IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කාලගුණ විපර්යාස රටේ වාසියට

කාලගුණ විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ නගරයේ ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ගෝලීය උණුසුම සහ සාගර ජල මටට්ම ඉහළ නැගීම පර් යේෂකයන්ගේ අවධානයට පත්ව ඇති කරුණක්. අලුත් පර් යේෂණ සඳහා අවස්ථා සම්පාදනය වැදගත් වේ. 

ජීවත්වීමට සුදුසුම රටවල් අතර තිබුණ ශ්‍රී ලංකාව කාලගුණ විපත්වලින් නිතර පීඩාවට පත්ව තිබීම අවධානයට පත් විය යුතුය. මැතිවරණ උණුසුම වර්ධනය වෙමින් පැවැති අතර ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත්කර සංවර්ධනය වේගවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡාවෙමින් තිබුණි. සංවර්ධන අණ පනත් වෙනුවට හදිසි ආපදා වළක්වා ගැනීමට ගත යුතු පියවර ගැන පූර්ණ බලය සහිත වැඩපිළිවෙළක් සකස් කරන්නට කාලය එළැඹ තිබේ.

පැය විසිහතරක් ඇතුළත වෙනස් වූ පරිසර සාධක ජීවිත පහළොවක් ගොදුරු කරගෙන ඇත. දේපළ සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කර තිබේ. පළාත් හතරක ස්ථාන විශාල ගණනක් අවදානම් සහගත ස්ථාන වශයෙන් හඳුන්වනු ලැබ තිබේ. අනතුරුදායක ස්ථානවලින් පදිංචිකරුවන් ඉවත් කරන අතර සහන සේවා ස්ථානවලට විපතට පත් වූවෝ යොමු කරවනු ලැබ සිටිති. අවශ්‍ය පිරිස් වෙත වහාම ආධාර සපයන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇත.

 

ආර්ථික හානිය ඉලක්කම්වලින් දැක්විය නොහැක

කාලගුණ අංශ, ආපදා මධ්‍යස්ථානය, නාය යෑම් අවවාද, ආරක්ෂක අංශ යුහුසුළුවන ආකාරය පසුගිය අවුරුදු ගණනාව තුළ එක හා සමානව ක්‍රියාත්මක විය. දැනට සිදුවෙමින් පවතින සිද්ධි අත්දැකීමක් කොටගෙන අනාගතය ගොඩනගන සැලැස්මක් සකස් නොකරන හේතුව පැහැදිලි නැත. කාලගුණ විපත් හේතුකොටගෙන සිදුවන අලාභ ඉලක්කම් නොවේ. ජීවිතක්ෂයට පත්වන පුද්ගලයකුගේ වටිනාකම ඉලක්කම්වලින්  තීරණය කළ හැකි ද? ජීවිත කාලයක් වෙහෙස වී ගොඩනගාගත් නිවෙස නාය යෑමකින් කඩා වැටුණු පසු පත්වන අසරණභාවය සුළුකොට තැකිය නොහැක. වැසි වතුර ගලා නිවාස යට වූ පසු කරන ගෘහ භාණ්ඩ විනාශ වේ. වෙළෙඳසැල්වල ආහාර වර්ග හානියට පත්වන අතර විදුලිය විසන්ධිවීම, පානීය ජලය අපවිත්‍රවීම සහ ජලයෙන් පැතිරෙන රෝග බහුලවීම තක්සේරු කෙරෙන්නේ නැත.

නිකුත් වී ඇති වාර්තා අනුව අපේක්ෂා කළ වැසි ඉක්මවා අධික වැස්සක් හටගෙන තිබෙන්නේ වැසි ජලය හේතු කොට ගෙනය. පහත්බිම් වන ප්‍රදේශ කලින් හඳුනාගෙන, ඒවායේ දත්ත එකතුකොටගෙන ඇති බව ආපදා කළමනාකරණ අංශ දක්වයි. නියඟයත්, අධික වැසි පදනම් කරගෙන ඇතිවන පිටාර ගැලීම්වලින් ඇති කරන බලපෑමත් අධ්‍යයනය කර තිබීම වාසියකි. මෙම තොරතුරු පදනම් කරගෙන විසඳුමක් නිර්මාණය නොකරන හේතුව කුමක්ද? නියඟයකින් සිදුවන හානිය දන්නා ප්‍රදේශවලට අවම වශයෙන් පානීය ජල සම්පාදනයට පියවර ගත හැකිය. අධික වැසි කාලයේ දී, අනතුරට පත්වන ප්‍රදේශ සිතියම්ගත කිරීමෙන් පසු ස්ථිර පිළියම් යෙදිය හැක. එකතුවන ජලය නිසි ආකාරයට බැසයන ක්‍රමවේද සකස් කිරීම පහසුය. නවීන තාක්ෂණයේ පහසුව ඇත. කානු, ඇළ මාර්ග හා ගංගා නඩත්තු කිරීම අවශ්‍යය. පළාත් පාලන ආයතනවලට වගකීමක් තිබේ. ප්‍රධාන ගංගා, වාරි කර්මාන්ත, පරිසර, භූ විද්‍යා හා පතල්, කාලගුණ, වෙරළ සංරක්ෂණ සහ ආපදා කළමනාකරණ ආදී වශයෙන් මහජන මුදලින් නඩත්තුවන ආයතන විශාල සංඛ්‍යාවක් තිබේ. මේවායේ වගකීම් හා යුතුකම් පිළිබඳ ප්‍රශ්න මහජනතාව අසරණ කරන බව පෙන්වා දිය යුතුය.

සුළු සිද්ධියකට වහා පියවර නොගැනීම බරපතළ අනතුරු ඇති කරන අතර ප්‍රාදේශීය සැලැස්මක් අනුව කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා අංශ සඳහා ඉඩම් වෙන් කිරීමට පියවර නොගැනීම මතු වී ඇති බරපතළ ගැටලුවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් ජන කොටස් අවදානම් ස්ථාන පදිංචිය සඳහා තෝරාගන්නා අතර විනාශයකට පසු බලධාරීහු යුහුසුළු වෙති.

 

ජාත්‍යන්තර කාලගුණ විපත් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ සිදුවන විපත්වලින් සියයට අනූ හයක් කාලගුණ බලපෑමෙන් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් දක්වයි. 2028 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර කාලගුණ අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර හතරවැනි තැන පසුවේ. වාර්ෂිකව සිද්ධි වාර්තාවන අතර ඒවා සාමාන්‍යකරණය වී ඇති බව වාර්තාව පෙන්වන වැදගත් කරුණකි. ගංවතුර, නාය යෑම්, අධික සුළඟ, සහ නියං තත්වවලට ගොදුරුවන ජනතාව නැවත සුපුරුදු ස්ථානවලම යළිත් ජීවත්වීම අරඹයි.

ලෝක බැංකුව නිකුත් කළ වාර්තා අනුව 1980 සිට 2020 දක්වා කාලය තුළ වසර දහයක් අඛණ්ඩව එක වසරක දී දස ලක්ෂයකට වඩා ජනකොටසක් අධික වැසි හා එයින් ඇති වන ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇත. මෙම කාලය තුළ 2009, 2011, 2017 හා 2019 පමණක් නියඟය බලපවත්වා තිබේ. නියඟයේ දී ජීවිත හා දේපොළ විනාශයක් සිදු වී නැත. වසර හතළිහක් තුළ හටගත් ස්වාභාවික විපත්වලින් සියයට හැට නමයකට අධික පිරිසකට වැසි බලපා ඇත.

ආසියානු සංවර්ධන බැංකුව දක්වන පරිදි කාලගුණ විපර්යාස ආසියාවට තියුණු බලපෑමක් ඇති කරයි. නියඟය හා වර්ෂාව කලාපයේ රටවල දළ දේශීය නිෂ්පාදනය අඩාල කර තිබේ. වසර 2050 වන විට කාලගුණය හෙයින් සිදුවන අවාසිය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 1.8 ක් පමණ බව ගණන් බලා තිබේ. පාලනය කරගත නොහැකි වුවහොත් වසර 2100 වන විට මෙම හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.8 ක් දක්වා ඉහළ යා හැකි බව අවධාරණය කර ඇත.

මුදල් අමාත්‍යංශ වාර්තා අනුව 2003 සිට 2012 දක්වා වසර හයක කාලයක් වරින් වර තදබල ගංවතුර තර්ජනවලට රට මුහුණ පා ඇත. ඇතැම් වසරවල දැඩි නියඟයකට රට මුහුණ දී ඇති බව ද දක්වයි. පරිසර තත්ව වෙනස්වීම මෙම වාර්තාව පෙන්වා දෙන වැදගත් කාරණයකි. කාලගුණ තත්වවලට මුහුණ දීම සඳහා විශේෂ නිර්දේශ පවා මහා භාණ්ඩාගාරය එම වාර්තාවෙහි ඉදිරිපත් කර තිබේ. එහෙත් බලයට පත්වන ආණ්ඩු මෙම දත්ත සලකා බලන්නේ අල්ප අවධානයකින්ය.

 

කිරි විකුණා පාන් රාත්තලට අත වනන රටක්

සැලකිය යුතු රටවල් ගණනකට අධික නියඟය බරපතළ ගැටලුවකි. වර්ෂාව ද බාධාවක්  වී තිබේ. කාලගුණය ආර්ථික වාසියකට හරවාගෙන ඇති රටවල ආර්ථික අවස්ථා අපගේ අවධානයට ගත යුතුවේ.

වර්ෂාව ප්‍රමාණවත් කාලවකවානුවල ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට හතළිස් තුනක් ජල විදුලියෙන් උත්පාදනය කරගෙන ඇත. නියඟය හේතුකොටගෙන 2021 වසරේ දී දැවිතෙල්, ගල් අඟුරු ඇතුළු බාහිර බලශක්ති ආනයනයෙන් රටට අවශ්‍ය විදුලියෙන් සියයට හතළිස් නමයක් සපුරාගන්නට සිදු වී තිබේ. මන්නාරම හා අවට පවතින සුළං බලයෙන් මෙගාවොට් තිස්දහසක විදුලිය නිපදවන ශක්‍යතාවක් පවතින බව දක්වයි. වැව් පද්ධතිය පුනරුත්ථාපනය කළහොත් අධික ජල ප්‍රමාණක් ගබඩාකර ගත හැකිවේ. ලෝකයේ ඇතැම් රටවල් ජල විදුලිය උත්පාදනය කර බැහැර කරන ජලය නැවත දිවා කාලයේ දී සූර්ය තාපය උපයෝගී කරගෙන ජලාශයේ ඉහළට පොම්ප කරන අතර නැවත නැවතත් විදුලිය උත්පාදනයට යොදවා ගනී. ජලය, සුළඟ නිසි ලෙස භාවිත කළ හැකි උපාය අනුගමනය කළහොත් එය විශාල ආර්ථිකයකි.

රට පුරා යහපත් කාලගුණක් පැවැති වකවානුවල සංවර්ධනය වේගවත් වූ බව සාක්ෂි දක්වන අතර වී ගොවිතැන සාර්ථකවීම ආහාර හා අනෙක් අපනයන බෝග නිෂ්පාදනය සඳහා ද එය බලපා ඇත. ධීවර කටයුතු කළමනාකරණය ද ජාතික නිෂ්පාදනය තර කරන සාධකයකි. රට වටා ඇති මුහුද නොසලකා හැර ඇති අතර ඉන්දියානුවන් පැමිණ මසුන් අල්ලා ගැනීම ගැන දක්වන ආකල්ප තරමට යහපත් කාලගුණ තත්ව යටතේ ධීවර කර්මාන්තය දියුණු කරන මාර්ග අවධානයට ගෙන නැත.

 

පළාත් පාලන හා ජාතික මටට්මින් උපාය

ඉඩම කළමනාකරණය ඉතාම වැදගත්ය. ගංවතුර තර්ජනය සමග එය පැහැදිලිය. අවදානම් තැන්වල නිවාස ඉදිකිරීම අනාරක්ෂිතය. මෙහි දී ස්වභාවික වාරි පද්ධති අවහිරවන ආකාරය සැලකිල්ලට ගත යුතුවේ. මෙම පැවැතුම් පළාත් පාලන ආයතනවල කාර්යයකි. මෙම ආයතන කසළ එකතු කිරීමට සීමා වී ඇති අතර ඒවා අනිසි ලෙස බැහැර කරයි. පොලිතීන් හා දිරාපත් නොවන කොටස් කානු පද්ධති, ඇළ දොළ හරස් කරන අතර මහපොළව විකෘති කර ඇත. වැටෙන මහ වැසි පොළවට උරාගන්නට කලින් කොන්ක්‍රීට් පද්ධති ඔස්සේ සාගරයට මුදාහරින දැවැන්ත යෝජනා ක්‍රමවලට මුදල් වැය කර තිබේ. මේවායේ අවසාන ප්‍රතිඵලය ජන ජීවිතවලට හා රටේ ආර්ථිකයට හිරිහැරයකි.

ස්වභාවිකව ලබාගත හැකි බලශක්තිය ඉවත දැමෙන අතර රටට අවශ්‍ය ඉන්ධන, ගල්අඟුරු හා ගෑස් සඳහා විනිමය වැය කෙරේ. සෑම ගමකටම කසළ භාවිතකර ගෑස් නිපදවන ඒකක ගොඩනැගිය හැක. දිරාපත්වන කසළ ගෙවතු වගාවටය. පළාත් පාලන ආයතනවලට ප්‍රදේශය කළමනාකරණය කරන අතර ජලය බැහැර කරන ක්‍රම සංවිධානය කරගත හැකිවනු ඇත. ජලය හා සුළං බලයෙන් නිපදවන විදුලිය ප්‍රවාහනයට යොදා ගැනීමෙන් විශාල වාසියක් ලැබේ. රටට ආනයනය කරන විදුලියෙන් සියයට හැටක් ප්‍රවාහන අවශ්‍යතා සඳහාය. විදුලිය වාහන ආනයනයට ඉඩදෙන අතර සූර්ය නිවාස සංකල්පය දියුණු කළහොත් සංවර්ධනය වෙනත් රාමුවකට යටත් කළ හැක. ජාතික මටට්මින් ඇති කරන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ බලශක්ති පිරිවැය අඩුකිරීම දැනට බලපා ඇති විශාල විනිමය හිඟය අනෙක් පැත්තකට හරවනු ඇත. මේවා පරිසරය ආරක්ෂා කරන සාධක වේ.

 

ජනතාව මුහුණ දී ඇති විපත මගහරවන ක්‍රමවේද

සංවර්ධනය අරමුණු කරගෙන පසුගිය දශක හතර තුළ පැමිණි ගමන ගැන විවේචනයක් අපට අවශ්‍යය. දියුණුව සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්ති දරුණු ආර්ථික අර්බුදයක් කරා කැඳවාගෙන පැමිණ ඇත. එතැනින් නතර වී නැති බව පෙනේ. පැරණි ව්‍යුහය වෙනස් කර අලුතින් පැළකරන්නට උත්සාහ කරන මොඩලය හානි පමණුවා තිබේ. තමන්ගේ ගම අත්හැර දරුවන්ට ඉගැන්වීම සඳහා පාසල අසලින් නිවසක් කුලියට ගත් මවුපියන්ට අහිමි වූ දරුවන් මෙම විකෘතියේ නපුරු පැත්ත රටට අනාවරණය කරයි. ජන ව්‍යාප්තියේ වෙනස්කම්, ස්වභාවිකත්වය හරස් කරන ඉදිකිරීම් සහ අතීත අත්දැකීම්වලින් පාඩමක් ඉගෙනගෙන වැරදි හදාගන්නට දක්වන අසමත්භාවය රටට ඇති දුබලතාව බව පෙනේ. රට ඉහළට ඔසවන දැවැන්ත සැලසුම් යෝජනා කරන නමුත් සොබාදහමට අනුව ජීවත්වීමට හැකි පරිසරය ගළපා ගැනීම ගැන අවධානය අවමය.

2005 වසරේ සම්මත කරන ලද හදිසි අවස්ථා කළමනාකරණ පණතක් රටට තිබේ. විපත හමුවේ පමණක් නොව ස්වභාවික විපත් ඇතිවීමට කලින් කළ හැකි දේ දක්වා තිබේ. ප්‍රතිපත්ති ඇත. නිලධාරීහු සාකච්ඡා කරති. මැති ඇමැතිවරු ලෝකය පුරා යමින් අවධානයෙන් මිදෙන මග ගැන විමසිලිමත් ජාත්‍යන්තර සමුළු නියෝජනය කරති. එහෙත් පොදු ජනතාව විපතකය. අධික වැසි, නියඟය ඇතුළු ස්වභාවික විපත් වලට ගොදුරුවන්නෝ දුප්පත්තුය. ජීවිත, දේපොල සහ වැනසෙන වගාබිම් රටට ඇතිකරන පීඩාව බලවත්ය. මෙම තත්වයට මුහුණ දෙන වෙනම රාමුවක් ගැන අවධානය යොමු කිරීම සුදුසුය. බලය ඉල්ලන දේශපාලන නායකයන්, ප්‍රධාන දේශපාලන පක්ෂ පවතින චක්‍රය වෙනස්කරන ක්‍රමවේද ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ඇතුළු කළ යුතුව තිබේ.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

කාලගුණ විපර්යාස රටේ වාසියට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1110 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4585 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 511 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site