IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


කොළොම්තොට අසිරිමත් කලා මංගල්‍යය නවම් මහා පෙරහර

කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොළඹ හුණුපිටිය ගංගාරාම මහා පුදබිමෙහි ආරම්භය අදින් වසර 175කට වඩා ඉතිහාසයකට දිවෙන්නකි. 1886.11.06 වැනිදා සෙනසුරාදා ‘ලක්මිණි පහණ’ පුවත්පතේ සඳහන් වූ පුවතකට අනුව සී. මැතිව් මහතා සිව් දිගින් කොළඹට වැඩම කරවනු ලබන මහ සඟරුවන සඳහා ඉතා ප්‍රයෝජනවත්වූ සංඝාරාමය ප්‍රතිසංස්කරණය කොට ගංගාරාම මහා විහාරයට කළ පූජාවන්ගෙන් පැහැදිලි වන්නේ මෙම විහාරයේ ආදි ඉතිහාසයයි.

19 වැනි සියවසේ ඇතිවූ බෞද්ධ පුනරුදයේ පුරෝගාමියකු වූ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආශිර්වාදයෙන් ගොඩනැගුණු කොළඹ හුණුපිටියේ ගංගාරාම මහා විහාර භික්ෂු පරපුර නූතනය තෙක්ම අපේ හෙළ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් සමාජයට පූර්වාදර්ශකයක් දී ක්‍රියා කරනු දැක්ම අප කාගේත් සතුටට හේතු වූවකි.

කොළොම් තොටට පමණක් නොව ලක්දිවට විචිත්‍රත්ත්වයක් කලඑළියක් හා අභිමානයක් ගෙන දෙමින් නවම් මහේ අසිරිමත් සංස්කෘතික කලා මංගල්‍යය දෙස් විදෙස් ජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවෙමින් නූතන ශ්‍රී ලාංකීය සලකුණක් බවට මේ වනවිට පත්ව තිබේ.

1979 වසරේදී කලක් ඇසළ පෙරහැර මල් පෙරහැර නමින් තිබූ පෙරහර එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ගංගාරාමාධිපති අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ‘නවම් මහා පෙරහර’ නමින් ආරම්භ වූ බව සැවොම දන්නා කරුණකි.

රටේ ආර්ථික අපහසුතා හා විවිධ අර්බුද පවතින මෙවන් වකවානුවක සියලු බාධක ජය ගනිමින් නූතන ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය රාජකීය පණ්ඩිත කිරින්දේ අස්සජී නාහිමියන් ඇතුළු සහෝදර භික්ෂු පරපුරට මෙවරත් නවම් පෙරහර පැවැත්වීමට හැකිවීම මුළු රටටම ආශිර්වාදයකි.  ගංගාරාමයේ නවම් මහා පෙරහර සෑම වර්ෂයකම සිදු කරනු ලබන්නේ නවම් පුර පසළොස්වක් පොහොය මුල්කර ගනිමිනි.

විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, තරුණ සංවිධාන, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් විහාරස්ථානයේ දියුණුව, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන විවිධ ආගමික ජාතික සැදැහැවතුන් මෙම කොළොම්තොට මහා සංස්කෘතික මංගල්‍යය විචිත්‍රවත් පෙරහරක් ලෙසට පවත්වන්නේ අන් කිසිවක් නිසා නොව උතුම් තුනුරුවන් උදෙසා කරනු ලබන පූජෝපහාරයක් ලෙසටය.

උඩරට, පහතරට, සබරගමු නර්තන අංග, උඩැක්කි, හේවිසි, බෙර, දවුල්, ගැටබෙර, පනාබෙර, මඟුල්බෙර, චාමර, අව්අතු, මුරායුධ, කොඩි, සේසත්, පන්තේරු, වඩිග, තාලම්, පතුරු නැටුම, විලක්කු පන්දම්, තෙල්මේ නැටුම්, වෙස් නැටුම් සහ අලි ඇතුන්, කථකලි, කාවඩි, මෝලම් ආදියෙන් මෙම පෙරහර අලංකාරව පවතී. නවම් පෙරහරට සමගාමීව දිනපතා විහාරස්ථානය තුළ අටවිසි බුද්ධ පූජා, කේශධාතු වන්දනා, බෝධි වන්දනා, ශබ්ද පූජා, පැවැත්වෙන අතර සතියකට පෙර සිට ආරක්ෂක පිරිත් දේශනා සිදු කරනු ලැබේ. දිනපතා විශේෂ බෝධිපූජා පිංකම් සිදුකොට විෂ්ණු කතරගම, දේවාලවල පුද සිරිත් පවත්වා නවම් මහා පෙරහර අවසානයේ එයින් ලැබෙන පිං දෙවියන්ට අනුමෝදනා කරවන බව සිහිගන්වා පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් ඇතුළු සියලු දෙනාගේම ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු. අනතුරුව සතියක පමණ කාලයක සිට පෙරහර ගමන් මාර්ගයේ විශේෂ මල් පෙරහරවල් දින 07ක් පුරා පැවැත්වේ.

නිලමේවරුන් ලෙස ගමන් කරන ප්‍රභූවරු දිනපතා සවස පැවැත්වෙන අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පිංකම්වලට සහභාගි වී එම දිනවල මස් මාංශවලින් තොරව පේවී සිට ඊට සුදුසුකම් සපුරා ගනිති. පිරිත් දේශනාව අවසානයේ පිරිත් පැන්, පිරිත්කළ ලද පස්මල්, වැලි, පඬුරු පෙරහර ගමන් මාර්ගයේ ඉසිමින් කහදියර ඉස පෙරහර මාර්ගය පවිත්‍ර කර ගන්නා අතර අලි ඇතුන්ටද ඇත් ගොව්වන්ටද පිරිත් පැන් ලබාදී ඔවුන් සුවපත් කරගනු ලැබේ. ගංගාරාම විහාරස්ථානය තුළ දිනපතා සිදුකරනු ලබන තේවාමුර, ගිලන්පස, මල් පහන් පූජා, බෝධි පූජා, අටවිසි බුද්ධ වන්දනා, සීවලී රහත්ධාතු වන්දනා ආදි වශයෙන් පුද සත්කාර ලබන ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කොට සැමට ආශිර්වාද පිණිස දින 02ක් වීථිවල සංචාරය කෙරෙයි.

වර්ෂයක් පාසා සිදු කරන මෙම අසිරිමත් හෙළ මහා කලා මංගල්‍යය සියැසින් දැකබලා ගනුවස් පැමිණෙන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අන්‍ය ආගමික ලබ්ධීන්ට සමානාත්මතාවයෙන් පෙරහර නැරඹීමට අවශ්‍ය ආරක්ෂාව පහසුකම් පෙරහර සංවිධායක කමිටුව විසින් සලසනු ලබයි. අසිරිමත් කලා මහා මංගල්‍යයෙන් පිදුම් ලබන්නේ අපේ රටේ කලාකරුවන් බව අප සැවොම සිහි තබාගත යුතුය.

ගංගාරම මහා විහාරය ආරම්භයේ පටන් කවදත් සමාජශීලී පුණ්‍යායතනයක් වශයෙන් කටයුතු කරන්නේය. දිගු කලක පටන් සමාජ අවශ්‍යතා හඳුනා ගනිමින් ජනතා සේවයට කැපවී ක්‍රියා කරන ආයතනයකි. කාර්මික විද්‍යාල, විශ්‍රාම ශාලා සංකීර්ණ, අනාථ නිවාස, අධ්‍යාපන ආයතන, භික්ෂු පුහුණු මධ්‍යස්ථාන, රියදුරු පුහුණු පාසල්, වෘත්තීය පුහුණු පාඨමාලා, රුක් රෝපණ ව්‍යාපෘති, ආගමික වැඩසටහන්, දෙස් විදෙස් බැතිමතුන්ගේ ආධ්‍යත්මික වැඩසටහන්, කලාපීය ආගමික සහයෝගීතා වැඩමුළු, කෘෂිකර්මාන්ත ප්‍රගමනය වෙනුවෙන් ‘හරිත ටී. වී. නාළිකාව මගින් විකාශිත ආගමික ගොවිදිරි, අධ්‍යාපන වැඩසටහන්, ප්‍රාචීන විභාග ශිෂ්‍යත්ව අරමුදල, ‘නැණිසුරු’ ශිෂ්‍යත්ව අරමුදල මගින් සිදු කෙරෙන ජාතික අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩමුළු ‘ශ්‍රී ඥානේශ්වර මියුසියම්’ කෞතුකාගාරය වැනි සමාජ සේවා රැසක් ගංගාරාම මහා විහාරය මූලික  වී සිදු කරගෙන යනු ලැබේ.

නවම් මහා පෙරහරේ හදවත ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ බව කවුරුත් දන්නා කරුණකි. උන්වහන්සේ සිදුකළ ලෝක ශාසනික සමාජ මෙහෙවර රජයකට පවා කළ නොහැක්කකි. උන්වහන්සේ අපවත්වී වසරක් සම්පූර්ණ වුවත් සිදුකළ සමාජ සේවා සියල්ල අඩපණ නොවී පවත්වාගෙන යාම සඳහා උගත් සිල්වත් භික්ෂු පරපුරක් සමාජයට දායාද කර තිබේ. වත්මන් නවම් මහා පෙරහරේ අසිරිය ගෞරවණීය පොඩි හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පරපුරේ සමගියයි. ඉදිරියටත් ශත වර්ෂාධික කාලයක් මෙකී ශාසනික සමාජ මෙහෙවර පවත්වාගෙන යාමට උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ධෛර්ය සම්පන්න වී සිටිති.

නවම් මහා පෙරහරේ විශේෂ අංගයක් වන්නේ භික්ෂූ පෙරහරයි. සිංහල මහා වංශය (608-609) පවසන පරිදි දඹදෙණියට ගිය විජයබාහු රජතුමා ධාතු රථ අසලින්ම භික්ෂූන් වහන්සේලා වැඩමවා පෙරහර පවත්වා තිබේ. මෑත භාගයේ ඇති පෙරහරවල භික්ෂූන් වහන්සේලා සියයකට අධික ප්‍රමාණයක් වැඩම කරවන එකම පෙරහර නවම් මහා  පෙරහරයි. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසව් තනතුරු ප්‍රදානය වෙනුවෙන් සධාතුක ධාතු චෛත්‍යයේ ආරක්ෂාව පිණිසත් නවම් පෙරහරේ භික්ෂූන් වහන්සේලා වඩමවනු ලබති. අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය සිදු වන්නේ නවම් පොහොය දිනයි. අද අපේ නූතන භික්ෂු පරපුරේ ආරම්භය බුද්ධකාලය දක්වාම විහිද පවතින්නකි. සැරියුත් මුගලන් පරම්පරානුයාත මහසඟරුවන යනුවෙන් අදත් අමතනු ලබන්නේ ඒ ඉතිහාසය හා සබැඳි පූරාකථාවයි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විද්‍යොදය පිරිවෙන ආරම්භ කිරීමෙන් සිදු කළේ කොළඹ දිසාව තුළ භික්ෂු අධ්‍යාපනය නගා සිටුවීමය. එයින් පසුව මෙම භික්ෂු පරපුර නියෝජනය කළ දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි, දෙවුන්දර වාචිස්සර නාහිමි, දෙවුන්දර රතනජෝති නාහිමි, මහගොඩ ඤාණිස්සර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි වැනි  යතිවරුන් එකී භික්ෂූ අභ්‍යාස ආයතනය ශ්‍රී ඥානේශ්වර විද්‍යායතන පිරිවෙන අවිස්සාවේල්ලේ ශ්‍රී සුදර්මාරාම විද්‍යායතන පිරිවෙණ වැනි භික්ෂූන් වහන්ස්ලාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන ආයතන  වෙනුවෙන් අධ්‍යාපන ආයතන බිහිකරලීමයි.

ගංගාරාම මහා විහාරය එකී භික්ෂු අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ නිසාත් ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන ස්වාමීන් වහන්සේලාට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන නිසාත් නවම් මහා පෙරහර භික්ෂූන්ගෙන් පරිපූර්ණ විය. පෙරහරක භික්ෂූන් වහන්සේලා වැඩමවීමේ උරුමය බුද්ධකාලයේ පටන් අප සංස්කෘතියට උරුම වූවක් බැවින් නවම් පෙරහර තුළද අලංකාර භික්ෂූ පෙරහරක්  පිළිඹිබු විය.

ශාසනික පුනරුදය කෙරෙහි කවදත් පෙරමුණ ගත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නවම් මහා පෙරහරට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක තනතුරක් ලබා ලංකාවේ විවිධ දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන් 4300කට පමණ පොත්පත්, ඩෙස්, බංකු, සිවුරු පිරිකර, වැසිකිළි කැසිකිළි කට්ටල, සුදුයකඩ පාත්‍රා, හිස  බෑමට කටර්, කළුලෑලි, උපස්ථායකයකුට එක් බයිසිකලයක් බැගින් ලබාදී පිරිවෙන් පරිශ්‍රයට නැවුම් අත්දැකීම් එකතුකොට උපකාරවී බෝධි පූජා පොත්, පත්‍රිකා ලක්ෂ ගණනින් මුද්‍රණය කර නොමිලයේ බෙදාදී ශාසනික පුනරුදයක් ඇති කළහ.

දිනපතා කොළඹ නගරයට පැමිණෙන විදේශිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උරුමයන් විදහා දැක්වෙන පරිදි සංස්කෘතික වටිනාකමකින් යුත් පෞරාණික පුස්කොළ පොත්, ඇත්දළ කැටයම්, ලී කැටයම් තඹ  කැටයම්, ශිලාමය රූප හා වෙනත් පෞරාණික කළුවර මේස පුටු කවිච්චි කෞතුකාගාරයක් ලෙස එක්රැස් කර තිබේ.

 

(***)
අවිස්සාවේල්ල, කොටහැර,
ශ්‍රී රාජගිරි විහාරාධිපති,
කොළඹ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මාදොළ නන්දරතන නාහිමි



අදහස් (0)

කොළොම්තොට අසිරිමත් කලා මංගල්‍යය නවම් මහා පෙරහර

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 54 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1089 9

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 603 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 507 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 158 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 741 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 139 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 399 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site