ඔටුන්නක් වැනිය. සුලමුල නොදන්නා ‘කොවිඩ් 19’ කොරෝනා පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19’ මාතෘ වයිරසය විකෘති වෙද්දී, ඔටුන්න ආකාරයේ ස්වරූපය එලෙසින්ම පවතින නමුත්, ගති ලක්ෂණ වෙනස්කම්වලට ලක් වෙයි.

අප එන්නත් නිපදවද්දී වයිරසය තවත් විකෘති වෙයි. වයිරසයක ස්වභාවය මෙයයි. මේ වනතුරු ‘කොවිඩ් 19’ වයිරසයේ බිහිසුණු විකෘති ලෙස විකෘති 4 ක් හඳුනාගෙන තිබුණි. ග්‍රීක හෝඩියේ නම්වලින් නම් කෙරුණු ඒවා ‘ඇල්ෆා’, ‘බීටා’, ‘ගැමා’ සහ ‘ඩෙල්ටා’ ය. මේ අතරින් ද දරුණුම සහ වේගයෙන් බෝ වෙන විකෘති ප්‍රභේදය ඉන්දියාවෙන් බිහිවුණු ‘ඩෙල්ටා’ ය. 

අද වනවිට තවත් බිහිසුණු විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම නව විකෘතිය විමසිල්ලෙන් පසුවිය යුතු අවධානය යොමු කළ යුතු කොවිඩ් 19 විකෘති වයිරස අතරට එක් කර තිබේ. ‘බී 1.1.529’ යනුවෙන් පළමුවෙන් නම් කළ මෙම විකෘතිය, ග්‍රීක හෝඩියට අනුව නම් කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ යනුවෙනි. මෙය ‘ඩෙල්ටා’ විකෘතියට වඩා 10 ගුණයකින් ප්‍රබලය. ‘ඔමික්‍රෝන්’ යනු එන්නත්වලින් මට්ටු කළ නොහැකි, යළි යළි ආසාදනය වන, පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරීමට සමත් විකෘතියක් බව ද පැවැසෙයි.

‘ඔමික්‍රෝන්’ විකෘතිය බිහිසුණු වන්නේ, ‘ඇල්ෆා’, ‘බීටා’, ගැමා’ සහ ‘ඩෙල්ටා’ යන විකෘති හතරේ ගති ලක්ෂණ ඊට ඇතුළත් වීමය. ඊට අමතරව, විද්‍යාඥයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ගති ලක්ෂණ ද ඊට ඇතුළත් වෙයි. වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයේ (ඔටුන්න වැනි කොටස) පමණක් ඇති විකෘති ගණන 32කට වැඩිය. ඊට අමතරව සමස්ත වයිරසයේ ඇති විකෘති ප්‍රභේද ගණන 50කට වැඩිය. 

‘ඔමික්‍රෝන්’ විකෘතියට ඇතුළත් විකෘති දෙකක් වන්නේ P681H සහN679K ය. මෙම විකෘති දෙක එකට හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි විද්‍යඥයෝ පවසති. එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන විකෘති ලෙස P681H සහ N679K මීට පෙර සිටම හඳුනාගෙන තිබුණි.

 H655Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රෝන්’ විකෘතියට ඇතුළත්ය. වයිරසයට ඉතා පහසුවෙන් අපේ සිරුරේ සෛලවලට රිංගා ගැනීමට H655Y උපකාරී වෙයි. N501Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රෝන්’ තුළ ඇත. විද්‍යාඥයන්ට N501Y විකෘතිය මුලින්ම හමුවී ඇත්තේ ‘ඇල්ෆා’ සහ ‘බේටා’ විකෘතිවලිනි. (ඇල්ෆා යනු එංගලන්තයේ කෙන්ට් පළාතෙන් මුලින්ම හමුවුණු ‘කොවිඩ් 19’ විකෘතිය වන අතර ‘බේටා’ යනු මුලින්ම දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විකෘතියයි.) N501Y විකෘතියෙන් සිදුවන්නේ වයිරසය ව්‍යාප්ත වීම වේගවත් කිරීම යැයි පැවැසෙයි. 

R203K සහ G204R යනුවෙන් හැඳින්වෙන වයිරස විකෘති ද ‘ඔමික්‍රෝන්’ විකෘතිය තුළ අඩංගු වෙයි. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ආසාදනය වන ප්‍රමාණය වැඩි කරන්නේ මෙම විකෘති දෙකය. ‘ඩෙල්ටා’ විකෘතියට පමණක් ආවේණික N440K නමැති විකෘතියත්, ‘බේටා’ විකෘතියට පමණක් ආවේණික K417N සහ E484A යන විකෘති දෙකත්, ඇමෙරිකාවේ නිව්යෝක් නුවරින් පළමුවෙන් සොයා ගත් ‘නිව්යෝක්’ නමැති විකෘතියට ආවේණික S477N විකෘතියත් ‘ඔමික්‍රෝන්’ තුළින් හමුවී ඇත. 

කෙසේ නමුත් සෙසු වයිරස විකෘතිවල ඇති, ව්‍යාප්තිය වේගවත් කරන විකෘතියක් ලෙස සැලකෙන NSP6 නමැති විකෘතිය ‘ඔමික්‍රෝන්’ විකෘතියේ නොමැති බව පැවැසෙයි. G446S, T478K, Q493K, G496S, Q498R සහ Y505H යනු මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් පමණක් සොයා ගත් විකෘති වයිරස වන අතර, මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ‘ඔමික්‍රෝන්‘ සම්බන්ධයෙන් ඉදිරි සති හතර ඇතුළත පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් එළිදැක්වීමට තමන් බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. ‘ඔමික්‍රෝන්’ සුලමුල අප්‍රිකා මහද්වීපයයි. ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බිහිසුණු බව පළමුවෙන් ලොවට පෙන්වා දුන්නේ දකුණු අප්‍රිකාව ය. 

මේ වනවිට දකුණු අප්‍රිකාවේ සෑම පළාතකටම ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්ත වී තිබේ. ‘ඔමික්‍රෝන්’ ආරම්භය සිදුවී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයෙන් යැයි පැවැසෙයි. බොට්ස්වානා ද අප්‍රිකා රාජ්‍යයකි. බොට්ස්වානා රාජ්‍යයෙන් මීට පෙර ද විකෘතියක් හමුවිය. ග්‍රීක හෝඩියට අනුව, එය නම් කර තිබෙන්නේ ‘නියු’ ලෙසය. දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ට ‘ඔමික්‍රෝන්’ පළමුවෙන් හමුවූයේ පසුගිය නොවැම්බර් 19 වැනිදා සිදු කළ සාම්පල පරීක්ෂණයකදීය. ඔවුන් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන කනස්සල්ල පළ කළේ පසුගිය 24 වැනිදාය. ‘බී 1.1.529’ යනුවෙන් මුලින් නම් කළ විකෘතිය, පසුව ‘ඔමික්‍රෝන්’ යනුවෙන් නම් කිරීම සිදුවූයේ 27 වැනිදාය. 

‘ඔමික්‍රෝන්’ හඳුනා ගැනීම සහ එහි සුලමුල සොයා ගැනීම කළේ දකුණු අප්‍රිකාවේ ‘යූ.සී.එල්. ජෙනටික්ස්’ නමැති ජාන පර් යේෂණ ආයතනයයි. ඒඩ්ස් ආසාදිතයකුට ‘කොවිඩ් 19’ ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ ‘කොවිඩ් 19’ වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු ‘ඔමික්‍රෝන්’ නිර්මාණය වන්න ඇතැයි ‘යූ.සී.එල්. ජෙනටික්ස්’ ආයතනය පෙන්වා දෙයි. ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදු වන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පවා මාරක විය හැකිය. “ඒඩ්ස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතළ තත්ත්වයක්.

එච්.අයි.වී. වයිරසය හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. ඔමික්‍රෝන් නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන් කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කොවිඩ් 19 වයිරසය පරාජය බාරගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන ඔමික්‍රෝන් නිර්මාණය කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්.” යැයි ‘යූ.සී.එල්. ජෙනටික්ස්’ නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත.

පසුගිය 27 වැනිදා වනවිට දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රාජ්‍යයෙන් පමණක් නොව, මැදපෙරදිග කලාපයට අයත් ඊශ්‍රායලයෙන්, ආසියාවට අයත් හොංකොං රාජ්‍යයෙන් සහ යුරෝපයට අයත් බෙල්ජියමෙන් සහ එංගලන්තයෙන් ද ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හමුවී තිබුණි.

ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය නිවේදනය කළේ තම රටින් ද ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් යැයි සැක කළ හැකි ආසාදිතයන් හමුවී ඇති බවය. ලොව රටවල් බොහොමයක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව) අප්‍රිකා රටවල් රැසකට තහංචි පැනැවූයේ මේ නිසාය. එසේ තහංචි පැනැවුණු රටවල් අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ඊස්වාතිනී (ස්වාසිලන්තය) ඇත. මේ අතර, අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘එස්’ ජානය ආශ්‍රිත විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කරයි. ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් බූස්ටර් එන්නත ලබා ගැනීම අවශ්‍ය බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. විදේශිකයන් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීති රීති ප්‍රමාණවත් බවත්, ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රෝන්’ විකෘතිය හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර තිබේ.

“ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් ඔමික්‍රෝන් ප්‍රභේදයට තිබෙනවා යැයි අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. බිය වෙන්න අවශ්‍යම නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රෝන් රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කිරීමයි. ඕනෑම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නතෙන් අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒ තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැති වේවි‍.

ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩි දෙනකුට ලබා දුන්නේ සයිනොෆාම් එන්නත. අප දැක්කා පර් යේෂණ මගින් ප්‍රතිදේහ මාස 3 යනකොට අඩුවෙනවා. එවැනි අවස්ථාවක බූස්ටර් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ එතන. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නොවෙයි. ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි.

එහි අනු ප්‍රභේද 2ක් හමුවුණා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ක්ම පැතිරීමට බලපාන විකෘතිතා. ඒ නිසා මේක සැලකිය යුතු තත්ත්වයක්. එන්නත් ප්‍රතිශක්තිය මහහැර යෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රෝන් වැලඳිලා තියෙනවා. මේකෙ හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. 

පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම විකෘතිය හඳුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක හොඳ දෙයක්.”‍ යැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ලුසිත ජයමාන්න

ඩේලිමේල් ඇසුරෙනි



අදහස් (2)

කොරෝනා බිහිසුණු විකෘතිය ඔමික්‍රොන්

Dammi Monday, 29 November 2021 05:35 PM

අනේ මෙහෙමත් බූරුවන් ටිකක්..., ප්‍රමාද කරලා ගෙන්න ගමු.

:       0       0

amila Monday, 29 November 2021 10:12 PM

ඔය විකෘතිය බිහිසුණුයි කියන්නේ සුද්දෝ නේද? දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරු කියන්නේ සමාන්‍යයි කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3436 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12372 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 592 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 960 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1041 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site