ශ්රී ලංකාවේ දේශපාලකයන්ගේ මෙන්ම මහ ජනතාවගේත් ප්‍රධාන ආහාරය බත්ය. කුස පුරවා ගන්නට බත් කන ශ්‍රී ලාංකිකයන් අතරේ හාල්වලින් මඩිය තර කර ගන්නා ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද නැතුවාම නොවේ.
මේ දින වල තුන් වේලෙන් එක් වේලකට හෝ බත් කෑමට අපමණ වෙහෙසෙන පිරිස් සිටිති. ඊට හේතුව හාල් මිල අහස උසට යෑමයි.
සාමාන්‍යයෙන් මිලෙන් අඩුයැයි කියන නාඩු කිලෝවක මිල රුපියල් 110 දක්වා ඉහළ නඟිද්දී සම්බා කිලෝවක මිල ද රුපියල් 110ක් පමණ වී තිබේ. එසේ වූයේ හාල් හිඟයක් නිසා නම් නොවේ. මේ බව පැහැදිලි වන්නේ පසුගිය දා නිකුත් කැරුණු විගණකාධිපති වාර්තාවකිනි.
2014 සහ 2015 වර්ෂ සඳහා ලංකාවට ගෙන්වූ හාල් තොගයෙන් මෙට්‍රික් ටොන් 23,751ක් පසුගිය වසර අවසාන වන විටත් ඉතිරිව තිබිය යුතු බවට විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ. කිලෝ ග්‍රෑම් වලිත් කියතොත් එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 23,751,000ක් හෙවත් සහල් කිලෝ ග්‍රෑම් දෙකෝටි තිස් හත් ලක්ෂ පනස් එක් දහසකි.
මේ දින වල වැඩිපුරම මිල වැඩිවෙමින් පවතින්නේ නාඩු සහල්වලය. ඊට හේතුව රට තුළ නාඩු සහල් හිඟයක් පවතින බව කීමයි. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් ඇතැමෙක් වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොගවල ද නාඩු හිඟයක් පවතී. අතරමැදියන් කිහිප දෙනකුම ‘ලංකාදීප‘ සමඟ කීවේ තමන් ඒජන්ත කම දරන සහල් ව්‍යාපාරිකයන් ගබඩාවල නාඩු සඟවා කෘතිම සහල් හිඟයක් මැවීමට උත්සාහ කරන බවයි.
2017 ජනවාරි 20ත් 27ත් අතර සතියේ මිල ගණන් ගත් කළ පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී දේශීය වෙළෙඳපොළේ සහල් මිල 29%ත් 48%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත අනුව පැහැදිලිවෙයි.
පසුගිය වසර හා සැසඳීමේදී සම්බා මිල 1.63% කින් පහත වැටී ඇතත් නාඩු මිල 25% කින් පමණ ඉහළ ගොස් තිබේ. 2015 නොවැම්බර් මාසයේ දී රුපියල් 74ක් පමණ වූ නාඩු සහල් කිලෝවක් මාස දෙකක් ඇතුළත රුපියල් 25කින් පමණ ඉහළ ගොස් තිබේ. ඇතැම් කඩ වල එම මිල රුපියල් 36කින් වැඩි වී තිබේ.
ස්ථාන කිහිපයක සහල් තොග මිල ගණන් පහත දැක්වේ. (කිලෝවක මිල රුපියල්)
මරඳගහමුල |
කොළඹ |
අරලිය |
නිපුන |
|
බාස්මතී |
|
138 |
|
|
කීරිසම්බා |
128 |
120 |
125 |
125 |
සම්බා |
88 |
92 |
93 |
93 |
රතු කැකුළු |
80 |
83 |
|
|
සුදු කැකුළු |
90 |
90 |
|
|
නාඩු |
89 |
88 |
90 |
90 |
ප්‍රදේශ කිහිපයක කිහිපයක සහල් කිලෝ ග්‍රෑමයක මිල (ජනවාරි 20 - 26)
සම්බා - 1 | සම්බා -2 | නාඩු | රතු කැකුළු | සුදු කැකුළු | |
කොළඹ | 101.50 | 93.50 | 98.50 | 95.00 | 94.00 |
ගම්පහ | 97.00 | 95.50 | 97.00 | 93.50 | 96.50 |
නිකවැරටිය | 100.00 | 95.50 | 95.50 | 93.50 | 93.50 |
දඹුල්ල | 96.50 | 94.50 | 95.50 | 94.50 | 94.50 |
අනුරාධපුර | 94.50 | 95.50 | 93.50 | 93.00 | |
පොළොන්නරුව | 102.00 | 93.00 | 88.00 | 88.00 | |
බදුල්ල | 105.00 | 95.00 | 95.00 | 92.50 | 92.50 |
අම්පාර | 99.50 | 91.00 | 85.00 | 86.50 | |
පුත්තලම | 92.50 | 92.50 | 91.50 | 95.50 | |
හම්බන්තොට | 102.50 | 92.50 | 92.50 | 100.00 | |
රත්නපුර | 102.50 | 96.50 | 95.00 | 91.00 | 94.00 |
යාපනය | 93.50 | 94.50 | 89.00 | 86.50 | |
මන්නාරම | 97.50 | 90.00 | 92.50 | 96.50 | |
ත්‍රිකුණාමලය | 103.00 | 94.50 | 89.50 | 91.00 |
සහල් ආනයනය
දේශීය වෙළෙඳ පොළේ සහල් හිඟයක් ඇති වන හෝ මිල ඉහළ යන අවස්ථාවන්හිදී විදෙස් රටවලින් සහල් ආනයනය කරයි. මෑතකදී නොසිතූ විරූ ලෙස සහල් මිල ඉහළ ගියේ 2014 සහ 2015 වර්ෂවල ඕනෑවටත් වඩා සහල් ආනයනය කර තිබිය දීය.
මෑතකදී කළ විගණන පරීක්ෂණයකට අනුව 2014 සහ 2015 වර්ෂවල සහල් ආනයනය කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් කෝටි 1515කි. පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස සහල් ආනයනය කිරීම නිසා රජයට සහ ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 1515ක අලාභයක් සිදුවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන්වේ.
ලංකා සතොස ආයතනය 2014 සහ 2015 වර්ෂවලදී ආනයනික සහල් සඳහා රුපියල් කෝටි 2701ක පිරිවැයක් දරා තිබුණ ද, සහල් අලෙවියෙන් ලැබී තිබුණේ රුපියල් කෝටි 1185ක් පමණක් බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. 2012, 2013 සහ 2015 වර්ෂවල දී දේශීය සහල් නිෂ්පාදනය සත්‍ය පරිභෝජන සීමාව ඉක්මවා ගොස් තිබුණ ද එම වර්ෂවලදී සහල් ආනයනය කර තිබුණු බව ද විගණන විමර්ශනයේ දී නිරීක්ෂණය වී තිබේ.
2014 සහ 2015 වර්ෂවල අවස්ථා ගණනාවක දී සහල් ආනයනය කිරීමේ දී ලංකා සතොස ආයතනය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ගැන සැලකිල්ලක් දක්වා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම සහල් මිල දී ගැනීමේ දී විධිමත් ගිවිසුම්වලට එළඹී නැති බව ද හෙළි වී ඇතැයි විගණකාධිපති දොපර්තමේන්තු වාර්තාවේ සඳහන්වේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්ෂාවේදී නොවැම්බර් 16 වැනි දා වන විටත් මාස 19කට ආසන්න කාලයක් සහල් බහාළුම් කිසිදු ප්‍රයෝජනයට නොගෙන වරාය පරිශ්‍රයේ සහ පෞද්ගලික බහාළුම් අංගන තුළ ගබඩා කර තිබෙන බව ද, ඒවා ගබඩා කිරීමේ දී කිසිදු ප්‍රමිතියකින් තොරව ගබඩා කර ඇති බව ද අනාවරණය වී තිබේ.
වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මධ්‍යස්ථාන
(සිතියම වී අලෙවි මණ්ඩලයෙනි)
ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා මුදල් අමාත්‍යංශයෙන් අඩු කළේ පසුගිය ජනවාරි 27 වැනි දා ය. එසේම ආනයනික සහල් කිලෝවක් සඳහා රජය රුපියල් 76ක උපරිම මිලක් නියම කළේය. එසේ කළේ මහා පරිමාන ව්‍යාපාරිකයන් සඟවාගෙන සිටින වීතොග එළියට ගැනීම සඳහා සහ පාරිබෝගිකයන්ට සහනයක් දීම සඳහා බව රජය කියයි. සහල් සඟවාගෙන සිටින වීමෝල් හිමියන් ගැන සොයා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කර තිබේ.
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුස පුරවා ගැනීම වෙනුවට සහලින් මඩිය තර කර ගැනීම