බුද්ධදාස නම් වූ රජ කෙනකු ලංකාවේ සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහු රජකු පමණක් නොව වෙදකු බව ද කියැවේ. එසේ මෙසේ වෙදෙකු නොව සැණින් සැත්කම් කළ දක්‍ෂ වෛද්‍යවරයෙක් විය. දිනක් රජතුමා ගිය මගෙහි නාගයෙක් මහත් වේදනාවෙන් පසු වු බවත්, රජතුමා ඌ අසලට ගොස් පරීක්‍ෂා කිරීමේදී ඌ දරුණු ගෙඩියකින් පීඩා විඳි බවත් දක්නට ලැබී ඇත. රජතුමා තමා ළග තිබූ තියුණු ආයුධයෙන් ගෙඩිය සිදුරුකොට ඕජස් යවා බෙහෙත් කළ බවත් නයා එයින් සුවපත් වූ බවත් ඒ ඉතිහාස කථාවේ ම සඳහන් වේ. වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ද රැහේ අයට රජ කෙනෙකි. මේ කැලේ රජා ද දක්‍ෂ වෙදැදුරෙකි. වැදි පරම්පරාවෙන් පරම්පරාවට එන වෙදකම තමාට ද පිහිටා ඇති බව මේ වෙදාණෝ පවසති. කැලෙන් සොයාගන්නා මුල්, මල්, පොතු, ගෙඩි, පැණි, කොළ යනාදිය උපයෝගී කරගෙන අපුරු ඖෂධ හදන්නේ ඔහුගේ අධීක්‍ෂණය යටතේය. කැලේ ඇවිද ගොස් මේවා සොයාගෙන රැහේ අය. නායකයාට සහයවීම පවුලේම සාමාජිකයන් කීප දෙනෙක් ඖෂධ නිපදවීමේ ක‍්‍රියාවලියට හවුල් වන්නෝය. තෛල, කල්ක, ගුලි, මැල්ලූම් යනාදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති බොහෝ දේ වැදිනායකයාගේ නිවසේ නිපදවන්නේය. තෛල අතර කෝකටත් තෛලයන්ද මෙහි ඇත. රැහේ අය පමණක් නොව දඹානට එන දේශීය විදේශීය සංචාරකයන් මේ වෙදැදුරාගෙන් බේත් ගැනීමට කැමැත්ත දක්වති. කොණ්ඩය යනවාට දෙන තෙලට වැඩි ඉල්ලූමක් ඇත. හිසේ කැක්කුම, කොන්ද කැක්කුම, බඬේ කැක්කුම යනාදියට සැණින් සුව දෙන ඔසුද ඔහු ළඟ ඇත. නායකතුමා තෙල් හිසේ ගා පිරිමදින ගමන් තම ලෙඬේ සුවවූ බව සමහරු පවසති. කාන්තාවන්ගේ පියයුරු පිළිකාවලටද තමන් ළඟ ඔසු ඇතැයි වැදිනායකයා කියයි. ඔහුගෙන් ඉදිරියට මේ කැලේ වෙදකම් ගෙනයාම සඳහා ඥාතී කැකුළෙක් ද (තරුණයෙක්) මේ සඳහා පුහුණු කර සිටී. දැන් වැඩි වශයෙන්ම වෙදකම් කරන්නේ ඔහුය. මේ කිසිවක් ව්‍යාපාර මට්ටමින් නොකරන නමුත් පරිසරයෙන්ම ලබා ගන්නා සිරුරට වසක් විසක් නැති මේ ඔසු රැක ගැනීම තමාගේ අභිප‍්‍රාය බවද වැදි නායකයා අවධාරණය කරයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද සහතිකයක් හිමි මේ වෙදැදුරා වෙදකම මෙසේ ආරක්‍ෂා කළත් පාරම්පරික ඇදහිලි ක‍්‍රම රැහේ අය වෙතින්ම ගිලිහී යාම පිළිබඳව කනස්සල්ලෙන් පසුවෙයි. හැම රජකුටම වෙදෙක් වන්නට ද හැම වෙදෙකුටම රජෙකු වන්නටද බැරිය. වන්නියලැ ඇත්තන් ඒ වරම් දෙකම හිමි දුලබ සම්පතකි. සොබා සම්පතට ළංවෙන තරමට මිනිසුන් නිරෝගී වන බව ඔහුගේ විශ්වාසයයි. වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 වැදි රැහේ ජීවිතය-12 වැදි රැහේ ජීවිතය-13 වැදි රැහේ ජීවිතය-14 වැදි රැහේ ජීවිතය-15 වැදි රැහේ ජීවිතය-16
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලේ රජාණෝ වෙදාණෝ