IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කැලණි ගඟේ රත්තරන් හෑරීම දේශපාලකයෙක් අතට

කැලණි ගංඟාව බුදුරජාණන්වහන්සේගේ ඇසුර ලබා පූජනීය වූවකි. රන්වල දෙවියන්ද වැඩ සිටින බව කියන කැලණි ගෙඟ් රත‍්‍රං හා මැණික් හමුවන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. ඊට දිගු ඉතිහාසයක් තිබේ. කැලණි ගඟ අවට සිටින ජනයාට රංවල දෙවියන් දුන් බවට ජනතාව සලකන මැණික් හා රත‍්‍රං වරම මේ වනවිට දේශපාලනඥයෙක් කොල්ලකෑම සඳහා සියලූම කටයුතු සූදානම් කර තිබේ.

Untitled-15සමනොළ අඩවියේ සිට ගලන කැලණි ගංඟාවේ පිහිටීම අනුව ගංඟාවේ මුලසිටම ගලා එන ඛනිජ ද්‍රව්‍ය තැන්පත්වන ස්ථානයක් තිබේ. ඒ පූගොඩ ප‍්‍රදේශයයි. පූගොඩ කුමාරිමුල්ල ප‍්‍රදේශයේදී ගංඟාව පිහිටා ඇත්තේ ද්‍රෝනියක ආකාරයෙනි. මේ නිසා පුරාණ කාලයේ සිට මෙම ස්ථානය හඳුන්වන ලද්දේ ”මැණික් තොටුපළ” නමිනි. රජ සමයේ මේ ස්ථානය ”මැණික්ලන්ද” වූ බව ද ඉතිහාසය කියයි.

කුමාරිමුල්ල හා ඒ අවට ස්ථානවල මැණික් ගරන්නේ දිගු කාලයක පටන්ය. මැණික් ගරන්නට යොදා ගැනෙන ”කූඩ” යොදාගෙන අවට මිනිසුන් මැණික් ගැරුවේ අනවසරයෙනි. ගංඟාවේ වතුර අඩු කාලය ලෙස සැළකෙන දෙසැම්බර් හා අපේ‍්‍රල් කාලයේදී මැණික් ගැරූ බොහෝ දෙනෙකුට අගනා මැණික් හමුවිය. ඊට ආසන්නතම සිදුවීම වාර්තාවන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය. මේ ස්ථානයේ මැණික් ගැරූ ගඟ එහා කෙළවර ඉවුරේදී රුපියල් කෝටියකට වැඩි මැණික් හමුවූයේ කනම්පැල්ලේ පදිංචි පුද්ගලයකුටය.

පූගොඩින් හමුවන මැණික් වර්ග වනුයේ ”කොන්ඩරම්” පවුලේ මැණික්ය. නිල්, රතු, පුෂ්පරාග හා පද්මරාග, ආර්නූල් වර්ගයේ මැණික් පූගොඩ කුමාරිමුල්ලෙන් වැඩි වශයෙන් හමුවී තිබේ. මැණික් ගැරීමේ නිරතව සිටින ජනතාවගේ අදහසට අනුව පසුගිය වසරේ සතිදෙකක් තුළදී පමණක් මේ ප‍්‍රදේශයෙන් රුපියල් කෝටි 50-60ක වටිනා මැණික් හමුවී තිබේ. ඒ අතුරින් ”රතු පද්මාරග” මැණික් වර්ගය සුලභව මේ ප‍්‍රදේශවල දක්නට ලැබෙන බව ඔවුන්ගේ අදහසයිි.
 

DSC_1256
සාමාන්‍ය ජනතාව මීට පෙර රත‍්‍රං ගැරූ අයුරු.


කුමාරිමුල්ල ගංඟා කලාපය මැණික්වලින් පමණක් නොව රත්තරංවලින්ද ගහණය. රත්තරං වර්ග දෙකක් මහපොළව මත ස්ථාපිත වෙයි. ඒ ”නිධි” වශයෙන් හා ”නිජ” වශයෙනි. පූගොඩ පදිංචි මැණික් හා රත‍්‍රං පිළිබඳ විශේෂඥයකුට අනුව මෙම ප‍්‍රදේශයේ පිහිටා ඇත්තේ ”නිජ රත‍්‍රං” ය. ඉල්මනයිට් අඩංගු වැල්ලේ මෙම රත‍්‍රං අඩංගුය. මැණික් ගැරීමේ කූඩවලට මෙම කුඩා රත‍්‍රං කැබලි හසු නොවන අතර ඒවා ගැරිය යුත්තේ නෑඹිලියක් වැනි භාජනයකිනි. ඒ ආකාරයෙන් පසුගිය කාලයේදී දහස් ගණනක් කැලණි ගඟට බැස රත‍්‍රං ගැරීමේ නිරතව සිටියහ.

පසුව දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම ජනතාවට බලපත‍්‍ර ලබාදී එම කාර්යයේ නිරතවීමට අවසර ලබාදුන් අතර ඒ වෙනුවෙන් කෙටි කාලයකට රුපියල් දෙදහසක මුදලක්ද අය කළේය. සාමාන්‍ය මිනිසුන් රත‍්‍රං හෝ මැණික් ගැරීම පිළිබඳ නිතර අවධියෙන් සිටි ආරක්ෂක අංශ නිතර වැටලීම් කර අනවසර ගරන්නන් අත්අඩංගුවට ගත්හ. පොලිස් විශේෂ කාර්ය බළකාය හා පූගොඩ පොලිසිය ද මෙම වැටලීම් කළහ.

එහෙත් මේ වනවිට ප‍්‍රදේශයේ ප‍්‍රබලම දේශපාලනඥයකු ජනතාවට ඇති මේ අයිතියට පයින් ගසමින් මැණික් හා රත‍්‍රං නිධිය තමා සතුකර ගන්නට එම නිධි පිහිටා ඇති ස්ථානයේම හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. රජය නියෝජනය කරන මේ දේශපාලනඥයාට ඇති බලය නිසාම ප‍්‍රදේශයේ ජනතාව මර බියෙන් පසුවෙති. ඊට එරෙහිව කිසිවක් කීමට ඉදිරිපත් නොවේ.

දේශපාලනඥයා මේ හවුල් ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන සිටින්නේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකි. කැලණි ගඟට සීමාවූ ව්‍යාපාරය පවත්වාගෙන යන ඉඩම ද එම ව්‍යාපාරිකයාට අයත්ය. දේශපාලනඥයාගේ තවත් ව්‍යාපාර ඇති අතර ඒ සඳහා යොදා ඇති නමේ මුල් අකුරවන ”එන්” ද ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරයේ මුල් අකුර යොදාගෙන මෙම කටයුතු අරඹා ඇත.

මෙම ව්‍යාපාරය වෙනුවෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් ලබාගත් බලපත‍්‍රයේ සඳහන්ව ඇත්තේ ඒ මඟින් ලබාගත හැක්කේ ”වැලි” පමණක් බවය. එම බලපත‍්‍රය මාසයක කාලයකින් අවසන්වන අතර කැණීම් කළ හැකි වැලි කියුබ් ගණන වනුයේ 30 කි.

මෙම බලපත‍්‍රය උපයෝගී කරගෙන පසුගිය ජුලි 07 වැනි දින උදේ 10ට මෙම නව ව්‍යාපාරය කැලණි ගං ඉවුරේ කුමාරිමුල්ල ප‍්‍රදේශයේදී සුබ මොහොතින් ආරම්භ කළ අතර පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් කි‍්‍රයාත්මක වන මේ ”රත‍්‍රං හා මැණික් ගැරීමේ කටයුත්තට ජාතික මට්ටමේ මුහුණුවරක් ලබාදීමට දේශපාලනඥයා උත්සාහ කර තිබිණි.
 

0000000000000
කැලණි ගං ඉවුරේ සවිකර ඇති නවීන යන්ත‍්‍ර සූත‍්‍ර

විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර සූත‍්‍ර සවිකර ආරම්භ කරන ලද මේ ව්‍යාපාරය ආරම්භ මොහොතට සහභාගිවන ලෙස දේශපාලනඥයාගේ නම සඳහන් ආරාධනා පත‍්‍ර ඔහුගේ හිතවතුන් අතර බෙදාදී තිබුණි.

ශ්‍රී ලංකාව ආසියාවේ ”ආශ්චර්ය ලෙස ඉදිරියට යන අවස්ථාවේ තවත් වාසනාවන්ත මොහොතකට අපත් සමග එකතු වන්න” යැයි එහි සඳහන්ව තිබුණි.

දේශපාලනඥයාගේ හා ව්‍යාපාරිකයාගේ පටු අරමුණු වෙනුවෙන් කි‍්‍රයාත්මක වන මේ වැඩසටහනට රජයේ උසස් තැන්වලින්ද ආශිර්වාදය ලැබෙන බව පෙන්වීමට දේශපාලනඥයා වත්මන් ජනාධිපතිවරයාගේ හිටපු වෛද්‍යවරයකුද මෙම අවස්ථාවේ ආරාධිතයකු ලෙස සහභාගි කරවා ගත්තේය. ඉන් නොනැවතුණු දේශපාලනඥයා එහිදී කළ කථාවේ දී අවධාරණය කළේ තමා මෙම ව්‍යාපාරය සඳහා බදු මුදල් රජයට ගෙවන බැවින් මෙම ස්ථානය හා අවට ප‍්‍රදේශවල මැණික් හා රත‍්‍රං ගැරීමෙන් සියලූ දෙනා වැළකී සිටි යුතු බවයි.

දේශපාලනඥයාත් මුස්ලිම් ව්‍යාපාරිකයාත් හවුල්වී ආරම්භ කළ මේ ව්‍යාපාරය මගින් කරන්නේ ගංගාවේ පිහිටි වැලි ලබාගෙන ඒවා ශුද්ධ පවිත‍්‍ර කර එහි ඇති රත‍්‍රං වෙන්කරගෙන ඒවා සහ වැලි අලෙවි කිරීම පමණක් බව ඔවුන්ගේ තර්කයයි. එහෙත් ඒ අදහස යට ඇත්තේ මෙම ස්ථානයේ ඇති රත‍්‍රං නිධියත් මැණික් ඉල්ලමත් බව කුඩා දරුවා පවා දනී.

මෙවැනි වැලි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අවම වශයෙන් ප‍්‍රාදේශීය සභාවේ අවසරයවත් අවශ්‍යය. එහෙත් දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති මිලාන් ජයතිලක මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කීවේ කිසිදු බලපත‍්‍රයක් මේ සඳහා ලබාගෙන නොමැති බවය. දොම්පේ ප‍්‍රාදේශීය සභාවට මීට පෙර ලිපියක් එවන මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත්තේ පූගොඩxකනම්පැල්ල පාලම ආසන්නයේ කිසිදු වැලි හෑරීමකට ඉඩ නොතබන ලෙසය. මධ්‍යම පරිසර අධිකාරියෙන් පවා සංවේදී කලාපයක් ලෙස නම්කර ඇති මේ කලාපයේ දැවැන්ත යන්ත‍්‍ර සූත‍්‍ර දමා වැලි හෑරීම රුපියල් කෝටි ගණනක් වැයකර කැලණි ගඟ හරහා ඉදිකළ පාලම ද අනතුරේ දමන්නකි.

රජය නියෝජනය කරන දේශපාලනඥයකුවීම නිසා අපේ රටේ ඇති පරිසර ආයතන හෝ වගකිවයුතු ආයතන මේ පිළිබඳව පෙර හෝ පසු විපරමක් නොකරන බව සත්‍යයකි. එහෙත් ඒ අවසරයෙන් මෙම ස්ථානයේ සිදුවිය හැකි මහා විනාශය ද විශාලය.

වැලිගොඩට ගෙන ඒවා ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කාර්යයට ජලය ලබාගන්නේද කැලණි ගෙඟනි. ගෙඟන් ජලය ලබාගන්නා ජල හෝර්ස් මගින්ම කැලණි ගෙඟ් ඇති මඩ ඉල්ලම් වශයෙන්ද ගොඩට ගැනීමේ හැකියාව ඇත. දවල් කාලයට ජලය ලබාගෙන රාති‍්‍ර කාලයට මැණික් ඉල්ලම් පිහිටි මඩ ගොඩට ගැනීම සිදු නොවනවා යැයි කාටනම් තහවුරු කළ හැකිද?

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් පමණක් ලබාගත් වැලි කැණීම් බලපත‍්‍රය උපයෝගී කරගෙන මේ ස්ථානයේ මැණික් ගැරීමක් සිදු නොවෙතැයි කාටනම් කිව හැකිද? සාමාන්‍ය පුද්ගලයකු මෙම කාර්යය කරන්නේ රජයේ වගකිවයුතු ආයතන හා පොලිසිය එක දිගටම වැටලීම් හා සොයා බැලීම කරතත් මෙම දේශපාලඥයාගේ කටයුතු සොයා බලන්නට රාජ්‍ය ආයතන හෝ පොලිසියට පිට කොන්දක් තිබේදැයි සැක සහිතය. මෙම ව්‍යාපාරය මගින් කැලණි ගංඟාව ඉවුරේම සවිකර ඇති ”සකර්” මැෂිමේ සිට ගංඟාවට දමා ඇති ජල නළයේ පළල අඟල් 4කි. ඒ මගින් ජලය මෙන්ම කැලණි ගංපතුලේ ඇති මඩ ද උඩට ගත හැකිය. ගං පතුලේ තැන්පත්ව ඇති මැණික් ගල් ද ඒ මගින් උඩට ගත හැකිය.

පරිසර නීතියට අනුව මෙරට මැණික් හමුවන ප‍්‍රදේශවල පිහිටි ගංඟා මැණික් ගැරීම සඳහා කොටස් වශයෙන් වෙන්දේසි කළ ද මැණික් ගැරීම කළ යුත්තේ ”කූඩ” මගිනි. මෙරට මෙතෙක් මෙවැනි යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මැණික් ගරන්නට නීතියෙන් කිසිදු අයකුට ඉඩදී නැත. නමුත් කැලණි ගෙඟ් කිසිදු මැණික් ගැරීමකට අවසරදී නැත. අනෙක් අතට ලංකාවේ ප‍්‍රධාන ගංගාවල සංවේදී කොටසක මෙවැනි යන්ත‍්‍ර සූත‍්‍ර දමා කර්මාන්තයක් ඇති කළ පළමු අවස්ථාවද මෙය විය හැකිය.

සාමාන්‍ය මිනිසුන් බලපත‍්‍ර රැුගෙන රත‍්‍රං ගැරූ අවස්ථාව දැන් අහිමිදැයි අප දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් එච්.ජී.ජේ.පී. විජයසිරිවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී එතුමිය කීවේ  ඕනෑම අයකුට භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් බලපත‍්‍රය රැුගෙන එම කාර්යයේ නිරතවිය හැකි බවය. පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග මහතාගෙන්ද අප විමසූ විට කීවේ අලූතින් අරඹා ඇති නව කර්මාන්තය බලපත‍්‍ර රැුගෙන කරගෙන යන්නක් බවය.

එහෙත් සාමාන්‍ය මිනිසකු මෙවැනි කාර්යයක් ආරම්භ කළේ නම් එයට අවශ්‍ය ප‍්‍රාදේශීය සභාවේ අවසරය පරිසර අධිකාරියේ අවසරය මැණික් ගරන්නේ නම් ඒ සඳහා ලබාගත යුතු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අවසරය තිබේදැයි සෙවීමට නිලධාරීන් උත්සුක වුවත් දේශපාලනඥයාගේ මේ ව්‍යාපාරයට ඒවා තිබේදැයි සොයා බලන්නට ඔවුන් උත්සාහවන්නේ නැත. භූ විද්‍යා කාර්යාංශයෙන් ලබාගත් වැලි බලපත‍්‍රය ඉදිරියට දමා ඔවුන් ”ඔව් බලපත‍්‍ර තිබෙනවා” යැයි පුන පුනා කියයි.

මෙතෙක් කල් බලපත‍්‍ර රැුගෙන රත‍්‍රං ගැරූ කිසිදු අයකුට දැන් ඒ ප‍්‍රදේශයට පය ගැසිය නොහැකිය. එසේ කරන්නේ නම් ජීවිතය පිළිබඳව ආශාව අතහැර එය කළ යුතුය. මේ නිසා කුමාරිමුල්ල,  ඕවිටිගම, පූගොඩ, කනන්පැල්ල ඇතුළු ගම්මාන රැුසක ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිති. මුළු දවසම ගඟට බැස සිට රත‍්‍රං කැබලි කිහිපයක් සොයා දිවි රැක ගත් බොහෝ දෙනකුට දේශපාලනඥයාගේ මේ නව ව්‍යාපාරයෙන් බඬේ පහර වැදී ඇති බව අප මේ පිළිබඳව විමසීමේදී බොහෝ දෙනෙක් කීහ.

මේ සියලූ දෙනා අප හා කීවේ තමන්ගේ නම්, ගම් පළ නොකරනවා නම් අදහස් ඉදිරිපත් කරන බවය. අප කථා බහ කළ දහ පහළොස් දෙනාම කීවේ එකම කථාවකි. එනම් රන්වල දෙවියන් තමන්ට දුන් රත්තරං හා මැණික් වරම පුද්ගලයින් දෙදෙනකු කොල්ලකෑමට සූදානම් වන බවය.

 

SLD_20140713

”මහත්තයෝ මේ සිද්ධිය ජනාධිපතිතුමාටත්, දිස්ති‍්‍රක් නායක බැසිල් රාජපක්ෂ මහත්තයාවත් දන්නේ නැහැ. ඔවුන් මේ ගැන දන්නවා නම් මේක කරන්න දෙන්නේ නැහැ. අපේ දේශපාලකතුමා මේකට රාජ්‍ය තාන්ති‍්‍රක තත්ත්වයක් දෙන්න හදනවා. මේකට රජයේ ඉහළ තැන්වල ආශිර්වාදය තියෙන බව පෙන්වන්න හදනවා.

ඒත් මේ කරන්න හදන කොල්ලය ජනාධිපතිතුමා දැන ගත්ත ගමන් නතර කරන බව අප දන්නවා. මේක අපට දෙවියන් දුන් තෑග්ගක්. මේක භාරව ඉන්නේ රංවල දෙවියොයි. කාගෙන් බේරුණත් රංවල දෙවියන්ගෙන් බේරෙන්න ඔය දේශපාලකයන්ට බෑ” ඔහු කීවේය. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලනඥයින්ගෙන් ප‍්‍රදේශය බේරාදෙන ලෙසය.

මීට දින කීපයකට පෙර අරඹන ලද මෙම කටයුත්ත දැන් ලහි ලහියේ කි‍්‍රයාත්මකය. බලධාරින්ගේ ඇස් ඇරෙන විට ද විශාල හානියක් මේ ප‍්‍රදේශයට සිදුවී තිබෙන්නට ඉඩකඩ වැඩිය.

 

Untitled-13
 



අදහස් (0)

කැලණි ගඟේ රත්තරන් හෑරීම දේශපාලකයෙක් අතට

ලෙස්ලි Thursday, 17 July 2014 01:05 AM

ඔය පළාතේ ජනතාව ගැන නම් මම කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

හෂාන් Thursday, 17 July 2014 09:17 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මිලින්ද Thursday, 17 July 2014 10:42 PM

මහත්තයෝ, කැලණිය කන්නේ කැළණියෙන් ආ කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 03:01 PM

කැලණිය කියන්නේ මුහුදට ඉතාම ආසන්න ප්‍රදේශයක් .වටිනා ඛනිජ සම්පතක් මුහුදට බිලි නොදී ප්‍රයෝජනයක් ගැනීම එක අතකට නරකක් නොවේ !(අ)

:       0       0

වසන්ත Thursday, 17 July 2014 01:04 PM

කියන්නකෝ මේ කවුද කියලා (නි)

:       0       0

නාරද Thursday, 17 July 2014 01:52 PM

ඒකතමයි සමහරු එහෙනම් කැළණියෙන් යන්න බෑමයි කියන්නේ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 17 July 2014 08:20 AM

බලන්න දෙයක් නැහැ රටේ ඉන්නේ වැඩි හරියක් බත් කන අයනේ.කරන්න දෙයක් නැහැ.ඕවා පෙර ආත්ම වල කළ කර්ම වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 71 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 58 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 26 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 64 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 37 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 553 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 585 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site