IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කල් නොගොස් ලැබූ අපරාධයට දඬුවම

  6

 

ජීවිතය යහපත් අතට පරිවර්තනය කරගත යුතුය. ඒ සඳහා මග පෙන්වවීක් ඇවැසිය. මේ විශේෂාගය ඒ වෙනුවෙනි.

 

 

h

මතුගම, පාන්තිය, පියසේන දොඩන්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.


දැනට දශක කීපයකට පෙර ගමේ අද මෙන් දියුණුවක් නොතිබුණි. මුළු ගමටම තිබුණේ දෑතේ ඇඟිලි ගණනින් ගැනිය හැකි වූ කටුමැටි වරිච්චියෙන් නිම වූ ගෙවල් කීපයකි. 


ගොවිතැන් බත් කරකියාගෙන තම වත්ත පිටියේ එළවළු පලතුරු වර්ග ඇතුළු කොස්, දෙල්, අඹ, පුවක් ආදී අවශ්‍ය කරන සෑම දෙයක්ම වවාගත් අතර කුකුළන්, ගවයන්, එළුවන් පමණක් නොව බල්ලන් පවා රැුකගැනීමට ගම්වැසියෝ උනන්දුවක් හා කැමැත්තක් දැක්වූහ. ශාන්ත සුහද පරිසරයක ජීවත් වූ ගම්වාසීන්ට අද මෙන් මාරාන්තික ලෙඩ රෝග පීඩාවන් දකින්නට තබා අහන්නටවත් නොලැබුණි. කරුණු කාරණා මෙසේ වුවත් -පැණි වරකාවටත් හෙණ ගහන්නා සේ” ගමේ හොර මැර තක්කඩි සල්ලාලයන් ද නොසිටියා නොවේ. පාසල් අවධියේ

 
05-pg13d--tskd-pgs

සිටම හොරකම්වලට පුරුදු පුහුණු වූ -සිරිල්” මව්පිය වැඩිහිටි සහ ගුරුවරුන්ගේ කිසිදු අවවාදයක් පිළිනොගන්නා වූ නරුමයෙකි. තම වයසේ ගැටවරයන් දෙතුන් දෙනෙක් හා එකතුවී ගමේ හොරකම් මැරකම් හා සල්ලාලකම් කලත් ඔවුන්ට බියේ ගම්මුන් නීතියේ පිළිසරණ සොයා නොගියත් ගමේ සොරකමක් සිදුවුණ විටක ගමේ දේවාලය කරාගොස් දෙවියන් ඉදිරියේ හොරුන්ට ශාප කිරීම හා දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් කන්නලව් කිරීම නොකඩවා සිදුවුණි. හොරුන් නැත්තටම නැතිවේවා! යයි හැම දෙනාගේම එකම පැතුම වී තිබුණි. කාලය ගෙවී ගියේය. -කරන කළට පව් මීරිය මීසේ, විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ” යනුවෙන් ලෝවැඩ සඟරා කතුවරයා පවසා ඇති අන්දමට -ගල් හතක් ගහනවිට එකක් වදින්නාක් මෙන්” දිනක් රාත‍්‍රී කාලයේ ගමේ ලඳු කැලෑවක සූදු පොළක ඇති වූ ආරවුලක දී සිරිල් තම සගයකුගේ පිහිපාරකින් මාරාන්තික තුවාල ලැබීය. රෝගියා ළඟම ඇති රෝහල කරා ගෙන ගියත් අධික ලෙස රුධිරය වහනයවීම නිසා ඔහු ඒ වන විටත් මියගොස් තිබුණි. සූදු පිටියේ සිටි ඔහුගේ ගෝල බාලයන් ද මිනීමැරීමේ චෝදනාවට සිරගත වීමෙන් අනතුරුව ගමට උදාවූයේ සෙතකි.

ශාන්තියකි. මේ ආත්මයේදී තම තමන් විසින් කරනු ලබන පව්කම්වලට පලවිපාක ලැබෙන බව ගමේ හොරකමක් හෝ නොහොඹිනා කමක් සිදු වූ විට ගම්මුන් පවසන්නේ ගමේ හැදෙන වැඩෙන අය පවෙන් ගලවා ගැනීමේ එකම අභිලාෂයෙනි.

 

 

අංගොඩ කුඩාබුත්ගමුව එම්.ඒ. පියසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.


මවට දුක් වේදනා දුන් දියණියට ඒ දුකම අත්වෙයි


අගනුවරට ආසන්න ප‍්‍රදේශයක සිය එකම දියණිය සමගින් වාසය කළ ඇය ගුරුමාතාවක් ද වූවාය. දියණිය කුඩා අවදියෙහිදීම පිය සෙනෙහස අහිමිව ගිය බැවින් ඇගේ අනාගතය සැපවත් කරලීම උදෙසා එම මෑණියන් ඉමහත් වෙහෙසක් දැරුවාය. තම ධනය මෙන්ම ශ‍්‍රමය ද ඒ වෙනුවෙන් කැප කළ අතර, දියණිය ද මවගේ එම අපේක්ෂාව ඉටුවනසේ දක්ෂ ලෙස ඉගෙනීමෙහි නිරත වූවාය.


වැඩිදුර අධ්‍යාපනය සඳහා එතෙර යාමට ඇයට හැකි වූයේ ද එහෙයිනි. එහිදී මවසේම උපාධියක් හිමි කර ගත් අතර, පෙරළා මෙරටට පැමිණ රාජ්‍ය අංශයේ උසස් රැුකියාවක් ද ලබා ගත්තාය. ඉන් ටික කලකට පසුව එහි නිලධාරියකු සමග විවාහ දිවියට ඇතුළත් වූයේ මව ඇතුළු දෙපාර්ශ්වයේ නෑ හිතවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේය.


එම විවාහයෙන් දියණියට එක් පුතෙකු ලැබිණ නිවසෙහි කටයුතු පහසුවනු පිණිස මෙහෙකාර තරුණියක් ද යොදවා ගත් අතර, දරුවා රැුක බලාගැනීම දියණිය විසින් තම මෑණියන් වෙත පවරනු ලැබූවාය. ඒ අවස්ථාව වන විට ඇය විශ‍්‍රාම සුවයෙන් පසු වූ බැවින් දරුවා සමග කාලය ඇය ගත කළේ  මහත් සෙනහසින් රැුක බලා ගනිමිනි.


එමෙන්ම පසු කලෙක දියණිය විසින් දිනපතා උදයෙහි පාසල වෙත යොමු කරන ලද දරුවා යළි ආපසු කැඳවාගෙන ඒමද එම වියපත් මෑණියන් විසින් සිදු කරනු ලැබූවාය. එහෙත් ඒ සියල්ල උඩු යටිකුරු වීමට වැඩි කලක් ගත නොවීය. එපමණ කාලයක් මව කෙරෙහි පැවති ලෙන්ගතු බව දියණිය වෙතින් ගිලිහී යමින් තිබුණු අතර, ඇය සමඟ කතා බහ කිරීමෙන් ද වැළකී සිටින්නට වූවාය.


එසේම නිවසෙහි ඇවිද යාම ද මවට තහනම් විය. පහත මාලයෙහි කාමරයක් මව වෙනුවෙන් වෙන්කර දුන් දියණිය අවශ්‍ය දෙයක් වේ නම් මෙහෙකාර තරුණියගෙන් ඉල්ලා ගන්නා ලෙස ද දැනුම් දුන්නාය. එහෙත් ඇයට සලකනු වෙනුවට ඇතැම් විට සැඩ පරුෂ ලීලාවෙන් බැණ වැදීමට එම තරුණිය පුරුදුව සිටියාය. දියණියට මෙය රහසක් නොවූ අතර, එය වළක්වා ලීමට පවා කිසිවිටෙක ඉදිරිපත් නොවූවාය. තම දියණිය මේ ලෙස අකාරුණිකව හැසිරෙනුයේ ඇයගේ සැමියාගේ එනම්, බෑණාගේ උපදෙස් අනුව බව ඔහුගේ හැසිරීම මත වටහා ගැනීම එකී මවට අසීරු කරුණක් නොවීය. ඇය වඩාත් සිත් වේදනාවට පත් වූයේ ඒ පිළිබඳව නොව, සිය මුණුපුරාහට පවා තමන් සමග කතා බහ කිරීම තහනම් කරනු ලැබීම හේතුවෙනි.


අවසානයේ ඇය තීරණයකට එළැඹුණ අතර, තමන්හට විඳීමට සිදු වී තිබෙන දුක් වේදනා හිරිහැර පිළිබඳ කරුණු රහසිගතව ලිපියක ලියා සමීපතම ඥාතිවරියකට යැව්වාය. ටික කලක් මෙලෙස ගත වූවා පමණි. යම් හොරකමක් සම්බන්ධව මෙහෙකාර තරුණිය ඉන් ඉවත් කළ අතර, එතැන් පටන් නිවසෙහි වැඩ කටයුතු දියණිය හා ඇගේ සැමියා ද එක්ව අවස්ථානුකූලව සිදු කරනු ලැබීය.


දිනක් එලෙස ඔවුහු මුළුතැන්ගෙයි කටයුත්තක යෙදී සිටියදී පසෙක තිබූ ගෑස් සිලින්ඩරය හදිසියේ පුපුරා ගියේ, ගිනි දැල් ද විහිදුවමිනි. වහාම දෙදෙනා එක්ව ජලය උපයෝගී කරගෙන මහත් උත්සාහයෙන් ගින්න නිවා දැමූහ. එලෙස එය නිවා දැමීමට තැත් කිරීමේදී ඔවුහු තුවාල ලදහ. ඉන් බෑණාහට වඩාත් තුවාල සිදුවී තිබිණ. ඒ ඔහු පය ලිස්සා ඇද වැටීම හේතුවෙනි. හෙතෙම දියවැඩියා රෝගයෙන් පෙළුණ අයෙකි.


කෙසේ වෙතත් අසල්වැසියකු විසින් එම දෙදෙනා වහාම රෝහල වෙත රැුගෙන යනු ලැබූ අතර, සතියක පමණ කාලයක් ඔවුහු එහිදී ප‍්‍රතිකාර ලදහ. එහෙත් බෑණාහට ඉන් නික්ම ඒමට සිදුවූයේ පාදයක කොටසක් අහිමිවය. ඒ හදිසි සැත්කමක් මගින් එය ඉවත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට කරුණු යෙදුණු අතර, පිළිස්සුම් තුවාල සහිතව තරමක විරූපී මුහුණින් යුතුව නිවස තුළ රැුඳී දුකසේ කාලය ගෙවීමට දියණියට ද සිදු වූවාය.


තමන් කුඩා කල සිටම දුකසේ රැුකබලාගෙන සියලූ සම්පත් ලබා දීමට වෙහෙසුණ මෑණියන් නිවසෙහි සිරකාරියක බවට පත් කරවා දුක් වේදනා දුන් දියණියටත්, ඊට අනුබල දුන් ඇගේ සැමියාටත් මෙලොවදීම කළකම් පළ දුන්නේ එලෙසිනි.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමුකරන්න.

m



අදහස් (0)

කල් නොගොස් ලැබූ අපරාධයට දඬුවම

අමල් Tuesday, 08 December 2015 12:16 PM

මැටිපහන, ඔබේ කතාවට මාත් එකඟයි. (ර)

:       0       0

අවන්ත​ Wednesday, 09 December 2015 06:29 AM

මොනවා අලුතින් ආවත් වැඩක් නෑ. මේ ලංකාවේ අපිට ඔවා පාවිච්චි කරන්න බෑ. හැම එකටම බදු ගහලා එවා පාවිච්චි කරන ප්‍රමාණය පාලනය කරනවා. වෙන රට වල නෙට් එක ලාභයි.(ම)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 08 December 2015 05:45 AM

මේ වගේ දඬුවම් සියල්ලම මෙලොවදීම පටිසන් දෙන්නේ නම් සමාජයේ මෙතරම් වැරදි සිදුනොවෙනු ඇත (නි)

:       0       0

රණසිංහ Wednesday, 09 December 2015 10:10 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

මැටිපහන Tuesday, 08 December 2015 10:42 AM

වැරදි කරන අයට ජීවත්ව සිටියදීම මොනවා හරි වුනොත් කියනවා ඔන්න එයා කරපු පවු වලට මේ ආත්මයේම අච්චු හම්බවුනා කියලා. කිසිම කරදරයක් නැතුව මැරිලා ගියොත් කියනවා එයාට ඊළඟ ආත්මයේදී දඬුවම් ලැබේවි කියලා. එහෙම හිතලා යම් මානසික සුවයක් ලබා ගන්නවා. ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු. (ර)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 09 December 2015 12:24 PM

හොද ලිපියක් නමුත් මේවා බලන්නේ අපි වගේ දෙමව්පියන්ට සලකන පිරිස් කණගාටුවට කරුණ මේවා කියවන පිරිස් නැහැ (අ)

:       0       0

දිලුක්ෂි Wednesday, 09 December 2015 04:39 AM

මැටිපහන ඔබේ නම වෙනස් කළානම් ගැලපෙනවා යැයි සිතමි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site