=========================
රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි
===========================
මේ වනවිට සකල ලක්වාසීන්ගේ ප්‍රමුඛම සමාජ ප්‍රශ්නය බවට පත්ව තිබෙන්නේ කොවිඩ් 19 වයිරසයයි. සමාජයක් හැටියට අප කරන කියන සිතන සෑම දේකම තේමාවේ මුඛ්‍ය අංගය වී ඇත්තේ එයයි. කොතැනත් කතා වෙන්නේ මොකද්ද අපට මේ වුණේ කියලාය. ඒ නිසා සිදුව ඇති විපතේ ස්වභාවය ගැන ධර්මානුකූල විවරණයක් අවැසි මොහොතකට අපි අවතීර්ණ වී සිටින්නෙමු. බෞද්ධ දර්ශනයට අනුව බැලීමේදී නම් මෙවැනි දේ අහම්බ නොවේ. මජ්ජිම නිකායේ දේවදූත සූත්‍රයේ මේ බව පැහැදිලිව දැක්වේ. එම දේවදූත සූත්‍රයට අනුව ලෝකයට වරින් වර දේවදූතයෝ පැමිණෙති. ඒ නොයෙක් ස්වරූපවලිනි. ලෙඩරෝග යනු එවැනි අවවාදාත්මක එක් ස්වරූපයකි. ඇත්තෙන්ම මෙහිදී දේවදූතයකු යන්නෙන් අදහස් කෙරෙන්නේ සොබා දහමේ පණිවුඩකරුවකු යන්නයි. ගෝලීය වශයෙන් අපට සම්මුඛ වී සිටින කොවිඩ් 19 වයිරසය යනු එවැනි අවවාදාත්මක දණ්ඩනයකි. දණ්ඩනාත්මක අවවාදයකි.
මිනිසා දුරාචාරයේ හස්තයට යට වනවිට සීලයෙන් තොර වී අසීලාචාරයේ අන්තයට යන විට අපචාරයන්හි කෙල පැමිණි විට ආත්මාර්ථකාමීත්වයේ අන්ත අගාධයට බසින විට ‘නුඹලාගේ ඔය වැඩපිළිවෙළ වෙනස් කරපල්ලා’ යැයි පණිවිඩයක් සොබාදහමෙන් නිකුත් වේ. කොවිඩ් 19 යනු එම පණිවිඩයයි.
මිනිසුන් මෙතෙක් කලක් ක්‍රියා කරමින් සිටියේ ලෝකයම තමන්ගේ ගොදුරක් යැයි සිතාය. ගහකොළ සතා සීපාවා ඇළ දොළ ගංඟා මතු නොව විශ්වගත ග්‍රහලෝක පවා තමන්ගේ දේපළ යැයි සිතන මිථ්‍යාවක වෙලීය. නිර්මාණවාදය සමග මේ මිථ්‍යාව ජනිත විය. නිර්මාණවාදයේදී උගන්වන්නේ මේ සියල්ල මනුෂ්‍යයාගේ පරිභෝජනයට කරන ලද මැවීම් හැටියටය. එකී මිථ්‍යාව නිසා ඉවක් බවක් නොමැතිව ගහකොළ සතා සීපාවා විනාශ කරන තැනකට මනුෂ්‍ය ප්‍රජාව ගමන් කළහ. සතුන් මරාගෙන පලහාගෙන කෑමෙන් ආහාර වූ ක්‍රමය කෙතරම් අමනුෂ්‍ය තත්ත්වයකට ගියේද කිවහොත් පණ පිටින් සතුන් අනුභව කරන තැන දක්වා ගමන් කළේය. කොවිඩ් 19 වයිරසය මිනිස් සිරුරට ආදේශ වන්නට මේ අවගුණය බලපෑ බවත් සර්පයන්ගේ වවුලන්ගේ සිරුරුවලින් එය වූ බවත් වෛද්‍යවරුම පවසති. මේ වයිරස සතුන්ගේ සිරුරුවලට ඇතුළු වුණද උන්ට ආසාදනයක් වන්නේ නැතත් මිනිස් සිරුරට ඇතුළු වූ විට සිරුරේ සෛල සමග වර්ධනය වීමට පටන්ගනී.
එසේ නම් මේ වයිරසය අපට ආසාදනය කරන තැනට ගියේ අමුවෙන්ම පණ පිටින්ම සතුන් අනුභව කිරීමේ තිරස්චීන අසීලාචාර ක්‍රියාපිළිවෙළ නිසාය. සොබාදහම් මව හිසට වැරෙන් පහරක් ගසා අපට කියන්නේ ඉතින් දැන්වත් පියවි සිහියට එන්නැයි කියාය. අමුවෙන්ම සතුන් ආහාරයට ගැනීම වනාහි අද වනවිට කෝටි සංඛ්‍යාත ජනකායකගේ අලුත්ම විලාසිතාවකි.
ලෝකය පුරාම විශාල වශයෙන් මෙවැනි තිරිසන් චර්යාවන් ව්‍යාප්ත වෙමින් තිබේ. ගොන්බෝරෝ, සාස්, මුඛ හා කුර රෝගය ආදී වශයෙන් මින්පෙර හටගත් සියලු වසංගතවලට බලපෑවේ මෙවැනි අමානුෂික ආහාර සංස්කෘතිය. එහෙත් මිනිස්සු ඒවා සැලකිල්ලට ගත්හ. අනෙක් අතට ඒඩ්ස් යනු කුමක්ද? තුන් වැනි සිඛ පදය කැඩීමේ දුරාචාරයට එරෙහිව සොබාදහම දුන් අවවාදාත්මක දණ්ඩනයයි. පළමු වැනි සිඛ පදය නොකඩා සිල්වත්ව සිටින්නට සමාජයට හැකි වුණි නම් මේ සමාජයට කොරෝනා වයිරසයක් පැමිණෙන්නේ ද නැත. ගොම්බෝරෝ හෝ සාස් ද නැත. මේ සියල්ලට තුඩු දුන්න් මිනිස් සිරුරට ඔරොත්තු නොදුන් නොගැළපෙන ආහාර රටාවක් මිනිසුන් විසින්ම නිර්මාණය කරනු ලැබීමය. එනිසා උද්ගත වී ඇති තත්ත්වය ගැන අප ධර්මානුකූල විවරණයක් කරන්නේ නම් අප එය තේරුම්ගත යුත්තේ කෙසේද? සොබාදහමට එරෙහිව ආත්මාර්ථයේ පතුළට වැටුණු මිනිසාට සොබාදහමෙන්ම දුන් දණ්ඩනාත්මක පණිවිඩයක් හැටියටය. එනිසා සොබාදහම සමග යම්තාක් දුරට මිත්‍රශීලී වෙනවාද සොබාදහමේ අතිනත ගෙන අනුයෝගීව කටයුතු කරනවාද කියා අප තීරණය කළ යුතුය. මිනිසාට සුවයක් සහනයක් ලබාගත හැක්කේ එතැනිනි. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට අනුව බැලුව ද පසක් කොටගත යුත්තේ අප සොබාදහම සමග අනුගත විය යුතු බවය. ‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි’ යන බුදු වදනින් කියන්නේ ද ධර්මයට අනුයෝගී වන්නේ එය විසින්ම සුරකිනු ලබන බවය. ධර්මය යනු සොබාදහමය.
සොබා දහම සමග සමාජයක් අනුයෝගී වීමේ වැදගත්කම ගැන කියාපාන ප්‍රධාන සංස්කෘතික උළෙලක් හැටියට අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර දැක්විය හැකිය. ඇත්තෙන්ම මෙය දෙමළ නොව සිංහල අවුරුද්දකි. දෙමළ මිනිස්සු මෙය සමරන්නේ නැත. දෙමළ ජනතාව සමරන්නේ දීපාවලිය. පරණ ආණ්ඩුකරණවලදී නිවාඩු චක්‍රලේඛන සැකැසීමේ පහසුව තකා සකස් කරගත් නාමකරණයක් මිස මෙය දෙමළ අවුරුද්දක් නොවේ. ගේ දොර වතු පිටි සුද්ධ පවිත්‍ර කරගැනීම සිංහල අවුරුද්දේ ප්‍රධාන අංගයකි. එයින් කියන්නේ පවිත්‍රතාව ගැනය. අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසුණු පවුලේ සාමාජිකයන් නෑසිය මිතුරන් මුණගැසීම, වැඩිහිටියන් වන්දනා කර අඩුපාඩුකම්වලට සමාව ගැනීම, තමන්ට උදවු උපකාර කළ පිරිසට කළ ගුණ දැක්වීම එහිදී ප්‍රමුඛය. තමන් අස්වැන්න ලබා ගත් කුඹුරට පානය කිරීමට දිය දුන් ළිඳට ගරු කිරීම අපේ සිරිතය. අද මෙන් හැම නිවෙසකම නළ ජලය නොතිබුණු එකල දිය බොන ළිඳට කාසියක් සමග සමන්පිච්ච මල් අහුරක් දැමීමෙන් ගරු කරන පිළිවෙතක් විය.
කොවිඩ් 19 වයිරසය සමග යුද වැද සිටින මොහොතක එළඹෙන මෙවර අලුත් අවුරුද්ද යනු සැබැවින්ම කෘතගුණ දැක්වීමේ පුරුද්දට වැඩි වටිනාකමක් ලැබෙන අවස්ථාවකි. මන්දයත් කොවිඩ් 19 මාර මුඛයෙන් අප සැම දෙන ගලවාගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන සත්පුරුෂයන් කොටස මේ මොහොතේ අප සැමගේ ගෞරව බහුමානයට ලක් විය යුතු හෙයිනි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමැතිවරිය ප්‍රමුඛ දේශපාලන මණ්ඩල මෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින් සියලු දෙනා සැලකිය හැක්කේ බෝධිසත්වයන් හැටියටය.
මේ සියලු දෙනා අද කොවිඩ් 19 සමග සටන්කරන්නේ සිය ජීවිත අවදානම අත දරාගෙනය. පිරිසක් නිරෝධායනය කරමින් තව පිරිසකගේ රෝගී තත්ත්ව පරීක්ෂා කරමින් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරිහු කල්‍යාණ මිත්‍රයෝය. දෙවිවරුය. එමෙන්ම මේ බරපතළ මොහොතේ සමාජ සත්කාර කරන ගිහි පැවිදි විශාල පිරිසකි. දිළින්ඳන්ට පමණක් නොව සතා සීපාවාට පවා ආහාර දානයට කැප වූ පිරිස් වෙති. සිය දෛනික වැටුප මේ විපතට අවැසි ආධාර වෙනුවෙන් පරිත්‍යාග කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයෝ වෙති. ඉතින් මෙවැනි අවුරුදු චාරිත්‍රවල පළමු තැන දිය යුත්තේ මේ උතුම් මිනිසුන්ට කෘතගුණ දැක්වීමටය. සෙත් පැතීමටය.
නොනගතය යනු නැකතක් නැති වෙලාවය. මෙතෙක් අවුරුදුවලදී මෙන්ම ඒ කාලයේදී අප යොමුවිය යුත්තේ පුණ්‍ය ක්‍රියාවලටය. එහෙත් උදා වී ඇති තත්ත්වය මත සුපුරුදු පරිදි ගමේ පන්සලට ගොස් වන්දනාමාන කටයුතුවල නිරතවන්නට මෙවර අපට හැකියාවක් නැත. දූ දරුවන් මවුපියන් එකට එක්ව නිවෙසේ සිටම එම කටයුතු කරන්නැයි කියා අපි ඉල්ලා සිටිමු. නිවෙසටම වී බණක් භාවනාවක නිරත වීමෙන් එම කාලය අර්ථසම්පන්න ලෙස භාවිත කිරීමට අපට හැකියාව තිබේ.
රතන සූත්‍රය ඇතුළු ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් සජ්ඣායනය කර ඉෂ්ට දේවතාවන් වන්දනා කර පින් පැමිණවීමට පවුලේ අයට හැකිය. ඇත්තටම දැන් ගෘහාශ්‍රිතව සිටියත් කාලයක් තිස්සේ දරු දැරියන්ට මවුපියන්ට එකිනෙකාට සම්මුඛවීමට හැකිවුණේ නැත. අධිවේගී ජීවන චර්යාව නිසා මවුපියන් හා දරුවන් අතර සම්බන්ධය තිබුණේ දුරස්වීය. එහෙත් උද්ගත වූ තත්ත්වය නිසා වෙනදාට වඩා වැඩි කාලයක් එකිනෙකා සමග ළෙන්ගතුකම්වලින් සමීපවන්නට පවුලේ උදවියට අවස්ථාව ලැබී තිබේ. එනිසා කරන්නට තිබෙන්නේ එකම දෙයකි. සරල ආහාර වේලකින් සැනැහී පවුලේ සියලු දෙනා සිහිකල්පනාවෙන් කටයුතු කිරීමය.
අප කෙතරම් ගෞරවනීය ලෙස ආමන්ත්‍රණය කළ ද අපේ අලුත් අවුරුද්දට කාලයත් සමග එක් වුණු දුරාචාර දෙකක් තිබේ. එයට වැඩිහිටි තරුණ කුඩා යැයි බේදයක් නැත. සිංහල අවුරුද්ද ගැන වැරැදි වැටහීමකින් කරන මේ ක්‍රියා දෙකට වාසනාවට මෙවර අවස්ථාවක් නැත. ඉන් පළමුවැන්න නම් රතිඤ්ඤා දල්වා කරන ශබ්ද පූජාවයි. මෙවර ඊට ඉඩක් නැති නිසා කනක් ඇහිලා ඉන්නට අවස්ථාව ලැබී ඇතිවා පමණක් නොව දූෂණය වූ සමස්ත වායුගෝලයම සැනසිල්ලට පත්ව තිබේ.
රතිඤ්ඤා හඬ විසින් බල්ලන් බළලුන් කුරුල්ලන් ඇතුළු සතා සීපාවුන් දැඩි පීඩාවකට පත්කරනු ලැබේ. මේ බොහෝ සතුන්ගේ කන් බෙර රතිඤ්ඤා හඬින් පුපුරා යන බව ඇතැමුන් නොදන්නවා ඇත. වෙඩි බෙහෙත් දැල්වීමෙන් සිදුවන වායු දූෂණය මෙවර සිදුවන්නේ නැති තරම්ය. ඉතින් එය සොබා දහම් මවට කවර නම් සහනයක් ද? මේ සහනය නීතිය මගින් දීර්ඝකාලීනවම ස්ථාවර කළ හැකි නම් තවත් වටී. දෙවැන්න නම් මත් පැන් භාවිතයයි. කොවිඞ් 19 වයිරසයේ පැතිරීම සමග සියලු තැබෑරුම් වසා දමන්නට රජය පියවර ගත්තේය. එය ඉතා වටී. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ උදාර වූ ආදර්ශය දිගටම පවත්වාගෙන යන්නැයි කියාය. වයිරසයෙන් ගැලවෙන්නට මද්‍යසාර බෙහෙතකැයි වූ මතයක් නිසා මැදපෙරදිග කලාපයේ දහස් ගණනකට ජීවිත පවා අහිමි විය. ඉතින් මේ මිථ්‍යා ප්‍රවාද ගැන ජනතාව දැන්වත් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන පරිසරය හා බද්ධ වූ ඇත්ත චාරිත්‍ර අනුගමනය කළ යුතුය. හිස තෙල් ගෑම යනු එසේ අපගේ සමාජ සෞඛ්‍ය වෙනුවෙන් අනුගමනය කළ යුතු සිංහල අවුරුදු චාරිත්‍රයයි. හිසට කොහොඹ පත් ද පයට කොලොම් පත් ද තබා හිස තෙල් ගෑමට මෙවර නියමව තිබෙන්නේ අප්‍රේල් 15 වැනි බදාදා පූර්වභාග 9.17 ටය. මේ අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරීමට අපට කිසිදු නොහැකියාවක් නැත. නිවෙසටම වී සිටින පවුලේ ඇත්තන්ට පියාගේ හෝ වැඩිහිටියකුගේ අතින් මේ හිස තෙල් ගැල්වීම කිරීමට පුළුවන. ඊට උත්සව ආදිය අවශ්‍ය නැත. මේ ආදී ලෙස රටක් සමාජයක් හැටියට මෙතෙක් අප නිරත වූ නොනවතින ශීඝ්‍රගාමී ගමන දෙස ආපසු හැරී බලන අවුරුද්දක් බවට මෙය පත්කරගැනීමට අපට අවස්ථාව ලැබී තිබේ. කොවිඩ් 19 වයිරසයෙන් ගැලවීමට පමණක් නොව සොබාදහමට එදිරිව අප විසින්ම නිර්මාණය කරගනු ලබන සකල ව්‍යසන ජයගැනීමට මේ විවේක බුද්ධිය භාවිත කරගත යුතු මොහොතකි.
සටහන
බිඟුන් මේනක ගමගේ
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කෝවිඩ් - 19 දණ්ඩනාත්මක අවවාදය
සෙනෙවිරත්න Saturday, 11 April 2020 08:07 AM
භික්ෂු සමාජය පළමුව ආදර්ශමත් වෙන්න...
raviSaturday, 11 April 2020 12:40 PM
හොඳ අදහසක්. මිනීමරුවන්ට පිරිත් නුල් බඳින අයව ශාසනයෙන් එළවිය යුතුයි.
karuSunday, 12 April 2020 08:08 AM
මිනීමරු ඒ.එස්.පී කෙනෙකුට පිරිත් නුල් බැන්දා.
නරේන්ද්‍ර ගුණතිලක Saturday, 11 April 2020 09:48 AM
බොහෝම පිං නායක හිමිපාණෙනි !
lalithm Saturday, 11 April 2020 11:15 AM
හිමියෙනි, ඔබ කියන සරල දිවි පැවතුම් බොහොම වැදගත්. අපි හිස මුදුනින් පිලිගන්නවා. ප්‍රථමයෙන් මෙය භික්ෂු සමාජය අනුගමනය කලයුතුයි නොවේද? දානයක්, පිරිතක් කඨින පින්කමක් ගැන හිතමු. අම්මෝ අපිට නම් හිතන්න වත් බැහැ. පොඩ්ඩක් අඩුපාඩු වුනොත් ලොකු සාදුගේ මුහුණ පොරි බදින්න පුළුවන් තරමයි. සියල්ල මහා පරිමාණයෙන්. ගමේ පන්සලෙන් සරල බව ගිලිහිලා. බණ මඩුවේ පටන් ආවාස ගෙය වාහල්කඩ දක්වා මහා පරිමාණයෙන්.අහවල් පන්සලට වඩා අපේ පන්සලේ එක ලොකුවෙන්න ඕනේ... මේක නවතමු. අවවාදයට වඩා ආදර්ශය උතුම්. ගරු හිමිතුමනි, මමත් බෞද්ධයෙක්. එහෙත් පන්සල ගැන කලකිරුණු සහ පන්සල් ගමන වර්ජනය කළා..
චමින්දSunday, 12 April 2020 01:54 AM
lalithm මෙම නායක හිමියන්ගේ සරල දිවිපෙවෙත නොදන්නා ඔබ එක මකුනෙක් කෑවම ඔක්කොම මකුනො මරන්නාසේ සියළු හාමුදුරුවන්ට දොස්කීම සුදුසු නැහැ හැකියාවක් තිබේනම් ඔබ කතරගම වන්දනාවේ යන විටෙක මෙම හිමියන්ගේ ඇඹිලිපිටියේ බෝධිරාජ පංසලට ගොස් බලන්න. මෙම හිමියන්ගේ කථාවත් ක්‍රියාවත් එකක්බව එවිට තේරේවි...
lalithmMonday, 13 April 2020 02:39 PM
පැහැදිලියි. ඔබ කියන්නේ මකුණන් ගැන. මා කියන්නේ පොදු දෙයක්. මේ ස්වාමින්වහන්සේ එසේ විය හැකි. ඔබ දිනපතා දකින අසන ආගමික වැඩසටහන් දෙස විමසුමකින් යුතුව බලන්න. නැතහොත් රටේ තොටේ කරුණු සොයා බලන්න. තත්වය වැටහෙන්නේ එවිටයි. සියල්ල මවාගත් මහා විශාලත්වයකින්. කැමති විදියට කරුණු සොයා බලන්න.
Champa Saturday, 11 April 2020 01:37 PM
හාමුදුරුවනේ, කොරෝනා වයිරසය සහ ඒ ආශ්‍රිත කරුණු නිසා ඇති වුනු සමාජ-ආර්ථික, ශාරීරික සහ මානසික ආතතීන් වලින් ජනතාව පෙලෙන වෙලාවක හිත නිවී සැනසි යන විදිහට ලියපු විශිෂ්ට ගණයේ ලිඛිත ධර්ම දේශනාවක් මම ඔබවහන්සේගේ ලිපියෙන් කියවන්නේ. සංකීර්ණ ගැඹුරු කතාවක් සරල පැහැදිලි භාෂාවෙන් ලියලා තියෙනවා. වෙලාව අරන් නිවී සැනසිල්ලේ කියවන්න ආසයි. මහා සංඝරත්නයෙන් සිංහල බෞද්ධ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ කලබලකාරී, ආවේගකාරී හෝ විවිධ හේතු නිසා දැවී දැවී යන මනස නිවී සැනසෙන විදිහේ බණක් දේශනා කිරීම. නමුත් අපිට වැඩිපුර ඇහුනේ විවිධාකාර කතා. කොරෝනා වයිරසය මාර්ගයෙන් ස්වභාව ධර්මය හැමෝටම කියා දුන් පාඩමට ඔබවහන්සේගේ මේ සිත නිවෙන ලිඛිත ධර්ම දේශනාවත් ආදර්ශයක් ලෙස එකතු වේවා කියල ප්‍රාර්ථනා කරනවා !
සෝභිත සාදු Saturday, 11 April 2020 05:33 PM
පින්වතිය සිහිය එළවා ගන්න. ඔබගේ හක්කේ බුදු රැස් විහිදෙන අතරම බොක්කේ දඩ මස් පිරි ඇත.
ChampaSaturday, 11 April 2020 08:23 PM
බොක්කේ දඩමස් තිබේයැයි ඔබම කියන කෙනෙකුට පින්වතිය යැයි ඇමතුවේ මගේ කොමෙන්ට් එක කියවා ඔබට මා ගැන ඇති වූ භක්තිය හංගන්න බැරි වූ නිසා නේද?
Prasanna Perera Sunday, 12 April 2020 10:00 PM
පාටියකට ගිහින් බෝතල් නිකන් ඉල්ලලා නොදුන්නම, අහිසකයෙක් උඩ තට්ටුවෙන් තල්ලු කරලා මැරුවා. ඒඇස්පී කෙනාට තමයි මෙයා ගුණ ගයගයා පිරිත් නූල් බැන්දේ. අන්තිමේ නඩුවෙන් මිලියනයක් ගෙවන්න වුණා. ඒඇස්පී ට නඩු ගාස්තුත් එක්ක. පන්සල් එපා වෙනවා.
de silva Monday, 13 April 2020 08:22 AM
රජතුමාට කඩේ යන ඔබ වහන්සේ ගැන අපගේ කිසිම පැහැදීමක් නැත..
නාමල් Wednesday, 15 April 2020 12:09 PM
නැකතට වැඩ කරන්න කියල බුදු බණේ කොතනද තියෙන්නෙ හාමුදුරුවනේ?
chandika Thursday, 16 April 2020 05:05 AM
මෙහි සදහන් පණිවිඩය පමණක් තේරුම්ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනාකළ ධර්මය යනු අනෙකක් නොව ස්වභාව ධර්මය බව. ස්වභාව ධර්මය ආරක්ෂා කරන්නා ස්වභාව ධර්මයෙන්ම ආරක්ෂා කරන බව සහ ස්වභාව ධර්මය විනාශ කරන්නන් ස්වභාව ධර්මය මගින්ම විනාශයට පත්වන බව.දැන් සිදුවන්නේ එම නියත ධර්මය බව තේරුම්ගන්න.