ශිරාස් මේහර් 38 හැවිරිදි, බ්‍රිතාන්‍ය ජාතික බුද්ධිමතෙකි. ඔහු ඉස්ලාම් අන්තවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට උපදෙස් දෙන මුල් පෙළේ බුද්ධිමතුන්ගෙන් අයෙකි. ඉස්ලාමීය කලහකාරීවීම සම්බන්ධයෙන් අධ්‍යනය කරන අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයෙකි. කොරෝනා වයිරසය වැළඳීම නිසා ඔහු ලත් බිහිසුණු අත්දැකීම පිළිබඳව දිගු ට්විටර් පණිවිඩයක් ඔස්සේ කළ විස්තරය ලෝ පුරා ජනයා අතරට ගියේය.
“ඒක සම්පූර්ණයෙන්ම උමතු, මහා පිස්සු ලෙඩක්” මේහර් මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබිණ.
“මගේ ජීවිතේ වෙන කිසි දාකටත් වඩා දැනුණු අසනීප ගතියක් එයින් මට දැණුනා.”
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම ගැන තමා දැඩි අවධියෙන් පසු වූ බවත්, සාපේෂ වශයෙන් තරුණ වයසේ පසුවීම නිසාත්, තමා දුම් පානයෙන් තොර අයෙකු නිසාත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නැති නිසාත්, යම් හෙයකින් කොරෝනා රෝගය බෝ වූවහොත් එය උසුලා ගත හැකි වේ යයි ඔහු කල්පනා කළ බවත් මේහර් මහතා කීවේය.
“මෙන්න මෙහෙමයි වුණේ.
“ඉස්සෙල්ලම කියන්න ඕන ඒක උණක් නොවෙයි. මුලින්ම කවුරු එහෙම කිව්වත් ඒ තැනැත්තා හැමදෙනාටම කර තිබෙන්නේ අකටයුත්තක් මේක උණක් නොවෙයි. මේක මහ අප්‍රසන්න, ඉවසන්න බැරි දරුණු ලෙඩක්” ඔහු කීවේය.
“මට රෝග ලක්ෂණ පහළ වෙන්න ගත්තෙ සති දෙකකට කළින්. යාන්තමට දැනුණු උණ ඉක්මනට පහව ගියා. කව්ද දන්නෙ ඒ කොවිඩ් - 19 කියලා? ඒ වුණාට මං ඒක උහුල ගත්තා. ඊට පස්සේ මගේ පෙනහලු එකට ඇකිලෙන්න ගත්තා. මගේ පපුව හිර වුණා. මෙහෙම සිද්ධ වුණේ මාර්තු 15-16 විතර”
“ඒක මහ වියළි කැස්සක්. මීට කලින් මට ඒ වගේ කැස්සක් හැදිල නෑ. ඒක කියාගන්න පුළුවන් ගානටත් වඩා අන්ත, වියළි කැස්සක් ඒ අතරම උණත් තියෙන්න පුළුවන්. මට ඒක දැනුණේ මගේ පෙනහැල්ලෙ පතුලෙ මොකක් හරි හිර වෙලා තියෙද්දී කැහැල අයින් කරන්න හදනව වගේ. නිකං නෙමෙයි මහ තදින් කැහැල ඒක එළියට පන්න ගන්න හිතෙනවා.
ඇත්තටම එළියට පන්න ගන්න දෙයක් නෑ. කහින එකේ ප්‍රතිඵලේ වෙන්නෙ එපා වෙන තරමේ මහා වේදනාවකින් පිරුණු වියළි කැස්සක් හට ගැනීම මයි. තව තවත් බය හිතෙනවා කොයි වෙලාවෙ කැස්ස නවත්ත ගන්න පුළුවන් වෙයිද කියලා. කිසිම විදියකින් ඒක පාලනය කරගන්න බෑ. එක වෙලාවකට මට බය හිතුණා. කැස්ස අන්ත දරුණු වුණාම මම වමනෙ කරන්න ගත්තා.”
අන්තිමේ කැස්ස නැවතුණාම සහනයක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ ලෙඩේ තව අදියරයකට එනවා. එතකොට තමුන් හුස්ම උඩට ඇද ගන්න මහ සටනක් දෙනවා. ඒත් පපුව හිර වෙලා කොටින්ම කියනවා නම් පෙනහැල්ල ඒ වෙනකොට අකර්මණ්‍ය වෙලා. ඒක හරියට ක්‍රියා කරන්නේ නැහැ.
“දැන් ඔලුවත් කකියන්න ගන්නවා. සැරේට කැස්ස නිසා පිස්සුවෙන් වගේ දරුණුවට කැස්සයින් පස්සේ මට මහ දරුණු හිසේ රුදාවක් හැදුණා. මාර්තු 18 බදාදා මට මහ නරකම දවසක් වුණා. එදා හවස මම පැය 3-4ක් තිස්සේ හුස්ම අල්ල ගන්න බැරිව මහ යුද්ධයක් කළා. මහා බිහිසුණු අත් දැකීමක්.”
තමා මේ රෝග ලක්ෂණ වාර්තා කරගෙන වෛද්‍යවරයකු වූ තම මිතුරකුට යැවූ බව කීවේය.
“හැදිල තියෙන්නෙ සම්භාවනීයම ගණයේ කොවිඩ් වෛරසයක්’“ යන්න මිතුරාගේ පිළිතුර විය.
කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්ගේ කටයුතු වෙනුවෙන් දෛනික අරගලයක යෙදුණු බ්‍රිතාන්‍ය වෛද්‍ය සේවාවට බරක් වන්නට ඔහුට ඕනෑ වූයේ නැත. දරුණුවටම ආ රෝග ලක්ෂණ උහුලාගෙන සිය නිවසේදීම රෝගය කළමනාකරණය කරගන්නට අවශ්‍ය කටයුතු ඔහු කළේය. හුස්ම අල්ලා ගන්නට අරගලයක යෙදෙමින් ඔහු ඒ පිළිබඳව අවධියෙන් උන්නේය.
දින දෙකක් ඔහු නිදා උන්නේය. සිකුරාදා වෙන කොට නරකම තත්ත්වයෙන් ගොඩ ආවා කියලා මට දැනුණ. මට පොඩි සුවයක් දැනුණා. මේහර් මහතා කීවේය.
ඔහුට කිසිවක් සිතාගැනීමට නොහැකි වී ඇත්තේ ඔහුගේ තත්ත්වය දරුණු අතට හැරුණු විට රුධිර පීඩනය ඉහළ ගිය විටයි. හෘදයාබාධයක් හටගනීදෝයි ඔහු බිය පත් වී තිබේ.
බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත කටයුතු වැළැක්වීමේ විශේෂඥයකු වන ශිරාස් මේහර් කොවිඩ් 19 වැළඳීම හේතුවෙන් තමා ලත් බිහිසුණු අත්දැකීම ගැන කියවෙන විස්තරය ට්විටර් සමාජ ජාලය ඔස්සේ එවර දසත පැතිර ගියේය.
“කොරෝනා වෛරස සෑහෙන තරම් කුරිරුයි. සුවය ලැබීම පහසුවෙන් සිදුවන්නක් නොවෙයි’’ ඔහු මාධ්‍යයට කියා තිබිණි.
‘‘සෙනසුරාදා වෙද්දී ආපහු මට අසනීප ගතියක් දැනෙන්න ගත්තා. ඒ පාර මම ගෙදර තිබුණු මොනිටරයෙන් රුධිර පීඩනය බැලුවා’’
‘‘180/120 ට වැඩි නම් අධිරුධිර පීඩන තත්ත්වයක් හැටියටයි සැළකෙන්නෙ. මගේ තත්ත්වය අනාවරණය නොකර මා සුවෙන් ඉන්නා බව අන්‍යයන්ට කීවා ඇත්තෙන්ම මහා භයානකම මොහොත බවට පහසුවෙන්ම හැරෙන්නට ඉඩ තිබුණා.’’
‘මේ ගැන මගේ වෛද්‍ය මිතුරන් අමතා මා කිව්වා. දැන් 999 (හදිසි ඇමතුම්) අමතන්නට කාලය පැමිණ ඇති බව ඔවුන් මට කිව්වා. නියෝජිතවරයෙක් හා කතා කරන්න විනාඩි 15කට වඩා ගතවුණා. හදිසි ඇමතුම් සේවාවේ තත්ත්වය ඒ තරමට අසීරුවෙලා මට කොරෝනා වෛරසය වැළඳුණ බවත් රුධිර පීඩනය ඉහළ ගොස් ඇති බවත් ඔවුන්ට කීවා.
‘‘අන්තිමේදී මගේ ඇමතුමට ප්‍රතිචාර දැක්විය යුතු නැති බව ඔවුන් තීරණය කළා. මම මේ ලන්ඩන් ඇමිබියුලන්ස් සේවාව විවේචනය කරනවා නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු නොවූ තරම් සේවාවක් අසීරු තත්ත්වය යටතේ සිදු කරමින් සිටිනවා.
ඊළඟ පැය 48 තුළ තමාගේ රුධිර පීඩනය සොබාවිකවම සාමාන්‍ය තත්ත්වයට එන තුරු මේහර් මහතා ඇඳට වී ගත කළේය. ඔහුගේ කැස්ස ද යම්තමින් පටන් ගත් අතර පපුවද යම්තමින් සිරවනු ඔහුට දැනුනේය. අන්තිමේ තමාගේ තත්ත්වය සුව අතට හැරුණේ යයි මේහර් මහතාට සිතුණේය. එහෙත් ඒ වනවිටත් ඔහුට අසාමාන්‍ය උමතු බවේ සහ හිස රුදාවේ රෝග ලක්ෂණ ඇතුළු අතිශය අලස බවෙන් පහර වැදී තිබිණි.
මාර්තු 28 වැනි දින එනම් කොරෝනා වෛරසය වැළඳී සති දෙකහමාරක් ගෙවුණු තැන, අන්තිමේ රෝගය පහව යන බව මේහර් මහතාට දැනුනේය. තමා විඳි බිහිසුණු අත්දැකීම එවර ඔහු සමාජ මාධ්‍ය සමග බෙදා ගත්තේය.
‘‘කොරෝනා වෛරසය එක් එක් මිනිසුන්ට ග්‍රහණය වෙන්නෙ එකිනෙකට වෙනස් ආකාරයෙන් බවයි පෙනෙන්නේ’ ඔහු කීවේය.
සමහරු ලේසියෙන්ම ඒක උහුලගෙන ගොඩ එනවා. අනෙක් අය අන්ත දරුණු විදියට දුක් විඳිනවා. අමාරුම හරිය තමා පෙනහල්ලට දැනෙන්න ගන්න කාලෙ ඒක මහ පිස්සු හැදෙන ලෙඩක්. ජීවිතේ කවරදාකටත් වඩා මම ඒකෙන් විඳෙව්වා.
එසේ වී ඇත්තේ මේහර් මහතා රෝහල් ගතවීම හෝ ස්වසන ආධාරකය භාවිතා නොකළ බැවිනැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු පවසති. ඔහුගේ රෝගී තත්ත්වය ‘මැදිහත්’ තරමේ වර්ගීකරණයේ ලා සැලකිය හැකි යයිද ඔවුහු කියති.
ඕස්ට්‍රේලියාවේ ‘ද ටෙලිග්‍රාප්‘ පුවත් පත වෙනුවෙන් මානි ඕ‘නීල් විසින් ලියන ලද වාර්තාවක් ඇසුරිනි
පර්වර්තනය – සමන් පුෂ්ප ලියනගේ
ශිරාස් මේහර් -ඡායාරූපය : කලහකාරීවීම සම්බන්ධයෙන් අධ්‍යනය කරන අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙනි
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කෝවිඩ් - 19 මාරයා සමග ද්වන්ධ සටනක තතු
සමන් ඕස්ට්‍රේලියාව Monday, 06 April 2020 12:48 AM
කාටත් අවදිවෙන්න හොද ලිපියක් . ගොඩ වෙදකම් කරන්නේ නැතුව ලගම තියෙන රජයේ රෝහලකට යන්න. මුහුණු පොත වගේ තැන්වල බොරු බෙහෙත් , ගුරුකම් එමටයි . සමහර පත්තර වලත් එහෙමයි.
jayath Monday, 06 April 2020 01:24 AM
මුහුණු පොතේ , සමාජ මාධ්‍යවල, මෙහෙ ලෙඩ්ඩුන්ට පහසුකම් මදි හරියට නිරෝධායනය කරන්නේ නැහැ කියලා කමෙන්ට් දමලා පොරවල් වෙන්න හදන උදවිය ඔක්කොම මේක කියෙව්වනම් තමයි හොඳ
Samitha Senaka Aluthgamage. Sunday, 26 April 2020 12:35 PM
ඉතා වැදගත් ලිපියක්... අර කිව්වා වගේ.. අපේ මුහුණු පොතේ තියන සමහර පට්ටපල් බොරු නිසා විනාශවෙනවා.. ඒ මදිවට කොරෝනාවලට බෙහෙත් හොයාගත් වෙදුන් එමටයි. කිසිම පදනමක් නැති කතා.. ලෙඩෙක් ළඟටවත් නොගිහින් බෙහෙත් හොයාගන්න.
karu Saturday, 02 May 2020 03:15 PM
කොන්ද පන තියෙන දෙදෙනෙක්. ජය වේවා.!!! ඒවගේම යමෙකුට අධිකරණයෙන් නියෝගයක් ගන්න හැකිනම් ' කොපමණ මුදලක් කොරෝනා ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී තියේදැයි ' දැනගන්න, ඉතාමත්ම වැදගත්. මොකද සුනාමියා සහ සහෝදර මල්වානේ පොර අනිවාර්යයෙන්ම මේ කොරෝනා සල්ලිවලටත් පිල්ලි ගහනවා. දැනටමත් එක එක කටු කන බල්ලෝ කියනවානේ ආධාර ලැබුනේ නැහැ කියලා.