”අප නිසි අයුරින් යමක් අවබෝධ කර නොගන්නේ නම් අපට කිසි දිනක පැවැත්මත් නැත.” කියුබාවේ විශ‍්‍රාමික ජනාධිපති ආචාර්ය පිදෙල් කස්ත්‍රෝ (24.03.2012 ද ඉකොනොමිස්ට් සඟරාව) කොමියුනිස්ට් කියුබාවේ නිර්මාතෘ පිදෙල් කස්ත්‍රෝ මෙම ප‍්‍රකාශය කර ඇත්තේ පසුගිය දා අවසන් වූ ජිනීවා හි මානව හිමිකම් සැසිවාරයට පසුව නිකුත් වූ ”ද ඉකොනොමිස්ට්” සඟරාවටය. මෙම ප‍්‍රකාශය හා ජිනීවා තීන්දු අතර කිසිදු සම්බන්ධයක් නැත. එහෙත් මෙතැන් සිට ඇරඹෙන යුගයේ දී කස්ත්‍රෝගේ මෙවන් කියමන් අපට ද වටී. කස්ත්‍රෝ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නොවේ. ඇමෙරිකන් අධිරාජ්‍යවාදය වඩාත් තියුණු ප‍්‍රහාරයකට ලක් කළ රාජ්‍ය නායකයාය. ඔහු අද විශ‍්‍රාමිකය. ඔහුගේ රට මෙහෙයවමින් සිටින්නේ සිය සොහොයුරු රාවුල් කස්ත්‍රෝ ය. රාවුල්ගේ කියුබාව පිදෙල්ගේ කියුබාව නොවේ. එහෙත් එම කියුබාවට ද පිදෙල්ගේ ආශිර්වාදය ලැබේ. පිදෙල් කස්ත්‍රෝ සිය ජාත්‍යන්තර පිළිවෙතේ දී ලිබියාවට ඇමෙරිකාව කළ දේ තරයේ හෙළා දකින අතර ම ගඩාෆිගේ දේශීය පිළිවෙත අනුමත කරන්නේ ද නැත. ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමෙරිකාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනා වේ දී ද කියුබානු නියෝජනයාගේ ස්ථාවරය ඇමෙරිකන් විරෝධී විය. ඍජු විය. ඔවුන්ගේ ඇමෙරිකන් විරෝධය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පමණක් නොව කාටත් පොදු ය. එහෙත් වර්තමාන කියුබාව ලෝක යථාර්ථයට මුහුණ දෙමින් සිටී. ඔවුහු අපේ සමහරුන්මෙන් පටිසෝතගාමී වීමට සූදානම් නැත. පිදෙල් කස්ත්‍රෝ එය කෙටියෙන් හඳුන්වන්නේ නිසි අයුරින් ලෝක යථාර්ථය හඳුනා ගැනීමක් ලෙසිනි. එය ධනවාදය වැළඳ ගැනීමක් හෝ අධිරාජ්‍යවාදයට යටත් වීමක් හෝ නොවේ ය. එසේ ම ලද බොළඳ දේශපේ‍්‍රමයෙන් හා අධිරාජ්‍යවාදයෙන් මිදී මධ්‍යස්ථව ලෝක යථාර්ථය දෙස බැලීමකි. අර්ථාන්විත දේශපේ‍්‍රමය හරහා අධිරාජ්‍ය විරෝධය මතුවන්නේ එහෙම ය. රටේ ජීවත් වන සියල්ලෝම හෙළ රජ දවස මෙන් කැකුණ ඇට තෙල්වලින් පහන් දල්වා අල බතල කොස්, දෙල් කා ජීවත්වීමට සූදානම් නම් ප‍්‍රශ්නයක් නැත. එය ඔවුන්ගේ අයිතියකි. එවන් වැඩ වසම් ස්වයංපෝෂිත ආර්ථිකයක් තුළ ආනයන අපනයන කතාවලින් පලක් නොවේ. එසේ වන්නේ නම් ඇමෙරිකන් හා ඉන්දියානු භාණ්ඩ විරෝධයේ යම් අර්ථයක් තිබේ. එහෙත් ශිෂ්ටාචාරයක් ආපස්සට ගමන් කරන්නේ නැත. කාල්මාක්ස්ට වුවද තම විග‍්‍රහයේ දී ඉන්ටර්නෙට්, ෆේස් බුක්, ඊමේල් හසු වූයේ නැත. නැවත රට ඉතිහාසයට ගෙනයාමට තීන්දුවක් ගත්තොත් ඊට මුලින්ම විරුද්ධ වන්නෝ දේශීයත්‍වය වෙනුවෙන් අපට දේශනා පවත්වන අයම ය. ඊට හේතුව සමහර එවන් අයගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ බටහිර රටවල නිසා ය. සමහරු ගතානුගතික පප්පලාගේ නූතන තාක්‍ෂණය වැළඳගත් දරුවෝ වෙති. මේ නිසා රටේ අහිංසක ජනයා තම තාවකාලික බලදේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් ගොනාට ඇන්දවීමට සැරසීම සාහසිකය. එසේ ම අධිරාජ්‍යවාදී තර්ජන හමුවේ තම පිළිවෙත සඟවාගෙන සිටීම ද පිළිකුල් සහගතය. සමහරුන් දැන් කල්පනා කරන්නේ ජනාධිපති මහින්දගේ ආණ්ඩුව මෙතැන් සිට කඩා වැටේ කියලාය. එහෙම වුණොත් හෙට රට අපටය. සමහරු කල්පනා කරන්නේ එහෙමය. ඒ අය වුව ද මේ ආණ්ඩුවේ සොරකම් කරන ඇත්තන්ට වඩා හොඳට හොරකම් කිරිමට දක්ෂය. මේ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඔවුනට ද අවශ්‍ය විය හැක්කේ මේ අය කන කෑම ඒ අයට ද කෑමටය. ඒ නිසා ඇමෙරිකන් විරෝධී ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය. ඉන්දියාව සම්බන්ධයෙන් වුව ද කෙළබිඳක් නොසැලිය යුතුය. මෙසේ දේශපාලන වශයෙන් හොරගල් අහුලන්නන්ගෙන් ද මේ රටට සෙතක් නැත. ඔවුන් සිතන ලෙස ආණ්ඩුව වැටෙන්නේවත් ඒ අයගේ ඔඩොක්කුවට කඩා වැටෙන්නේවත් නැත. තවත් පිරිසක් කල්පනා කරන්නේ අතිධාවනකාරී දේශපේ‍්‍රමය හරහා ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර වශයෙන් කොන්කර අවසානයේ ඒ සියල්ල ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ගිණුමට බැර වීමට ඉඩහැරීම දැයි නොදනිමු. ඒ අනුව අනියමින් ජනාධිපති මහින්ද ජාත්‍යන්තර ”වෙල මැද තනි වූ ලෙව්කේ කෙනෙක්” වෙනවා දකින්න කැමති අයත් මේ ආණ්ඩුවේ සිටිනවා දැයි කියන්න දන්නේ නැත. විහින් ලෙව්කේ හෝ සිරිසඟබෝ කෙනෙක් වීමට එතුමා සූදානම් වේ නම් එතුමා බලයට පත් කළ ජනතාවට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. තලතුනා දැන උගත් වමේ දේශපාලනඥයෙකු වන පිදෙල් කැස්ත්‍රෝ පවසන දෑ අපට වඩාත් වැදගත් වන්නේ මේ නිසාය. මේ දේශපාලන යථාර්ථය තේරුම් ගත් ආණ්ඩුවේ දෙදෙනෙක් පසුගිය සතියේ අප හමුවූහ. ඉන් එක් අයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සේනානායකය. අනික් තැනැත්තා එම පක්ෂයේම භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුමය. ඔවුන් දෙදෙනාම තම හඬ අවදිකළේ ශී‍්‍ර ලංකා කාරයොත් මේ ආණ්ඩුවේ සිටින බව දැනගනිල්ලාය කියන තාලයෙන් වාගේය. ශන්මුගදාසන්ගේ අධිපතිවාදී සිහින සමාජවාදය ප‍්‍රතික්ෂේප කළ අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වන්නේ ගැටවර වියේදීමය. එය සිදුවන්නේ ද සාමාන්‍ය පන්තියේ තරුණයකු ලෙසිනි. එදා ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට කැඳවා ගෙන එන්නේ පොළොන්නරුව හිටපු මන්තී‍්‍ර ලීලාරත්න විජේසිංහ ය. එදා මෙදාතුර ඔහු කවදත් සිටියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේය. ඔහු පිරිසිදු ශී‍්‍ර ලංකා කාරයෙකි. මෛතී‍්‍ර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැද මාවතේ දේශපාලනයේ නාඩි නිවැරදිව හඳුනාගත් නායකයන් අතුරින් එක් අයෙකි. ඒ නිසා ඔහු කතා කරන්නේ අත්දැකීමෙන්ය. ”සතුරන් මිතුරන් කර ගන්නා අතරම මිතුරන් තවදුරටත් ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතුය....” ”රට මෙවැනි අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවක සියලූ දෙනා දුරදක්නා නුවණින් කටයුතු කිරීම වැදගත්ය. ජාත්‍යන්තරය සමඟ කටයුතු කරද්දී රාජ්‍ය තාන්ති‍්‍රක පරිණත භාවයකින් හා ප‍්‍රශ්නයක් ඇති වූවිට වටපිටාව අධ්‍යයනය කරමින් කටයුතු කළ යුතුය. මිනිසකුගේ පෞද්ගලික ජීවිතයේ දී වුවත් රටක් ලෙස ජාත්‍යන්තරය සමඟ කටයුතු කරද්දී වුවත් මේ දහම සත්‍යකි.” (25.03.2012 ලංකාදීප) අමාත්‍ය මෛතී‍්‍ර මේ මතක් කර දෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආවේණික මැදමාවතේ දේශපාලනයේ හඬයි. පසුගිය ලෝක ආර්ථික අර්බුදයෙන් පසු එම දේශපාලනයට වෙනදාටත් වඩා වටිනාකමක් ලැබී තිබේ. අද සමාජවාදී කියුබාව සූදානම් වන්නේ ද එම ගමන යෑමටය. ශී‍්‍ර.ල.නි.ප.යේ සමහර අයට මේවා ගැන මෙලෝ රහක් නැත. තම පක්ෂයේ මැද මාවතේ දේශපාලනයට වෙනදාට වඩා ලෝක දේශපාලනයේ දී ද ඉල්ලූමක් තිබෙන බවක් වත් ඔවුහු නොදනිති. නැතිනම් දැනගෙන ම දෙන දෙයක් වළඳා වෙන දෙයක් බලාගෙන සිටිනවා වාගේය. එහෙත් ඩලස් අලහප්පෙරුම වැනි රැඩිකල් අමාත්‍යවරුන් මේ යථාර්ථය තේරුම් ගෙන සිටීම ප‍්‍රශංසනීයය. අමාත්‍ය ඩලස් ඉන්දියාව ගැන සඳහන් කරන්නේ සාධනීය මධ්‍යස්ථ ප‍්‍රකාශයකි. ”හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ යුද්ධයේ අවසාන තීරණාත්මක අවස්ථාවලදී දකුණු ඉන්දියාව එක දිගට පාසල් වහල තිබියදී, එක දිගට සිනමා ශාලා වහල තිබියදී, නළු නිළියො, අධ්‍යක්‍ෂකවරු, නීතිඥවරු පාරට බැහැල උද්ඝෝෂණ කරද්දී ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එල්.ටී.ටී.ඊ.ය කම්මුතු කරන්න අපට උදව් කළ බව. මේ නිසා අපි මුල අමතක නොකරන ජාතියක් විදියට මේ කාරණය පටලවාගත යුතු නැහැ. අපට අපේ පැත්තෙන් විග‍්‍රහයක් තිබෙන්න ඕනෑ. ඔවුන්ගේ (ඉන්දියාවේ) අභ්‍යන්තර ප‍්‍රශ්නයක් හේතු කොටගෙන මෙම තීරණය ගත් බව. හිතල බලන්න මොහොතකට අපේ රට වුණත් මේ වගේ තත්වයකට මුහුණ පෑවොත් අපි වුණත් මේ දේ නොකරයිද ?” (26. 03. 2012 රිවිර) මෙය ඉන්දියාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් 122ක් නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා කරන මැදමාවතේ ප‍්‍රකාශයයි. මෙය ඉන්දියාවට ගැතිවීමක් සේ කල්පනා කරන අය ද සිටිති. එහෙත් කි.මී. 22ක් ඈතින් ලෝකයේ අති දැවැන්ත රටක් අප අසලින් පිහිටීමත් එම දුර ප‍්‍රමාණයේම ඉන්දියාවේ අපට සංවේදී හා සමීපතම ප‍්‍රාන්ත රාජ්‍යයක් පිහිටා තිබීමත් අමතක කිරීම මෝඩකමකි. එසේම මෙතරම් දැවැන්ත රාජ්‍යයක් නිවැරදිව කළමනාකරණය කරගත හැකිවන්නේ නම් රටක් ලෙස අපත් ගොඩය. අපේ ආරක්‍ෂාවට හා ශක්තියට එයම හේතුවක් වේ. එය ඉන්දියාවට යටත් වීමක් නොවේ. ඒ නිසා ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළ යුතුය යන්න මෝඩකමටත් වඩා ඉන්දියාව අපේ දේශපාලනයෙන් ඈත්කරන සටකපට සිතුවිල්ලකි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙන විධියකට අපට මතක් කර දෙන්නේ මේ යථාර්ථයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමැති සද්දන්ත කුඩය යටතට විවිධ දේශපාලන මතධාරීන් ගොනුකර ඇත. ඒ හැමටම තම තමන්ගේ මතවාද මුදාහැරීමේ දේශපාලන නිදහසක් ද තිබේ. එය නකුට විසින් බල්ලා නටවන ක‍්‍රමයට නම් අර්බුදයක් ඇතිවිය හැකිය. එහෙත් එහි වැඩි ඉඩකඩ හා න්‍යෂ්ටිය නියෝජනය කරන්නේ මැදමාවතේ දේශපාලනයේ නියුතු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. මේ ප‍්‍රධාන ශී‍්‍ර ලංකා කාරයන් දෙදෙනා නැවත මතක් කර දෙන්නේ අමතක වී හෝ අමතක කර හෝ සිටින අයට ඒ දේශපාලනය බව පෙනේ. මේ රටේ දේශපේ‍්‍රමය හා ජාතික අනු රාගය විචාරාත්මකව ගොනු කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බවට විවාදයක් නැත. ඔවුහු එය කිසි දිනක බලය වෙනුවෙන් අලෙවි කළේ නැත. දරුස්මාන් වාර්තාව හිස් ලියවිල්ලක් බවට පත්කර එය යටපත් වී උගත් පාඩම් වාර්තාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීම ජිනීවා හිදී අපලත් ඉහළ මට්ටමේ ජයග‍්‍රහණයකි. මෙම ජයග‍්‍රහණයට ඡන්ද නැත. ඒ නිසාම සමහරු ඒ ගැන කතා කරන්නේ ද නැත. එසේම ඇමෙරිකානු යෝජනාවට පක්ෂව ඡන්ද විමසීමේදී ආසියානු රටවල් එක මිටකට එකතු වී ශී‍්‍ර ලංකාව සමඟ හිට ගැනීමද තවත් ජයග‍්‍රහණයකි. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවට වුවද කල්පනා කිරීමට සිදු වීය. අප ”ජිනීවා” සිදුවීම හෙට දවසේ විග‍්‍රහයට ගත යුත්තේ මෙලෙසිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද මේ යෝජනාව පාදක කරගෙන හෙට දවසේ අප පටලවා ගැනීමට නිල මට්ටමේ ලිපියක් එවීමේ ඉඩක් තිබේ. එනම් මේ යෝජනාව පාදක කරගෙන එහි අඩංගු කාරණා කි‍්‍රයාත්මක කිරීමට ඔවුන්ට ශී‍්‍ර ලංකාවට උදව් විය හැකි ආකාරය එහි විස්තර කිරීමට ඉඩ තිබේ. ඊට ආකාර තුනකින් අපට පිළිතුරු දිය හැකිය. ඔවුන්ගේ මවුපියන් ද සිහිකරමින් එම අයැදුම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීම එක් විධියකි. අතීත සිදුවීම් අමතක කර උපකාර අපේක්‍ෂා කිරීම තවත් විධියකි. ඒ දෙකම නොවේ නම් මැද මාවත පිළිවෙතේ පිහිටා ”අවශ්‍යතා වෙතොත් දැනුම් දෙන්නම්” යනුවෙන් ද සඳහන් කළ හැකිය. මින් කුමන පිළිතුරක් යවාවි දැයි කියන්න දන්නේ නැත.
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කස්ත්‍රෝගෙන් උගත් පාඩමක්