IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ක්ලියෝපැට්රා සොයා යන සාහි හවාස්ගේ ගවේෂණය

ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර දෙදහසකටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය යෑම යහපතැයි සිතූ ඇය අවසානයේ දී සර්පයකු ලවා දෂ්ට කරවා ගෙන මිය යන්නට සිතුවාය. මෙම සිදුවීම, පැරණි ඉතිහාසකරුවන් විසින් යළි යළිත් විස්තර කරන ලද අවස්ථා බොහෝය. මහා කවි විලියම් ෂේක්ස්පියර් විසින් ‘සීසර් ඇන්ඞ් ක්ලියෝපැට්රා’ නාට්‍යය තුළින් එය අමරණීයත්වයට පත් කර ඇත. යුද්ධයෙන් පසු සිය සැමියා, මාක් ඇන්තනි පරාජය වීමත් සමග, ක්ලියෝපැට්රා රැජන පොළඟකු ලවා දෂ්ට කරවා මරණයට පත් වූ බව මෙතෙක් කලක් පුරා විද්‍යාඥයෝ විශ්වාස කළහ. එහෙත් දැන් ඒ බව තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සූදානමින් සිටිති. ඔවුහු ක්ලියෝපැට්රා සහ මාක් ඇන්තනි මිහිදන් කළ ස්ථානය ගවේෂණය ආසන්නයට පැමිණ සිටිති.


‘සමහර විට මේ ගවේෂණයත් සමග අප මෙතෙක් දැරූ මතය වෙනස් වීමට ඉඩ තිබෙනවා’  ඒ, ලෝකයේ වඩාත් ගෞරවණීය පුරාවිද්‍යාඥයාගේ මතයයි. ඔහු මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම්වරයාය. නම ආචාර්ය සාහි හවාස් ය. 

මීට වසර කිහිපයකට පෙර එනම් 2009 අපේ‍්‍රල් මාසයේ දී හවාස්, කියා සිටියේ තමාගේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායම ක්ලියෝපැට්රාවන්ගේ සොහොන යැයි විශ්වාස කරන ස්ථානය ගවේෂණයට සූදානමින් සිටින බවය. එම ගවේෂණ කටයුතු තවමත් අවසන් වී නැත. එම සොහොන පිහිටා ඇත්තේ ඇලෙක්සැන්ඩ‍්‍රා නගරයේ සිට කි.මී. 48ක් දුරිනි. එය හැඳින්වෙන්නේ අබුසීර් යනුවෙනි. මිසර දෙවි ඔසයිරිස් වෙනුවෙන් ඉදිකළ දෙවොලක් ද එහි පුරාවස්තු අතර දකින්නට ලැබෙන බව පැවැසෙයි.

මෙහි තිබී ක්ලියෝපැට්රාවන්ගේ රූපය හා අක්ෂර රැුගත් කාසි ගණනාවක් සොයා ගැනුණි. දෙවොලේ කැටයම් අතර පෙම්වතුන් දෙදෙනකු වැළඳ ගෙන සිටින ආකාරය දැක්වෙන කැටයමක් ද ඇත. මාක් ඇන්තනිගේ යැයි අනුමාන කළ හැකි බෙදුණු නිකට සහිත සෙරමික් රූප කැබැල්ලක් ද හමුවී තිබේ. හවාස් එය ඇන්තනිගේ මළ සිරුර වැසූ වෙස් මුහුණ ලෙස හඳුන්වන්නට පෙලඹුණි. 

එහි කැණීම් කළ පුරාවිද්‍යාඥයෝ තවත් ප‍්‍රභූ මළ සිරුරු 10ක් පමණ එම බිමෙන් මතු කර ගන්නට සමත් වූහ. ඔවුහූ රේඩාර් යොදා ගෙන භූගත මාර්ග කීපයක් පරීක්ෂා කළහ. ”අපට ඒ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වන සියවසේ ලොකු ම සොයා ගැනීම වේවි” හවාස් තමා සමග ආ ටෙලිවිෂන් කණ්ඩායමට කීවේ මහත් බලාපොරොත්තු ඇතිවය. ඔහු එය අතිශයෝක්තියෙන් කියන්නක් යැයි කිසිම කෙනෙක් චෝදනා කළේ නැත. එදා, 1922 දී හොවාඞ් කාටර් ටුටන්කාමන් රජුගේ සොහොන සොයන්නට දැක්වූ උනන්දුවට සමාන උනන්දුවකින් ක්ලියෝපැට්රා රැුජනගේ සොහොන සොයන්නට හවාස් කි‍්‍රයා කළේය. 

ඉතිහාසයේ හා ශිෂ්ටාචාරයේ විවිධ ස්තර රැුසක් මත පිහිටි, ඊජිප්තුවට (මිසරයට) සමාන තවත් රටක් ලොව අන් කවර තැනක හෝ නැති තරම්ය. පිරමීඩවල පටන් මධ්‍යකාලීන යුදෙව් වෙළඳුන්ගේ ලිපි ලේඛන තෙක් ඉපැරණි දේ එහි ගහණය. එසේ ම රටක අතීතයට පැතුරුණු බලයක් හා ආධිපත්‍යයක් ඇති, වගකීමෙන්, අභිමානයෙන් හා උනන්දුවෙන් පිරි, හවාස්ට සමාන විද්‍යාඥයකු සිටින රටක් ද ලොවෙහි තවත් නැත. මිසරයේ පුරාවිද්‍යා කැණීම්වල සර්වබලධරයා ඔහුය. කැණීම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේත්, කැණීම්වලදී හමුවන දේ ලොවට හඬ ගා කියන්නේත් ඔහුය. නයිල් නදියේ මේ නටබුන් අතර වඩාත් කාර්ය බහුල පුද්ගලයා වන්නේද ඔහුය.

නයිල් ඩෙල්ටාවේ පිහිටි ඩැමීටා නගරයේ මධ්‍යම පන්තියේ පවුලක උපන් හවාස් ඇලෙක්සැන්ඩ‍්‍රා විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. අනතුරුව කයිරෝ විශ්ව විද්‍යාලයෙන් ඊජිප්තුවේදය හැදෑරූ ඔහු ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට ගියේය. 1987 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. ඇමෙරිකාවේ අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් සමඟ එරට මාධ්‍ය හඳුනා 
ගැනීමත් නිසා ඔහුට ලොව වෙනත් කිසිම පුරාවිද්‍යාඥයකු නොලැබූ තරම් අවධානයක් ලබා ගත හැකි විය. මිසරයේ වටිනා වස්තුවලින් අනූන මේ ගීසා නිම්නයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වී නොබෝ කලෙකින් ම, එනම් 2002 දී, මිසරයේ උපරිම පුරාවිද්‍යා කවුන්සලයේ මහ ලේකම් පදවියට පත් කරනු ලැබීය. එයින් පසු මුළු ලොව අවධානය ඔහු වෙත යොමු විය. ඔහුට ලොව පුරා විවිධ විශ්ව විද්‍යාලවලින් දේශන සඳහා ඇරයුම් ලැබිණ. රූපවාහිනී සාකච්ඡුාවලට යාමට ද සිදු විය. විවිධ පොතපතට අදහස් දැක්වීමට සිදු විය. කෙළවරක් නැතිව ලිපි ලේඛන සැපයීමට ද සිදු විය. 

1996 දී, ගිසාහී වැඩ කරද්දී හවාස්ට බහාරියා ක්‍ෂේමභූමියේ නොසිතූ තැනක සොහොන් බිමක් හමු විය. එය කයිරෝ නගරයෙන් වයඹදිගට කි.මී. 370ක් පමණ දුරින් පිහිටි තැනකි. එය 1996 පෙර පුරාවිද්‍යාඥයන්ගේ සැලකිල්ලට ලක් නොවුණු තැනක් විය. එය බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ ලෙස සලකනු ලැබීය. පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැුකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව ගියේය. හදිසියේ ම බූරුවා දිය සිඳී ගිය අඳුරු වගුරකට වැටුණේය. ඌ ගලවා ගන්නට ඔහුත් ඒ අඳුරු වගුරට බැස්සේය. ඒ වළෙන් ඔබ්බෙහි වූයේ කෙටි උමඟකි. එය වැටී තිබුණේ මෙතෙක් සොයා නොගත් සොහොන් ගැබකටය. හදිසියේ ම ඔහුට දැක ගන්නට ලැබුණේ රනින් දිළිසෙන ඇතුළු ගැබකි. එය රනින් ආවරණය කළ මමීවලින් පිරී තිබුණේ ය. වහා ගොඩට ආ ඔහු ඒ බව තම උසස් නිලධාරින්ට දැන්වීය.

සාහි හවාස් එහි ගියේ ඒ අනුවය. ”1996 මාර්තු 2 වැනිදා, මට කිසිදාක අමතක නොවන දිනයක්. ඒ ආරංචිය ලැබෙන වෙලාවෙ මම හිටියෙ ගිසාවල, පිරමීඩ ඉදි කළ අයගේ සොහොන් ගැබක කැණීම් අධීක්ෂණය කරමින්. එදා සවස මම ඒ මහා පිරමීඩ ඉදි කිරීමට හවුල් වූ අයකුගේ ඇට සැකිල්ලක් පිරිසිදු කරමින් හිටියා. හදිසියේ ම මගේ සහායක මන්සූර් බොරේක් මා වෙත ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ විස්මයට පත් වූ බවක්. අලූත් විස්මිත සොයා ගැනීමක් ගැන දැනුම් දෙන්න, ඈෂ්රි ෂේකර් පැමිණ ඇති බව ඔහු කීය. ඔහු පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ බහාරියා ඔඑසිස් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි.”හවාස් ඒ අවස්ථාව විස්තර කරන්නට විය. 

”මා මුලින් හිතුවේ මන්සූර් මට විහිළුවක් කරනවා කියලයි. ඒත් ඈෂ්රිගේ මුහුණ දුටු මට එහි ඇති බැරෑරුම්කම් අවබෝධ වුණා. ඔහු කීවා පුරාවිද්‍යා රැුකවලකු වූ අබ්දුල් මිගෝඞ් සිය බූරුවා සොයා යද්දී ඔහුට පොළොවේ සිදුරක් හමු වුණු බව. ඒ සිදුරෙන් එබී බැලූ ඔහුට රනින් දිළිසෙන යමක් ඒ ඇතුළෙන් දැක ගන්නට ලැබී ඇති ඔහු මට දැනුම් දුන්නා. මා වහාම එහි ගියා. එක් සොහොනක සිවිලිම සිදුරු වී හිරු රැුස් ඒ සොහොන තුළට වැටෙමින් තිබුණා. මම ඒ ඇතුළට ගිහින් බැලූවා. හිරු රැුස් නිසා මට දැක ගත හැකි වූයේ රත්තරන් විතරයි.” හවාස් ඒ සිද්ධිය පුවත්පත්වලට විස්තර කළේ එසේය. 
තමා එක්වර ම දුටු දෙයින් විස්මයට පත් හවාස් ආපසු ගියේ මිසරයේ මෙතෙක් නොවූ විරූ දැවැන්ත ගවේෂණය අරඹනු පිණිස කටයුතු පිළියෙල කරන්නටය. මේ අති විශිෂ්ට සොයා ගැනීම හා ඒවා සුරැුකී තිබුණු ආකාරය ඔහුගේ මිතුරු පුරාවිද්‍යාඥයන් මවිත කරවනසුලූ විය. සුප‍්‍රකට ටුටන්කාමන්ගේ සොහොන වැනි පැරණි සොහොන් රාශියක් එහි තිබුණි. එහි කොටසක් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී තිබුණ ද සෙසු කොටස ඉන් වසර 2000 කට පෙර ඒවා මුද්‍රා තැබූ අයුරින් ම සුරැුකිව තිබුණේය. ඒ කාලයේ මිසරයත් මැදපෙරදිගත් රෝම අධිරාජ්‍යයේ කොටසක්ව පැවැතුණි.
 බහාරියාහී ඇති සොහොන් බිම් වැඩි හරියක් අයත් වන්නේ යුග දෙකකටය. එකක් කි‍්‍ර.පූ. 6 වන සියවසේ පැවති 26 වන රාජ වංශයට අයත් කාලයට ය. එකල මේ නගරය වැදගත් වෙළෙඳ හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් විය. ඒ එහි මුල් යුගය විය. අනෙක කි‍්‍ර.ව. 1 වන 2 වන සියවස්වලට අයත් විය. ඒ මිසරය රෝමයේ පාලනයට යටත් වූ සමය විය. මෙහි ශේෂව තිබූ මමි හතර විධියකට සුරක්ෂිත කර තිබේ. එක් වර්ගයක මමියක් තුනී රන් පටලයකින් ආවරණය කර තිබුණි.  තවත් මමියක් මිනිස් ප‍්‍රමාණයට ලිනන් හා ප්ලාස්ටර යොදා තැනූ වෙස් මුහුණක් ඇති මමි පියනකින් ආවරණය කර තිබිණ. ඒ ආවරණය වැසෙන සේ අයිසිස්, ඔසයිරිස්, හෝරස් හා අනුබිස් යන දෙවිවරුන්ගේ හා දෙව්¥වරුන්ගේ රූප පින්තාරු කර තිබිණ. අනිකුත් ඒවා බොහොමයක් පිඟන් මැටිවලින් තැනූ මිනිස් මුහුණක් සහිත මිනිස් රුවට සමාන බහලූ තුළ තැන්පත් කර තිබිණ. ස්වල්පයක් පමණක් ලිනන් රෙදිවලින් ඔතා තිබිණ. වළලූ, සුර, වැලපෙන කතුන්ගේ පිළිම, පිඟන් මැට්ටෙන් තැනූ යාත‍්‍රා, සතුටට හා කාමයට අනුග‍්‍රහය දක්වන වාමන දේවතාවකු වූ බෙස්ගේ කුඩා පිළිම ආදිය මේ සිරුරු සමඟ තැන්පත් කර තිබේ.

සාහි හවාස් දැන් ජාතියේ අති දැවැන්ත, වටිනා පුරාවස්තු සම්භාරයේ භාරකාරයාය. ලොව පුරා ඇති මිසර පුරාවස්තු ආපසු මිසරයට දෙන්නැයි ඔහු විසින් දැඩි ඉල්ලීමක් කර ඇත. පුරාවස්තු කණින්නන් විසින් මිසරයෙන් ‘සොරා ගෙන’ ගොස් ලොව පුරා කෞතුකාගාරවල තැන්පත් කර ඇති පුරාවස්තු නැවත මිසරයට ලැබිය යුතුය යන අදහස ඔහු තරයේ විශ්වාස කරයි. මේ වටිනා කෞතුක වස්තු අතර මිසරයෙන් ගෙන ගොස් දැන් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රොසැට් පුවරුව ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ඇති නෙෆර්ටිටි රැජිනගේ උඩුකය පිළිරුව, පැරීසියේ පැලස් ඩි ලා කොන්කෝඞ් කෞතුකාගාරයේ තබා ඇති ලක්සෝර් දෙවොලේ ඔබ්ලිස්කය හෙවත් සිරි ලකුණු කුලූන ආදිය ඔහු ආපසු ඉල්ලා ඇති පුරාවස්තු ලැයිස්තුවෙන් කිහිපයකි. 2008 නොවැම්බරයේ සාහි හවාස්, සක්කාරාහී තවත් පිරමීඩයක් සොයා ගත් බව ප‍්‍රකාශ කළේය. කයිරෝ නගරයට ආසන්න සොහොන් බිමක් වූ එය කි‍්‍ර.පූ. 2,300ට අයත් වූවක් විය. දැනට මෙහි උස මීටර් 5කට සීමා වුවත් කලින් එය මීටර් 14ක් වූ බව සඳහන් වෙයි. මෙහි සමස්ත ස්මාරකය ම පිරිසිදු සුදු පැහැති හුනුගලින් වසා තිබූ අතර එය සේෂේෂෙත් නම් රැුජනක් වෙනුවෙන් ඉදි කරන ලද්දකි.

මෙය විශිෂ්ට සොයා ගැනීමක් වුවද හවාස්, මින් නොනැවතී ඔහුගේ ඊළඟ ගවේෂණය දෙසට හැරුණේය. ඒ අන් කිසිවක් නොව ක්ලියෝපැට්රාගේ සොහොන සොයා යෑමය. මේ වන විට අප ක්ලියෝපැට්රා ගැන දන්නා දේ සමහර විට මේ සොහොන සොයා ගැනීමත් සමඟ කනපිට පෙරළෙනු ඇත. බටහිර සාහිත්‍යයෙහි හුවා දක්වා ඇත්තේ ක්ලියෝපැට්රා රැජන ආශාවන්ගෙන් පිරුණු තැනැත්තියක ලෙසය. ඇය තමා හමුවට ආ යහපත් රෝම පුරුෂයන් රවටා තමා වෙත නතු කර ගත් බවත් ක්ලියෝපැට්රා ගැන කර ඇති ප‍්‍රබන්ධවල සඳහන් වෙයි. ඇගේ අනන්‍යතාවේ පටන් හැම දෙයක් ම අද විවාදාත්මක වී තිබේ. 

2009 දී හමු වූ ඇගේ අඩ සොහොයුරියගේ හිස් කබලත් සමග, අප මෙතෙක් දැන සිටි පරිදි ඇගේ පෙනුම හා සම්භවය ගී‍්‍රක වුව ද ඇයට අපි‍්‍රකානු සම්භවයක් තිබිය හැකි බවට මතයක් පළ කෙරුණි. ඇගේ රුව රැුගත් කාසි හොඳින් පරීක්ෂා කර බලන විට කෙනකුට ඇය සාමාන්‍ය ගැහැනියක් බව පෙනී යා හැකිය. 

රෝම ඉතිහාසඥ ප්ලූටාක් ද ඇය ගැන මෙවන් සඳහනක් කර ඇත: ”ඇයට තිබුණේ ඇයට ම ආවේණික රූපයක් මිස තවත් කෙනකු හා සැසඳිය හැකි රූපයක් නොවේ. එය දකින හැමදෙනා ආකර්ෂණය කරන රූපයක් නොවේ.” මීටත් වටා ගැටලූ සහගත තත්වයක් ඇගේ මරණය හා සම්බන්ධව පවතියි. ඒ මොහොත, රෝම අධිරාජ්‍යයක උදාව සනිටුහන් කළ එකක් විය. එසේ ම ඒ මොහොතේ ජුලියස් සීසර්ගේ බෑණා වූ ඔක්ටේවියන්, මාක් ඇන්තනි සමග දරුණු සිවිල් යුද්ධයක පැටලී සිටියේය. 

”ස්ථිරව ම ඇය මිය ගියේ ඔක්ටේවියන්ට වඩාත් වාසිදායක මොහොතකය. ඒත් ඇය දිවි නසා ගත් බවට නිශ්චිත සාක්ෂි නැහැ. ඒ නිසා එක්කෝ ඇයට දිවි නසා ගන්නට බල කරන්නට ඇති. නැති නම් ඇය මරා දමන්නට ඇති. ඒ වගේ ම ඇය සර්පයකු දෂ්ඨ කොට මිය ගිය බවටත් කිසිදු සාක්ෂියක් නැහැ.” යයි ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වූ ජොයිස් ටිල්ඩෙස්ලි කියන්නීය. ඇය 2008 දී ‘ක්ලියෝපැට්රා: ඊජිප්තුවේ අවසන් රැුජන’ නම් පොතක් ද ලියා ඇත්තියකි. 

 

පරීක්ෂණ කෙරෙන අයුරු


‘ගේ‍්‍රට් ඩිස්කවරීස්’ ඇසුරිනි

 

 



අදහස් (0)

ක්ලියෝපැට්රා සොයා යන සාහි හවාස්ගේ ගවේෂණය

රීටා Monday, 31 March 2014 03:27 PM

ක්ලියෝ පෙට්‍ර විතරක් නොවේ ටුටන් කාමන්,රම්සෙස්,තොත්මස්, සීසර්, රෝමය, ඇලෙක්සැන්ඩර්, අස්තෙක්, ඉන්කා, මායන්, සැක්සන්, ස්පාටන්, වගේ ඇමරිකන්, යුරෝපිය පමණක් නොවේ චීන අප්‍රිකන් සිස්ටාචාර ගැන දන ගන්න දැන් අන්තර්ජාලෙන් පුළුවන් නේ.ඉංග්‍රීසි විතරයි ඕන. ෆේස් බුක් වල රස්තියාදු වෙනවට වඩා.(නදී)

:       0       0

ප්‍රියා Monday, 31 March 2014 03:37 PM

නිලා, කරුණාකරල ශ්‍රී ලංකාව අතහැරල වෙන රටකට යන්න. තමන්ට සෙවණ දුන් රැකවරණය දුන් තැනක් පහත් කරල කතාකිරීම තරම් හීනමාන කමක් තවත් නෑ. ලෝකෙන්ම දරුණුම ත්‍රස්තවාදීන් කියල හංවඩු ගැහුණු කොටින්ට විරුද්ධව සටන් කරන කාලෙ ඒකට හැකි හැම විදියෙන්ම සහයොගය දීපු මිනිසුන් සිටින , සුනාමි වගේ මහා විපත් පැමිණි අවස්ථාවේ ජාති,කුළ,ආගම් බේද වලින් තොරව අසරණයන්ට කෑමබීම, ඇ‍ඳුම් පැළ‍ඳුම්, බේත් හේත් හැකි පමණ සිය කැමැත්තෙන් පරිත්‍යාග කරපු මිනිසුන් සිටින, කුමණ ප්‍රශ්ණයක සිටියත් සිනහ මුසුව, සුහදශීලීව කතාබහ කරන (මෙය මා හට කතාබහ කිරීමට අවස්ථාව ලැබුණු විදේශිකයන් සෑමදෙනාගේම පාහේ අදහසයි) මිනිසුන් සිටින රටක ජීවත් වන අපිට අපේ රට ලෝකෙත් උතුම් රටයි කියල අභිමානයක් ඇතිකර ගැනීම හොඳටම හැකියාව ඇත. සටහන- අතළොස්සක් දෙනා සිදුකළ, සුනාමි ව්‍යසනයේදී පීඩාවට පත්වූවන්ගේ දේපළ මංකොල්ලකෑම පමණක් ඉස්මතුකරමින් එම අවස්ථාවේදී අතිමහත් ලංකාවාසී ජනතාව ප්‍රදර්ශනය කළ මහත්මා ගුණය හෑල්ලුවට ලක්කිරීමට ඔබ වැන්නන් පසුබට නොවන බවද දනිමි.(නදී)

:       0       0

ජීවන් Monday, 31 March 2014 04:29 PM

ප්‍රියා, ඔබට අනුව ලංකාවේ "ශ්‍රේෂ්ට" මිනිසුන් විසින් ගන්න තීන්දු තීරණ නිසා මේ රට අබාවයට යන්නේ කෙසේදැයි කියා පැහැදිලි කරන්න. ඔබට අනුව මේක කේතුමතී පුරයක් හෝ මනං කල්පිත යුරෝපාවක් වගේ තියෙන්න එපැයි. අහරේ බෝට්ටුවලින් රට යන්නේ මොකෝ එතකොට. අපේ අතීතේ උතුම් උනාට වර්තමානේට මොකද වෙලා තියෙන්නේ.(නදී)

:       0       1

ප්‍රියා Monday, 31 March 2014 04:55 PM

මනං කල්පිත යුරෝපාවක් මොකටද? යුරෝපය කියන්නෙ සියල්ලද? (නදී)

:       0       0

ප්‍රියා Monday, 31 March 2014 05:10 PM

ලංකාවේ හැමෝම ඔහොමද, ජානක?. ආහාර නැව් ආවෙ නැත්තම් අපිට බඩගින්නෙම ඉන්න වෙයි කියල හොඳටම ෂුවර්ද? අපේ මිනිස්සුන්ගෙ හොඳයි කියල කියන්න කිසිම දෙයක් නැද්ද? අපූරුයි ඔහොම යං. කිසිම කතාවක් නැතුව ඔයාට ඊනියා ප්‍රගතිශීලී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්. (නදී)

:       0       0

අමරතුංග Tuesday, 01 April 2014 10:11 PM

ලියන‍ගේ වගේ සුභවාදීව හිතන අය සිටීම මේ ගමනට ඉතාම වැදගත්.............. ඒ වගේම "නිලා" කියන නැති කළයුතු, පහර දියයුතු, පයින් ගැසිය යුතු දේවල් ගොඩට තව එකක් අත්‍යවශ්‍යයි. ඒ අපේ ඉතිහාසය ගැන අභිමානයක් අතිව කටයුතු කිරීම ඉතාමත් බාල වැඩක්යැයි සිතන, අපේ ජනතාව මෝඩයන් පිරිසක්යැයි සිතන ඊනියා බුද්ධිමතුන්ගේ ආකල්පත් දුරලිය යුතුයි. (දී)

:       0       0

ග්‍රාම්‍යා Tuesday, 01 April 2014 01:16 PM

නීලා, ඔයා ටිකක් අන්තවාදීයි.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 30 March 2014 06:24 PM

නීලා ඇයි ඔහොම කියන්නේ. ඔයාට දෙමවිපියන් නැද්ද? (නදී)

:       0       0

නිකුකා Monday, 31 March 2014 12:18 PM

ලෝක ඉතිහාසය ගැන විස්තර ගෙනදුන්නාට ලංකාදීපයට ස්තුතියි (දී)

:       0       0

මාරසිංහ Wednesday, 02 April 2014 01:42 PM

සුබවාදය යනු දේශපාලක හිවලුන් විසින් පටලවා අයිසින් දමන සිහින ගොඩකි. පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට හොඳට හෝ නරකට කඩේ යන්නෝ මේ රටේ මෝඩ මිනිසුන් වරින් වර නිර්වින්දනය කර ඡන්ද දිනති.මම නම් සුබවාදී වීමට වඩා ප්‍රායෝගික වීම අගයමි (නි)

:       0       0

දිනේෂ් Wednesday, 02 April 2014 01:47 PM

අපිට මොන දේ ලැබුනත් අපි අපේ ඉතිහාසෙට ගරුකරන්න ඕනේ. නීලා වගේ අය තමයි ජීනිවා ගිහින් අපේ මව්බිමට කෙනෙහිලිකම් කරන්නේ.(නදී)

:       0       0

නීලා Monday, 31 March 2014 03:26 AM

එහෙම කියන්නේ හැම අතින්ම අපි උතුම් අපි උතුම් කියමින් අනික් ජාතින්,රටවල්,ඉතිහාසයන් ශිෂ්ටාචාරයන්,ආගම් අධ්‍යාපනයක් නොලද දැනීමක් නැති මමත්වයෙන් පිරුණු මානසික රෝගී හීනමාන කරුවන් විසින් නින්දාවට ලක් කරන නිසා. කියන තරම් උතුම් බවක් වැඩ වලින් පෙන්වන්නේ නැතිව කයිවාරු වලින් පමණක් දොඩවන නිසා.(නදී)

:       0       0

රාණි Wednesday, 02 April 2014 02:07 PM

අලුත් අලුත් ද නොතනන ජාතිය ලොව නොනගී. ඇමරිකාව දවස් දෙකක් වැඩ නැවත්තුවොත් ලෝකෙට උන්හිටි තැන අහිමි වෙනවා.චිනේ, බ්‍රසිලේ ඉන්දියාවේත් ඒකමයි.නවසිලන්තේ කිරි නාවොත් ලෝකෙන් තුනෙන් දෙකට කිරි නැහැ අපට වඩා පොඩි සිංගප්පුරුව ගුවන් තොටුපොල වැහුවොත් ලෝකේ 45% ගුවන් ගමන් අඩාලයි. නිකන් වහසි බස් වලින් ලෝකේ අල්ලන්ට බෑ සහෝදරයා... වැඩ තමා ඕන... (ස)

:       0       0

බකිති Monday, 31 March 2014 01:43 PM

හොද ලිපියක් (දී)

:       0       0

ලියනගේ Tuesday, 01 April 2014 05:08 PM

මෙහි ප්‍රතිචාර කියවන විට මට කණගාටුවක් ඇතිවිය. එකිනෙකාට දොස් තබන සමාජය අපි එකතුවෙලා නැති කරන්න උත්සාහ කරමු. මේ වගේම ශිෂ්ටාචාරයක් තිබුන රටක් තමයි ලංකාවත්.එය නැවත වරක් ගොඩ නඟන්න උත්සාහ කරමු.අපි හෙළයෝ! අපේ සම්පත් ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කර පිටරටට යවන ක්‍රමවේදයක් අපිට ගොඩනඟන්න පුළුවන්. එයට මුලික දේවල් මෙවැනි දේවල්ය. (නි)

:       0       0

නිමල් Monday, 31 March 2014 04:15 AM

කෝ කවුරුත් අපේ ඉතිහාසේ මිට වඩා උතුම් කියමින් ඊජිප්තු ඉතිහාසේ පහත් කරලා නැහැනේ. ඒ මොකෝ.... කාටවත් මදිකමක් හිතිලා නැද්ද අද.(නදී)

:       0       0

ලියනගේ Monday, 31 March 2014 02:03 PM

අපේ රටේ ඉතිහාසය තවම කවුරුත් හරියටම සොයාගෙන නැහැ. අපේ රටේ ඉතිහාසය වසර 7000ක් 8000ක් පමණ ඈතට යනවා. වෙන රටවල ලිය වුන ඉතිහාසය එක්ක සසදන විට ඉන්දියාවේ වැල් මිකී ගේ රාමායනය, ඉන්දියාවේ ප්‍රාන්තයක් වන අන්ද්‍රා වල තියෙන විජය නගර ගැන ලියවුන ලිපි පොත් පත් ..කියවන විට ඒවායේ තිබෙන ..තොරතුරු ..ඒ වගේම ..මිසරය ...ගෝතමාලා ..ලියුන දේවල් හා ඒවායේ ඇති තොරතුරු ..දකින විට ඒ දේවල් අපේ රටේ ඉතිහාසය .ගැනත් සදහන් වෙනවා. ඒ නිසා අපිට නැවත ලියන තැනට ඇවිත් තියනවා. ඒ තොරතුරු දත්ත අපි මහා වංසය මතම ඉන්නේ නැතිව සොයා බලන්න ඕනේ. මන් දැක්කා හොඳ වැඩසටහනක් යනවා ලංකාවේ නාලිකාවක. අප විසින් ඔවුන් දිරිමත් කල යුතු තැනට ඇවිත් තියනවා. දැන් තාක්ෂනය දුයුණු වෙලා තියෙන නිසා.(නදී)

:       0       0

නීලා Sunday, 30 March 2014 03:16 PM

ලොව උතුම්ම ඉතිහාසයක් ඇත්තේ ලංකාවට පමණයි කියමින් පාරම් බාන අයට මේ වැදගත් ලිපිය පහරක්.... (නි)

:       0       0

ප්‍රියා Wednesday, 02 April 2014 03:14 PM

දැන් ඔය අදහස් දක්වලා තියෙන අය ප්‍රායෝගිකව වැඩ පෙන්නන අයද? (ස)

:       0       0

ගැමී Sunday, 30 March 2014 03:45 PM

නීලා, ඔයා මොන ජාතියේ කෙනෙක්ද ඇත්තටම? (නි)

:       0       0

ගම්ලත් Wednesday, 02 April 2014 11:09 PM

මිසර ශිෂ්ටාචාරයේ ඉතිහාසය පිළිබදව ලියවී ඇති ඉහත සදහන් ලිපිය දැනුම සොයන්නන් සදහා ඉතා වැදගත් ලිපියකි. එම ලිපිය මගින් මිසර ශිෂ්ටාචාරයේ ඉතිහාසය පිළිබදව බොහෝ දැනුමක් මා විසින් ලබා ගන්නා ලදි. එමෙන්ම මෙම ලිපියේ තවත් විශේෂත්වයක් පවතී එනම් මෙම ලිපියට දක්වා ඇති ප්‍රතිචාර මගින් සමහර අය ප්‍රසිද්ධියේ තමාගේ නිරුවත පෙන්වා ඇති බව. ලෝකයේ ඕනෑම ශිෂ්ටාචාරයක් සමග තම ශිෂ්ටාචාරය සංසන්දනය කර බැලීමේ වරදක් මා නොදකිනමුත් වෙනත් ශිෂ්ටාචාරයකට වඩා තමාගේ ශිෂ්ටාචාරය පහත් යැයි ප්‍රකාෂ කිරීම තම ඇදුම් සියල්ල උනා දමා ප්‍රසිද්ධියේ මහ පාරේ ගමන් කිරීමක් වැනි යැයි ඔවුනට නොසිතෙන්නේ මන්දැයි මා හට නෙ‍තේරේ. ලොකයේ ඕනෑම රටක පුද්ගලයින්ට ඔවුන්ගේ මහත්ම අභිමානය වන්නේ ඔවුන්ගේ රටේ ඉතිහාසයයි. එම හේතුව නිසා නොවේද දියුනු යැයි සම්මත බටහිර රටක පුරවැසිභාවය ඉල්ලන සියල්ලන් සදහා එම රටේ ඉතිහාසය පිළිබද ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමට සිදු වන්නේ. සමහර විට එවැනි රටක ඉතිහාසය අවුරුදු දෙතුන් සීයක් පැරණි කෙටි ඉතිහාසයක් නමුත් ඔබ සොයා බලන්න ඔවුන් කෙතරම් අභිමානයකින් යුක්තව ඔවුන්ගේ රටේ ඉතිහාසය පිළිබදව කතා කරන්නේද කියා. ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයින් සිටි රටක් මේක අද ඔවුන් ඉතිහාසයේ කුණු කූඩයට වැටී සිටින්නේ ද එම පව පටිසන් දීමෙන්මයි. ඉතිහාසය අපට වැදගත් වන්නේ වරතමානය තේරුම් ගෙන අනාගතය ගොඩනගා ගැනීමට මිසක් එය පහත්කොට සලකා වෙනත් ශිෂ්ටාචාරයක් උසස්කොට සැලකීමට නොවන බව නීලා වැන්නවුන් හොදින් මතක තබා ගත යුතුවේ. එමෙන්ම ඔබ සිටින්නේ තවමත් එම මතයේම නම් කරුනාකර ඔබ ඔබගේ දෙමාපියන් සහෝදර සහෝදරයින් අමතක කර දමන්න මන්ද ඔබගෙ ඉතිහාසය ඔවුන් වන බැවින්.(නදී)

:       0       0

ජීවන් Tuesday, 01 April 2014 07:49 AM

යුරෝපාවක් නොවේ යුටෝපියාවක් ලෙස වෙනස් විය යුතුයි.(නදී)

:       0       0

ගම්ලත් Wednesday, 02 April 2014 11:19 PM

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබදව නව ප්‍රවේශයක් දෙරන නාලිකාව හරහා සමාජ ගත කිරීමට උත්සාහ දරමින් සිටී. එය අප අගය කල යුතු දෙයක් වන්නේ එමගින් අප දන්නා ඉතිහාසයම නැවත නැවතත් ස්මතු නොකරමින් හිතා මතාව අපගෙන් සගවා ඇති ඉතිහාසය මතු කිරීම සදහා ඔවුන් ගන්නා අතිශය නිර්භය වූ උත්සාහය අගය කිරීමක් වශයෙනි. අප විසින් සාකච්ඡා කරමින් සිටින්නා වූ මිසර ශිෂ්ටාචාරයේ ආරම්භකයින් ලෙස රාවනා රජුගේ ක්‍රියාදාමය පිළිබදව ඇතිව තිබෙන්නා වූ නව අදහස් අපට එක් වරම බොරුවක් ලෙස සලකා බැහැර කල නෙහැකි හෙතු සාධක සොයාගත හැකිවේ. මේ සදහා ප්‍රබල සාධක ලෙස ඉතිහාසඥයින් විසින් ගෙනහැර දක්වන සාධක අපට කිසි ලෙසකින්වත් ඉවත දැමිය හැකි ඒවා නොවේ එබැවින් අපගේ ශිෂ්ටාචාරය පිළිබදව යම් දෙගිඩියාවක සිටින්නවුන් මේ කරුනු පිළිබදව කරුනු සොයා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමට කැමැත්තෙමි.(නදී)

:       0       0

නීලා Tuesday, 01 April 2014 08:03 AM

ලංකාවට ආදරය කරන උදවියගේ මනෝරාජිත ශ්‍රී ලංකාව දැකීමට නම් පුරාජේරු කියා කියා අනෙක් දේවල් පහත් කරනවාට වඩා මෙන්න මේ උත්සාහයන් කළොත් හොඳයි. පන්ති බේදය සහ නිළධාරිවාදයට පයින් ගැසීම, කම්මැලිකම,හොරකම දුෂණය නැති කිරීම,දේශපාලක හෙන්චයියන් කිරීම වැළැක්වීම, පුරුෂාධිපත්‍යයට පහර ගැසීම, ආගම්වාදයට පයින් ගැසීම, අපට පුළුවන් හැමදේම අපිම හදා රට පැටවීම.... වැනි දේ කළහොත් එවිට වෙනත් රටවල් අපේ පසුපස එනවා ඇත.එවිට අපට වෙනත් රටවල් පසුපස යාමට සිදුව ඇති ශෝකය තුරන් වී රා බී මීයන් ලෙස වයන පුරාජේරුද අඩු වනවා ඇත. එහෙත් ලංකාවේ කළ නොහැක්කේත් එපමණය. ඒ මන්දයත් ඒ තරමටම දේශපාලන බත්බැලයන් නගුට ගැසීමට පුරුදුව ඇති බැවිනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 107 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 778 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1309 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 178 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 413 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site