IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කහවත්ත ඝාතකයා තවමත් නිදැල්ලේ?

    24_SLMA_P06_Back

 

නොනවතින කාන්තා ඝාතන රැල්ලත්, තවත් කාන්තාවන් ඒ රැල්ලට  බිලිකර ගැනීමට දරන උත්සාහයන් ද වරින් වර සිදුවීමත් නිසා කොටකෙතන පරීක්ෂණ කණ්ඩායම් ද ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටිති.

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, බුද්ධි අංශ කොටකෙතනට නුදුරු  ඕපාත වතුයායේදී සිදු වූ කාන්තා ඝාතනය ගැන පුළුල් පරීක්ෂණ සිදු කරද්දී ගිය සතියේ ද තවත් සිදුවීමකින් මේ ප‍්‍රදේශය භීතියට පත්විය.


මවක් සහ දියණියක් පමණක් ජීවත් වෙන නිවසක් අසල රාත‍්‍රි කාලයේ ආයුධයක් අතැතිව පුද්ගලයකු රැුඳී සිටීම  ඕපාත ප‍්‍රදේශය කැලඹුවේය.


එන්. සුබසේන මැණිකේ (62) මව සහ දුලීකා නදිශානි (29) දියණිය පමණක් මෙම නිවසේ ජීවත් වෙති. අවුරුදු විස්සකට ඉහත දී දුලීකාගේ පියා මියගිය දා සිට සුබසේන මැණිකේ දියණිය සමඟ මේ නිවසේ වෙසෙයි.


මවක සහ දියණියක ඝාතනය කළ සිදුවීම් දෙකක් මීට පෙරදී කොටකෙතනෙන් වාර්තා විය. එවැනි ද්විත්ව ඝාතනයක තෙවැනි සිදුවීම වැළකී ගියේ සුබසේන මැණිකේගේ හා නදිශානිගේ වාසනාවට විය හැකිය.


”දෙවියෝ අපි දිහා බැලූවා. ඒ නිසා දුවත් මමත් අනූ නවයෙන් බේරුණා” සුබසේන මැණිකේ කීවාය. පසුගිය 17 වැනිදා රාත‍්‍රි දුටු අබිරහස් ආයුධකරු කවුද? ඔහු සියැසින් දුටු බව කියන 29 හැවිරිදි නදිශානි මෙසේ කීවාය.


‘‘හවස 6.30ට විතර පොලිසියේ මහත්වරු ගෙදරට ඇවිත් පොතේ අත්සන් කළා. ඒ අය වෙනදාට එන්නේ රාත‍්‍රි හතට විතර. අම්මායි මමයි රූපවාහිනියේ කතාවක් බලා රාත‍්‍රි හතට විතර කෑම කන්න සූදානම් වුණා. අම්මා බත් බෙදන්න කුස්සියට ගියා. මම වීදුරු දෙකක් ගන්න යන විට ජනේලය තුළින් දුටුවා ගේ ළඟ දෙළුම් ගහ අසල කවුදෝ මනුස්සයෙක් ඉන්නවා. මට එකවරම කෑ  ගැසුණා. එවිට ඒ මනුස්සයා දිව්වා. පිහියක් වැනි ආයුධයක් ඔහුගේ අතේ තිබුණා. කොට කලිසමක් හැඳ සිටි ඔහු උඩුකයට ඇඳුමක් හැඳ සිටියේ නැහැ.

1


නදිශානි දුටු ඒ සිදුවීම ලංකාවේ වෙනත් ප‍්‍රදේශයක සිදු වූවේ නම් ඊට අර්ථ කථන රැසකි. සිදුවීම ද බරපතළ ගණයට ගැනෙන්නේ නැත. සොරෙකු සොරකමකට පැමිණියා කියා සිද්ධිය ලඝු වීමට ද ඉඩ තිබේ. එහෙත් කොටකෙතනට නුදුරින් පිහිටි ගමක සිදුවීමක් නිසා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මේ සිද්ධිය සුළුවට තැකුවේ නැත.


කහවත්ත පොලිසියේ නිලධාරීන් පමණක් නොව රත්නපුර දිසාවේ පොලිස් ස්ථාන හය හතකින් නිලධාරීන් කැඳවූහ. කොටකෙතන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පමණක් නොව, සූරියවැව කඳවුරින් ද නිලධාරීන්  ඕපාතට කැඳවූහ. කැලෑ පීරමින් රාත‍්‍රිය පුරා සෝදිසි මෙහෙයුමක් සිදු කළේ අබිරහස් මිනිසා සොයමිනි.


ආරක්ෂක අංශ නිදි වරමින් කැලෑ, තේ වතු, රබර් වතු පීරමින් අබිරහස් මිනිසා සෙව්ව ද කිසිදු හෝඩුවාවක් නොලැබිණි.


කොටකෙතන සහ අවට ගම්වල සාමාන්‍ය ජන ජිවිතය මාස දෙක තුනකින් බිඳවැටී යළිත් භීතිය රජ වෙන්නේ සියල්ල කණපිට හරවමිනි. පසුගිය අපේ‍්‍රල් 5 වැනිදා රාත‍්‍රි චන්ද්‍රානි (39) තිදරු මවගේ ඝාතනය ගැන ඇයගේ පුතෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්නය විසඳු බව පොලිසිය කීවේය. ඊට පෙර සියලූ සිදුවීම්වලිදීත් එලෙස ප‍්‍රකාශ නිකුත් වී තිබිණ.


චන්ද්‍රානිගේ ඝාතනයෙන් මාස පහක් ගෙවී යන විට කහවත්ත  ඕපාත වතුයායේ දී සැප්තැම්බර් 28 වැනිදා මහා දහවලේ නාදන් පාප්පු (49) දෙදරු මව ඝාතනය කළේය. මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත. එසේ තිබියදී  ඕපාත ප‍්‍රදේශයේදීම තවත් ඝාතනයකට යැයි සැක කරන දෙයකට කුරුමානම් අල්ලා තිබේ.


කොටකෙතන සහ  ඕපාත ප‍්‍රදේශවාසීන්ට සැකසංකා රැසකි. මාධ්‍යයට කතා නොකරන මාධ්‍ය තහනම් වූ මේ ගමේදී ගම්වාසීන් කිහිප දෙනකු සමඟ කතා කළේ අභියෝගයන් මැදය.

4

 


”සමහර පුවත්පත්, රූපවාහිනී නාලිකා මේ ගම ගැන බොරු කියනවා. ඒ නිසා අපි  ඕවාට කතා කරන්නේ නැහැ” යැයි කී අය ද සිටිති.


කොටකෙතන හා  ඕපාත ගම්වල හිතවතුන් කිහිප දෙනකු මඟින් ගමේ අය කිහිප දෙනෙකු අපි හමුවූයෙමු.


 ඕපාත වතුයායේදී හමු වූ අයෙක් මෙසේ කීහ.


”නාදන් පාප්පු දමිළ කාන්තාවගේ ඝාතනය තවමත් අබිරහසකි. ඒ නිසා ඔහු කී දේ අප සටහන් කරන්නෙමු. එදා මේ මිනීමැරුම වෙන දවසේ පාප්පු වැඩ කළ තේ කෑල්ල අවට වතු සේවක සේවිකාවන් විස්සක් විතර වැඩ කරලා තිබෙනවා. සිද්ධිය වෙන වෙලාවේදී කංකානම අතු කැපූ බව කියනවා. පාප්පු තේ දලූ රැුගෙන ගිය මාර්ගය අසල තේ වත්තේ කට්ටියක් වැඩ කළා. මට පුදුමය මේ කවුරුත් කිසිම දෙයක් දැක්කේ නැහැ කීමයි. අඩුම ගානේ පාරේ ගිය කෙනෙකු ගැනවත් කිසිම කෙනෙකු දැකලා නැතිලූ. මිනිස්සු කිසි දෙයක් කියන්නේ නැහැ පාප්පුගේ මිනීමැරුම ගැන. මොනවා හරි දන්න අය මේ වත්තෙම ඉන්නවා.”


 ඕපාත ලැයිම් කාමරයක සිටි ජෙයරාණි නම් වතු කම්කරු කාන්තාව ද කපා කොටා මරා දමා තිබුණේ මීට වසර දෙකකට ඉහතදීය.


 ඕපාත වතුයායේ එක ළඟ ස්ථාන දෙකක පදිංචි දෙපිරිසක් අතර ආරවුලක් පැවති බවත්, ජෙයරාණිගේ ඝාතනයට එය හේතුවක් වූ බවත් එවකට පොලිස් පරීක්ෂණ අනාවරණය කර තිබිණ.


සැප්තැම්බර් 28 වැනිදා මහ දහවලේ නාදන් පාප්පු මරා දැමුවේ ද ජෙයරාණිගේ ඝාතනයේ පළිගැනීමකට දැයි මෙම සිදුවීම ගැන දන්නා සමහරුන්ට සැකයක් මතු වී තිබේ. එය සැකයක් පමණි.


කොටකෙතන ඝාතන ගැන වෙනත් පැතිකඩකින් සැකසංකා මතු කරන්නන් ද අපට හමුවිය. මේවා නම් පත්තරයට ලියන්නටත් එපා කියා අයෙක් කීහ.


මේ ඝාතන 19ම බොහෝ දුරට එක සමානයි. මේ විදිහට ගැහැනුන් කපන්න පුළුවන් වෙන්නේ නිකම්ම අයෙකුට නම් නොවේ. ආරක්ෂක අංශ පුහුණුවක් තිබෙන අය මේවාට සම්බන්ධයි කියලා හිතෙනවා.


කොටකෙතන ඝාතන 19න් 17ක් විසඳා ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් වාර්තා කියයි.


කොටකෙතන ඝාතන විසඳීමට කහවත්තට පැමිණි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා විසින් ද සැකකරුවන් ගැන වාර්තාවක් පොලිසියට ලබාදී තිබේ. ඔහු විසින් හෙළිකරගෙන තිබුණේ ඝාතන 14කට එකම කල්ලියක් සම්බන්ධ බවයි. වාස් ගුණවර්ධන මහතා රාජකාරි කරද්දී මාළු රාජා නම් සැකකරුවෙකු අතුරුදන් විය. අභය ප‍්‍රියන්ත නම් අයෙකු ඝාතනය කර තිබිණ.


එම සිදුවීම්වලින් පසු කොටකෙතන යළිත් ඇවිලෙනු නැතැයි බොහෝ අය සිතුවෝය. එහෙත් එය එසේ නොවිණ.

3


සමහර සැකකරුවන් නිර්දෝෂ බව පෙන්වීමට ඔවුන්ට හිතවත් අයෙකු හෝ කණ්ඩායමක් මේ මිනීමැරුම් දිගටම කරනවා යනුවෙන් ද කොටකෙතන ගමේ සමහරු තුළ සැක මතු වී තිබේ.


කොටකෙතන ඝාතන රැුල්ලේ සමහර ඝාතන ගැන අත්අඩංගුවට ගත්ත සැකකරුවන් ද ඝාතනය වුණ පුද්ගලයා ද අතුරුදන් වූ දෙදෙනා ද ඝාතනවලට සම්බන්ධ අය වෙන්න පුළුවන්. පොලිසියට මගහැරුණු තව අයෙකු හෝ දෙදෙනකු නිදැල්ලේ සිටිනවා විය නොහැකි ද යැයි එක් ගම්වැසියකු විමසුවේ ඝාතන රැුල්ල ගැන මුල සිටම කියමිනි. එම ඝාතකයා හමුදා පුහුණුවක් ලැබූවෙකු විය හැකි යැයි ද ඔහු සැක කළේ සිදුවෙන ඝාතනවල ස්වභාවය නිසාය.


”හතර වටින්ම පොලිස් මුර පොළවල් තිබෙනවා. එස්.ටී.එෆ්. එක ඉන්නවා. එහෙම තියෙද්දිත් මෙහෙම මිනී මරන්න පුළුවන් කාටද? අඩුම ගානේ හොරකමකටවත් පණට ආදරේ තියෙන මිනිහෙක් යයිද? අපට නම් මේක හිතා ගන්න බැහැ. උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ” කියා අපට කීවේ කහවත්ත  ඕපාත මාර්ගය අසල පදිංචිකරුවෙකි.


කුලී වැඩ කර දරු පවුල රකින ඔහු කීවේ, උද්ගතව තිබෙන තත්ත්වය නිසා දහවලටත් ගෙදරින් පිටවී සිටීමට නොහැකිව ඇති බවයි.


කොටකෙතන ගැන කතා කරන බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කළේය. ”ස්වයං රැකියාවක් කරන්නවත් අපට උදව් කරන්න. එවිට ගෙදර ඉඳලා එය කරන්න පුළුවන්” ඔහු කීවේය.


කොටකෙතන,  ඕපාත ප‍්‍රදේශයේ අහිංසක කාන්තාවන් මේ ආකාරයට ඝාතනය කිරීමේ සැඟවුණු අරමුණක් තිබේද? එය ද සැකසංකාවකි. අපරාධ රැල්ලත් එකම කලාපයක සිදුවීමේ දී එය සාමාන්‍ය තත්ත්වයට පත්වීම නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වෙන බව අපරාධ විද්‍යාඥයින්ගේ එක් අදහසකි.


කොටකෙතන ගැන අලූතින් සිතිය යුතුව ඇත්තේ කාන්තා ඝාතන රැල්ල නොනවතින නිසාය. ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ගැන ද බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.


මේ ප‍්‍රදේශයේ සිදුවෙන කාන්තා ඝාතන රැල්ල නතර කිරීමට පොලිසිය මහත් පරිශ‍්‍රමයක් දරති. අපරාධකරුවා වරින් වර ක‍්‍රියාත්මක වෙයි. පොලිස් කණ්ඩායම් රැුසක් බුද්ධි අංශ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බොහෝමයක් කොටකෙතන අවට නිරන්තරව සැරිසරමින් පරීක්ෂණ සිදු කරති. ඇතැම් විට එම කණ්ඩායම් අතර ද සම්බන්ධීකරණයක් නැත. නිල ඇඳුම් රහිත නිලධාරීන් රාජකාරිවල යෙදී සිටින්නේ රාජකාරියේ ස්වභාවය නිසාය. එය වරදක් නොවේ. ගමට එන්නේ කවුදැයි හඳුනා ගැනීම මේ නිසා ගැටලූවක්ව ඇතැයි මේ දෙස විමසිලිමත් වූ ගම්වාසීන්ගේ අදහසයි.


ගම්වාසීන්ට තවත් ප‍්‍රශ්න තිබේ. හත් වසරක පමණ කාලයක් තිස්සේ සිදුවන මිනිස් ඝාතනයන් නිසා පීඩාවට පත් කහවත්ත කොටකෙතන, දිඹුල්වල,  ඕපාත, වාරාපිටිය, නිල`දුර ආදී ගම් කේන්ද්‍ර කොටගෙන දැනට වසර කිහිපයක සිට ක‍්‍රියාත්මකවන ආරක්‍ෂක වළල්ල නිසා තමන් දැන් මානසික වදයකින් පෙළෙන බව මේ ගම්වලදී අප හා කතාකළ වැසියෝ වැඩි දෙනෙක් පැවසූහ. 


කහවත්ත නගරයේ ඔරලෝසු කණුව අසලින් ඇති පැරණි රේල් පාර ඔස්සේ දෙල්ගස් හන්දියට යන පාර දිගේ කිලෝමීටර් තුනකට වැඩිදුරක් ගොස් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් බාගයක් පමණ ගියවිට වේ ග`ග හමුවෙයි. මේ වේග`ග තරණය කර දිඹුල්වල ගමට යා හැකිය. දිඹුල්වල ගම ද කිහිප දෙනෙක් ම ඝාතනයට ලක් වූ ගමකි.


එහෙත් පාලමෙන් මෙගොඩ වාහන නවත්වා පයින් යා යුතුය. ග`ග හරහා අඩි පාලමක් තනා ඇත. කලකට ඉහතදී එහි යකඩ ඇ`දි දෙක ඉහළින් ඈත් කර ඇති නිසා පුරුදුකාරයෙකුට ත‍්‍රිරෝද රථයක් එගොඩ කළ හැකිය. අඩි පාලමට පහළින් දේශපාලන ලෝකයේ කඩකළ පොරොන්දුවක් බවට පත්ව ඇති වාහන යා හැකි පාලමක බාගෙට තැනූ කොන්ක‍්‍රීට් කණු කිහිපයකි.


දිඹුල්වල විද්‍යාලයට සහ  දිඹුල්වල විහාරස්ථානයට යා හැකි කෙටිම මග මෙයයි. දිඹුල්වල ගම්මානයට අඩි පාලමෙන් එගොඩ වී දකුණට හැරී මීටර් කිහිපයක් යනවිට හමුවන තුංමං හන්දියේ දකුණු පැත්තේ ඇති කුඩා පොල්අතු මඩුව තුළ ගිනි අවි අත දරා කැලෑ ඇ`දුමින් සැරසී සතුරා බලාපොරොත්තුව සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනෙකි. පිටත පුටුවක වාඩිවී නිදි කිරන නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකි.


දිඹුල්වල විද්‍යාලය දෙසට පියමං කළෙමු. විදුහල් ගේට්ටුව අසලත් කාන්තාවන් කිහිප දෙනෙකි. විදුහල් බිමේ ද කාන්තාවන් සහ පිරිමින් කිහිප දෙනෙකි. ඒ එදා පාසලේ ශ‍්‍රමදානයක් වූ බැවිනි. 


දිඹුල්වල විද්‍යාලයේ විදුහල්පති ධුරය දරන්නේ දිඹුල්වල විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ සබරගමු පළාතේ උප ප‍්‍රධාන සංඝනායක පල්ලෙගම ධම්මරතන හිමියන්ය.


උන්වහන්සේ පවසන පරිදි මේ වනවිට මේ ගම්මානයේ සෑම කෙනෙක්ම ජීවත් වෙන්නේ අපේක්‍ෂා භංගත්වයෙනි. ගමේ සංවර්ධනයක් නොමැති තරමට දේශපාලන අධිකාරිය ද ගම කොන්කර තිබේ. ආරක්‍ෂක අංශ ගමේ නේවාසික වී වැසියන්ට ආරක්‍ෂාව සපයයි.


දිඹුල්වල ප‍්‍රදේශයේ පාරවල් වාරිමාර්ග වී තිබේ. ගම පිටතට සම්බන්ධ කරන්නට තැනූ පාලම අතරමග වැඩ නැවතී ඇත. එය හදා දෙන්නට බලධාරීන්ගේ උනන්දුවක් නැත. ඉහත කී ගම් සියල්ලම පාහේ මුහුණ දී ඇත්තේ මේ ව්‍යසනයටය.


ගම ඇතුළේ හෙල්මටයක් නැතුව හදිසියකටවත් ගමනක් යා නොහැක. උවමනාවකට උදලූමිටක්, උණගහක්, වෙනත් යමක් කපාගන්නට නොහැක. විවේක දවසකට වත්තේ ඉල්ලම් ටිකක් කපාගෙන සෝදා ගන්නට නොහැක. අ`දුරු වැටුණු පසු ගමනක් බිමනක් යන්නට එන්නට වුණොත් ආරක්‍ෂක අංශවල ප‍්‍රශ්න කිරීම් කෙළවරක් නැත. ඒ නිසා අඳුරු වැටෙන විට උයාපිහාගෙන ගෙට වැදී දොරවල් වසාගෙන ඉන්නවා හැර මේ ගම්වල වැසියන්ට රටේ වෙනත් ගම්වල පුරවැසියන් වි`දින නිදහස භුක්ති වි`දින්නට නැත.


”වස් කාලේ හැන්දෑවට පන්සලේ බෝධි පුජා ආදිය පවත්වන්න වෙලා තියෙන්නේ අ`දුරු වැටෙන්න ඉස්සර. නැත්නම් මිනිස්සු නෑ’’ පල්ලෙගම ධම්මරතන හිමියෝ කීහ. මේ ගම්වල වැසියන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට ද මරුපහරක් වැදී ඇත.


කහවත්ත නගරයේ ක‍්‍රීඩා පිටිය ඉදිරිපිටින් කොටකෙතන ගමට යා හැකි පාර පිහිටා ඇත.  ඒ පාරෙන් ගියත් මුලින්ම හමුවන්නේ කැලෑ ඇ`දුම් ඇ`දගෙන ගිනි අවි අත දරාගෙන සිටින ආරක්‍ෂක නිලධාරීන්ය.


මීට දෙවසරකට පෙරදී කොටකෙතන ගමේ පොලිස් මුරපොළක් පිහිටවනු ලැබිණි. ඝාතනයට ලක් වූ කාන්තාවන් වැඩි දෙනෙකුගේ සිරුරු හමු වූ කොටකෙතන ඇළ ආසන්නයේ එය පිහිටියේය. මේ වනවිට මෙම ගම්මාන ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය සහ රහස් පොලිසිය නිතර ගැවසෙන ප‍්‍රදේශයක් ලෙස හැ`දින්වීම වරදක් නොවේ. 


කොටකෙතන, දිඹුල්වල,  ඕපාත, වාරාපිටිය, නිල`දුර ආදී ගම්වල ජනයාගෙන් ගොළුවන් සහ හය හතර නොතේරෙන පුංචි දරු පැටවුන් හැර සෙසු සෑම කෙනෙක්ම පාහේ අඩුම තරමින් තුන්හතර පාරක් හෝ කටඋත්තර දී ඇතැයි ගමේ වැඩිහිටියෙක් පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්වීම උදහසට ලක්විය හැකියැයි බිය පළකරමිනි.


මේ ඝාතන සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විවිධ වූ පොලිස් කණ්ඩායම් මෙකී ගම්වල එහා මෙහා යති. ගමේ වැඩිහරියක් යන වාහන පොලිස් වාහනය. සමහරු සිවිල් පිටය. සමහරු නිල ඇඳුමෙන්ය. යතුරුපැදිවල නිතර නිතර නාඳුනන අය යන එන බව පැවසූ ගම්වැසියන් උපකල්පනය කරන්නේ එසේ යන එන්නේ පොලිස් විමර්ශකයන් විය හැකි බවයි. 


‘‘ඇයි එහෙම හිතන්නේ?’’ කිහිප දෙනෙකුගෙන් ඒ පැනය ඇසුවෙමි.


‘‘ඒ අය සමහර ගෙවල්වලට ඇවිත් තොරතුරු විමසනවා. ගෙවල්වල ඉන්න අය ගැන තොරතුරු ඒ අය දැනගෙන එන්නේ. අනික ගමේ ආරක්‍ෂාවට පාරේ තොටේ ඉන්න රාළහාමිලා ඒ අය ගැන වැඩි තැකීමකුත් නෑ. ඒ හින්දා අපි හිතනවා ඒ එන්නේ එක්කෝ රහස් පොලිසිය නැත්නම් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කියලා.’’ වැඩි දෙනාගෙ පිළිතුර වූයේ එයයි.


එක්සත් වතු කම්කරු සමිතියේ සම්බන්ධීකාරක එස්.වී. අලගර්සාමි මේ ගම්මානවල ජීවත්වන දෙමළ ජනතාවගේ වෘත්තීය සමිති නායකයෙකි.


‘‘ඇත්තටම තවම මේ අපරාධ අඩුවීමක් නැතිකම අපිටත් ගැටලූවක්. පොලිසියෙන් ඇවිත් මිනීමරුවෝ කියලා එක එක්කෙනා අල්ලාගෙන යනවා. ටික කාලයක් රිමාන්ඞ් එකේත් ඉන්නවා. සාක්කි නෑ කියලා වැඩි දෙනෙක් නිදහස් වෙනවා. නමුත් අපරාධවල අඩුවක් නෑ.’’ ඔහු පැවසුවේ පොදු මතයකි.


කාලාන්තරයක් තිස්සේ ආරක්‍ෂක අංශ මේ ගම්වල නැවතී සිටීමේ වාසියක් ද ගමට තිබේ. ඒ නීතිවිරෝධී කසිප්පු පෙරීම සහ විකිණීම නැවතීමයි. නමුත් වෙනත් සමාජ ගැටලූ ගණනාවක් මතුව තිබේ. මීට කලකට පෙර මේ ගමේ ආරක්‍ෂාවට සිටියේ වෙනත් ආරක්‍ෂක අංශයකි. ටික කලක් එකම පිරිසක් ගමේ ඉන්න විට ගම්වැසියන් සමඟ ඇයි හො`දයිකම් වැඩි දියුණුවෙයි. දහවල් කාලයට නිවසේ පිරිමින් කීයක් හෝ හොයාගන්නට පිටට යද්දී, දරුවන් පාසල් යද්දී නිවෙස්වල හුදකලා වෙන ඇතැම් කාන්තාවන් මේ ආකාරයේ ආරක්‍ෂක නිලධාරීන්ගේ බලපෑම්වලට ලක්වෙති. ඒවා හුදකලා වූ ප‍්‍රසිද්ධ රහස්ය. ඇතැම්විට මේ ගැටලූවට මුහුණ දෙන්නේ වතුවල පදිංචි අය අතරින් කිහිප දෙනෙකි. ඊට එරෙහි වෙන්නට ශක්තියක් පිරිමියෙකුට නැත. ඒ නිසා ඒ අවනඩු වි`දදරාගෙන සිටිනවා හැර වෙනත් විකල්පයක් ඊට නැත.  ඕපාත කොටසේ තරුණ දෙදරු මවක් දරු දෙදෙනා දමා ආරක්‍ෂක නිලධාරියෙකු සමඟ පැනගිය සිද්ධියක් ගැමියන් හෙළි කළේ පවතින යථාර්ථය පෙන්වමිනි.


‘‘දැන් බලන්න, ගමේ හන්දියක් හන්දියක් ගානේ ආරක්‍ෂාවට නිලධාරීන් ඉන්නවා. ඒත් ඝාතනවල අඩුවක් නෑ. ඝාතන රැුල්ල කියලා ගමේ කිසිම සංවර්ධනයක් කරන්නේ නෑ. ගමේ ආරක්‍ෂාවට දැන් ගමේ ජනතාවට වැඩියෙන් ආරක්‍ෂක නිලධාරීන් ඉන්නවා. මේ නිලධාරීන් වෙනුවෙන් ආණ්ඩුව කොච්චර වියදම් කරනවාද? ඒත් ප‍්‍රතිඵලයක් තියනවද? ගැටලූව තියෙන්නේ එතන. ඇත්තටම මේ ආරක්‍ෂක වළල්ලෙ ඇස් වහලා මේ අපරාධ කරන්නේ කවුද? මේක හැම දෙනාටම ගැටලූවක්.’’ ගමේ වැඩිහිටියෙක් කීවේ ය.


මේ චාරිකාවේදී දුටු එක් අත්දැකීමක් වූයේ මාධ්‍ය කෙරෙහි ජනතාවගේ ඇති ආකල්පයයි. සමහරු මාධ්‍යයට දොස් තබද්දී තවත් සමහරු පැවසුවේ මාධ්‍යය නැත්නම් මෙවැනි ආරක්‍ෂාවක්වත් ගමට නොලැබී යනු ඇති බවයි. ඒ නිසාම බොහෝ දෙනෙක් මාධ්‍යයට ඝෘජුව අදහස් දැක්වීම ප‍්‍රතික්‍ෂේප කළහ.


මේ ඝාතන නිසා කොටකෙතන ගමේ තරුණියකට පිට ගමකට දීග යන්නට ද නොහැකි අවස්ථා ඇති බව ගම්මු කියති. නැදෑයින් ඇතුළු පිටස්තර යහළු යෙහෙළියන් රැුයක් පහන් කරන්නට මේ ගම්වලට නොඑන බව ද ඔවූහු කියති. ගමේ පිරිමි දවල් කාලයට පිටස්තර රැුකියාවකට ගිය ද කාලය ගෙවන්නේ දෙගිඩියාවෙනි. ඒ අඹුුදරුවන් ගැනය. වත්තේ වැඩ කරන අයගෙන් සවස දෙකෙන් පසු ප‍්‍රකාශ සටහන් කරගන්නැයි ආරක්‍ෂක අංශවලින් වතු වෘත්තිය සමිති ඉල්ලා ඇත්තේ ජනතාවගේ ආදායම් මාර්ග ඇනහිටීම වැළැක්වීමටය. සමාජ ගැටලූ බොහෝය. ළමයින්ට උපකාරක පන්තියකට ගමෙන් පිටතට ගිය ද අ`දුරු වැටෙන්නට පෙර ආ යුතුය.


කොටකෙතන ගමේ සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු වූ ඞී.එම්. සමන්කුමාර පැවසුවේ මේ ඝාතන සිද්ධීන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය ආයතන කිහිපයක් හැර සෙසු ආයතන සංයමයකින් එය කළ බවයි. කොටකෙතන ගැන වැරදි මතයක් ගොඩනැගෙන අයුරින් ඇතැම් ආකර්ෂණීය මාතෘකා නිසා ගම්වැසියන් අසීරුවට පත් වූ අවස්ථා ද තිබු බව ද ඔහු කීවේ ය. 

2


‘‘ඇත්තටම මේ ව්‍යසනයේදී ගම්මු එක්ක හිටියේ මාධ්‍යය. ගම්මු එක්ක ඉන්න  ඕනෑ දේශපාලන නායකයෝ ගම්මුන්ව අතහැරියා. කොහොම වුනත් තවමත් ඝාතන වෙනවා. කාන්තාවන් වගේම පිරිමිත් ඝාතනයට ලක්වෙනවා. රටේ හැමතැනකම මේ වගේ අපරාධ වෙනවා. මේ සිදුවුණ හැම ඝාතනයක්ම ‘‘කොටකෙතන’’ ගමට බැර වුණාට කොටකෙතන, දිඹුල්වල,  ඕපාත, වාරාපිටිය, නිල`දුර, වලේබොඩ කියන ගම් කිහිපයක සිදුවුණ ඒවා. අර හැම එකක්ම ‘‘කොටකෙතන’’ කියලා ප‍්‍රසිද්ධ වූ නිසා කොටකෙතන කිව්වම පිටස්තර මිනිස්සු හිතන්නේ ඒ ගමේ ඉන්නේ කෲර ජන කොටසක් කියලා. නෑ ඇත්තටම මේ ගම් හරිම සුන්දරයි. ඉන්නේ හො`ද හිත් ඇති මිනිස්සු.’’ සමන් කුමාර පැවසුවේය.


මේ ප‍්‍රදේශයේ පාරවල්් බොහෝමයක් දෙපස ඇත්තේ අඩි හය හතක් උස  මානා ප`දුරුය. ඒ මානා ප`දුරු ඇති මාර්ගයේ තැනක මලකඩ කෑ කටු කම්බි රෝල්වලින්  වට කළ මුර පොළවල් ය. 


කලකට පෙර රන්වන් කරලින් බරවුණු කෙත් යායවල් අද පුරන් වී මූසල බව වැඩි කරයි. තිබූ සුන්දරත්වයට වඩා පාළු බව, අවිනිශ්චිත බව, මූසල බව හිත්වලට එක් කරයි. 


කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම කෙනෙකුටම උදේ සිට රැ වනතුරු වැඩිපුරම දකින්ට ඇත්තේ ගිනි අවියේ කොකාට ඇගිලිතුඩ තබාගෙන එහි කට අහස දෙස හරවාගෙන සිටින ආරක්‍ෂක නිලධාරීන් ය. කොයි මොහොතක කටඋත්තර දෙන්න වෙයි දැයි යන ඉච්ඡුාභංගත්වය තවමත් වැසියන්ගේ හදවත් තුළින් පහව ගොස් නැත.


මේ නිසා සමහරු ගම්බිම් අතහැර ගොසිණි. දිඹුල්වල ගමේදී හමු වූ එක් කාන්තාවක් පැවසුවේ ඇය ජීවත්වන ගම්පහවත්ත කොටසේ ගෙවල් තුනක අය පමණක් දැන් ජීවත්වන බවයි. වැඩි දෙනෙක් ගෙවල්වල නැති බව ඇය පැවසුවාය. 


මේ අතර තවත් සමහරු පවසන්නේ ගමේ ආරක්‍ෂාවට පැමිණ සිටින ආරක්‍ෂක අංශවල යැයි කියා ගන්නා සමහර පිරිස් ගමේ ඇතැම් නිවාසවලට එකතු වී මත් වතුර බිබී සාජ්ජ දමන බවය.


‘‘මෑත කාලයේ ඝාතනයන් දෙස බලද්දී මාස පහෙන් පහට කාන්තාවක් ඝාතනය වෙනවා. මේ යන විදිහට තව මාස කිහිපයකින් ආයෙත් ඝාතනයන් නොවෙයි කියලා කාටද සහතික වෙන්න පුළුවන්.’’ කම්කරු නායකයෙකු වූ එස්.වී.අලගර්සාමි කීවේය.

m



අදහස් (0)

කහවත්ත ඝාතකයා තවමත් නිදැල්ලේ?

ප්‍රියන්ත Thursday, 29 October 2015 01:11 PM

ශාන සෞදිගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

චමිල Wednesday, 28 October 2015 11:31 AM

අර වාස් මහත්තයාගේ වාර්තා අරගෙන ටිකක් බැලුවොත් නරකද ? මොකද කොටදෙණියාවේ වගේම කොටකෙතනදීත් සමහ නිලධාරියෝ බලල තිබුනේ කාව හරි අල්ලාගෙන ගිහිල්ල පහර දීල පාපොච්චාරනයක් කියල එකක් ලියාගෙන වැඩේ ඉවර කරන්න මිසක් ඇත්ත සිද්ධිය සොයල මේක ඉවරයක් කරන්න නෙවෙයි. මේක ගැන වාස් මහත්තය ලොකු වාර්තාවක් හදල තිබුන බොහොම ලොකු විමර්ශනයක් කරලා. (බ)

:       0       0

එරංග Tuesday, 27 October 2015 12:55 PM

බොහොම හොඳ සවිස්තරාත්මක ලිපියක් (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 28 October 2015 05:11 AM

මට හිතෙන විදිහට මේ ආරක්ෂක නිලධාරීන්ට දිගටම මේ ප්‍රදේශයේ රැදී සිටීම සදහා මේ උපක්‍රමය භාවිතා කරනවා කියල (බ)

:       0       0

නිවන්තක Wednesday, 28 October 2015 01:39 PM

අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විස‍ඳේවිද කියලා (නි)

:       0       0

සොපි Friday, 30 October 2015 03:02 AM

මේ අහිංසක මිනිස්සු කවදා මේ දුකින් මිදෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3391 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site