තිස් පස් හැවිරිදි පමණ වන ඔහු ගොවිතැන් බත්කර ජීවිකාව ගෙන යන අයෙකි. පදිංචිව සිටින්නේ තඹුත්තේගම පොලිස් වැයික්කියට අයත් ගම්මාන දහය බැදිවැව ප්‍රදේශයේය. කසිප්පු බීමට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන ඔහුට කසිප්පු නොබී සිටීමට පුළුවන්කමක් තිබී නැත.
ඒ නිසා ඔහු නිතිපතාම කසිප්පු බීමට යාමට තෝරාගෙන තිබුණේ ගමේම පිහිටි නිවසකි.
මේ නිවසේ කසිප්පු වෙළදාම් කරගෙන යන්නේ කාන්තාවක් වන අතර ඇය කොච්චර පොලිසියට කොටු වී උසාවියෙන් දඩ කා තිබුණත් ලෙහෙසියෙන් ඒ වැඬේ අතහරින්ට අකමැති වූවාය.
සිද්ධිය වූ දවසේ ද මොහු වෙනදා මෙන්ම සවස් යාමයේ මෙසේ ගෙදර ඇවිත් රුපියල් 150ක පමණ මුදලක්ද අරගෙන කෙළින්ම ගියේ කසිප්පු වෙළදාමේ නිරතව සිටින කාන්තාවගේ නිවසටය. කසිප්පු භාගයක් ඉල්ලාගත් ඔහු එය තොලගාමින් ගතකර ඒ කසිප්පු භාගය බී හමාරකර තවත් කසිප්පු භාගයක් ඉල්ලා ඇත.
කාන්තාව කියා ඇත්තේ ගෙදර විකිණීමට ගෙනා කසිප්පු ඉවර වී ඇති බවත් වෙන දෙන්නට කසිප්පු නැති බවය.
වෙල්යායේ කසිප්පු පැකට් තොගයක් සඟවා ඇති බවත් එම කසිප්පු පැකට් ටික ගෙදරට ගෙනවිත් දුන්නොත් ඒ වෙනුවට නොමිලයේ කසිප්පු භාගයක් ලබා දෙන බවත් කාන්තාව ඔහු සමග කියා ඇත.
නිකම් කසිප්පු භාගයක් යැයි කීව නිසා ඔහුගේ ඉහේ මලක් පිපුණා සේය. කසිප්පු බීමට දැඩි ගිජුකමක් දැක් වූ නිසා කාන්තාව කියන්නේ නම් ඇයගේ ගෙදර තියන වැඩක් වුවත් කර දීමට ඔහු සූදානම්ව සිටින අයෙක් බව කියයි.
නිකම් කසිප්පු භාගයක් දෙනවා යැයි කාන්තාව කී නිසා ඔහු වෙල්යායට ගියේ ඇය සඟවා තිබූ කසිප්පු පැකට් තොගය ගෙන ඒමටය. තිබූ තැනින් කසිප්පු තොගය අරගත් ඔහු එයින් එක් කසිප්පු පැකට් එකක් තැබුවේ පසුව ගෙදර යන ගමන් අරගෙන යාමට සිතාගෙනය.
කසිප්පු පැකට් තොගය රැගෙන ඒමට වෙලට යන විටද ඔහු සිටියේ තරමක වෙරිමරගාතේය.
කසිප්පු වෙළඳාමේ නිරතව සිටින කාන්තාව පොරොන්දු වු පරිදිම කසිප්පු භාගයක් කීයක්වත් අය කරන්නේ නැතුවම ලබා දී ඇත්තේ ඔහු කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් වශයෙනි.
ඒ කසිප්පු භාගයද එතනම තබාගෙන තොල ගා ඉවරවෙන විට රෑ බෝ වී තිබිණි. කසිප්පු බෝතලයකටම ඒ වන විට වගකියා තිබූ නිසා ඔහු සිටියේ කෙලින් කටින් සිට ගැනීමටවත් නොහැකි තරම්ය.
වෙරි මරගාතේ වැනෙමින් ඔහු කසිප්පු තිප්පොළෙන් පිටවුණේ ගෙදර යාමට සිතාගෙනය. ගෙදර බලා යමින් සිටි අතරවාරයේ ඔහු හරිම අකරතැබ්බයකට මුහුණ පෑවේ කිසිසේත් බලපොරොත්තු නොවූ ආකාරයකටය.
ඒ කතාව ඔහු තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් සමඟ පවසා ඇතැයි කියන්නේ මෙසේය.
මම රෑවෙලා ගෙදර එද්දී ත්‍රීවිල් එකකින් ආපු කට්ටියක් මචං අපි අරක්කු බිබී ඉද්දී මදිවුණා අපි තව අරක්කු බෝතලයක් ගෙන යන්නයි මේ ආවේ. කසිප්පු තිප්පොළක් ගැන දන්නවා නම් කියපංකෝ කියා ඔවුන් කිව්වා. හතර දෙනෙක් ත්‍රීවිල් එකේ හිටියා. මම ඔවුන්ව හදුනනවා. මම වෙලේ හංගා ආ කසිප්පු ඔවුන්ට විකුණන්න හිතාගත්තා. මම ඒ හතර දෙනාව එහෙට එක්කගෙන ගියා. එතකොට වේලාව රෑ 10.00 පහුවෙලා ඇති. වෙලේ මම කසිප්පු හංගලා ආපු තැන හොයාගන්න උත්සාහ කළත් බැරිව ගියා. ඒ හතර දෙනාත් හොඳටම බීලා හිටිය බව මට තේරුම් ගියා.
ඊට පස්සේ මොකද වුණේ කියා පොලිස් නිලධාරියෙක් පවසා සිටි අවස්ථාවේ ඔහු මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.
කසිප්පු තියන තැනකින් කොහොම හරි හොයා දීමට බැරිනම් අපි උඹට හොද පාඩමක් උගන්නනවා කිව්වා. ඒත් මට කසිප්පු හංගා ආ තැන හොයාගන්න බැරිව ගියා. උඹ අපිව රැවැට්ටුවා. රස්තියාදු කළා කියා මට පහර දීලා ඔවුන් ආ ත්‍රීවිල් එකට ඇදලා දාගත්තා. ඔහුන් හතර දෙනා මාව මුණ්විල්පිටිය වැව් බැම්ම ළඟට අරගෙන ගිහින් හොද හැටි පහර දුන්නා. මම ඇඳ සිටි සරම අරගෙන එය ඉරා දමා ඒවායින් මගේ අත් පා ගැට ගසා දැමුවා. ඊට පස්සෙ යකඩ බටයක් වගේ එකක් මගේ ගුද මාර්ගයට ඇතුළ් කළා. මට වේදනාව ඉවසා ගන්න බැරිව ගියා. ඒ වේදනාවට මගේ වෙරිත් හිදුනා වගේ දැනුනා. මට කරකියාගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණ හැන්ඞ් ෆෝන් එකත් ඔවුන් පැහැරගෙන ගියා.
ඒ හතර දෙනා මාව වැව් බැම්මේ දමා ත්‍රිවිල් එකේ නැගලා ගියා. මම සෑහෙන්න ඔට්ටුවෙලා මාව බැඳ දමා තිබූ ගැට ලිහාගත්තා. මම නිරුවතින්ම කළුවරේ එද්දී ගඩොල් පෝරණුවක් දැකලා එතැනට ගියා. ඒ ගඩොල් පෝරණුව ළඟ පොහොර උරයක් තිබුණා. ඒ පොහොර උරයෙන් විලි වසාගෙන බොහොම අමාරුවෙන් ගෙදරට ආවා. ගෙදර අයට විස්තරේ කිව්වා. ඊට පස්සේ සරමක් ඇඳගෙන තමා එහෙම පොලිසියට ආවේ යැයි ඔහු පොලිසියට පවසා සිටියේය.
පොලිසිය ඔහු ලබා දුන් හෝඩුවාවක් ඔස්සේ පරීක්‍ෂණ පවත්වා මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් පහර දී ගුද මාර්ගයට යකඩ බටයක්ද ඇතුළු කල බව කියන හතර දෙනාගෙන් දෙදෙනෙක්ම අත් අඩංගුවට ගන්නා ලදී.
මේ තුන් දෙනාගෙන් දෙදෙනෙක් අයියා මලෝ වෙති. අනෙකා ඔවුන්ගේ මිතුරෙකි. අයිය මලෝ දෙන්නාගෙන් අයියා ගාල්ල පැත්තේ හමුදා කඳවුරක රාජකාරි කරන ආබාධිත හමුදා සෙබළෙකි.
අත් අඩංගුවට ගැනීමට සොයන්නේ තවමත් රාජකාරියේ නිරතව සිටින හමුදා සෙබළෙක් වන අතර ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් සිටී. පැහැරගෙන යාමට යොදාගත් ත්‍රීරෝද රථය අල්ලා ගැනීමට සොයන හමුදා සෙබළාට අයත් එකක් වන අතර එයද පොලිස් භාරයට ගෙන තිබේ.
පහරකෑම් හා වධ හිංසාවලට ලක් වූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කෙරිණි. අත් අඩංගුවට ගත් තිදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වනදින දක්වා රිමාන්ඞ් භාරයේ තබනලෙස මහේස්ත්‍රාත් එස්. බී. ඉලංගසිංහ මහතා නියෝග කළේය.
උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සපුගහවත්ත මහතාගේ පූර්ණ අධික්ෂණය තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීමෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එච්. එස්. බී. දිසානායක, පොලිස් පරීක්‍ෂක තිලකරත්න බණ්ඩා, උප පොලිස් පරීක්‍ෂක වැලිකල, කොස්තාපල්වරුන් වන වාසල (35758) කුලසූරිය (48118) සහ ජයතිලක (5403) යන මහත්වරු පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක්
පිටිගල මිලානෝ Tuesday, 18 October 2016 02:19 PM
රණවිරුවන්ගෙන් දැන් දැන් සමාජයට බොහොම කරදර සිදුවෙනවා. (අ)
නුවන් Monday, 17 October 2016 10:59 AM
දැන්වත් බීම නැවැත්තුවා නම් මදැයි (නි)