ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ මියුරි සමරසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද (8) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. සිනමාවෙත්, වේදිකාවෙත්, පුංචි තිරයෙත් වසර55 ක් තිස්සේ රංගනයේ යෙදුණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරුණු කලා ශිල්පිනියක් ජීවිතයෙන් සමු ගත්තාය. එපමණක් නොව ඇය පිටපත් රචනයෙහිද, අධ්‍යක්ෂණයෙහිද යෙදුණ දක්ෂ කලාකාරිනියකි.
මියුරි සමරසිංහ නමින් කලා ලෝකයේ නමක් දිනා සිටියාය. ඇය තමා විසින් වේදිකාවේ නිර්මාණය කරන ලද හොඳම නාට්‍ය හයක් සහිත නාට්‍ය උළෙලක් 1990 වසරේදී එල්ෆින්ස්ටන් ශාලාවේ වේදිකා ගත කළාය. ඒ වෙනුවෙන් ‘කලා ලොවේ මම ඉපදුණෙමි’ නමින් කලා ශිල්පිනියකගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් ද රචනා කළේය. මේ කෘතිය ලිවීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමසිරි කස්තුරිආරච්චි උපකාර කළ බව ඇය අපට පවසා තිබුණාය. ඇය තම ජීවිත කතාව අරඹන්නේ මෙසේය.
මම ඉපදුණේ මඩගොහොරුවකද නොවේ. මා ඉපදුණේ නෙළුම් මලක් උඩ ද නොවේ. මා උපදින විට මගේ මවුපියනට විශාල ධනවත්කමක් හෝ වතුපිටි, ඉඩකඩම්, හරකබාන මේ කිසිවක් තිබුණේ නැත. එහෙත් දුකක් නැතිව අප ජීවත් කරවීමට ඔවුනට හැකියාවක් තිබුණි. මම පවුලේ බාලයා වූයෙමි. මගේ තනියට අක්කා සහ අයියා මා දෙපස සිටියහ.
කොළඹ හෝලි රොසරි, කොළඹ මියුසියස් විද්‍යාලවල ඉගෙනීම ලැබූ කුඩා මියුරි, කොළඹ මැද පිහිටි සෞගතෝදය දහම් පාසලින් ද අධ්‍යාපනය ලබා ගත්තාය. ඇගේ දයාබර මවුපියන් වූයේ රොමියෙල් විජයරත්න හා ඇග්නස් විජයරත්නය. 1939 වසරේ මාර්තු 15 වැනිදා උපත ලැබූ ඇයගේ සම්පූර්ණ නම මියුරියෙල් විජේරත්නය.
මා ඉගෙනගත් සෞගතෝදය දහම් පාසලින් ධර්මාචාර්ය විභාගය තෙක් ඉගෙන ගත්තා. මගේ ඒකායන පැතුම වූයේ ගුරුතුමියක් වීමට. පාසල් අධ්‍යාපනයෙන් පසු මම කේ.එම්.පී. රාජරත්න මහතා අධිපතිව සිටි ගුරුඅභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. කුඩා කල සිට මට විරිදු කීමට, කතා කීමට හැකියාවක් තිබුණා. පිංකම්වල බණමඩුවල මට විශේෂ තැනක් තිබුණා. වරක් පන්සලේ ඛේමා තෙරණියගේ කතා වස්තුව කවියෙන් ගායනා කරලා පන්සිය පණස් ජාතක පොතක් තෑගි ලැබුවා. මම හෝලි රොසරි පාසලේ මුලින්ම ඉගෙන ගන්නා කාලේ පාසල් ප්‍රසංගයේ පුංචි නිළියක් ලෙස තේරී සම්මානයක් දිනා ගත්තා. මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ මම ඇලුම් කළේ සාහිත්‍යයට. මා පස්වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලේ අපේ නැටුම් ගුරුවරයා වුණේ පණීභාරත නැටුම් විශාරදයාගේ සොහොයුරා ජයන්ත අල්ගමයන්. මම හෝලි රොසරි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් පුංචි මම නැටුමට දක්ෂයි. රේඛාව චිත්‍රපටයේ ළමා නිළියක් වූ අකාලයේ මිය ගිය මර්ටල් ප්‍රනාන්දු මගේ සමකාලීන මිතුරියක්. ඇය පුදුම ලේලි චිත්‍රපටයෙත් රඟපෑමව. මම අම්මට කරදර කරල පුංචි කාලේ රේඛාව හා පුදුම ලේලි බලන්න ගියා. මට කවදා හෝ චිත්‍රපට නිළියක් වෙන්න ආසා හිතුණේ මර්ටල්ගේ රඟපෑම දැකලා. ලේ පිළිකාවකින් මර්ටල් පාසලේ ඉගෙන ගන්නා කාලෙම (1945 – 1960) මිය යාම මට දැරිය නොහැකි සිද්ධියක් වුණා. එදා මම ගෙදර ගිහින් හොඳමට ඇඬුවා.
මියුරි ද පිළිකා රෝගයෙන් පීඩා විඳ මියයාම දෛවයේ සරදමක්ද?
එකල ගුවන් විදුලියේ මාසික රැඟුම ප්‍රසංගයේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ගී ගයන අතරතුර විවේකයේ මුල, මැද, අග නැටුම් ඉදිරිපත් කිරීමට මියුරිට අවස්ථාව ලැබිණ. ඒ අතර පසළොස් හැවිරිදි මියුරිට ‘මේ පන්ති ගෝට්ටිය’ නම් වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථා ලැබිණි. ආනන්ද වීරකෝන්, තෙරේසා වීරසිංහ, ලොයිඩ් වාගීස්ට, චිත්‍රා වාගීස්ට, විනී රන්වල මෙහි රඟපෑහ.
ඇයට තිබුණේ දොස්තරවරයකු ලෙස රඟ පෑ ආනන්ද වීරකෝන්ගේ සහායක හෙදිය ලෙස රඟපෑමට. ඉන්පසු පෙම් හටන නාට්‍යයේද ශාන්ති අබේසේකර සමග රඟපෑවාය. එහි විමලදාස පෙරේරා ඇයට බෙහෙවින් උපකාර කළ බව මතක් කළාය.
මියුරි ප්‍රේම සම්බන්ධයකින් පියල් සමරසිංහ සමග විවාහ වූවාය. ඇයට රඟපෑම සඳහා ලිපියකින් ආරාධනයක් ලැබුණේ බලාපොරොත්තු නැති අවස්ථාවකය. ඒ ලිපිය ඇඳුම් අල්මාරියේ ඇය සඟවා තැබුවාය. සැමියා ලිපිය හමු වී ඇයගෙන් ප්‍රශ්න කළේය.
‘‘ඇයි මේ ලියුම මට නොදී අල්මාරියේ තිබ්බේ?’’
‘‘ඔයාට පෙන්වන්න බය හිතුණා’’
‘‘මම නේ වරද කළේ. ඔයාගේ ආශාව යටපත් කළේ මම. මාත් එනවා ඔයත් එක්ක නාට්‍ය පුහුණු කරන තැනට යන්න එන්න.’’
තම දයාබර සැමියාගෙන් ලද ධෛර්යය නිසා මියුරි වෘත්තීය නිළියක් වූවාය. මෙසේ තම කලාලොවේ දෙවැනි උපත ලැබුවද සැමියා හදිසියේ මියයාම ඇයට බලවත් පහරක් විය. ඇය මිය යන තුරුම නාට්‍යයක රඟපෑමට වේදිකාවට යන අවස්ථාවේ තම සැමියාට නිවන් සුව පැතීමට අමතක නොකළාය.
අලුත් දවසක් නාට්‍යයෙන් ඇරැඹුණු ඇයේගේ වෘත්තීය නිළි ජීවිතය සියයකට අධික නාට්‍යවල විවිධ චරිත රැසකට පණ පෙව්වාය. චිත්‍රපට නිළියක ලෙස මියුරි සිනමාවට පිවිසෙන්නේ මිරිඟුව චිත්‍රපටයෙනි. චිත්‍රපට 100 කට පමණ ඇය රංගනයෙන් දායකව ඇත. මඩොල් දූව, සාරා, යහළු යෙහෙළි, යුගාන්තය, විරාගය, සාගර ජලය, මාරුතය, බව දුක, යස ඉසුරු, ඇය රඟ පෑ චිත්‍රපට අතර කැපී පෙනෙයි. පුංචි තිරයේ චාරුලතා, බුමුතුරුණු, දු දරුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, සුදු සහ කළු, කෙම්මුර, ගිරය, අවසඳ ඇතුළු 100 ක පමණ ටෙලි නාට්‍යවල රඟ පෑ මියුරි ජර්මන් ජාතික නාට්‍ය ආචාර්ය සුමිත් යටතේ රඟපෑම ගැන හදාරා ඇත.
ලෝක දෙකක් අතර, පරසක්වල පැයක්, අම්මයි දුවයි, ඇනා කැරලිනා, සපතේරු හාමිනේ, හිම කුරුල්ලෝ, ඇය විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ නාට්‍ය වේ.
ජනාධිපති, ස්වර්ණ සම්මාන ආදී සම්මානවලින් පිදුම් ලැබූ මියුරි අද අවසන් ගමන් යන්නීය.
ඔබට සුබ ගමන්!
(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලා ලොව එකලු කළ මියුරි